IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රට ගිය බිරිය නුගේගොඩ ලොතරැයි කූඩුවේ

අට මාසයක දරුවා සැමියාට බාරදී රට රැකියාවකට ගිය පානදුර ප්‍රදේශයේ කතක ඇගේ අලුත් සැමියා සමග නුගේගොඩ ලොතරැයි කූඩුවක සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.

අවුරුදු 10කට පෙර රට ගිය ඇය වසර අටකට කලින් ලංකාවට පැමිණ හෝමාගම පුද්ගලයකු හා පවුල් කමින් සිටි බවත් පරණ සැමියා ඇය සොයාගෙන ඇගේ අලුත් සැමියාද සමග පොලිසියට රැගෙන ගිය නමුත් ඇය පරණ සැමියා සමග ජීවත් විය නොහැකි බව කියා ගිය බවත් ඇය තම දියණිය සමග වචනයක්වත් කථා නොකළ බවත් පොලිස් ආරංචි කියයි.

පවුල යළිත් එකතු කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවද පොලිසිය පවසයි.



අදහස් (0)

රට ගිය බිරිය නුගේගොඩ ලොතරැයි කූඩුවේ

ක්‍රිෂාන් සෙනරත් Wednesday, 25 November 2015 03:49 PM

මගේ වයිෆ් ෆේස්බුක් එකේ මීට් වුණ කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්. පැනලා යන්න හැදුවා. වයිෆ්ට දුන්නා හොඳට කුරුණෑගල හොස්පිට්ල් එකේ ඉන්න. ඊට පස්සේ ඔක්කොම හරි. (බ)

:       0       0

ඉන්දික Wednesday, 25 November 2015 04:01 PM

ක්‍රිෂාන්, අපරාදේ කන පැලෙන්න දෙකක් දීල එලවන්න තිබුනේ ගෙදරින්. ඔය වගේ ගැණු තියාගන්න නරකයි. (බ)

:       0       0

ගාමිණි Wednesday, 25 November 2015 04:28 PM

ක්‍රිෂාන් නම් හරිම පව්. තමන්ට කැමති නැති කෙනෙක් බිරිඳ උනත් බලෙන් තියාගෙන්නේ ඇයි.(රේ)

:       0       0

සමන්මලී Wednesday, 25 November 2015 04:30 PM

ක්‍රිෂාන් අපේ මිනිහත් fb කෙල්ලෙක් දාගෙන, ඔයාට බැරිද ඇවිත් දෙකක් දෙන්න පුසා වගේ ගෙදර තියාගන්න.(රේ)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 26 November 2015 08:41 AM

අලුත් රස හොයාගෙන යන ඕනෑම කෙනෙක් එක තැන නවතින්නේ සුළු කාලයයි. ආයෙත් තව අලුත් රසක් හොයන ඒ අයගේ ගමන කවදාවත් නවතින්නේ නැහැ. (නි)

:       0       0

ගීත් Wednesday, 25 November 2015 04:32 PM

මාර ලැජ්ජයි හලෝ. බලෙන් ගැනු තියා ගන්න හදන්නේ. (රේ)

:       0       0

සුමිත් Wednesday, 25 November 2015 04:57 PM

එහෙමනම් අපිටත්fb idඑක දෙන්නකෝ(රේ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 25 November 2015 05:00 PM

මිලානෝ වල නම් කිසි ප්‍රශ්නයක් නැහැ අක්කලා වැහි වැහැලා. නවාතැනත් එක්කම.(රේ)

:       0       0

ආශා Wednesday, 25 November 2015 05:12 PM

ක්‍රිෂාන් යන්න හදන කෙනෙක්ව තියා ගන්න එපා ආය යනවමයි(රේ)

:       0       0

ආශා Wednesday, 25 November 2015 05:14 PM

තමංගෙම දරුවා එපා උන පුදුම අම්ම කෙනෙක් මේ නම් (රේ)

:       0       0

අශෝකා Wednesday, 25 November 2015 05:28 PM

මේ ශරීර කුඩුව වත් අපිට අයිති නැති කොට අපි කොහොමද වෙනත් ශරීර කුඩුවකට තණ්හාවෙන් , අයි ති කරගන්න හදන්නේ? (රේ)

:       0       0

ලියොන් ගුනවර්ධන Wednesday, 25 November 2015 06:20 PM

ක්‍රිෂාන් ඔබ බෞද්ධයෙක්නම් ටිකක් හෝ දන්නව ඇති කමසන්ගත හිත පිනවන්ට යොමුවන කාමතුරයන්ට වන ආධීනවය බුදුරදුන් ගේ අවවාදය නිසා පස්සෙන් පන්නන පව් රස කිරීමට පෙලබෙන්ට එපා.(රේ)

:       0       0

පෙරේරා Wednesday, 25 November 2015 06:40 PM

ක්‍රිෂාන්, අනිවාර්යයෙන් ඔයාට නම් මානව හිමිකම් නඩුවක් වැටෙනවා. හැබැයි කොමිසමෙන් නෙවෙයි, අනුන්ගේ ගැහැණු වෙනුවෙන් හිමිකම් කතාකරන පිරිමින්ගෙන් (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 25 November 2015 07:38 PM

