IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රට ඇද්ද හොර සල්ලි හොයා දෙන්න එයි

සොරකම් කළ වත්කම් ලබාගැනීම සඳහා ලෝක බැංකුව විසින් පිහිටවූ අංශයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයේ නිලධරයන් හා පොලිසිය සමග සාකච්ඡා කර යළි දිවයිනට පැමිණ සිටී.

මහින්ද රාජපක්ෂ රජයේ නායකයන් සතු විදේශ වත්කම් ගැන ශ්‍රී ලංකා රජයට උපදෙස් දීමට මේ කණ්ඩායම පැමිණ සිටිති. පරීක්ෂණවලට සම්බන්ධ පොලිස් නිලධරයන් ඔවුන් මෙතෙක් කළ පරීක්ෂණ ගැන එම කණ්ඩායම දැනුවත් කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා නිලධරයන් ක්‍රියා කරන බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

රට ඇද්ද හොර සල්ලි හොයා දෙන්න එයි

ගමගේ Monday, 20 April 2015 03:52 AM

ඔය කියන සල්ලි ශතයක්වත් සැකකරන අයගේ නම්වලින් නොවෙයි දාල ඇත්තේ. ගිණුම් හිමියන් කියාවි අහවලා මට මේ සල්ලි පරිස්සම් කරන්න කිව්වා කියල. එතකොට සල්ලි දීපු අය කිව්වොත් අනේ අපි නම් එහෙම දුන්නේ නැහැ කියල ආණ්ඩුවට පුළුවන් වේවි ගිණුම් හිමියාත් මුදල් දීපු කෙනත් බේරලා ඒ සල්ලි රාජසන්තක කිරීමේ නියෝගයක් ලෝක බැංකුවේ උපදෙස් මත ලබාගන්න. අන්තිමට ඉතුරුවෙච්ච සිල් රෙදි පොරවාගෙන ඊළඟ මැතිවරණයේදී ඡන්දෙත් ඉල්ලාවි ඔය සැකකරන කට්ටිය. (බ)

:       0       0

රවින් Sunday, 19 April 2015 02:09 PM

අද වෙනකොට දින 100 අවසන්, නමුත් මහින්ද රජය විසින් හදපු දේවල් තමන්ගේ කළා වගේ විවෘත කළා මිසක් වෙච්ච පොරොන්දු වලින් 100% ඉටුකළ දෙයක් තියනවනම් කියන්න, 10,000 පඩි වැඩිවීම උනත් කොටසක් දෙන්න තියනවා, ඉදිරි මහා මැතිවරණයේදී තමන්ට වැඩි මන්ත්‍රී පිරිසක් ලබාගන්න යූඇන්පී එක කරන තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි. ලංකාවේ මිනිස්සු බොහොම දක්ෂයි ඕපාදුප කියන්න, නමුත් ඇත්ත හොයා බලනකොට කියල තියෙන්නේ බොරු, මේ සදාතන සත්‍ය දේශපාලන පොරපිටියේද දක්නට ලැබීම ඉතාම කණගාටුවට කරුණකි. (බ)

:       0       0

පිටිගල Sunday, 19 April 2015 02:48 PM

හිටපු ජනපතිගේ ප්‍රකාශය යහපාලන කල්ලියට අභියෝගයක්. බලමු මොකක්ද ප්‍රතිචාරය.අල්ලනවා නම් ඔය ඉන්නේ ඕනෑතරම් හොරු සාක්කිත් එක්කම. අල්ලන්නේ නැති එක නේ වැඩේ. (බ)

:       0       0

ලාල් Sunday, 19 April 2015 02:52 PM

දැන් ඉතිං දීපන්කෝ උත්තර. හිටපු කෙනාවම ආයේ ගේන්න දගලන අයට බලාගන්න පුලුවන්වේවි ඇත්ත.ඇන්දිලි බොරු තවදුරටත්. (බ)

:       0       0

ඇසළ Sunday, 19 April 2015 09:29 AM

අන්තිමට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. නිදහසෙන් පස්සේ ලංකාවේ ඇතිවුන එකම ආණ්ඩුවක් වත් හිටපු ආණ්ඩුවලින් මේවිදියට බොරු කිය කියා පලි අරන් නැහැ. මේවගේ ප්‍රතිඵල එනකොට දුවන්න පාරවල් හොයන්න වෙනවා ළගදීම. (බ)

:       0       0

ලංකාසිරි Sunday, 19 April 2015 10:09 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නදී)

:       0       0

නිපුන් Sunday, 19 April 2015 10:11 AM

අමරිකාව,යුරෝපය වැනි නීතියට ගරුකරන ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ඇද්ද සල්ලි නම් හොයාගන්න පුලුවන් වේවි.. ඔය ස්වාසිලන්තයට, උගන්ඩාවට එහෙම ඇද්ද ඒවනම් හබක් තමා... (නදී)

