IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘රටේ ආර්ථිකය දරුණු අර්බුදයකට මුහුණ දීලා‘

මුදල් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා රටේ ආර්ථිකය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇතැයි   ශ්‍රී ලංකාවේ කොමියුනිසට් පක්ෂයේ නායක ඩීව්. ගුණසේකර මහතා කීය.  

බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එලෙස කීවේය. 

 “අද කෝප් කමිටුවටත් ඊට අදාළ තේරීම් කාරක සභාවලටත් විවිධ පාර්ශව බාධා කරන්න උත්සාහ කරනවා. අද දේශපලාන ඇගිලි ගැසීම් සිදුවෙනවා. මේ බාධා කිරීම් පිටුපස සිටින්නේ  එක්සත් ජාතික පක්ෂයයි. වසර 1947 ඉඳන් මේ දක්වා කිසිවෙක් මේ තේරීම් කමිටුවලට බාධා කරලා නැහැ. දේශපාලන ඇගිලි ගැසීම් සිදු කරලා නැහැ.  

අද ඉතිහාසයේ ප්‍රථම වතාවට විගණාධිපතිවරයාගේ සුදුසුකම් අභියෝගයට ලක් කරනවා. විගණකාධිපති කියන්නේ රටේ මූල්‍ය විනය පිළිබඳ කටයුතු කරන පුද්ගලයා. ඔහු වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. මේ තනතුරට පත්වෙන්නේ ඉහළ සුදුසුකම් තියෙන පුද්ගලයෙක්. වත්මන් විගණකාධිපති පශ්චාත් උපාධිධාරියෙක්. ඔහු දත්ත මත පදනම් ව නිර්දේශ හා නිගමන සහිතව වාර්තාවක් ඉදිරිපත් කළා. ඔහු අපහාසයට පත් කරන පිටස්තර ආයතනයකට විගණාධිපතිවරයාගේ වාර්තාව දෙන්න යනවා. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධවයි. එහෙම දේවල් ලංකාවේ වෙලා නැහැ.‘‘



අදහස් (0)

‘රටේ ආර්ථිකය දරුණු අර්බුදයකට මුහුණ දීලා‘

සූරිආරච්චි Tuesday, 12 July 2016 01:52 AM

අද ලෝකයේ කොමියුනිස්ට් කියලා පක්ෂ නැහැ. මේගොල්ලෝ කවුරුත් කරන්නේ හොරුන්ට කඩේ යන එක (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 12 July 2016 02:43 AM

කොමියුනිස්ට් පක්ෂය තවම තියෙනවද? (නි)

:       0       0

චානක් - ලොස් ඇන්ජලිස් Tuesday, 12 July 2016 03:54 AM

රටේ ආර්ථිකය කඩා වෙටිලා නම් ඒකට වගකිව යුත්තේ ඔබල වගේ දෙසපලකයෝ මිස වෙන කවුරුත් නොවෙයි නේද ? පේනවා නේද මිලියන ගණන් කොමිස් කාල අත් දෙකට මාංචු වැටුණ ලස්සන .. දේශපාලකයෝ ඔවුන්වම විවේචනය කර ගනිමින් එම මඩ ගොඩේම ලැගj ගෙන ඉන්නවා ...(ම)

:       0       0

අසංග Monday, 11 July 2016 04:39 PM

යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

ආර්නෝල්ඩ් Tuesday, 12 July 2016 06:25 AM

සම්පුර්ණ වැරැද්ද යහපාලනයේ. (නි)

:       0       0

සුසන්ත Monday, 11 July 2016 06:23 PM

මොන වැරදි තිබුනත් පහුගිය ආණ්ඩුව කාලේ රටේ ආර්ථිකය දිනෙන් දින සාවර්ධනය වුණා. රටේ යටිතල පහසුකම් වේගයෙන් දියුණු වුණා. මිනිසුන්ට බොරු සුරඟන ලෝක පෙන්නලා මිනිසුන්ව බොරුවෙන් රවට්ටලා බලය අරන් එක අවුරුද්දක් ඇතුළත ඒ සේරම අනිත් පැත්තට හරවලා. රටේ ආර්ථිකය දැන් අනිත් පැත්තට යනවා. කලින් හැදු දේ අලුත් පුවරු සවිකරලා විවෘත කරනවා ඇරෙන්න කිසි සංවර්ධනයක් වෙන්නෙත් නැහැ. අනේ අපේ රටට වුණ හෙණයක්! (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 12 July 2016 06:50 AM

වසර 1947 සිට මෙතුමා කියන බාධාකිරීම් සහ දේශපාලන ඇගිලි ගැසීම් සිදුවී නොමැති නම් පසු ගිය සමයේ සිදුවී ඇති වංචාවන් සහ දුෂණයන් ඇති වී ඇත්තේ කෙසේද යන්න තේරුම් ගත නොහැකිය. (ම)

:       0       0

රාධා Monday, 11 July 2016 09:27 PM

ඔබගේ කාලේ කෝප් කමිටුවෙන් දඬුවම් දුන්නාද? (නි)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 12 July 2016 01:10 AM

එක්සත් ජාතික පක්ෂයට බලයට එන්න පාර කැපුවේ රාජපක්ෂ ආණ්ඩුව. එනිසා කොමියුනිස්ට් පක්ෂය වගකියන්න වෙනවා. එනිසා රටට වෙන විපතින් බේරාගන්න ඔබ හොරුන්ගෙන් ඉවත් වෙන්න (නි)

:       0       0

ශක්ති Tuesday, 12 July 2016 01:21 AM

මෙතුමලා මෙහෙම කිවුවට රටට කළ සේවය කුමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 44 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 763 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 923 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1973 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1074 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site