IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රට ගිය අයගේ උදව් ගන්න අලුත් ආයතනයක්

 

(අංජුල මහික වීරරත්න)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය (Office of the Overseas) නමින් ආයතනයක්  ස්ථාපිත කිරීමේ කටයුතු දෙසැම්බර් මස වන විට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.

විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම කාර්යාලය විවෘත කිරීමට නියමිත අතර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සෘජුව මෙයට සම්බන්ධ වී මෙරට ආර්ථික  ප්‍රගමනයට සහාය දීමට මෙමගින් අවස්ථාව සැලසේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට‍ පත් වූ විගස රටට උපකාර කරන ලෙස ඩයස්පෝරාව ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දී ඩයස්පෝරා සාමාජිකයන් හමුවී සාකච්ඡා කළ අතර එහිදි ඩයස්පෝරාව කියන නම වෙනුවට විදේස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස හදුන්වාදීමට තීන්දු කෙරිණි . නව කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසුව සිංහල හා දෙමළ ඩයස්පෝරාවට එම කාර්යාලය අමතා මෙරටට සෘජුව සම්බන්ධ වී ආයෝජන කළ හැකිය. 

එසේම වෙනත් ආයෝජකයන් සම්බන්ධ කිරීමට ද අවස්ථාව උදාවේ. නව කාර්යාලය ස්ථාපිත කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙසැම්බර් අග වන විට කාර්යාලය පිහිටුවීමේ කටයුතු  ආරම්භ වනු ඇත.

විදේශ ඇමති අලි සබ්‍රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.



අදහස් (7)

රට ගිය අයගේ උදව් ගන්න අලුත් ආයතනයක්

උපලි සමන්ත Saturday, 19 November 2022 08:20 AM

කණගාටුයි. මෙය තව පාරක් එතෙර අපි රැවටීමට කරන මගෝඩි වැඩකි. එතෙර අපි ඉල්ලන්නේ සුදුසු පාලනයක් බිහිවීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. ඉන්පසු එතෙර අපේ සහයෝගය ඔවුන්ට ලැබෙනු ඇති.

:       6       13

කිරිපුතා Saturday, 19 November 2022 10:33 AM

දුප්පත් කමට වෛශ්‍යා වෘත්තීීයේ යෙදුනා වගේ තමයි කොටි ඩයස්පෝරාවට නැමුනම.

:       5       8

de silva berlin Saturday, 19 November 2022 11:02 AM

ලංකාවේ දූෂණය නාස්තිය හොරකම සහ මානුෂික අයිතිවාසිකම් දිගින් දිගටම කඩ කරන පාලකයන් ඉන්න තුරු අපි කිසිම ආයෝනයක් උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට පිස්සු නැහැ. මුලින්ම පාලකයෝ ඔබලාගේ වැරදි හදාගන්න. විපක්ෂය බලයට ආවත් අපි එකවර පැනලා උදව් කරන්නේ නෑහැ. මුලින්ම ඒගොල්ලොන්ගේ ක්‍රියාපිළිවෙලත් නිරික්ෂණය කරන්න ඔිනි.

:       5       10

Perera Saturday, 19 November 2022 12:16 PM

බලාගෙන ඉන්න අපි එන්නම්... ටොන් ගානේ සල්ලි අරන් ඔයාලගේ හැතිකරේට උදව් කරන්න.

:       4       5

Kumara Saturday, 19 November 2022 01:23 PM

කපටි නරි ඉන්නකන් ඕවා බොරු සෙල්ලම් තමයි...!

:       3       5

චතුරි Saturday, 19 November 2022 06:03 PM

හරි ලස්සන ක්‍රම නම් තියෙනවා. සල්ලි හම්බ කරන්න. මම ඉන්නේ ඇමරිකාවේ... හිඟා කාලා හරි රට ගොඩයන්න... උදව් කරනවා. රනිල්, මහින්ද, ගෝඨාභය, කපුටා බේබිලා ඇතුලු හොරා කාපු නඩේ බර වැඩ සහිතව අවුරුදු ගාණකට හිරේ දැම්මොත්... නාකි නඩේ හොරාකන්න. අපි මැරි මැරි වැඩ කරන්න ඕනෑ. මේ දේ කරලා පෙන්නුවොත් සල්ලි ගලාගෙන එයි. එහෙම නැතුව කිසිම පිටරට ඉන්න වැසියෙක් මුදල් එවන්න එපා. මොවුන් තවමත් හොරා කනවා නීතියක් නැහැ. නිවාඩුවට ආවාම වැඩක් කරගන්න ගියාම රටේ නම ඇහුවාම අය කිරිම් තෙගුණ වෙනවා. මේ දූෂිත නාකි නඩේ ඉන්නකම් කවුරුත් උදව් කරන්නෙත් නැහැ. ලංකාවට එන්නෙත් නැහැ. කන්නත් නැහැ. ඉන්නත් නැහැ. බෙහෙතුත් නැහැ. කරන්ට් එකත් නැහැ. තෙලුත් නැහැ....

:       1       2

Mahi Sunday, 20 November 2022 12:18 AM

ඉන්වෙස්ට් කරන්න පුළුවන්, අපෙන් ලොකු කොමිස් ඉල්ලනවා. පොඩි ගණනක් නම් කමක් නෑ. . එයට මොකක්ද ගන්න පියවර.. එකක් දෙකක් නොවේ, කීප අවස්ථාවක , කීප දෙනෙකුට වෙලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 996 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 348 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 1035 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1233 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 697 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 676 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site