IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රට ගිය 350 ක් පෙට්ටියෙන් එති

මේ වසරේ මුල් මාස නවයේදී  විදෙස්  ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 349 දෙනකු  ජීවිතක්ෂයට පත්ව  ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එසේ මරණයට පත්ව  වුවන්ගේ  සිරුරු විදේශ කටයුතු අමාත්‍යංශ කොන්සියුලර්  සේවා ආයතනයේ මැදිහත්වීමෙන් මෙරටට  ගෙන්වා ඇති අතර ඉන් වැඩිම මළ සිරුර  සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ  සෞදි  අරාබියෙනි.

එහිදී මිය ගිය ලාංකිකයින් 110 දෙනකුගේ  සිරුරු ගෙන්වා ඇත.

මීට අමතරව කටාරයෙන් සිරුරු 47 ක් ද කුවේටයෙන් 36 ක් ද ඉතාලියෙන් 35 ක් ද එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙන් 26 ක් ද ඉන්දියාවෙන් 3 ක් ද වෙනත් විවිධ රටවල් වලදී මිය ගිය 92 කගේ සිරුරද විදේශ අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා තිබේ.

සිදු වී ඇති මරණ අතුරෙන් 180 ක් ලෙඩ රෝග නිසා ද 75 ක් හදිසි අනතුරු නිසා ද19 ක්  දිවි නසා ගැනීම නිසා ද 70 ක් නිච්චය කැර ගත නොහැකි නිසා ද සිදු වී ඇත.

ගිය වසරේදී  විදේශයන්හිදී ලාංකිකයෝ 431 දෙනෙක් මිය ගොස් ඇත.

 



අදහස් (0)

රට ගිය 350 ක් පෙට්ටියෙන් එති

ගාමිණී - සිරි Sunday, 15 December 2013 08:14 PM

තව පහලොස් දෙනෙක් එකතු කලා නම් 365යි. ඒ කියන්නේ රට වෙනුවෙන් විදේශ විනිමය සොයන්න ගිය අයවලුන්ගෙන් දිනපතා එක් අයෙකු බැගින් වසරකට මිය ගිහින්. ගම්බද දුගී දුප්පත් අයවලුන්ගේ කරුමයම තමා මේ යයි අපිට කියන්න ඇත්තේ. (නදී)

:       0       0

සංජු Sunday, 15 December 2013 08:31 PM

සෞදි වල තත්වය දැන් පේනවා නේද. දැන් අරාබි රට වල ඉන්න මිනිස්සුන්ට වැඩි හරියක් ලෙඩ සැප සම්පත් වැඩි නිසා. කොහෙන් හරි රටකින් ගෙනල්ලා මිනිස්සු මරලා ශරීර කොටස් ගන්න එක දැන් ගොඩක් බහුලව වෙනවා. මේකට දැඩි තීරණයක් ගන්න.(නදී)

:       0       0

ජිලෝ Monday, 16 December 2013 12:36 PM

කිසිම කෙනකුට දොස් කීමෙන් පලක් නෑ .වාසනාව එනතෙක් නොනිදා අවදි වන්න නිදි ගැට හැරදා"(දිල්)

:       0       0

සමන් වසන්ත Sunday, 15 December 2013 09:13 PM

දන්න කෙනෙක් ඉන්නවනම් අපට කියනවද ලංකාවේ වසරකට ලෙඩදුක්, හදිසි අනතුරු, සියදිවි නසාගැනීම් සහ මිනීමැරුම් නිසා කීදෙනෙක් මිය යනවද කියා. (දිල්)

:       0       0

ශාන්ති Sunday, 15 December 2013 11:18 PM

කොහේ නව්ත්තන්නද ? කව්රුත් දන්නවා ඇතිනේ ලංකාවේ විදේශ විනිමය වැඩි පුරම ලැබෙන්නේ මැදපෙරදිගින් බව. ඉතින් එයාලට වාසිනම් අපට හෙන ගැහුවත් මොකද ? (නදී)

:       0       0

සංජිව Monday, 16 December 2013 03:04 PM

කාටවත් දොස් පැවරිමෙන් වැඩක් නැත. මුතුන් මිත්තන් කියා තිබෙන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා.(නදී)

:       0       0

සේන Monday, 16 December 2013 12:07 AM

මේ සිරස් තලේ විදේශ විනිමේ හොයන්ට ගිය තුන්සිය පනහක් පෙට්ටියෙන් එති කියලා දැම්මොත් තවත් හොඳයි නේද? (නදී)

