IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


‘රටේ කෘෂිකර්මය වැනසෙන්නේ මාෆියා 5ක් නිසා’

(විනීතා එම් ගමගේ)
 
රටේ කෘෂිකර්මය විනාශයට ඇද දමන මාෆියා 5ක් ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
 
වී, සහල්, එළවළු, බීජ හා පොහොර එම මාෆියාවන් පහ යැයි පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම මාෆියාවන් මෙරට කෘෂිකර්මයේ අනාගතය විනාශ මුඛයට ඇද දමමින් සිටින බව ද පවසයි.
 
ආනයන ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණට මෙකී මාෆියාවන්ගෙන් විශාල බාධාවක් එල්ල වී ඇතැයි කී අමාත්‍යවරයා ඊට එරෙහිව උඩුගං බලා පිහිනීමට සිදුව ඇතැයි ද කියා සිටියේය.
 
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ පැවැති කෘෂිකර්ම උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවක දී අදහස් දක්වමිනි.
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පර්යේෂණ හා තාක්ෂණය අතින් එංගලන්තයට වඩා දියුණු වුවත් ශ්‍රී ලාංකික ගොවීන් තවමත් සිටින්නේ වසර සියයක් පමණ පැරණි කෘෂිකර්මාන්ත ක්‍රමයක යැයි ද කියා සිටියේය. මේ නිසාම වගා සහය ඉල්ලා එන ඉල්ලුම් පත්‍ර වලට වඩා දිනපතා ලැබෙන්නේ කුඹුරු  පිරවීමට අවසර ඉල්ලා එවන ඉල්ලුම් පත්‍ර යැයි ද අවිධිමත් පොහොර භාවිතය බරපතල හානි රටට ගෙනැවිත් ඇතැයි ද ඔහු එහි දී පෙන්වා දුන්නේය.
 
අවිධිමත් පොහොර භාවිතයෙන් හා රසායනික පොහොර භාවිතයෙන් අන්ධ දරුවන් 30 දෙනෙක් පමණ මසකට උපත ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා දිනපතා වකුගඩු රෝගීන් හා දියවැඩියා රෝගීන් ඇතුළු බෝ නොවන රෝග වැඩිවීමේ හේතුව ද මෙම අවිධිමත් පොහොර භාවිතය යැයි ද පෙන්වා දුන්නේය.
 
පොහොර ආනයනයට ව්‍යාපාරිකයන් උනන්දු වන්නේ එහි ඇති විශාල කොමිස් මුදල නිසා යැයි ද ආහාර ආනයනය ගැන කිවයුත්තේ ද එයම යැයි ද පෙන්වා දුන් අලුත්ගමගේ මහතා ඊට එරෙහිව යන ගමන අරඹන්නට කෘෂිකර්ම උපදේශකවරුන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළ බව ද කියා සිටියේය.

බතලේගොඩ, අඟුණකොල පැලැස්ස, පුලියන්කුලම, මහඉලුක්පල්ලම හා බිඳුණු වැව යන කෘෂි පුහුණු පාසල්වල දී කෘෂි උපදේශකවරුන් දහසක් පුහුණු කරන බවත් ගොවිජන සේවා නිලධාරින් ද, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ද අනතුරුව පුහුණු කරන බව ද පැවැසීය.



අදහස් (16)

‘රටේ කෘෂිකර්මය වැනසෙන්නේ මාෆියා 5ක් නිසා’

sena Wednesday, 06 January 2021 08:37 AM

මාෆියාවල් වලට බයේ නාහෙන් අඬන්නේ මොකද? අපි අවශ්‍ය 2/3 බලා දීලනේ තියෙන්නේ... කළින් හිටපු ලොකු මහත්තයත් ඔහොම උදේම නැගිටලා තමන්ගේ බැරිකම වහගන්න කාටහරි බණිනවා.

:       1       29

ruwan Wednesday, 06 January 2021 08:38 AM

කෘෂිකර්මයට හෙන ගහලා තියෙන්නේ නූගත් දේශපාලුවන් ඇමැතිවරුන් වෙලා ඉන්න නිසයි... වෙන මුකුත් නිසා නම් නෙවෙයි.

