IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රට කෑ හොරුන් අල්ලන්න ජනපති කොමිසමක්

පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සේවීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතියේ පත් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති අරලගන්විලදී පැවසීය.

පදවි, තනතුරු, පක්ෂ හා පුද්ගලයන් කවුදැයි නොබලා මෙම කොමිසම කටයුතු කරන බවත් රජයේ දේපළ, සම්පත් වැනසූ, සොරකම් කළ, වංචා කළ හා කොල්ලකෑ සියලු දෙනාම කොමිසම හමුවට පමුණුවන බවත් ජනපති කීවේය.

මෛත්‍රී අභිනන්දන උළෙල අමතමින් අරලගන්විලදී ජනපති මෙසේද කීවේය.

‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘

01 02 04  06

 

 

 



අදහස් (0)

රට කෑ හොරුන් අල්ලන්න ජනපති කොමිසමක්

නන්දලාල් Monday, 09 February 2015 09:29 PM

රට කාලා, ජාතික ධනය විනාශකරලා, කෝටි ගණන් සල්ලි පිටරට බැංකුවල තැන්පත් කළ අය හොයා, ඒ අය නීතිය ඉදිරියට ගෙන ඒම, රටකරවන නව ජනාධිපතිතුමාගේ යුතුකමක්. ඒකට මුළු රටම ඔබතුමා සමඟ සිටිනවා. "සුදනෝ" වෙන්න හදන හොරුන් තාම ඉන්නේ හැංගිලා! ඒ වුණත් ඒ වැඩ කන්දරාව පුළුවන් තරම් ඉක්මනට කළොත් ඔබතුමාටත්, මුළු රටටමත් හොඳයි (නි)

:       0       0

විකුම් Monday, 09 February 2015 09:55 PM

මොකද ඉතින් කොමිසම ප්‍රමාද? (නි)

:       0       0

පෙඩ්රික් Tuesday, 10 February 2015 12:19 AM

වෙන වෙනම කොමිසම් දාන්න වෙයිද දන්නෙ නැහැ. මොකද කට්ටිය එච්චරටම ඉන්නවනේ! (නි)

:       0       0

අශෝක Tuesday, 10 February 2015 12:48 AM

මහත්තයෝ, ප්‍රමාද වෙන්න එපා (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 10 February 2015 01:24 AM

වැරදි අඩුපාඩු තිබුනා නම් පක්ෂය තුළම විවේචනාත්මක අරගලයක් ගෙනගිහින් වීරයෙක් වෙන්න ඕනෑ..අවදානම දරන්න ඕනෑ.හැමදේම අනුමත කරගෙන හැමදේටම අත උස්සලා දැන් තමන්ට විතරක් හොඳ වෙන්න පුලුවන්ද? පසුගිය රජයෙන් වරදක් වුණා නම් පසුගිය රජයේ තනතුරු දැරූ සියල්ලන්ම ඒකට වගකියන්න ඕනෑ.. (නි)

:       0       0

නිමල් ජයසිංහ Tuesday, 10 February 2015 02:16 AM

අල්ලස් කොමිසමටත් වඩා බලය සහිත පූර්ණ අධිකරණ බලය ඇති ජනාධිපති කොමිෂමක් පත් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. උදාහරණයක් ලෙස 1971 පත්කරණ ලද අපරාධ විනිශ්චය කොමිසම උදාහරණයට ගත හැක.(නදී)

:       0       0

දුමින්ද Tuesday, 10 February 2015 02:31 AM

මේ හරහා යමක් සිදු වෙයිද බලමු.(හේ)

:       0       0

මලිත් Tuesday, 10 February 2015 02:39 AM

මේක නම් හොද වැඩක්, නැති නම් මේ රට කන එකේ ඉවරයක් නැහැ. ලිස්සලා යන්න නොදී දඩුවම් කරන්න ඕන. (හේ)

:       0       0

ශෂිනි Tuesday, 10 February 2015 03:00 AM

ඡන්දේ ළං වෙද්දී ඔක්කොම එළි වෙයි (දිල්)

