IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘රට උපදෙසට මහින්ද කෝටි 40 ක් වැය කළා‘

 

මේ දිනවල නව රජයේ අවධානය යොමුව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවට එරෙහිව නැගී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීමෙන් පසුගිය සමයේ පැවැත්වුණු පරීක්ෂණයේ අවසන් වාර්තාව එළැඹෙන 2 වැනිදා පැවැත්වෙන කවුන්සිල සැසිවාරයේදී ඉදිරිපත් කිරීම පමා කර ගැනීමටය. එය සැප්තැම්බර් මාසය දක්වාවත් කල්දමා ගැනීම රජයේ අපේක්ෂාවයි.විශේෂඥයින් තිදෙනෙකු යටතේ මෙම පරීක්ෂණය දියත් කෙරුණු අතර ඔවුන් පිළිවෙලින් ෆින්ලන්තයේ හිටපු ජනපති මාර්ටි අහ්ටිසාරි,නවසීලන්තයේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වූ සිල්වියා කාර්ට්රයිට් හා පකිස්තානයේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු ප‍්‍රධානියෙකු වන අස්මා ජෙහන්ගිර් යන අය විය.

රජයේ ආරංචි මාර්ග පෙරේදා දිනයේදී පවසා සිටි අන්දමට ඇමරිකා සංචාරයේ යෙදී සිටි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ වොෂින්ග්ටන් හිදී ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවූ අවස්ථාවේ මෙසේ පරීක්ෂණ  වාර්තාව ඉදිකිරිපත් කිරීම කල්දමා ගැනීමට ශී‍්‍රලංකාවට ඇති අවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡුා කර ඇත.විශ්වාස කටයුතු දේශීය යාන්ත‍්‍රණයක් ආධාරයෙන් මෙම නැගී ඇති  චෝදනා විභාග කළ යුතුව ඇති බව මංගල සමරවීර මහතා පෙන්වා දී තිබේ.එමෙන්ම ජනතාව තමා නියෝජනය කරන නව රජය තෝරාගත්තේ දූෂිතයින් නීතිය හමුවට පමුනුවා, යහපාලනය ස්ථාපිත කිරීමට දුන් පොරොන්දුව ගැන විශ්වාසය තබා බවත් එනිසා එම පොරොන්දුව ඉටු කිරීමට මෙසේ අන්තර්ජාතික පරීක්ෂණ වාර්තාවක් සම්බන්ධයෙන් කාලය වැය කිරීමට නව රජයට කාලයක් නැති බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකා රාජ්‍ය ලේකම්වරයාට පැහැදිලි කර දී ඇත.ඉදිරි කටයුතු  වලදී ඇමරිකාවේ සම්පූර්ණ සහය ශී‍්‍රලංකාවට ලැබෙනු ඇති බව සහතික කර ඇති ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇමරිකා - ශී‍්‍ර ලංකා දෙරට අතර සබදතා තර කර ගැනීමේ වැදගත්කම ගැනද කරුණු දක්වා තිබේ.

ඇමරිකා රාජ්‍ය දෙපාර්තමෙන්තු වෙබ් අඩවියට අනුව මංගල සමරවීර මහතා පිළිගනිමින් කළ කතාවේදී රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නව රජයත් සමග ශී‍්‍රලං කාවට නව බලාපොරොත්තුවක් ලැබී ඇති බව පවසා තිබේ.

අප සියල්ලටම මෙය සතුටුදායක අවස්ථාවක්.ජනවාරි මස 8 වැනිදා පැවැත්වුනු ජනාධිපතිවරණයෙන් ශී‍්‍ර ලංකාව ලබලා තියෙන්නේ ඓතිහාසික ජයක්.වෙනසක් කරා යන්නට,මානව හිමිකම් ආරක්ෂා කරගන්නට, දූෂණය පිටුදකින්නට ජනතාවට වුවමනා වෙලා තිබෙනවා.නව රජයට මේ ගමනේ ඉදිරියට යන්නට පුලූවන් කියලා ඇමරිකාවේ ලොකු විශ්වාසයක් 

තිබෙනවා.දින 100 යේ වැඩසටහන ගැන අපට ලොකු පැහැදීමක් තිබෙනවා. යැයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සදහන් කර ඇත.

මා මෙහි පැමිණියේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත පණගසා නැගිටින කාලයක මෙවර අපට ප‍්‍රායෝගික එමෙන්ම ඵලදායක වැඩසටහනක් තිබෙනවා රට ඉදිරියට ගෙනයන්නට.අප මූලිකත්වය දිලා තිබෙන්නේ සංහිදියාව ස්ථාපිත කරන්නට.මොකද අපේ විශ්වාසය තමයි ඉදිරියට යන්නට නම් මුලින්ම රටේ ජාතීන් අතර එකමුතුබව ඇතිකරලා ඉන්න අවශ්‍යයි කියන එක.මගේ මේ සංචාරයේ අරමුණ තමයි ශී‍්‍ර ලංකාව ඇමරිකාව සමග ඇයගේ සබදතා ඉදිරියටම පවත්වාගෙන යන්නත් එවා තවත්  තර කරගන්නත් කැමැත්තෙන් සිටිනවාය කියා පෙන්වා දෙන එක.අතීතයේ වුනා වගේ ආපස්සට යන්න ඇයට අවශ්‍ය නැහැ.

මංගල සමරවීර අමාත්‍යවරයා එම හමුවේදී දැක්වූ අදහස් එම වෙබ් අඩවියේ සදහන්ව තිබෙන්නේ එලෙසය.

