IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රට ගොඩ ගන්න තියෙන්නේ ’’වස්තු’’ දෙකයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බවද ජනාධිපතිවරයා කීය.

සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල්  දියුණුව උදාකරගෙන ඇත්තේ මිනිස් බලය නිසි ලෙස භාවිතයට ගැනීමෙන් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මහනුවර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමිනි. 

මහල් හතකින් සමන්විත මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය විද්‍යාගාර පහසුකම්, සම්මන්ත්‍රණ ශාලා, පර්යේෂණගාර මෙන්ම නේවාසික පහසුකම්වලින් ද සමන්විතය.

ශීඝ්‍රයෙන්  වර්ධනය වන ඉතා තරගකාරී තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් ඩිජිටල් ආර්ථිකයක් මෙන්ම හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අනාගත වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා කීය.



අදහස් (11)

රට ගොඩ ගන්න තියෙන්නේ ’’වස්තු’’ දෙකයි

pakeer Tuesday, 10 October 2023 01:44 PM

රට ගොඩගත හැකි එකම මග... හොරාකෑම නවත්තන එක. සහ නිෂ්පාදන සහ සේවාවන් අන් රටවලට ලබාදීමෙන් පමණයි. ශ්‍රමය සූරාකෑම නවත්තපල්ලා. හරියට උපයන අයගෙන් හරියට ටැක්ස් ගහන්න. අහිංසක මිනිහගේ බත්පතෙන් ටැක්ස් ගහන්නේ නැතුව.

:       7       34

Sisiranath WanniarachchiTuesday, 10 October 2023 02:13 PM

හොරාකන එක නැවැත්තුවහම රට හැදෙනවා කියන්නේ හෙන මුලාවක්, එක සමහර දේශපාලන පක්ෂ තමන්ට කොහොමහරි ගොඩයන්න නිර්මාණය කරපු මිත්‍යාවක්. මේ රට දුප්පත්වෙලා තියෙන්නේ මේක සුභසාධක රාජ්‍යක් නිසා, නිදහස් අද්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වගේ ලස්සන වචන දාගෙන රජයේ ආදායම එක්තරා පිරිසක් බෙදා ගන්න නිසා. ඒවගේම රටේ විශාලම වියාපාරික ආයතන අදක්ෂ කළමනාකාරීත්වය නිසා බිඳ වැටීම ඒවායේ පඩි ගෙවන්නෙත් ජනතාවගේ බදු සල්ලිවලින් තමයි. මේවා තමයි හේතු. රටේ ජනතාව සියලුදෙනාම පුරුදුවන්න ඕන තමන් ලබා ගන්න දෙයට මිලක් ගෙවන්න. එදාට මෙරට ආර්ථිකව දියුණු වෙයි.

:       6       20

අනේ සිරි Tuesday, 10 October 2023 02:47 PM

හොරුන්ට කඩේ යන්නේ, හොරු කියලා දැනදැනම රට බාරදුන්නු බයියෝ, IMF එකෙනුත් කියලා තියනවා මේ ආණ්ඩුවේ ඉන්නේ තවමත් හොරු කියලා, නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍ය සේවයයි තියන හින්දා තමයි මේ රට මිහිපිට අපායක් නොවී රටක් විදිහට තවමත් තියෙන්නේ.., ඩොලර් බිලියන් ගණන් රට හංගපු රනිල්ගේ, මහින්දගේ යාළු ව්‍යාපාරිකයෝ, මහබැංකු වංචා, සීනි බදු වංචා, වගේ මහා පරිමාණ හොරකම් වුනේ නැත්නම් තවමත් ලංකාව ආසියාවේ බැබලෙන රටක්...!

:       7       13

HoraTuesday, 10 October 2023 03:20 PM

අප්පටසිරි... ඒ ගමන් අනුන්ට උපදෙස් දෙනවා.

:       1       10

lujamTuesday, 10 October 2023 03:56 PM

හොරාකන අය අන්ලයික් දාලා...!

:       4       5

Rata Perata Tuesday, 10 October 2023 02:00 PM

නිකන් හිස් වචන ටිකක් විතරයි. පහුගිය අවුරුදු 40ම කළේ ඕක තමයි. ජනතා මර්ධනය සහ කතන්දර කීම.

:       6       23

Hafeel Tuesday, 10 October 2023 02:25 PM

ඒක නේ. නිකම් කයිවාරු නැතුව ගොඩගන්න කෝ...! දැන් පාර්ලිම්ර්න්තුවේ මෙයාට බහුතර බලය තියෙද්දීත්, හැමදාම අපි එකතු වෙමු. එකතුවෙමු කියලා කියනවා මිස කරපු දෙයක් නැහැ...!

:       4       14

Hafeel Tuesday, 10 October 2023 02:27 PM

එච්චර දියුණු සිංගපුරුවේ ඔයාගේ යාලුවාට කිසිම තනතුරකවත් දීලා නැහැ. ඔහුට මහ බැංකුව දීලා නැත්තටම නැති කළා...

:       5       14

Winsly Tuesday, 10 October 2023 02:36 PM

මට නම් හිතෙන්නේ කවුරුවත් ඔය කියන සම්පත් දෙකෙන්ම වැඩක් ගන්න හිතන්නේ නෑ...

:       2       11

Nimesh Tuesday, 10 October 2023 02:36 PM

බංකොළොත් වෙනකන්ම චූන් එකේ හිටපු පිනයි, අප්පච්චියි දැන් රට ගොඩගන්න කතකරන ඒවාට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ...

:       4       14

සල්ලි Wednesday, 11 October 2023 07:17 AM

IMF රිපෝර්ට් එකේ එහෙම එකක් තිබුණාද බන්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 526 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 162 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 1668 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 904 1

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 398 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 564 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39926 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25913 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 184 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1285 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site