(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු බවද එම වාර්තාවේ දැක්වේ.
අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්වය ඉදිරියේදී වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම විශ්වවිද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය.
මේ තත්වය මේ දක්වාම නිවැරදිවී නැතැයිද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ
මේ අතර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පනස් නව දෙනකු සඳහා අන්තර් පර්යේෂණ වාර්තාවක් හෝ අවසාන පර්යේෂණ වාර්තාවක් හෝ ගැනීමකින් තොරව පර්යේෂණ දීමනා ලෙස රුපියල් අට කෝටි තිස් හත් ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි එම විගණන කාර්යාලය පවසයි.
පර්යේෂණ කළමනාකරණ කමිටු අනුමැතියකින් තොරවඑම පිරිසට මෙම පර්යේෂණ දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ 2014 වර්ෂයේ නොවැම්බර් 1 වැනිදා සිට 2022 වර්ෂයේ අගෝස්තු 31 වැනිදා දක්වා
කාලයේදීය.
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට ගිය ඇදුරෝ 122ක් කෝටි 24 ක් පොලු තියලා
යෝගා Saturday, 01 April 2023 03:20 PM
රට හදන හැටි ගැන ලොරි ටෝක් දෙන එවුන් තමයි ඔය.
Perakum Saturday, 01 April 2023 03:20 PM
මෙය අළුත් පුවතක් නොවේ. මා දන්නා තරමින් කලක පටන් ඔවුන් බොහොමයක් රට ගිහින් නවතිනවා. අත්සන් තබන පොරොන්දු පත්‍රය ඉරා දමනවා. ඒවා සකස් කර ඇත්තේ පහසුවෙන් පොරොන්දු කඩ කිරීමට හැකිවන පරිදිය. ඒ සදහා පාලක පක්ෂයේ පූර්ණ අනුග්‍රහය ඇත. අඩුතරමින් දැන්වත් රජය මේ ගැන මැදිහත් වී නිසි පියවර ගත යුතුය.
දිනේෂ් ඒකනායක-සිඩ්නි Saturday, 01 April 2023 03:38 PM
ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා ඕස්ට්‍රේලියාවට පැනගෙන ආතමාර්ථකාමී ලෙස බොහෝ මුදල් හරිහම්බ කරගත් අය බොහෝ ඇත. ඒ අයගෙන් යම් මුදලක් අයකරගන්න ක්‍රමවේදයක් සකසන්න. සිඩ්නි නුවර බෝකම්හිල් ප්‍රදේශයේ මෙලෙස පැමිණි බොහෝ පිරිස් වාසය කරති. අධික විශ්‍රාම වැටුප් ලබන මොවුන් මහළු වයසේ සිටින බැවින් මෙම මුදල් අයකර ගැනීමේ ක්‍රියාදාමය ඉක්මන් කරන්න.
samSaturday, 01 April 2023 07:53 PM
රට ගිය ඇදුරෝ 122ක් කෝටි 24 ක් පොලු තියලා නම් ඔවුන් සිටිනවු රට කුමක්ද සහ ඔවුන්ගේ ලිපිනය සොයාගැනීමට අපහසු නැත. විදේශ රටවල පවතින ලනකවේ තානාපති අංශ මගින් ඔවුන්වෙත නැවත ගෙවීමට ඇති මුදල් පිලිබදව දන්වා එම මුදල් ගෙවීමට කාලයක් ලබාදීම සහ එසේ නොගෙවන්නේ නම් ඔවුන්ගේ ලනක්වේ පවතින දේපල රජයට පවරා ගැනීමට සහ ඔවුන්ගේ නම ලේකනය සහ දැනට පදිංචි රට මාධ්‍ය මගින් හෙළි කරන්න. නිදහස් අදයපනයට උගත්කම ලැබුවද එයට වටිනාකමක් ලබාදීමට තරම් ඔවුන් නුගත් බව ඔවුන්ගේ ක්‍රියාවෙන් පැහැදිලිවේ.
පැරකුම්Saturday, 01 April 2023 10:19 PM
ඔබේ යෝජනාව නිවැරැදියි. නමුත් ක්‍රියාත්මක කළ නොහැකිය. මන්ද ඔවුන්ගේ ගිවිසුම් පත්‍රය ඉතා දුර්වල එකකි. පහසුවෙන් කඩකළ හැකිවන පරිදි සකස් කර ඇත්තේ දෙපාර්ශවයේම අනුදැනුම ඇතුවයි... මෙය කලක පටන් පැවත ආ මගඩියකි. කවුරුත් ඇස්, කන් නැත්තවුන් සේ සිටිති.
Asanga Saturday, 01 April 2023 04:24 PM
ඕවා නම් මොනවද ඉතින්. ඔය දේශපාලුවොටික තාමත් ලොකු ලොකු පොලු තියන්නේ.
