IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රට ගොඩනඟන හැටි අනුර කිරිඳිවැලදී කියයි

(උපාලි රණවීර)

පවුලෙන් පවුලට පරම්පරාවෙන් පරම්පරාවට නෑ හිත මිතුරන්ට රටේ ඉහළ තනතුරු ලබා දෙමින් මෙතෙක් සිදුකරගෙන ගිය රාජ්‍ය පාලනයත් ගජ මිතුරන්ට සැලකීමත් වෙනුවට රට හදන ජනතාව නගා සිටුවන පාලනයක් සැප්තැම්බර් 2 1 දිනෙන් පසුව ආරම්භ වන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක  කිරිඳිවැල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී පැවසීය.

ජනතාව දුප්පත්කමෙන් බේරාගෙන ජනතාව බලා ගන්න ආණ්ඩුවක් මේ රටේ ආරම්භ වන්නේ ප්‍රථම වතාවට බවද ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කීවේය.

මේ රටේ වත්මන් පාලකයෙන් රටේ දරු පරම්පරාව ගැන හිතුවේ නැහැ. ඔවුන්ගේ දරුවන් ගැන විතරයි හිතුවේ. අපි රටේ සියලුම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

රට පෝසත් කරන දරුවන්ගේ අනාගතය පෝෂණය කරන ආණ්ඩුවක් තමයි අපි පිහිටුවන්නේ ඇමතිවරු 25යි. රාජ්‍ය ඇමතිවරුන් නැහැ. රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු විෂය පිළිබඳ දැනුම තියෙන දක්ෂතාවය ඇති අවංක අයට ලබා දෙනවා.

රටට විශාල ආදායමක් ඉපැයීය හැකි සංචාරක ව්‍යාපාරය දියුණු වී නැහැ. රටට හොඳ නමක් තියෙනවා නම් සංචාරකයින් එනවා. රටේ නායකයන් අධිකරණයේදී වැරදියි කියලා කියනකොට වැරදි මතයක් ජාත්‍යන්තරයට යනවා. ජනාධිපතිවරු දඩ කනවා රටේ කීර්තිය නැතිවෙනවාමේ රටට ණය දෙන්නේ නෑ. ලංකාවේ ඒවා විකුණනවා ලාභ උපයනවා.බඩු පිටරටින් ගෙනල්ලා විකුණන තරමට තමා ඇමතිවරයාට ලාභ ලැබෙන්නේ.

ලබන විසි එකදායින් පසුව පිහිටුවන අලුත් රජයක් යටතේ නව ආර්ථික පරිවර්තනයකට රට ගෙන යනවා. සියලු දෙනා එකට එක්වී වැඩ කළොත් එම කාර්යය අමාරු වන්නේ නැතැයිද ඒ මහතා පැවසීය

මේ රටට විශාල ආදායමක් උපයාගත හැකි සංචාරක ව්‍යාපාරය මේ වන විට අඩාල වෙලා අපේ සංචාරක කර්මාන්ත සැලැස්ම අපි  26 දින ඉදිරිපත් කළා 2030 වෙනකොට ලක්ෂ හතලිහක සංචාරකයන්ගේ එන සැලසුම් හදා තිබෙනවා.රටේ ආර්ථිකයට ඩොලර් බිලියන අටක් නවයක් ඉපයීමට එමඟින් හැකි වෙනවා.

ව්‍යාපාර ආරම්භ කිරීමට ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉඩම් විශාල ගැටළුවක් වී තිබෙනවා එය රජය මගින් ලබා දෙනවා ආර්ථිකය හදන්න ඕනේ එහෙමයි. ආර්ථිකය හැදුනාම ඒකෙ මුදල් ආණ්ඩුවට ගලාගෙන එනවා. ආණ්ඩුව සේවා වර්ධනය කරනවා. ජීවත් වෙන්න බැරි අයට ආධාර මුදලක් දෙනවා.

අපේ අසල්වැසි රට ඉන්දියාව කර්මාන්ත හදනවා අපි කර්මාන්ත වහනවා. අපේ පේෂකර්ම සංස්ථාව පිඟන් සංස්ථාව වානේ සීනි ආදී කර්මාන්ත ගණනාවක් වසා දැමුවා. රැකියා විශාල සංඛ්‍යාවක් අහිමි වුණා. ඉන්දියාවේ භාණ්ඩ අපි ගන්නවා බයිසිකල් පදිනවා. බිත්තර ගන්නවා. හැමදේම පිටරටින් ගේනවා. බඩු ගෙනල්ලා විකුණන තරමට මැති ඇමතිවරුන්ට ලාබයි.

