IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රට කොටි මඩ ගහන්න පිටපට ගසති

ලබන මාර්තුවේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වීමට නියමිත ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකමි සැසිවාරය සදහා යුරෝපයේ කොටි හිතවාදීහු මේ වන විටත් සුදානමි වෙමින් සිටිති. ඔවුන් යුරෝපා රටවලට අයත් ප‍්‍රධාන නගරයන්හි දි රාජ්‍ය නොවන සංවීධානවල උදවු උපකාර ඇතිව නොයෙක් සම්මන්ත‍්‍රණ පවත්වමින් සිටිති. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ඉතාලියේ ලෙචිචේ නගරයෙදි ඉන්තේග්රා ඔන්ලුස් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ උදවි උපකාර ඇතිව ‘අපට ඔන අපේ බිම‘ නැමැති කොටී හිතවාදි සම්මන්ත‍්‍රණය සාර්ථක වු බව ඉතාලි මාධ්‍ය වර්තා කරයි. ඉදිරියේදි ද ඵවැනි සමිමන්ත‍්‍රණ ඉතාලියේ පලෙර්මෝ බියෙල්ලා බොලොඤේඤො නගරවල පැවැත්වීමට සුදානමි කර ඇත. යුද හමුදාව සාමාන්‍ය වැසියන් දහස් ගණනින් ඉතා අමානුෂික ලෙස මරණ බවට බාරවු කොටි සාමාජිකයින් විශාල පිරිසක් අතුරුදන් කර ඇතැයි යන අභුත චෝදනා ඔවුහු මතු කළහ. මේ පිළිබඳව විපරමින් සිටින දැනට ඉතාලියේ වෙසෙන හිටපු යුද හමුදා කොමාන්ඩෝ රෙජිමෙන්තු නිළධාරියෙක් ඵසෑන වෙබි පුවත් පතට කීවේය. රජය අපහසුතාවයට පත් කරන යුරෝපා කොටින්ගේ අසත්‍ය චෝදනාවලට ඵරෙහිව රජයද ඉතා ඉක්මනින් ක‍්‍රියා කළයුතූ ඔහු කියයි. කොටි සංවිධානයේ අත්අඩංගූවට පත් යුද සිරකරුවන් පිරිසකට කළ අමානුෂික ක‍්‍රියා දාමයක් ඵහිදි ඹහු අපට අනාවරණය කළේය. දිගු දුර විහිදුමි බළකායක සොල්දාදුවකූ ලෙසින් වන්නි මෙහෙයුම ආරමිභ වු අවදියත් සමග මුලතිවි උතූරු දෙසින් මුලතිවි වන මැද පිහිටි කොටි වධකාගාරයකට පහර දී ආනාවරණය කරගත් කරුණු කිහිපයක් ඡයාරුප සමගම ඔහු අපට විස්තර කෙළේය. කොටි අඩවියේ පැවැති මෙම වධකාගාරට රැගෙන ඵන හමුදා සෙබළු නොයෙක් වධ බන්ධනයන්ට ලක් කරමින් කාමරයකට දමා මරා පසුව ඇසිඩ් වීශේෂයක් වක්කර ඇත. හමුදා සෙබළුන් රදවා සිටී ඵක් සිර කූටීයක තිබු කවී නිසදැස් වැනි දෑ දුටු තමන්ගේ හදවත දා ගිය බවත් බිත්තිවල සටහන් කර තිබු ඇතැමි දුරකථන අංක වලට පසුව කතාකිරිමේදි දුරකථනයට පිලිතුරු දුන් ඵම සෙබළුන්ගේ මවිපිවරුන් හා බිරින්දෑවරුන් තම පුතා සැමියා වසර මාස ගණනක සිට අතුරුදහන්ව ඇති බවට තමාට කී බවත් නිළධාරියා අප සමග පැවසීය. යුද සිරකරුවනට ඉතා අමානුෂික ලෙස සැලකුයේ රජය නොව මිලෙජ්ජ කොටි සංවිධානය බවට මෙවැනි කරුනු සහිතව ඔප්පු කළ යුතූයැයි ඔහු කියා සිටී.  