අනතුරුව වොෂින්ටන් සිට නිව්යෝර්ක් බලා සීඝ‍්‍රගාමිී දුම්රියකින් ගමන් කළ මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපති සැමැන්තා පවර්,නියෝජ්‍ය තානාපති (ශී‍්‍ර ලංකාවේ හිටපු ඇමරිකා මහකොමසාරිනී) මිෂෙල්  සිසන්,හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ප‍්‍රධානී කෙනෙත් රොස් ආදීහු හමුවිය.අමාත්‍යවරයාගේ නිව්යෝර්ක් සංචාරයේ ප‍්‍රධාන අරමුණ වූයේ එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ මහලේකම් බැන්කී මූන් හමුවීමය.ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවූ අමාත්‍යවරයා යුධ අපරාධ සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණයේ වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම පමා කර ගැනීමට ඇති හැකියාව පිළිඹදව සාකච්ඡා කළේය. මෙම හමුවට ප‍්‍රථමයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් දුරකථනය ඔස්සේ ඇමතූ අමාත්‍යවරයා තමන් ජගත් සංවිධානයේ මහලේකම්වරයා හා  බව සාකච්ඡා කිරීමට යන බව පැවසුවේය.හමුව අවසානයේ නැවත වරක් මහකොමසාරිස් සෙයිඩ් රාඞ් අල් හුසේන් ඇමතූ මංගල සමරවීර අමාත්‍යවරයා මහලේකම් බැන්කී මූන් හා සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ඔහුව දැනුම්වත් කළේය. අමාත්‍යවරයා සෙයිඩ් රාඩ් අල් හුසේන්ව එළැඹෙන මාසයේ ජිනීවාහිදී හමුවීමට  නියමිතය.ඇමරිකාවේ සිට කොළඹට පැමිණෙන අතර චීනයේ බීජිං බලා  පියාසර කිරීමට අමාත්‍යවරයා කටයුතු කරනු ඇත.ඒ 27 වැනිදා සිට ඇරඹෙන දෙදින නිල සංචාරයකට සහභාගී වීමටය.එය අවසානවූ පසු ඔහු කෙලින්ම ජිනීවා නුවර බලා පියාසර කිරීමට නියමිතය.මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආරම්භ වන්නේ මාර්තු 2 වැනිදාය.

ලක්ෂ ගණන් වියදම් කරලා

එතෙර කටයුතු මෙසේ සිදුවෙද්දී මෙතෙරද ජගත් මානව හිමිකම් කවුන්සිලය, ශී‍්‍ර ලංකාවට එරෙහිව සිදුවූ අන්තර්ජාතික පරීක්ෂණය ආදිය ගැන ගැන අලූත් කතාබහක් ආරම්භ විය. එයට හේතුව වී තිබුණේ හිටපු ජනපති රාජපක්ෂ මහතාගේ සමයේ දියත් කර තිබුණු දේශීය පරීක්ෂණයක් සම්බන්ධ තොරතුරු කරළියට පැමිණීමය.2013 අගෝස්තු  මාසයේදී විශේෂ කොමිසමක් පත්කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යුධ සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ වගකීම ඊට පැවරීය.එම කටයුතු  සිදුවෙමින් පැවතෙද්දී පසුගිය වසරේ ජූලි 17 වැනිදා එයට තවත් රාජකාරියක් පැවැරිනි.2009 වසරේ මැයි මස 19 වැනිදා අවසානය දුටු යුද්ධයට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවූ සිවිල් වැසියන් පිළිඹද තොරතුරු එක්රැස් කිරීමටත්,එම  වැසියන් එසේ යුද්ධයේ ගොදුරු බවට පත්වීමට හේතු කාරණා සෙවීමටත් නව රාජකාරියට අනුව කොමිසමට සිදුවිය.

මේ සඳහා රාජපක්ෂ නියමයෙන් අන්තර්ජාතික උපදේශකයන් කණ්ඩායමක් තෝරා ගැනින.මුල් සාමාජිකයින් වූයේ එක්සත් රාජධානියේ පුරවැසියන් වන සර් ඩෙස්මන්ඞ් ද සිල්වා,ජෙෆ්රි නයිස්,රොඞ්නි ඩික්සන්, යන තිදෙන හා ඇමරිකාවේ ඩේවිඩ්.එම්.ක්‍රෙන්ය.

සන්ඬේ ටයිම්ස් වෙත ලැබී තිබෙන වාර්තා අනුව මේ සිව්දෙනාට හා  ඔවුන්ගේ වෙනත් පාර්ශවකරුවන්ට 2014 ජූලි මස 7 වැනිදා සිට 2015 පෙබරවාරි මස 7 වැනිදා දක්වා ගෙවුනු මාස 7 කාලයට රුපියල් ලක්ෂ 1350 ක මුදලක් ගෙවා ඇත.මෙම ගෙවීම් සෘජුවම මහ බැංකුවෙන් සිදුකර තිබෙන අතර නීතිප‍්‍රකාරව සිදුවිය යුතු ආකාරයට  ඒවාට කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලබාගැනීමක් සිදුව නොමැත.මෙම පුද්ගලයින් හා ඔවුන්ගේ සහචරයින් දිවයිනට පැමිණ ඇත්තේ අවස්ථා 3 කදී පමණි.කොමිසමේ ප‍්‍රධානී මැක්ස්වෙල් පරණගමට අනුව පත්කෙරුණායැයි කියූ අලූත්  සාමාජික කමිටුවේ සාමාජිකයින් ලෙස ඔහුට මුණගැසී තිබෙන්නේද මේ සිව්දෙනා පමණකි.ඔවුන් කොමිසමේ රැුස්වීමකටවත් සහභාගීවුනේ නැහැ.ඔහු සන්ඬේ ටයිම්ස් හා පැවසීය.

මෙම සිව්දෙන ඔවුන්ගේම තනි කැමැත්තට කිලිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශයන්ගේ සංචාරය කර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය.පරණගම මහතාට අනුව කොමිසමේ ආයු  කාලය මෙම වසරේ අගෝස්තු 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.සන්ඬේ ටයිම්ස් වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම සිව්දෙනගේ කිලිනොච්චි හා මුලතිව් සංචාරයන්ට වැයව ඇති මුදල රුපියල් ලක්ෂ 6 කට ආසන්නය.ආහාර හා වෙනත් පහසුකම් සදහා ඒ මුලද වැයවීයැයි එම තොරතුරු වල දැක්වේ.දින දෙකකට පමණක් සීමාවූ මෙම  සංචාරය සිදුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මස 8 වැනිදා හා 9 වැනිදාය.එළැඹෙන 29 වැනිදා ඔවුන් ති‍්‍රකුණාමලයේ සංචාරයක නියැළීමට නියමිත බවද සදහන්ය.

ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ද සිල්වාට පසුගිය මාස 7 ක කාලයට ගෙවා ඇති මුදල පවුම් 357336 කි.එය ශී‍්‍රලංකා රුපියල් වලින් ලක්ෂ 790 කට ආසන්නය.මෙසේ මාස 7 ක කාලයට  අනෙක් පුද්ගලයින්ටද ගෙවා ඇති මුදල් ප‍්‍රමාණයන් මෙසේය.

රොඩ්නි ඩික්සන් - ස්ටර්ලිං පවුම් 27000.රුපියල් ලක්ෂ 57 කට අධික මුදලක්.

ඩේවිඩ්.එම්.කේ‍්‍රන් - ඇමරිකා ඩොලර් 60000.රුපියල් ලක්ෂ 78 කට අධික මුදලක්.