Chathuri Saturday, 01 April 2023 05:04 PM
රට කරන නායකයින්ට උගත්කම. මන්දබුද්දික කම කැපීපෙනකොට. උගතුන්ට මුන්ගෙ ගෙ කනෙන් රිගන එක ලේසියි. මයිනා ගේ මොන්ගල් පුත්තු තුන්දෙනාට. රටේ මුදල් වියදම් කරපු හැටි කට්ටියටාමතකද. එකෙක් අහසේ තරු අල්ලන්නත් ගියා. අන්තිමට මඩ ගාගත්තු එක විතරයි ඉතිරි වුනෙ. තවමත් මීහරක්. රට කරන නඩේ. ජනතාවට සේවයක් කරන්නෙ නැතිව. රටේමුදල් ප්‍රසිද්දියේ හොරෙන් කනවා. මේ උගතුන්. නම් වරදක් කරලා නැහැ. රටින් පැනපු එකමයි හොද. නුගත් නායකයින්ට කොන්ද නමනවට වැඩිය. ආචාර්ය උපාදිය නැතිවුනාට. පුටු පෙරලන්න හොදට දන්නවා. අර බේබිලා තුන්දෙනාව ඉන්දවන්න. හිස් පුටුවල. ඒටික වෙයි ලගදීම
de silva Saturday, 01 April 2023 05:04 PM
ගෙවන්නෙ නැත්නම් නඩුපරවා වරෙන්තු නිකුත් කරන්න. එනකොටම ගුවන් තොටුපොලේ දී අල්ලා ගන්න. එංගලන්තෙ ඇමෙරිකාවේ මෙන් අපත් උසස් අධ්‍යාපනය සඳහා ගාස්තු අය කළ යුතුය.
sunilSaturday, 01 April 2023 09:59 PM
ප්‍රශ්නේ තියෙන්නේ ගිය එකෙක් ආයෙමත් ලංකාවට නොඑන එකයි.
පැරකුම්Sunday, 02 April 2023 03:28 PM
පුළුවන් නම් කරලා පෙන්නන්න... ඔවුන්ට එරෙහිව කිසිඳු නෛතික ක්‍රියාමාර්ගයක් ගත නොහැකිය. දන්න නිසයි මම කියන්නේ....
බන්දුල Saturday, 01 April 2023 08:16 PM
සිස්ටම් චේන්ජ් කරන්න දඟලන්නේ මේ අයද? ලැජ්ජාවක් නැහැ...
සුරංග Saturday, 01 April 2023 08:32 PM
උපාධිය ලබනතෙක් නිදහස් අධ්‍යාපනය දෙනවා, ඉන් පස්සේ රැකියාවක් දෙනවා උසස්වීම් ගන්න පාඨමාලා ගාස්තුව රජයෙන්ම දෙනවා... අන්තිමට විදේශීය පුරවැසියකු ලෙසට ලියාපදිංචි වෙලා රැකියා සඳහා විදෙස් ගතවෙනවා අහිංසක ජනතාව ගෙවන බදු මුදල් නාස්ති වෙනවා බලන්න කෙනෙක් නැහැ.. අයකරන්න ක්‍රමයක් නැහැ.. මෙහෙම කටයුතු කළ නිසා තමයි අවුරුදු 75ක් රට ආපස්සට ගියේ කියන්න පුළුවන්... ඉතින් දේශපාලුවෝ පමණක් නොවෙයි, ආණ්ඩු පෙරළීමට දඟලන වෘත්තීය සමිති කාරයෝත් මේ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි
ලුම්බිණි Sunday, 02 April 2023 06:48 AM
අපි ඔක්කොම එකතුව ඔක්කොම හොරුවෙමු... තුන් සිංහලයම නෑදෑයෝ...
Rohana Sunday, 02 April 2023 06:50 AM
රට ගිහින් නැවතීම වරදක් යයි සිතන්න අමාරුයි. ඒකට හේතුව මේ රටේ ජීවත්වීමට තියෙන හොඳකම තමයි. කවුරුත් පහසුවෙන් ජීවත්වීමට කැමැතියි. මෙතන කරඇති වරද තමයි තමන්ට රජයෙන් වියදම් කළ මුදලට පොලු තැබීම. කවුරු රටින් පිටවුණත් ගිය අය නැවත නොඑන්නේ නම් වියදම ආපසු අයකර ගැනීමට පැහැදිලි වැඩපිළිවෙලක් ඔවුන් මේ රටින් පිටවීමට ප්‍රථම සකසා ගැනීම බලධාරීන්ගේ වගකීමකි.
එස් ද සිල්වා Sunday, 02 April 2023 12:21 PM
රට ගියපු අයවලුන්ට එම රටෙහි පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් පොලිස් නිෂ්කාශණ වාර්තාව අවශ්‍ය වේ. රජයේ මුදල් වියදම් කර ගිවිසුම් කඩකර ඇත්නම් පොලිස් නිෂ්කාශණ වාර්තාව නිකුත් නොකරන්න. අදාල අයවලුන්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්න.
Gamini Abeykoon Sunday, 02 April 2023 01:23 PM
ඔවුන්ට දඬුවම් කිරීමට යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්න.
M.. P. Sunday, 02 April 2023 01:50 PM
සිල්ගත්තු අය වගේ කතාව...
Nihal Sunday, 02 April 2023 02:19 PM
ආ.. මේ ඇදුරෝ කියන වචනයනේ.., ඒ අය ඕවාට දක්ෂයි.