(සුජිත් හේවාජුලිගේ)
රටේ කොවිඩ් පැතිරීම සියයට 10 කින් පමණ වැඩිවී ඇති හෙයින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදිමින් ප්‍රවේශම් විය යුතු බව කොවිඩ් සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය.
කොවිඩ් මරණ 4ත් 5ත් අතර සංඛ්‍යාවක් දෛනිකව වාර්තාවන බවද හෙතෙම සඳහන් කළේය.
කුමන පැතිරීමක් ඇතිවුවත් රට හෝ වෙනයම් ස්ථානයක් හෝ කිසිසේත්ම නොවසන බව පැවසූ කොවිඩ් සම්බන්ධීකාරකවරයා කොවිඩ් සඳහා රටේ ප්‍රශස්ත ප්‍රතිශක්තියක් පවතින හෙයින් කොවිඩ් රෝගීන් නිවෙස්වලම බොහෝ දුරට කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද ප්‍රකාශ කළේය.
කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද අන්වර් හම්දානි මහතා පැවසුවේය.
නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන නැති පුද්ගලයන් වහාම එන්නත් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
රටේ පවතින කොවිඩ් පැතිරීම අඩුවෙන් තක්සේරු නොකළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ කොවිඩ් සියයට 10 කින් වැඩිවෙලා