මෙම ගෙවීම් වලට අමතරව විදේශ විනිමය වියදම් ලෙස තවත් ඩොලර් 22500 ක් (රුපියල් ලක්ෂ 98 කට අධික මුදල් ප‍්‍රමාණයක්) ද දේශීය විනිමය වියදම් රුපියල් ලක්ෂ 44 කට අධික මුදලක්ද මෙම සිව්දෙනාට ගෙවා ඇත.

වියදම් පිළිබඳ තවත් විස්තර පහත වේ.

උපදේශක කමිටුවේ සාමාජිකයෙකුද නොවන පී.පී.මල්වගනම් නම් පුද්ගලයෙකුට ස්ටර්ලිං පවුම් 100000 ක්,රුපියල් ලක්ෂ 207 කට අධික මුදලක් ගෙවා ඇත.ජේ.ටී.හොම්ස්  නම් මේජර් ජෙනරාල්වරයෙකුට ස්ටර්ලිං පවුම් 21500ලරුපියල් ලක්ෂ 43 කට අධික මුදලක්ද,අධිකරණ කටයුතු,අපරාධ විමර්ෂණ කටයුතු පිළිඹද විශේෂඥයෙකු බව කියන  මයිකල්.ඒ.නිව්ටන් නම් පුද්ගලයෙකුට ඩොලර් 5000ලරුපියල් ලක්ෂ 6 කට අධික මුදලක් ආදී ලෙස මුදල් ගෙවීම් සිදුකර තිබේ.

මේවාට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වල සකී‍්‍රය සාමාජියෙකු වන ජීවන් ත්‍යාගරාජා යටතේ වූ රාජ්‍ය නොවන මානවවාදී සංවිධාන එකමුතුවකට රුපියල් ලක්ෂ 37 කට අධික මුදලක්ද,කාර්යාල කටයුතු සදහා රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද ලබාදී ඇත.

ගෙවීම් මෙතැනින් නවතින්නේද නැත.නියමිත මාස 7 ගෙවී අවසන්වූ පසුවද නොයෙකුත් ගෙවීම් සිදුව ඇත.මේ දැක්වෙන්නේ මාස 7 ක කාලය ගෙවී අවසන්වුනු මෙම මස 7 වැනිදා සිට පසුගිය 12 වැනිදා දක්වා සිදුකර තිබෙන ගෙවීම් ගැන විස්තරය.

ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ද සිල්වා - ස්ටර්ලිං පවුම් ලක්ෂ 4 කට අධික මුදලක්.ඒ අනුව ඔහුට ගෙවා ඇති මුලූ මුදල පෙර සදහන් කළ අගයට එකතු කළ විය පවුම් ලක්ෂ 8 කට ආසන්න වේ.රුපියල් වලින් ලක්ෂ 1640 කට අධික මුදලකි.

ශී‍්‍රමත් ජෙෆ්රි නයිස් හා ඔහුගේ ආර්යාව - ස්ටර්ලිං පවුම් 86538 යි.මෙම මුදලද එකතු කළ විට දෙපළට ගෙවා ඇති මුලූ මුදල ස්ටර්ලිං පවුම් 122358 කි.රුපියල් වලින් ලක්ෂ 257 කට ආසන්න මුදලකි.

ඩේවිඩ්.එම්.කේ‍්‍රන් - ඩොලර් 67500 කි.ඒ අනුව ගෙවා ඇති මුලූ මුදල ඩොලර් 127500 ක් වේ.රුපියල් වලින් ලක්ෂ 17 කට ආසන්නය.

මෙම උපදේශක කමිටුවට සිදුකර ඇති ගෙවීම් ගැන මේ කෙටි සදහනක් පමණකි.සන්ඬේ ටයිම්ස් වෙත වාර්තා වන ආකාරයට දැනට කි‍්‍රයාත්මක පරීක්ෂණ වලින් හෙළිවීමට නියමිත ඉදිරි විස්තර වලට අනුව සිය ගණනක් දෙනාට නොමිලයේ නිවාස ඉදිකර දීමට,දුෂ්කර ගම්මාන වල විදුලි බල ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කිරීමට,උතුරට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට,නව පාසැල් පිහිටුවීමට ආදිය සිදුකිරීමට හැකිවන තරමේ විශාල මුදල් ප‍්‍රමාණයක් කමිටුවට ගෙවා ඇත.කමිටුවේ කි‍්‍රයාකාරම් ගැන ගැටලූ රැුසක්ද මතුව  තිබේ.සාමාජිකයින් විදේශිකයින් වීමද ඔවුන්ට තමන්ට වුවමනා හැටියට කටයුතු කරන්නට ඉඩ සළසාදී තිබීමද සැක උපුදවයි.ඔවුන් ප‍්‍රධාන කොමිසමේ රැස්වීම් වලට සහභාගීව නැත. නමුත් තමන්ගේම 

තනි මතයට යුද්ධය දරුණුවට සිදුවූ ප‍්‍රදේශ නිරීක්ෂණයේ යෙදී ඇත.ඔවුන් කරන්නට ඇත්තේ කුමක්ද? මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයට ශී‍්‍රලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවට අභියෝග කළ  හැකි වාර්තාවක් පිළියෙල කිරීමේ කටයුත්තකවත් ඔවුන් නිරතව සිටියාද?

සැබෑවටම එවැනි දෙයක් සිදුව ඇත්නම් ඒ සදහා රුපියල් ලක්ෂ 4000 කට ආසන්න මුදලක් වියදම් කළ යුතුව තිබුණාද?.ඉදිරි හෙළිදරව් වලින් මෙම මුදලේ අගය මිීට වඩා  ඉහළ යනු ඇත.මෙවන් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කෙරුණේ එයින් අවසානයේ ලැබෙන වාර්තාව අන්තර්ජාතික ප‍්‍රජාව කොපමණ දුරකට පිළිගනීදැයි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකෙරුණු විමර්ෂණයකට පසුවද?.පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන  රජය මෙවන් මුදලක් වියදම් කළේ ශී‍්‍රලංකාවේ බහුතර ජනතාව ජීවන වියදම් බරින් මිරිකෙමින් සිටි සමයක බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය.