:       0       0

කුරුවිට Sunday, 19 April 2015 10:36 AM

අන්න හොඳ වැඩක් බලමු මොකද වෙන්නේ කියා (බ)

:       0       0

මුරලි Sunday, 19 April 2015 10:37 AM

තවත් මාධ්‍ය සංදර්ශනයක් ......බලමුකෝ ....තවම නම් කිසිම දෙයක් හොයා ගත්තේ නෑ.....මිනිසුන් මුලා නොකර උන්නා නම් තමා හොඳ (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 April 2015 10:49 AM

අපේ හිටපු තුමා කියනවා එතුමාගේ හෝ පවුලේ අයගේ සල්ලි පිට රටවල දාල නැහැ කියල (බ)

:       0       0

ටෙනිසන් Sunday, 19 April 2015 11:00 AM

කට්ටියත් එක්ක බලාගන ඉන්න ,මේන් කියල හම්බවෙයි. එහෙම ලැබුනොත් ඉතින් පුන්නක්කු කාපු එකෙකුගේ තමයි. (බ)

:       0       0

මහානාම - කඳාන Monday, 20 April 2015 02:47 AM

ඇයි නැත්තේ? දින 100 ට කොච්චර ඡන්ද පොරොන්දු ඉටුකළාද? සමහර නොදුන් ඒවා පවා ඉටුකළා. හැබැයි අපිට නොවේ. මහින්ද නැවත ගෙනෙන අයගේ යටි අදහස් අපිට අවශ්‍ය නැහැ. ඒවා පසුව බලමු. ඒවාට ජනතාව පිළිතුරුදෙයි. මහින්ද අවශ්‍ය නැත්නම් ඒකත් ජනතාව බලාගනීවි (නි)

:       0       0

ජනහිත Monday, 20 April 2015 02:51 AM

සල්ලි හොයන්න සල්ලි වියදම් කරලා අන්තිමට ප්‍රතිඵලය බින්දුව වුණොත් කියනදේත් දැන්ම හිතුවොත් හොඳයි. (නි)

:       0       0

දමිත් Sunday, 19 April 2015 11:42 AM

අපරාදේ නිකම් කාලය නාස්ති කරගන්නවා , ලංකාවේ ඉන්න කාලකන්නි මිනිස්සුන්ට මුළු රටම කොල්ල කාල අරන් ගියත් ගානක් නැහැ ,, හරියටම මුළු රටම හෙරොයින් ගහල වගේ තමයි ලංකාවේ මිනිස්සු ජිවත් වෙන්නේ එකයි හිටපු කෙනාවම ආයේ ගෙaන්න දගලන්නේ,, මේ මෝඩ රැල තාම හිතාගෙන ඉන්නේ ලංකාව තියෙන්නේ ලෝකයේ නෙමෙයි , ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියල, (බ)

:       0       0

ලලිත් Sunday, 19 April 2015 11:54 AM

ඔයා හරියටම හරි දමිත් (බ)

:       0       0

බණ්ඩා Sunday, 19 April 2015 12:51 PM

හරියටම හරි දමිත් ලංකාවේ ඉන්න බොහොමයක් දෙන ළිං මැඩියෝ ....(බ)

:       0       0

චතුරි ඇමරිකාව Sunday, 19 April 2015 01:06 PM

මේ අයට. හරියට කේන්ති යනවා මහින්දගේ හොර දුෂණ හොයනකොට ඔයාලත් මේ විදියට රටේ මුදල් විනාශ කෙරුවද මෙතන සිද්ධ වෙන්නේ අපේ රටේ සතු මුදල් ආරක්ෂා කිරීම මිසක් ඔබගේ ආදරණිය හොරුටික රැකගැනීම නොවේ. මහින්ද කොටි 600ක් දීල පිකොක් මැදුර අරගෙන කොළඹ පදිංචියට ආවා මේ අය දන්නවද ඒ අය රටට කියන්නේ යාළුකමට ලැබුන කියල මේ වගේ මෝඩයන් ඕන දෙයක් පිළිගන්නවා ප්‍රබාකරන්ට පස්සේ රටට හතුරු කරන්නේ මේ මහින්ද මේනියාව තියෙන අය (බ)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 03:20 AM

අශ්වයා පැන්න පසු ඉස්තාලය වැසීම (බ)

:       0       0

සමන්ති Sunday, 19 April 2015 01:22 PM

දමිත්,බණ්ඩා,අපිට කන්න දෙනවනම් බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද ඕන කියන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1431 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 910 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1390 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 983 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 558 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1018 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site