:       1       26

Puppa Wednesday, 06 January 2021 08:50 AM

අලුත්ම දූෂණ නැතිකර හොඳ රටක් සෑදීමට පෙරට ආ වීරයා. හැබැයි මිනිහගේ වැඩකිඩ දැක්කාම වමනේ යනවා...

:       3       28

De Wednesday, 06 January 2021 09:45 AM

ලොකුම මාෆියාව දේශපාලන මාෆියාව තමයි...!!! 

:       0       19

qatar sita Wednesday, 06 January 2021 11:15 AM

පුදුමයි කියන්නේ දේශපාලකයෙක් මාෆියාවක් ගැන කතා කරන එකනේ.

:       0       9

pradeepa Wednesday, 06 January 2021 11:19 AM

හොඳ, බුද්ධිමත්, මොලේ තියෙන හොරකම් කරන්නේ නැති කෙනෙක් දාන්නකෝ ඔය ඇමැති ධුරයට...? ඊට පස්සේ බලමු ඕක දියුණු කරන හැටි..

:       0       13

Hafeel Wednesday, 06 January 2021 11:28 AM

එහෙමනම්, වත්මන් ජනාධිපති මේ මාෆියාකාරයින්ට බයද? බලයට එනකොට කිව්වා නේද මේ ජනාධිපති කෙලින් වැඩකරනවා, දැඩි තීන්දු තීරණ ගන්නවා. දැන් මෙයා කියනවා මේ මාෆියාවලට යටත් වැඩ කරන්න වෙලා කියලා. මෙහෙම කියනවා නම්, ඇමති කෙනෙක් අවශ්‍යද?

:       1       15

දිමුත් Wednesday, 06 January 2021 11:37 AM

2/3 මදිද ඔය මාෆියාව මඩින්න?

:       1       10

thilak Wednesday, 06 January 2021 11:54 AM

ඇයි දේශපාලකයින්ගේ කොමිස් මාෆියාව....?

:       1       6

සඳුන් Wednesday, 06 January 2021 11:56 AM

නිදහස ලැබූදා සිට කටින් බතල සිටුවීමේ විපාකයයි මේ... මේ ඇමතිතුමාත් පුටුවෙන් යන දවසට ඔච්චරමයි...

:       1       7

Nihal Wednesday, 06 January 2021 12:37 PM

ලොකුම මාෆියාව 225ක් වෙන ඔහේලා...

:       1       5

Raveendra Wednesday, 06 January 2021 01:17 PM

අනේ අම්මපා "අයිසෙක් නිව්ටන් උන්දැටත් වැලේ වැල් නැති වෙන සොයා ගැනීමක්නේ මේ ගොයියා හොයාගෙන... තියෙන්නේ...!!! 

:       1       2

විපරමා Wednesday, 06 January 2021 01:53 PM

කයිවාරු ගැහැව්වාට තමනුත් එකතරා විදියක දූෂිත දේශපාලන මාෆියාවක් තමයි.

:       1       5

Prabha Wednesday, 06 January 2021 02:46 PM

ඔය මාෆියාවලට මුහුණ දෙන්න තමයි අපි සර් පත්කරලා 20වැනි සංශෝධනය ගෙනාවේ.. අයියෝ තාම නහයෙන් අඬනවා.

:       0       2

sampath Wednesday, 06 January 2021 04:05 PM

ඕවා සරල හේතු ගොවියාට මිලක් නොලැබීම සහ ඒ සඳහා යාන්ත්‍රණයක් නැති නිසයි සියලු ක්ෂේත්‍ර බිඳ වැටිලා තියෙන්නේ... පසු අස්වනු තාක්ෂණයත්, බීජ මාෆියාවත්, කෘෂි රසායන මාෆියාවත්, අතරමැදියන් පාලනය කරගත නොහැකිව්වෙමත් වගේම නාස්තිය ප්‍රධාන හේතු ඊට අමතරව ජලය නොමැතිකම ශ්‍රම හිඟය භූමියේ සීමිත බව වනසත්ව හානි, ස්වභාවික ආපදා, ගංවතුර හා නියං තත්වයත් මෙයාට බලපානවා.

:       0       0

Rata Perata Thursday, 07 January 2021 07:48 AM

අනේ මෙහෙමත් ඇමැතියෝ... අපේ සල්ලි කන කාලකණ්ණි වැඩනේ කරන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1615 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2760 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1166 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 967 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1384 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 645 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site