මගේ නෝනාටත් කවුරුහරි මුහුණු පොතෙන්වත් හමුවෙනවා නම්? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 25 November 2015 09:17 PM

එතකොට දැන් කාටද ලොතරැයිය ඇදුනේ? අලුත් කෙනාටද? පරණ කෙනාටද? එහෙමත් නැත්නම් ලොතරැයි ගන්න කූඩුවට එන අයටද?? වසර 10 ක කාලයක සිටම හිටියා නම් නැවතත් බාරගන්නේ මොකටද? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 25 November 2015 09:27 PM

අනේ මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 25 November 2015 10:35 PM

පිටිගල-මිලානෝ, කාන්තාවන්ට යම් ගෞරවයක් තිබිය යුතුය එක කාන්තාවකගේ වැරදි ක්‍රියාවකට මිලානෝ සිටින අපේ ශ්‍රී ලාංකික සහෝදරියන්ට එසේ පැවසීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

ලකී Wednesday, 25 November 2015 10:39 PM

ක්‍රිෂාන් කියන චණ්ඩි මල්ලී ගැහැණුන්ට ගහලානේ චණ්ඩියා වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ලක්විදු Thursday, 26 November 2015 01:21 AM

අයියෝ, මේගොල්ලන්ට ක්‍රිෂාන්ගේ විහිලුව තේරුම්ගන්නවත් පුංචි මොළයක් නැද්ද? (නි)

:       0       0

සිතුම් Thursday, 26 November 2015 03:13 AM

මේක බෞද්ධ රටක් නේද? මෙහෙම ජීවිතද ලංකාවේ තිබෙන්න ඕනෑ? (නි)

:       0       0

ලහිරු Thursday, 26 November 2015 04:02 AM

පිටිගල මිලානෝ , අපිටත් හදුන්වල දෙන්නකෝ ඔය තරම් ඉන්නවනම්, අපිත් පාලුවෙන් ඉන්නේ (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 November 2015 04:21 AM

මමනම් දැන්ම කියල තියෙන්නේ , දවසක මගෙත් එක්ක හිටිය ඇති කියල හිතුනොත් බොරු නොකර කැමති කෙනෙක් එක්ක යන්න කියල . හරි හම්බ කරගත්ත දේ ලොබ කමක් නැතුවම බාගෙකුත් දෙනවා කිව , කරුමේ කියන්නේ යනපාටක්නම් නැහැ (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 26 November 2015 04:22 AM

හිත කියන දේ සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්.(ම)

:       0       0

කරුණාරත්න Thursday, 26 November 2015 06:08 AM

ඒකත් නරක නැහැ බලනකොට (නි)

:       0       0

කමල් Thursday, 26 November 2015 06:08 AM

යන්න හදන අයට යන්න දෙන්නලු. එතකොට දරුවෝ බලාගන්නේ කවුද? (නි)

:       0       0

කපුගේ Thursday, 26 November 2015 06:14 AM

ක්‍රිෂාන් මොන වගේ කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

චරිත් Thursday, 26 November 2015 06:36 AM

පිටිගල හිතන් ඉන්නෙ තරුණයෙක් කියලද අනිත් අයට අක්කලා කියන්නෙ? අනික මිලානෝවල ඔය කියන විදියෙ අක්කලා නැහැ. (ස)

:       0       0

රුපාවතී Thursday, 26 November 2015 06:49 AM

මේවා අහන්න අපි පව් කරලා තියෙන තරමක් ..පව් අසරණ දරු පටවුන් මේලාවට බිහි නොකර මොනවා කරගත්තත් අපිට කමක් නැහැ..? (ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 26 November 2015 07:10 AM

පිටබැද්ද්දර ජයා .....ට කව්දෝ ඉනිමගක් දීල වගේ ....එත් සිනහවෙන් හෝ ..කතාවෙන් බෑ මනින්නට මිනිසා ....සිතේ ඇතිදේ ...කව්ද දන්නේ කියන්නට විමසා ....(ස)

:       0       0

රුවන් Thursday, 26 November 2015 07:21 AM

එයා හිතන්න ඇති රට යනවට වඩා මෙහෙ ජීවිතය සැපයි කියලා (නි)

:       0       0

ලතා Thursday, 26 November 2015 08:00 AM

අවුරුදු 10ක් වෙනවා නම් දැන් මොකටද අනේ! දැන් දරුවත් ලොකු ඇතිනේ. මේ වගේ අය නිසයි ගැහැණු ජාතියම බාල්දු වෙන්නේ. රට ගිහින් දරු පවුල ගොඩදාගෙන සතුටින් ඉන්න ගැහැණු කොච්චර නම් ඉන්නවද? (නි)

:       0       0

අසාද් Thursday, 26 November 2015 08:07 AM

කසාද බැන්දට පස්සේ ගැහැණු පිරිමි යන දෙගොල්ලම තමන්ගේ දරුවන් ගැන හිතල වැඩ කරන්න ඕනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 705 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1667 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 788 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 36 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 780 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 768 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20080 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16696 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site