:       0       0

චන්ද්‍රා Tuesday, 10 February 2015 03:09 AM

මට නම් දැන් මේවා අහල ඇති වෙලා. එක වතාවක් කට්ටිය ගෝල් ෆේස් එකේ එල්ලුවා (94 මැතිවරනෙන් පසු). 2002 තව කට්ටියක් එල්ලුවා. (නදී)

:       0       0

වයිකෝ Tuesday, 10 February 2015 03:17 AM

නොයන මගකට තවත් පාරක්. මෙච්චරකල් කෙසිවෙකුටවත් විරුද්ධව මොනවක්වත් කරලා නැහැ. (නදී)

:       0       0

වයිකෝ Tuesday, 10 February 2015 04:02 AM

මේ අපරාධ, වංචා , හොරකම් ඔක්කොම වෙලාතියෙන්න අගහරු ලෝකේ. ඒක නිසා පොලිසියට අත් අඩංගුවට ගන්න මිනිස්සු නැහැ. (නදී)

:       0       0

වයිකෝ Tuesday, 10 February 2015 04:13 AM

කොමිසම පත්කරනවා කියන්නේ ස්ථිරව තැන්පත් කරන එක. එතනින් ඉවරයි (නදී)

:       0       0

කරුණාජීව Tuesday, 10 February 2015 04:14 AM

ඔබතුමා හරි. අපිටත් තියෙන ප්‍රශ්නය තමයි මේවා මෙතරම් ප්‍රමාද මොකද කියන එක. (නදි)

:       0       0

වැකෝ Tuesday, 10 February 2015 04:22 AM

මේ හොරකම්.වංචා, දුෂණ වලට වගකිව යුතු තැනට නියම දඩුවම් දෙන්න (දිල්)

:       0       0

නානායක්කාර Tuesday, 10 February 2015 04:38 AM

සරත් ෆොන්සේකා මහත්තයව සභාපති කරන්න, (හේ)

:       0       0

වසන්ත Tuesday, 10 February 2015 04:49 AM

නීතිය සාමය සුරකින ලොවකට අපව රැගෙන යන්න , කොන්දක් තියන, එඩිතර, බුද්ධිමත් , මැරෙන්නවත් බයනැති , තුන්වරක් මාරයා පරාජය කළ සෙන්පතියනන් එනතුරු බලාසිටිමු.(හේ)

:       0       0

පාලිත සේනානායක Monday, 09 February 2015 04:06 PM

1977 ඉදලම පටන් ගත්තොත් තමා හොඳ (නදි)

:       0       0

සමන් Monday, 09 February 2015 04:16 PM

ජනාධිපතිතුමනි, අතේ ලේ සහ මඩ තැවුරුනේ නැති අවංක උගත් අය පත්කරගන්න. (නි)

:       0       0

සොපියා Tuesday, 10 February 2015 06:15 AM

හරියට ඇල්ලුවොත් පක්ෂ -විපක්ෂ ඔක්කොම හිරේ .මුළු පාර්ලිමේන්තුවම හිස් වෙයි .(දිල්)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 10 February 2015 06:29 AM

ජනපතිතුමනි බොරු දේශප්‍රේමින් නොව සැබෑ ලෙසම රටට ආදරය කරන බහුතර ජනයාගේ බලාපොරොත්තුවක් තමයි ඔබ ඉටු කිරීමට සුදානම් වෙන්නේ .ස්වාධින විනිසුරන් පත් කර දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව කටයුතු කිරීමට කොමිසමට බලතල පවරන්න .වත්මන් ආණ්ඩුවේ අයටත් චෝදනා ඇත්නම් කොමිසම හමුවට පමුණුවන්න .මෙවැනි පිරිසිදු පාලනයක් තමයි අපි බලාපොරොත්තු වුනේ .ඔබට ජය .(හේ)

:       0       0

රණවක Tuesday, 10 February 2015 06:35 AM

කොමිසමට පත් කරගන්නේ කාවද? කියන ප්‍රශ්නය තියෙනවා.හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් මේක.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 February 2015 04:56 PM