ප‍්‍රධානම ගැටලූව වන්නේ වත්මන් රජය අන්තර්ජාතික ප‍්‍රජාව දිනා ගැනීමට දරන උත්සාහයට මෙම උපදේශක කමිටුව ඉදිරිපත් කරනු ඇති වාර්තාවක් ප‍්‍රයෝජනයට ගනීද? යන්නයි.විශේෂයෙන් මෙවන් කමිටුවක් නව රජයේ විශ්වාසය තැබිය හැකි දේශීය යාන්ත‍්‍රණයක් සකස් කිරීමේ වැඩපිළිවෙලට ගැලපෙන්නක් වීම නිසාය.නමුත්  මෙම කමිටුවට පසුගිය රජය මුදල් පොම්ප කර ඇති බවක් පෙනෙන්නට තිබීම නිසා එවැනි පියවරක් ගැනීම ගැන රජය දෙවරක් නොව සියවරක්ම සිතා බැලිය  යුතුය.තමන්ගේ දැළි මකා ගැනීමටත්,තමන්ට පක්ෂපාතී වාර්තාවක් සකස් කර ගැනීමටත්  පසුගිය රජය මෙම කමිටුව පත්කර ඇති බවක් පෙනේ.සාමාන්‍ය බුද්ධියක් ඇති තැනැත්තෙකුට පවා හොදින් පෙනෙන එය අන්තර්ජාතික ප‍්‍රජාව නියත වශයෙන්ම හදුනාගනු ඇත.එනිසා එවන් කමිටුවකින් ලැබෙන වාර්තාවක් භාවිතයට ගැනීම ගැන නව රජය සැළකිලිමත් විය යුතුය.

උතුරු පළාත් සභාවේ උද්ගතවූ තත්ත්වය

මහ ඇමති සි.වී.විගනේෂ්වරන්ගේ ප‍්‍රධානිත්වයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා  රැුස්වූ උතුරු පළාත් සභාවේදී සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක නියෝජිතයින් ඉදිරිපත් කරන යෝජනාවලියක අන්තර්ගත නොකෙරෙන දැඩි වදන් ඇතුළත් වූ යෝජනාවලියක් ඒකමතිකව සම්මත විය.දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ගැටුම් වල ප‍්‍රතිඵලයක් ලෙස එම යෝජනාවලිය ඉදිරිපත්ව තිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.එය ඉදිරිපත්වූයේද මූලෝපායික වශයෙන් හොදම අවස්ථාවකය.පළාත් සභාව රැස්වෙද්දී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දින 4 ක නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා ගොස් සිටියේය.එමෙන්ම මාර්තු මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිවාරයේදී ශී‍්‍රලංකාවට නැගී තිබුණු යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරුණු අන්තර්ජාතික පරීක්ෂණයේ අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම අවස්ථා දෙකම යෝජනාවලිය ඉදිරිපත් කළ පාර්ශවයේ වාසියට විය.එහි සදහන්ව තිබූ කරුණු මෙසේය.

මෙම යෝජනාවලියේ ශී‍්‍ර ලංකාව පාලනය කළ විවිධ රජයයන් දෙමළ ජාතිකයින් සමූලඝාතනය කිරීමට දැරූ යත්න ගැන විග‍්‍රහයන් අන්තර්ගත වේ.මේ සම්බන්ධයෙන් ශී‍්‍රලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාත්මක කරමින් සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ කාර්යාලයේ අවධානය යොමුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.දෙමළ ජාතිකයින් සමූල ඝාතනය කිරීමට  හවුල්වුනු පුද්ගලයින් සම්බන්ධව විධිමත් පරීක්ෂණ පැවැත්වීමටත්,ඔවුන්ට දඩුවම් නියම  කිරීමටත් අන්තර්ජාතික අධිකරණයේ මැදිහත්වීම අවශ්‍ය වේ.

සමූලඝාතනය පිටුදැකීම හා එවැන්නකට හවුල්වන පුද්ගලයින්ට දඩුවම් පැමිණවීම යන කරුණු අන්තර්ගත, එක්සත් ජාතීන්ගේ සමූල ඝාතනය සම්බන්ධ ප‍්‍රඥප්තිය 1948 වසරේ දෙසැම්බර් මස 9 වැනිදා පැවැත්වුනු එක්සත් ජාතීන්ගේ මහසමුළුවේදී සම්මත විය.1950 වසරේදී ශී‍්‍ර ලංකාවද මෙම ප‍්‍රඥප්තියට අත්සන් කළේය.එයට අනුව එක් ජාතියකට,එක් වර්ගයකට හෝ එක් ආගමකට අයත් මිනිසුන් කොට්ඨාශයක් සම්පූර්ණයෙන්ම හෝ  අර්ධ වශයෙන් හෝ විනාශ කිරීමට උත්සාහ දැරීම සමූලඝාතනයක් ලෙස හැඳීන්වේ.එම ගන්නා උත්සාහයන් වර්ග කර ඇත්තේ

1.එම කණ්ඩායමට අයත් සාමාජිකයින් මරා දැමීම,

2.කණ්ඩායමේ සාමාජිකයින්ට දරුණු තුවාළ සිදුකිරීම හා මානසිකව පීඩාවට ලක්කිරීම

3.එම කණ්ඩායමේ සාමාජිකයින්ව ඔවුන්ට අනන්‍ය දිවි පෙවෙතින් බලහත්කාරයෙන් ඉවත් කරවීම.ඒ මගින් ක‍්‍රමක‍්‍රමයෙන් මුලූ කණ්ඩායමම විනාශ කිරීම.,

4.දරු උපත් සිදුවීමට ඇති ඉඩකඩ ඇහිරීම.,

5.කණ්ඩායමේ දරුවන්ව බලහත්කාරයෙන් වෙනත් කණ්ඩායමක් අතට පත්කරවීම ආදී ලෙසය.

ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සුරැුකීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානවහිමිකම්  මහකොමසාරිස්වරයාගේ කාර්යාලයේ පරීක්ෂණ කටයුතු 2002 පෙබරවාරි මාසයත් 2011 නොවැම්බර් මාසයත් අතර ගෙවුනු කාලයට සීමාවුවත් නිදහස ලැබූ දා සිටම ශී‍්‍රලංකාවේ දෙමළ ජාතිකයින්ට ජීවත්වීමට සිදුවූයේ නොයෙකුත් අකටයුතුකම් මැදය.රටේ දෙමළ  ජනතාව බහුතරයකගේ උපන්බිම වන උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශයන්හි තත්ත්වය වඩාත් දරුණු විය.දෙමළ ජනතාවට මානව හිමිකම් සඳහා ඇති අයිතිය අහුරමින් ගතවූ එම කාලයේ උච්ඡතම අවස්ථාව 2009 වසරේදී සනිටුහන් වුණි. එම වසරේදී දෙමළ ජනතාවගේ මානව හිමිකම් ඉතා පිළිකුල් සහගත ලෙස කඩකර දමනු ලැබුණි.ඔවුන්ට  එරෙහිව සිදුවූ අපරාධයන් වල නිමක් නොවීය. ගෙවුණු වසර 60 ඉතිහාසය පුරාවටම දෙමළ ජනතාවට ශී‍්‍රලංකාවේ තැනක් නොතිබුණි.මේ දක්වාම රටේ පාලනය භාරගත් රජයන් කළේ දෙමළ විරෝධී වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමත්,දෙමළ ජනතාව දහස් ගණනින් ඝාතනය කිරීමට,ලිංගික හිංසනයන් සිදුකිරීමට අනුබල දීමත්,දෙමළ ජනතාවගේ සංස්කෘතිය හා භාෂාව විනාශ කිරීමට කටයුතු කිරීමත් පමණකි.