අදහස් (0)

රට කොටි මඩ ගහන්න පිටපට ගසති

ශාන්ති Monday, 19 November 2012 04:00 PM

ඇයි දන්නෙ නැහැ එතකොට දමිළ අයව හමුදාවට බදවා ගන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

කමල් Monday, 19 November 2012 04:00 PM

මොහොමඩ් ට ඕන විසදුම ලගදීම ලැබේවි .අපේ බොදු බල සේනා හිමිවරු මේ දවස් වල විසදුම හොයනවා. කලබල නොවී ඉන්න . සෞදි අරාබියේ වැඩකරන බෞද්දයන්ට බුදුදහම අදහන්න අවස්ථාව හදල දෙන්න පුලුවන්ද ඔයාලට .මොකක්ද ඔයාලට මේ සිංහල බෞදධ රටේ ලැබිල නැත්තේ.අධ්‍යාපනයද සෞඛයද ..මොනවද තව ඕන ... (ස)

:       0       0

සුනන්ද Monday, 19 November 2012 03:53 PM

අප්පෝ... මිලානෝ පනාගොඩ මල්ලිත් මේවට උදවු කරනවා නේද? (ස)

:       0       0

මෝරාල Monday, 19 November 2012 04:26 PM

නැති ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්නා නම් ඉවරයිනේ. (නි)

:       0       0

චන්න Tuesday, 20 November 2012 12:28 AM

ලංකාවට පහර දෙන්න කාටවත් බැහැ

:       0       0

නන්දන Thursday, 22 November 2012 07:29 PM

හැම කෙනාටම දැන් ඕනැ මේ කුඩා රට බෙදාගන්න. (නි)

:       0       0

නන්ද හිමි Thursday, 22 November 2012 07:45 PM

ජාතියක් වෙනුවෙන් නෙමෙයි ඔය හඩනගන්නේ.... (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 November 2012 01:08 AM

ඒවා කොහෙද අපිත් එක්ක

:       0       0

සදලි Tuesday, 20 November 2012 01:09 AM

අපිට මොකුත් කරන්න කාටවත් බැහැ

:       0       0

නස්රුල් Monday, 19 November 2012 04:48 PM

මොහොමඩ්ලා යුද්දෙට ගියා නම් ඔහොම කියන එකක් නැහැ. අපි සියල්ලන්ටම අවශ්‍ය යුද්ධයෙන් තොර රටක්. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 01:27 AM

ඇයි මේ කට්ටිය මොහොමඩ්ව අල්ලගෙන දගලන්නේ? මට පෙනෙන්නේ මේ අයටත් මායාරෝගය වැළදිලා වගෙයි. (නි)

:       0       0

නදීක Tuesday, 20 November 2012 12:59 PM

කොටින්ට ඉඩක් නැත

:       0       0

ජනිත් Monday, 19 November 2012 05:06 PM

මොහොමඩ්ලාට ඕනෑ වෙලා තියෙන්නේ ආගම් භේදයක් ඇතිකරන්නද? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 20 November 2012 02:30 AM

ලංකාවට නිගා කරන්න එපා

:       0       0

නඩරාජ් Tuesday, 20 November 2012 11:25 PM

මොහොමඩ්ලට බනින්න එපා. අපේ ලංකාවට ඉන්නේ මොහොමඩ්ලගේ මුස්ලිම් රටවල් විතරයි (ස)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 06:41 AM

ඕවාට මොකට කලබල වෙනවද? (නි)

:       0       0

නිලන්ත Monday, 19 November 2012 06:37 PM

මොහොමඩ්ලා කරන්නේ අනුන්ගේ පහනින් එළිය බලන එක තමයි. (නි)

:       0       0

ලාල් Monday, 19 November 2012 06:50 PM

කොටි කරදර නැහැ ලංකාවේ

:       0       0

පුබුදු Monday, 19 November 2012 07:10 PM

මොහොමඩ්ට කාත්තන්කුඩි සිද්ධිය අමතක වෙලාද? (නි)

:       0       0

මාලක Monday, 19 November 2012 07:15 PM

අයියෝ සල්ලි

:       0       0

මුතුකුඩ Monday, 19 November 2012 07:23 PM

ඔව් කමල්, දැන් ර‍ටේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ව ඝාතනය කරනවා, කාන්තාවන් දුෂණය කරනවා, විදේශිකයන් මරා දමනවා, කුඩුවලින් සපිරි රටක්වෙලා. මෙවැනි දුෂිත බොහෝ දේ නැතිකරීමට තිබියදී වගකියවුත්තන් උඩබලාගෙන ඉන්නවා. (නි)