ඒකට නැකතක් තියෙන්නේ ලබන සතියේද? (නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 February 2015 04:59 PM

‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘ ලිබියාවේ ගඩාෆි ට වගේ පැය 24 උත්තර නුදුන්නට කවදා හෝ දවසක සමස්ත ජනතාවගෙන්ම සමාව ඉල්ලන්න සිද්ද වෙනවා. (නදී)

:       0       0

ධම්ම Monday, 09 February 2015 05:03 PM

නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි කියන එක සර්ට ප්‍රශ්නයක් උනාට අපට නම් හිතාගන්න පුළුවන් (නදී)

:       0       0

රමණි Tuesday, 10 February 2015 06:49 AM

නිවැරදි හැම කෙනකුටම සාධාරණය ඉටු විය යුතුයි.ඒ වගේම වැරැදි කරුවන්ට දඩුවම් දිය යුතුමයි (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 February 2015 05:12 PM

‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘ අවුරුද්දක් ගත වෙලත් කියන්න තියෙන්නේ ඔය දේම තමයි කියල ඉතාම පැහැදිලියි.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 February 2015 05:18 PM

ඒකාධිපතියෙකුගෙන් රට නිදහස් කර ගැනීමට මරණ සහතිකය අතේ තියන් හැම රැස්වීමකටම සහබාගි වුන ජෙනේරල් සරත් ෆොන්සේකා කැපිල ගිහින්. ඉදිරියේදී විසාල කැපවීමක් කරපු හොරකම් නොකරපු නායකයෙක් වන රනිල්වත් කැපිලම යාවි. දැන් යන්න හදන ගමන ගැන මට නම් දැන් පැහැදිලි චිත්‍රයක් තියෙනවා. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 February 2015 05:20 PM

අඩුම වශයෙන් මහා බන්ධාගාරයේ තිබෙන රත්තරන් ටොන් දහස් ගානට මොකද වුනේ කියලවත් හෙව්වද? (නදී)

:       0       0

මොහාන් Wednesday, 11 February 2015 01:19 PM

ආණ්ඩුවෙත් දෙන්නෙක් ඉන්වා ඇතුළට දාන්න ඒකෙන්ම ගත්තොත් නරකද? පස්සෙ පාර්ලිමෙන්තුවෙ ඉන්න අනිත් 223ම අතුළත දාන්න බැරියැ. (අ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 February 2015 05:23 PM

එදා ජෙනේරල් ෆොන්සේකාට ජනාධිපති කරව ගන්න නොලැබීම රටේ අවාසනාව කියලයි මට හිතෙන්නේ. එහෙම වුනානම් අද වෙනකොට වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට සම්බන්ද සියලුම දෙනාට තරා තිරම නොබලා දඩුවම් ලැබිල ඉවරයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 09 February 2015 05:59 PM

මහින්දගේ හොර අල්ලන්නෙ කොහොමද? දැන් ඉන්න ආරක්ෂක ලේකම් වැඩ බාරගත්තට පස්සෙ කිව්වේ හිටපු ආරක්ෂක ලේකම් එයාගේ හොද හිතවතෙක් කියලා. ගිය ආන්ඩුවෙ අයගේ හොද යාලුවෝ මේ ආන්ඩුවෙන් දැන් නිලතල වලට පත් කරලා හොර අල්ලන්නද හදන්නෙ...? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 09 February 2015 06:00 PM

පත් කොර ගත්තු ජනාධිපති ලේකම්ගෙන්ම පේනවා මොකාටද එන්න හදන්නේ කියල. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 09 February 2015 06:34 PM

ජනතාව බලාගෙන ඉන්නෙත් ඔබතුමා කියන දේවල් ටික වනතුරු තමා. කාලය නම් ගෙවී යනවා. චාම් ගතියත් ටිකෙත් ටික අඩුවේගන යනවාද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 237 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 667 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 271 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 713 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2055 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2312 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site