IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


රට ඉන්න අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම

(අංජුල මහික වීරරත්න)

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන නියමු  ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 7ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල,  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික  ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රමවේදය අනුවම විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකි වන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා  විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වාගෙන යනු ලබන e- BMD  දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට මේවන විට කටයුතු කර තිබේ.

ඒ අනුව මුල් අදියරේ දී e-BMD දත්ත පද්ධතිය දැනට පරිලෝකනය කර ගබඩා කර ඇති මිලියන 45 කට ආසන්න උපත්, විවාහ හා මරණ සහතික  පමණක් නිකුත් කිරීම සිදු කරනු ඇත. 

මෙම සහතික 1960.01.01 දිනට පසු  ලියාපදිංචි කර ඇති සහතික වන අතර දත්ත පද්ධතියේ මුල් අවස්ථාවේදී පරිලෝකනය වූ සහතිකයක් පසුව සංශෝධනය වී ඇත්නම් එවැනි සහතික ඇතැම් අවස්ථාවන්හි දී දත්ත පද්ධතිය තුළ යාවත්කාලීන වීමේ සුළු ප්‍රමාදයක් පැවතිය හැකි බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (2)

රට ඉන්න අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම

Samanthika Wednesday, 13 November 2024 05:48 PM

ඉතා වටිනා ක්‍රියාවක්...

:       1       21

RAMYA Wednesday, 13 November 2024 06:18 PM

ජනාධිපති කාර්යාලය ගත්තු හොඳ තීරණයක්. ප්‍රංශය එම්බසි එකටත් හැකි ඉක්මණින් පහසුකම් සලසන්න කියලා ඉල්ලා සිටිනවා.

:       1       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 822 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


විදේශ ලොක්කෝ දෙදෙනෙක් හදිසියේ මැතිසබයට
2024 නොවැම්බර් මස 14 404 0

පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයෙහි (FCDO) ඉන්දු පැසිෆික් කලාපීය සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පාලන උපදේශක ආචාර්ය බෙන් පවිස් සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කො


මානපය ඡායාරූප ගන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 14 248 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අ


මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්
2024 නොවැම්බර් මස 14 188 0

මෙවර මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ග


ආදර්ශ ඡන්ද පත්‍රිකා සමඟ අයෙක් අල්ලයි
2024 නොවැම්බර් මස 14 142 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (1


බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට
2024 නොවැම්බර් මස 14 1168 0

එතනෝල් නිෂ්පාදනය සදහා ඉතා විශාල ලෙස බඩඉරිගු තොග යොදා ගන්නා බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 215 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 544 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1653 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site