:       0       0

සුරංග Tuesday, 20 November 2012 07:55 PM

මේවා ඉක්මනින් මර්ධනය කල යුතුයි (දී)

:       0       0

සංක Monday, 19 November 2012 07:59 PM

අපි නිදහස් ජාතියක්

:       0       0

වරුණ Monday, 19 November 2012 02:44 PM

සැප විදිමින් එම රටවල් වල සිටින බලධාරීන් ඒවාට විරුද්ධ නොවීමයි මේවාට ප්‍රධානම හේතුව වන්නේ. (නි)

:       0       0

ලාල් Monday, 19 November 2012 08:18 PM

කොටි මෙහ්ත් කොටි රටත් කොටි (දී)

:       0       0

මොහොමඩ් Monday, 19 November 2012 03:04 PM

යුද්දය ඉවරවෙලා වසර ගණනක් ගියත් තවම දේශපාලනික විසදුමක් නැහැ,. විසඳුමක් දුන්නානම් වෙනත් රටවල ඉන්න කොටි හිතවාදීන්ට කතා කරන්න මොකුත් නැති වෙනවා. (ස)

:       0       0

ජෙහාන් Monday, 19 November 2012 08:50 PM

ඇයි අපට දැන්වත් සමගි වන්න බැරි (දී)

:       0       0

කමල් Monday, 19 November 2012 02:57 PM

මොහොමඩ්ලා කවදද මව්බිම වෙනුවෙන් කතා කරේ (ස)

:       0       0

බන්ඩාර Monday, 19 November 2012 03:29 PM

අළු ය‍ට ගිනි (ස)

:       0       0

හේමාල් Monday, 19 November 2012 03:39 PM

යුද්ධය අවසන් කළා සේම පසුව පැනනගින ගැටලු වලටද සාර්ථක විසදුම් සෙවිය යුතුයි. (නි)

:       0       0

නිලාන් Monday, 19 November 2012 09:09 PM

අයි කොටින්ට දැන්වත් පාඩුවේ ඉන්න බැරි?

:       0       0

කුරුවිට Monday, 19 November 2012 03:41 PM

මොහොමඩ්, මොනවා නැතත් උපන් දේශය ගැනවත් සිතිය යුතුයි නේද? (නි)

:       0       0

වසන්ත Monday, 19 November 2012 03:28 PM

රජය ඉක්මන් පියවරක් ගතයුතුයි නේද? (නි)

:       0       0

Aisha Scarf Monday, 19 November 2012 03:29 PM

මොහොමඩ්ලා කවදද මව්බිම වෙනුවෙන් කතා කරේ (ස)

:       0       0

වසන්ත Monday, 19 November 2012 03:48 PM

මෙවැනි සංවිධාන මුළුමුනින්ම ඉවත් කල යුතුයි (ස)

:       0       0

චරිත් Monday, 19 November 2012 03:32 PM

දේශපාලන විසදුම් දෙන්න මේ රට වෙන රටකට සීමා වෙලා නැහැනේ. ගිහින් බලන්න ත්‍රස්තවාදය නිසා දුක් විදපු මිනිස්සු අද කොහොම නිදහසකින් ඉන්නවද කියලා. යාපනය, පුදුකුඩුඉරිප්පු, වෙල්ලාමුල්ලිවයික්කාල ගිහින් බලන්න කලින් තිබුණු මරණ බය තියෙනවද දැන් කියලා. තිබුණු හෑමදේම විනාශ කළ ත්‍රස්තවාදය අතු ගාලා තමන්ව බේරගත්ත මේ රටේ ආණ්ඩුවේ හමුදාවට ඒ හෑම කෙනාම ණයගැතියි. ඒත් මේ රටේ මිනිස්සුන්ගෙ තියෙන කුම්මෑහිකම නිසා තාමත් ත්‍රස්තවාදය අලුයට ගිනි වගේ වෙලා. ආපහු ඒ මිනිස්සුන්ට ඕනෑ ඒ කාලකන්නි කාලයට යන්න නම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 35 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 172 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 231 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 175 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 136 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 326 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39441 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 348 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site