රටට වැදගත්වන මහා පරිමාණ ව්‍යාපෘතිවලින් ලැබෙන කොමිස් එක ගැන කඹ ඇදිලි නිසා මේ රටේ වැදගත් ව්‍යාපෘති ගණනාවක්ම ක්‍රියාත්මක වීම ප්‍රමාද වී තිබෙනවා කොමිස් නැති නිසා දේශීය කර්මාන්ත නගා සිටුවන්නේ නැහැ. කැප්තැම්බර් 21 දායෙන් පසුව අලුත් ආර්ථික ගමනකට රට පරිවර්තනය කරමු.



අදහස් (6)

රට ගොඩනඟන හැටි අනුර කිරිඳිවැලදී කියයි

AB Monday, 02 September 2024 07:54 AM

අනුර සහ සජිත් දෙදෙනාම රටේ පුරවසියන්වෙත දහසක් පොරොන්දු ලබාදීමේදී එම පොරොන්දු ඉටුකිරීමට මුදල් සොයාගැනීම පිලිබදව කිසිදු අදහසක් නොමැත. සත්‍ය නොකියා පුරවැසියන් රැවටීමෙන් වලකින්න පොරොන්දු ඉටුකිරීමට මුදල් සොයාගැනීම නොහැකි උවහොත් යන්න ඔවුන් දෙදෙනා සහ දෙදෙනා වටා සිටිනා ආර්ථික විද්වතුන් නැවත නැවත සිතිය යුතු කාරණයකි. ඒ සේ නොමැති උවහොත් නන්දා මාලනිගේ මේ ගීතයේ තේරුම පිළිබදවත් අවධානය යොමුකරන්න. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා... ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැණුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුණත් එය වරදක් වේ පූජාසනයේ ඔබ හිඳුවා... කිරියෙන් පැණියෙන් උතුරා යන කළ ලොව ඔබ පාමුල හඬා වැටේ අත මිට හිඟ වී බෙල සුන් වන කළ ලොව ඔබ හිස මත කඩා වැටේ... පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා...

:       34       25

priyantha Monday, 02 September 2024 10:21 AM

අනුර සහෝදරයා හරි... එයත් එක්ක ඉන්න අනිත් කෙනා හරි නෑ. ළමයින්ගේ අනාගතේ කන්න හදන්නේ...

:       10       22

Priyantha Dissanayake Tuesday, 03 September 2024 12:00 AM

සජිත් කියන්නේ කෘතහස්ථ පිරිසිදු සිංහල බෞද්ධ දේශපාලඥයෙක්, අනුර කියන මනුස්සයා හෝ එයාගේ දේශපාලන පක්ෂය මේ රටේ යහපත වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ... එයාලා කරලා තියෙන දේවල් ලියන්න පුලුවන් ඵලකරන්නේ නැති නිසා නැවත නැවත ලියන්නේ නැහැ. මේ රටේ ජනාධිපති වෙන්න පුලුවන් බුදුදහම ආරක්ෂාකොට පෝෂණය කරන කෙනෙකුට පමණයි, ආගම අබිං ලෙස සලකන කෙනෙක්, එහෙම නැතිනම් සියලුම ආගම් සමාන යැයි කියන කෙනෙකුට රජවෙන්න බැහැ. මිනිස්සු කොතරම් රව්ට්ටන්න උත්සාහ කලත් මේ උතුම් රට නිරතුරුවම ආරක්ෂා කරන සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු ඉන්නවානේ.

:       6       2

Nishan Tuesday, 03 September 2024 03:58 AM

87-89 විදියට වෙන්න ඇති. ඒ කලේ මෙයාලා බස් ට්‍රාන්ස්ෆොර්මර් ගිනි තිබ්බේ ජනතාවට තිබුණු අපරිමිත ස්නේහය නිසානේ.

:       4       3

Wanasinha Tuesday, 03 September 2024 04:30 PM

අනේ අනුර, ගල් පැලෙන බොරු කියන්න එපා.

:       2       0

Chathuri Wednesday, 04 September 2024 05:11 AM

මේ ඉහලින් ඉන්න කට්ටිය. සුනාමි එකේ ඉපදිලා. සුරන්ගනා කතා අහපු කට්ටිය වෙන්න ඇති. මාලිමාව විතරද ජඩ වැඩ කෙරුවේ. ඔය හොර නඩේ අවුරුදු ගනන් පුටුවල ඔයිට වැඩිය අපරාද කරමින් මේ රටට ජනතාවට බොරුවට බයිලා කියනාව .නාකි නඩේ අද වෙනතුරු තවමත් හොරා කනවා. මුන්ට ඒවා පේන්නෙ නැහැ. ඇයි ඉතින් රටට ඕන දෙයක් වුන දෙන් හොරු ගෙනාවොත් මේ කට්ටියගේ බොක්ක නිකම්ම පිරෙනවා මහන්සි වෙන්න ඕන නැහැ . අනුරට අකමැති හොරු පගා කාරයෝ එහෙම කට්ටිය තමයි මේ. මොලයක් නැති මී හරක්

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 356 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 634 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1507 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1728 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2180 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1111 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20391 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18363 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site