ශී‍්‍ර ලංකා පාලකයින්ගේ වුවමනාව වූයේ දෙමළ ජනතාව විනාශ කිරීම බව මෙයින් පැහැදිලිය.ඒ අනුව එක්සත් ජාතීන්ගේ සමූලඝාතනයන් පිළිබඳ ප‍්‍රඥප්තිය හමුවේ ශී‍්‍ර ලංකාව වැරදිකරුවෙකි. මෙම යෝජනාව ඉදිරිපත් කරන කවුන්සිලයේ මතය  වන්නේ 1948 වසරේ ඉදිරිපත්කෙරුණු පුරවැසි පණතට අනුව දෙමළ සමාජයේ එක්  කොට්ඨාශයකට ඔවුන්ට ශී‍්‍රලාංකික යැයි හිමිව තිබූ අනන්‍යතාව අහිමි කර ඔවුන්ව තමන්ගේ යැයි රටක් නැති තත්ත්වයට පත්කළ දිනයේ පටන් අද දක්වාම ශී‍්‍රලංකාවේ  පාලනය හෙබවූ පුද්ගලයින් සියලූදෙනාම දෙමළ ජාතිකයින් විනාශ කිරීමට උත්සාහ කර තිබෙන බවය.ඔවුන්ගේ එම කටයුතු සම්බන්ධ විධිමත් සාක්ෂි තිබෙන අතර ඒවාට  අනුව එක්සත් ජාතීන්ගේ සමූලඝාතනය පිළිඹද ප‍්‍රඥප්තියේ අන්තර්ගතවන පරිදි කිසියම්  පුද්ගලයෙකු හෝ රටක් සමූලඝාතනයට හවුල්වී ඇතැයි තීරණය කෙරෙන කරුණු 5 න් 4  කටම ශී‍්‍රලංකාව වැරදිකරුය...

පළාත් පාලන ආයතනයකට ඉදිරිපත් කෙරුණු යෝජනාවලියක පළමු වතාවට සමූලඝාතනය යන වදන අන්තර්ගතව තිබුණි.නව රජයට පක්ෂපාතීත්වය පළ කළ  දෙමළ ජාතික සන්ධානය මෙවැන්නක් කළේ ඇයි? පසුගිය ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මනාපය පළකරන්නැයි උතුරේ ජනතාවගේන්  ඉල්ලා සිටියේ ඔවුන්ය.උතුරේ ජනතාවද ඔවුන්ගේ ඉල්ලීමට කන්දුනි.තමන් වෙහෙසවී දිනාගත් නව රජයට දෙමළ ජනතා සන්ධානය මෙසේ සළකන්නේ ඇයි? අනෙක මෙතරම් ඉක්මනින්? පිළිතුර ලැබෙන්නේ දෙමළ ජනතා සන්ධානයේම ආරංචි මාර්ග  වලින්ය.

දෙමළ ජනතා සන්ධානයේ දැඩි මතධාරීන් පසුගිය සමයේ සිදුවීම් දෙකක් අරබයා නොසන්සුන්ව සිටින බව එම ආරංචි වලින් පැවසුනි.ඉන් එකක් දෙමළ ජාතික සන්ධානයේ වත්මන් නායක ආර්.සම්බන්ධන් පසුගිය පෙබරවාරි මස 4 වැනිදා ශී‍්‍රජයවර්ධනපුර කෝට්ටේහි පැවති නිදහස් දින සමරුවට සහභාගී වීමය.1985 වසරෙන් පසු දෙමළ ජනතා සන්ධානයේ මුල් පෙල සාමාජිකයෙක් නිදහස් දින සමරුවට සහභාගීව සිටියේ ප‍්‍රථම වතාවටය.දෙවැන්න ආර්.සම්බන්ධනගේ සමිීපතමයෙක්  වන දෙමළ ජනතා සන්ධාන පාර්ලිමෙන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් ගේ ලන්ඩන් සංචාරයයි.මන්තී‍්‍රවරයා ලන්ඩනය බලා ගොස් සිටියේ විදේශ අමාත්‍ය මංගල සමරවීර තම ඇමරිකා සංචාරය මදකට නවතා ලන්ඩනයේ පැවැත්වුනු පොදුරාජ්‍ය මණ්ඩලීය  අභ්‍යන්තර අමාත්‍යවරුන්ගේ කාර්ය සංගමයේ රැුස්වීමට සහභාගීවීමට ලන්ඩනයට පැමිණ සිටි කාලයේදීමය.කොළඹ දෙමළයෙකු යැයි සුමන්තිරන් මන්තී‍්‍රවරයා හදුන්වාදෙන දෙමළ ජනතා සන්ධානයේ දැඩි මතධාරීන් හා ඔහු අතර හොද සම්බන්ධයක් නොමැති බව සදහන්ය.ශී‍්‍රලංකාවට එරෙහිව පැවැත්වීමට යන යුධ අපරාධ පරීක්ෂණය කල්දැමිීමට  පක්ෂපාතීත්වය දක්වන්නෙකු වීම නිසා ඔහු දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයින් අතර ප‍්‍රකට චරිතයක් නොවන බවද පැවසේ.එනිසා මන්තී‍්‍රවරයාගේ මෙම ලන්ඩන් සංචාරය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට සහය දැක්වීම සදහා සිදුකෙරුණක් බව දෙමළ ජාතික සන්ධානයේ දැඩි මතධාරීන්ගේ මතය වී ඇත.

 

පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ සිවාජලිංගම් ඉදිරිපත් කළ මේ යෝජනාවලිය මාස ගණනාවක් තිස්සේම උතුරු පළාත් සභාවේ න්‍යාය පත‍්‍රයේ තිබුණකි.එය විවාදයට ගැනීම ප‍්‍රමාද කිරීම නිසා විරෝධය පෑමක් ලෙස පළාත් සභාවේ සෙංකෝලය රැුගෙන පලා යෑමටද සිවාජලිංගම් මන්තී‍්‍රවරයා එක් අවස්ථාවකදී උත්සාහ කළේය.නමුත් පසුගිය අගහරුවාදා දිනයේදී දෙමළ බසින් ලියැවී තිබුණු යෝජනාවලිය සභාගත කෙරුණි.පුදුමයට කරුණක් නොවූවද කිසිවෙකුත් අපේක්ෂා නොකළ අවස්ථාවක මහ ඇමති සී.වී.විගනේෂ්වරන් යෝජනාවලිය සභාගත කිරීමට අවසර දීම විශේෂ විය.යෝජනාවලියට තමන්ගේ පක්ෂපාතීත්වය පෙන්වා සිටි ඔහු වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහව දැඩිව විවේචනය කළේය.උතුරු පළාත් සභාවට අවශ්‍ය වන්නේ මහා  පරිමානයෙන් සිදුවූ දෙමළ ජනතාව සමූලඝාතනය කිරීම් සම්බන්ධයෙන් විධිමත්,අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ පාර්ශවයන් යොමුකරවීම පමණක් බව ඔහු කීවේය.සිවාජලිංගම් මන්තී‍්‍රවරයා අදහස් පළ කරමින් හිටපු ඉන්දියා අගමැතිනී ඉන්දිරා ගාන්ධි 1983 වසරේ සිංහල - දෙමළ ජාතිවාදී ගැටුම් මුල්කරගෙන එදවස ඉන්දියා  ලෝක් සභාවේදී ශී‍්‍රලංකාවේ දෙමළ ජාතිකයින් සමූලඝාතනය වී ඇති බව පවසමින් පළමුවතාවට ශී‍්‍රලංකාවට සමූලඝාතනය යන වචනය ඈදුූ බව පැවසීය.තමන් සමූලඝාතනය යන වදන යොදානොගන්නේ එයින් ශී‍්‍රලංකා ආරක්ෂක අංශ දෙමළ ජාතිකයින් මරා දැමුවායැයි ඇගවෙන නිසා බව දෙමළ ජාතික සන්ධානය එදා සිටම කියන්නකි.නමුත් යථාර්ථය කුමක්දැයි 

අපි හොදින් දනිමු.ශී‍්‍රලංකා ආරක්ෂක අංශ සටන් වැදුනේ දෙමළ ඊළමේ විමුක්තිකාමිී කොටි ලෙස තමන්ව හදුන්වාගනිමින් තම අරමුණ දිනාගැනීමට අවි අතටගෙන සිටි  කණ්ඩායමක් සමග මිස දෙමළ ජනතාව සමග නොවේ.බදාදා දිනය වන විට මේ යෝජනාවලිය සම්බන්ධයෙන් වූ නොසන්සුන්කාරී තත්ත්වය දළු ලා වැඞී තිබුණි.දෙමළ  ජාතික සන්ධානය ඊමේල් ආධාරයෙන් එය එකිනෙකා අතට යැවීය.එහි ඉංගී‍්‍රසි පරිවර්තනයක්ද විය.ඇතැම් වෙබ් අඩවි වලටද එහි පිටපත් ලැබී තිබුණි.

යෝජනාවලිය සභාගත කෙරුණු අවස්ථාවේ උතුරු පළාත් සභාවේ  මන්තී‍්‍රනි ආන්නදි සාස්ති‍්‍රයන් සිටියේ තමිල්නාඩුවේය.තමිල්නාඩුවේ විවිධ කණ්ඩායම් මුණගැසිීිඅපේ වෑයම සාර්ථක කර ගැනීමට’ එම කණ්ඩායම් වල උදවු ලබාගැනීම  ඇයගේ සංචාරයේ අරමුණ වුනි.ඇය මෙම යෝජනාවලිය වෙනුවෙන් දැඩිව පෙනී සිටියාය.ඇයගේ සැමියා වන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශයේ නායකයාව සිටි එලීලන්ය.ඔහු ආරක්ෂක අංශ අතින් ඝාතනය විය.එලීලන්ගේ සැබෑ නම සින්නදුරෙයි ශශීන්ද්‍රන් වේ.දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංෙගෙ තමිල් අරුසු කච්චි  පක්ෂයේ සාමාජිකාවක් වන ආනන්දි සාස්ති‍්‍රයන්ගේ පක්ෂ සාමාජිකත්වය මේ වන විට තිබෙනුයේ අත්හිටුවා වුවත් ඇයට පළාත් සභාවේ රැුස්වීම් වලට සහභාගී වීමේ අවසරය  හිමිය.තම පක්ෂයේ තීරණ විවේචනය කිරීම නිසාත්,ජනාධිපතිවරණය උල්ලංඝණය කළ යුතුයැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම නිසාත් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට නායකයෝ පියවර ගෙන තිබේ.උතුරු පළාත් සභාවේ මේ හදිසි වෙනස්වීම ඉන්දියාවේ  කෝපයට හේතුවිය.වහාම ප‍්‍රකාශයක් නිකුත් කළ ඉන්දියාව කිසිදු ආකාරයක අන්තර්ජාතික පරීක්ෂණයකට තමන් සහය නොදක්වන බව අවධාරණය කළේය.පසුගිය වසරේ මාර්තු මාසයේදී පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශී‍්‍රලංකාවට එරෙහි පරීක්ෂණය සම්මත කර ගැනීමට පැවැත්වුනු ඡුන්ද විමසීමේදී ඉන්දියාව ඊට පක්ෂව හෝ විපක්ෂව හෝ ඡුන්දය පළකිරීමෙන් වැළකී සිටි බවද මෙහිදී සදහන් කළ යුතුය.

නව දෙමළ දේශපාලන පක්ෂයක්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පරාජයෙන් පසු ආරක්ෂක අංශ වෙත භාරව පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් එකතු කර නව දෙමළ දේශපාලන පක්ෂයක් ගොඩගැනීමේ  සූදානමක් පිළිඹදවද තොරතුරු වාර්තා වේ.මේ පසුපස සිටින බවට  ැවසෙන්නේ උදයන් පුවත්පතේ හිටපු සංස්කාරකවරයෙකු වන නදේශපිල්ලේ විද්‍යාතරන්ය.ඔහු දැනට දෙමළ ඩයස්පෝරාව අතර ප‍්‍රචලිත වෙබ් අඩවියක සංස්කාරක ධූරය හොබවයි.විද්‍යාතරන්ගේ උත්සාහයට ආධාර වන ලෙස ඉල්ලා ඇතැම් ඩයස්පෝරා වෙබ් අඩවිද ඒවායේ දැන්වීම් පළකර තිබුණි.මිලිටරි මුහුණුවරකින් ආරම්භවී දැන්් රටේ දේශපාලන ප‍්‍රවාහයට සම්බන්ධවී සිටින ජනතා විමුක්ති පෙරමුණ හා සමාන පක්ෂයක් ගොඩනැගීම තම අරමුණ බව විද්‍යාතරන් පැහැදිලි කරන්නේය.

සමූලඝාතනය ගැන දරමින් සිටි මතය වෙනස් කර ගන්නට සම්බන්ධන් හා සුමන්තිරන් කටයුතු කර ඇති ආකාරයක් පෙනේ.සන්ඬේ ටයිම්ස් වෙත අදහස් දැක්වූ සම්බන්ධන්ල ඇත්ත එළියට එන්න  ඕනේ.ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වුනා.2015 මාර්තු මාසයෙන් පස්සේ යුද්ධයේ එක් එක් කාලවලදී සිදුවූ දේවල් වල ඇත්ත තොරතුරු එළියට ඒවි.දෙමළ  ජනතාවට මේවා දැනගැනීමේ වුවමනාවක් තියෙනවා.දකුණේ සිංහල ජනතාවට මේවා දැනගැනීමේ වුවමනාවක් තියෙනවා.එහෙම නොකර සැබෑ සංහිදියාවක් ඇතිකරන්න බැහැ. යැයි පැවසීය.තම අදහස් දැක්වීමේදී සමූලඝාතනය යන වදන සදහන් නොකිරීමට ඔහු ප‍්‍රවේසම් වුනි.දෙමළ ජාතික සන්ධානයේ දැඩි මතධාරීන්ගේ නොසන්සුන්තාවට  හේතුවී තිබෙන ප‍්‍රධාන කරුණක් ඔහු විස්තර කර දුන්නේ එලෙසය.

ජනපතිගේ ඉන්දියා සංචාරය

පෝක් සමුද්‍ර සන්ධිය කලාපයේ ධීවර ගැටලූ ගැන සාකච්ඡුා කිරීමට පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේදී උතුරු පළාත් අමාත්‍ය විගනේෂ්වරන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාව කොළඹදී හමුවිය.එම හමුවෙන් අනතුරුව දෙදෙන අතර පෞද්ගලික සාකච්ඡුාවක් පැවැත්වී තිබෙන බවට තොරතුරු ඇතත් ඒ පිළිඹදව වැඩි විස්තර මෙතෙක් අනාවරණයව නොමැත.ජනපතිවරයා ඊයේ දින (15) ඉන්දියාව බලා පිටත්විය.මේ අනුව  දින දෙකකට සැළසුම් කර තිබූ ජනපතිවරයාගේ ඉන්දියා සංචාරය දින 4 කාලයක් පුරාවට සිදුවනු ඇත.මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදීද කරුණු සදහන් විය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමංසිහ මහතා ජනපතිවරයාට උපදෙස් දෙමින්  හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන තම විදේශ සංචාර වලට කුඩා කණ්ඩායමක් සහභාගී කර ගත්තාක් මෙන් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාටද අනෙක් අයට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ හැකි බව පෙන්වා දුන්නේය.මෙහිදී පැනයක් මතුකළ අමාත්‍ය රාජිත  සේනාරත්න එයින් පැවසෙන්නේ තමා සංචාරයට සහභාගී විමෙන් වැළකිය යුතු බවදැයි අගමැතිවරයාගෙන් විමසීය.සියලූදෙනා සිනා සයුරේ ගිල්වමින් ඊට පිළිතුරු දුන් වික‍්‍රමසිංහ මහතා පැවසූයේ රාජිත සේනාරත්න මහතාට ඉන්දියා සංචාරයට සහභාගී වීමට අවශ්‍ය නම් ඊට කිසිම බාධාවක් තමන්ගෙන් නැති බවය.තමන් දුන්නේ රාජ්‍ය නායකයෙකු ආදර්ශමත් විය යුතු ආකාරය ගැන කුඩා උදාහරණයක් පමණක් යැයි ඔහු කීවේය.සේනාරත්න අමාත්‍යවරයාට අමතරව,පාඨළි චම්පික රණවක හා ඞී.එම්.ස්වාමිනාදන් යන ඇමතිවරුන් ජනපතිවරයා හා ඉන්දියා සංචාරයට එක්වීමට නියමිතය.

ජනපතිවරයාගේ ඉන්දියා සංචාරය සිදුවන්නේ හුදෙක් හොද හිත තහවුරු කරගැනීමේ අරමුණකින් මිස සාකච්ඡාවලදී මතුකෙරුණු කාරණා ගැන මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීමක් හෝ එකගතාවන් ඇතිකරගැනීම් හෝ පාදක කර ගත් ඉහළ රාජ්‍යතාන්ති‍්‍රකමය ස්වරූපයකින් සිදුවන්නක් නොවන බව කැබිනට් හමුවේදී සදහන් විය.එම කටයුතු සිදුවනු ඇත්තේ එළැඹන මසදී අගමැති මෝදිගේ ශී‍්‍රලංකා සංචාරයේදී බව පැවසුනි.ඉන්දියා  අගමැතිවරයා යාපනය,නුවර යන ප‍්‍රදේශවල සංචාරය කරනු ඇති බවත් වතුකරයේ නිවාස 24000 ක් ඉදිකිරීම සදහා ආධාර ලබාදෙන ගිවිසුමකට අත්සන් කරනු ඇති බවත්  කියැවුනි.එක් නිවසක් සදහා වියදම රුපියල් ලක්ෂ 12 ක් පමණ වන බව සදහන්ය.ව්‍යාපෘතිය සදහා අවශ්‍ය මුදල් ඉන්දියාවෙන් සහන ණයක් ලෙස ලබාගැනීමට නියමිතය.

අද දිනයේදී සිරිසේන ජනපතිවරයා හා අගමැති මෝදි අතර පැවැත්වෙන සාකච්ඡුා වලදී ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් රාශියක් අත්සන් කෙරෙනු ඇත.ඒවා අතර 

1.වීසා බලපත‍්‍ර නොමැතිව ශී‍්‍රලංකාවේ රාජ්‍යතාන්ති‍්‍රකයින්ට හා වෙනත් නිළධාරීන්ට ඉන්දියාවට ඇතුල්වීමේ අවසරය ලබාදෙන ගිවිසුමක්.

 

2.පරමාණුක ශක්තියේ භාවිතයන් සම්බන්ධයෙන් සහයෝගයෙන් වැඩකටයුතු කිරීමට දෙරට අතර අවබෝධතා ගිවිසුමක්.

 

3.ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයට ශී‍්‍රලංකා හිමිවරුන්ට ඇතුල්වීමේ අවස්ථාව ලබාදෙන අවබෝධතා ගිවිසුමක්

 

4.කෘෂිකර්මාන්ත කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීම සදහා වන ගිවිසුමක්.

 

5.විවිධ ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි තොරතුරු හුවමාරුව හා සහයෝගිීතාව වර්ධනය කිරීමේ කටයුතු සදහා වන ගිවිසුමක් ආදිය වේ.

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විදෙස් සංචාරය සදහා සියගණනක් දෙනා සහභාගී කර ගත්තද ඔහුගේ අනුප‍්‍රාප්තිකයා තම සංචාරය සදහා සහභාගී කර ගනු ඇත්තේ ආරක්ෂකයින්ද ඇතුලූව 17 දෙනෙකු පමණකි.ජනපති මෛති‍්‍රීපාල සිරිසේන බුද්ධගයාව හා තිරුපති කෝවිලද වැදපුදාගෙන බදාදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

ඇමරිකාවේද සහය දිනාගැනීමට සමත්වීම නිසා ශී‍්‍රලංකාවේ සිදුව ඇතැයි චෝදනා නැගුනු යුධ අපරාධ සම්බන්ධයෙන් දියත් කෙරුණු අන්තර්ජාතික පරීක්ෂණයේ වාර්තාව  ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සැප්තැම්බර් මාසය දක්වා කල්දමා ගැනීමට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ගන්නා උත්සාහය සාර්ථක වීමට  බොහෝ දුරට ඉඩ තිබේ.එසේනමුත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නව රජයේ ප‍්‍රධාන හවුල්කරුවෙකු වීම ශී‍්‍රලංකාව දියත් කිරීමට පොරොන්දු වන යුධ අපරාධ   චෝදනා සම්බන්ධව දේශීයව සිදුකෙරෙන පරීක්ෂණයේ අපක්ෂපාතීභාවය ගැන ගැටලූ මතුවනු ඇති බවට අන්තර්ජාතික ප‍්‍රජාවේ ඇතැම් පාර්ශවයන් චෝදනා කරයි.පසුගිය  රජය සේම මේ නව රජයද ප්‍රෝඩාවක් කරනු ඇතැයි ඔවුන් කියමින් සිටී.නමුත් ඊට පිළිතුරු දෙන රජයේ පාර්ශවය කියන්නේ සරත් ෆොන්සේකා මහතා ඉතාම විවෘතව  යුද්ධයේ මෙන්ම තමන්ට පැවරී තිබුණු රාජකාරියේ තොරතුරු හුවමාරු කර ගැනීමේ කැමැත්තකින් පසුවන නිසා දේශීයව සිදුවන පරීක්ෂණයකට විරුද්ධවීමට අන්තර්ජාතික ප‍්‍රජාවට කිසිදු හේතුවක් නැති බවය.

පසුගිය රජය සමයේ ඉවක් බවක් නොමැතිව පොදු ජනතාවගේ මුදල් වියදම් කිරීමේ යෙදුණු පුද්ගලයින් නීතිය හමුවට පැමිණවිය යුතුමය.එහි කිසිදු තර්කයක් නැත.දැනට කි‍්‍රයාත්මක පරීක්ෂණ වලින් අනාවරණව තිබෙන පරිදි පසුගිය රෙජීමය මෙම වියදම් බොහෝමයක් සිදුකර තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුදැනුමකින් තොරවය.මහ බැංකුව,බැංකුවක කාර්යයද,කැබිනට් මණ්ඩලයේ කාර්යයද ඉටු කරමින් පොදු ජනතාවගේ මුදල් රිසිසේ විවිධ දේ වලට යොදවා තිබේ.මෙම කටයුතු වලට හවුල්වූ පුද්ගලයින්ට එරෙහිව ඉක්ම



අදහස් (0)

‘රට උපදෙසට මහින්ද කෝටි 40 ක් වැය කළා‘

සුනිල් මිලානෝ Sunday, 15 February 2015 10:47 AM

තිත්තයාටත් වාරයක් තියෙන බව අමතක කරන්න එපා (බ)

:       0       0

ජෙහාන් Monday, 16 February 2015 05:17 AM

අනේ ඇත්තට මොනවටද ඔච්චර වියදම් කලේ බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල වගේ ජාත්‍යන්තර මට්ටමේ උපදේශකයෙක් ලංකාවේ ඉන්නකොට. (නදී)

:       0       0

සහාන් Sunday, 15 February 2015 08:08 PM

වගකීමක්,වගවීමක් නැති පහුගිය ආණ්ඩුව ,රටේ මහජන මුදල් හිතේ හැටියට විනාශ කල එක උදාහරණයක් විතරයි.රජතාන්ත්‍රික කම කියන්නේ මොකද කියල නොදැන කම,ගමේ චන්ඩි පාට දමමින් එවයින් ගැලවෙන්න දැන් හානි කල හැටි. (අ)

:       0       0

එඩ්වර්ඩ් Monday, 16 February 2015 12:54 AM

ඕනෑම රටක් විදෙස් උපදේශකයන්ගෙන් උපදෙස් ගන්නවා. ලංකාවේ ඉන්න මිනිසුන්ට මේවා කියලා ඇවිස්සීමෙන් වැඩක් නැහැ (නි)

:       0       0

නුවන් Monday, 16 February 2015 01:06 AM

අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

සමන්ති Monday, 16 February 2015 01:13 AM

ඇත්ත. දැන් තිත්තයාගේ වාරයයි. (නි)

:       0       0

දිනේෂ් Monday, 16 February 2015 02:09 AM

මොන උපදෙසක් ගත්තත් තමන්ගේ ආදායමට අනුව කරන්න එපායැ. ලංකාව ලෝකෙන් ණය අරගන්නා රටක්. එහෙවු එකේ මෙහෙම වියදම් කරලා හරියනවද? (නි)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 03:25 AM

බලා ගෙන යනකොට පොඩි-පොඩි පවුල් සමාගම් හැමට තියනවනේ. මොන දේත් අන්තයකට යාම තමා නරක (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 5 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 48 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 552 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1280 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 171 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 87 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38401 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site