:       0       0

චම්පිකා Monday, 16 December 2013 01:06 AM

පේනවා නේද අහිංසක මිනිසුන්ට වෙන දේ . ගරු ජනාධිපතිතුමණි .මේවට ගන්න විසදුමක් ගන්න(දිල්)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 16 December 2013 01:51 AM

මේ අයව මැරෙන්න හරි යැව්වේ නැත්නම් විදේශ විනිමය එන්නේ කොහෙන්ද? (නදී)

:       0       0

සත්‍යයා Monday, 16 December 2013 03:50 AM

වැටත් නියරත් ගොයම් කන කොට කාට කියන්නද? මළ සිරුරු ගණන දහස ඉක්මවූ වද, පාලකයින් ඒ ගැන සැලෙන්නේ නැත. මොකද වහල් සේවයෙන් ලැබෙන ආදායමේ අඩුවක් ඉන් නොසිදුන නිසා.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 16 December 2013 05:48 AM

ලංකාවේ සිදුවන ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, බේබදුකම, ඇතුළු වෙනත් සමාජ විරෝධී ක්‍රියා කාන්තාවන් පිටරට වල ගෘහ සේවයට යාම හා බද්ධව පවතී. විදේශිකව රැකියාවල යෙදෙන ලාංකීය කාන්තාවන් රටට ගෙනෙන විදේශ විනිමයට වඩා මිලකළ නොහැකි සමාජ ප්‍රශ්ණ රැසකට අද අපි මුහුණ පා ඇත . සෞදි අරාබිය තුල වැඩි පිරිසක් මිය යාමට හේතුව එරට තුල අනෙක් රටවලට වඩා වැඩි විදේශිකයන් පිරිසක් රැකියාවේ යෙදීමය.(නදී)

:       0       0

ටෙඩී Monday, 16 December 2013 06:31 AM

සෞදි අරාබිය හැමදාම ඕක තමයි වුනේ. කාන්තාවන් මේ බව තේරුම් ගත යුතුයි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 15 December 2013 05:43 PM

යම් කිසි කෙනෙක් මේ රටේදි ජීවිතක්ෂයට පත් වුවහොත් ලී බද්ද වශයෙන් විශාල මුදලක් මෙරටින් ලබා දෙනවා. අපි දන්නා අපේ මේ රටේදි මිය ගිය යහළුවෙක්ට ලක්ෂ 20 ක් පමණ මුදලක් ලබා දුන්නා. ඒ මුදල් අපේ යහළුවන් විසින් ඔහුගේ දෙමාපියන් අතටම ලබා දුන්නා. ඒත් විදේශ සේවා මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගත්තා නම් ඒ මුදලට මොකද වෙන්නේ?(නදී)

:       0       0

නලින් Monday, 16 December 2013 07:16 AM

සංජු කියන කතාව ඇත්ත නම් තත්වය හරිම බරපතලයි. හැබැයි මේක ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ සිරුරුවල කොටස් අඩුද කියල හොයලා බැලුවොත්.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 06:06 PM

රිසානා වගේ කීදෙනක් ඉන්න ඇතිද? (නදී)

:       0       0

නිශාන්ත Sunday, 15 December 2013 06:11 PM

අපිටත් දැන් රට යන්න බයයි.(නදී)

:       0       0

ජෝන් Sunday, 15 December 2013 06:55 PM

මේ වසරේ ටිකක් අඩු වෙලා නිසා රජයට සතුටු ඇති.(නදී)

:       0       0

රනිල් Sunday, 15 December 2013 07:28 PM

මොකටද මෙච්චර මැරෙද්දිත් සෞදියට යවන්නේ? විදේශ රැකියා ඇමති තුමා ඇයි කාන්තාවන් ගෘහ සේවිකා වෘත්තියට යවන එක නවත්වන්න හදන්නේ නැත්තේ. (නදී)

:       0       0

ජානක Monday, 16 December 2013 10:06 AM

විදේශ විනිමය හොයන්න ගිය තුන්සිය පනහක් පෙට්ටියෙන් එද්දී දේශපාලුවෝ මොනවද කළේ මොවුන් වෙනුවෙන්.(නදී)

:       0       0

සරත් පර්ත් Monday, 16 December 2013 10:16 AM

සංජු පළකර ඇති අදහස් ගැන පාලකයින්ගේ අවදානය යොමුවිය යුතුව තිබේ. සමහරක් මල සිරුරුවල අභ්‍යන්තර කොටස් ඉවත්කර ඇති බැව් පස්චාත් මරණ පරීක්ෂනවල්දී හෙළිදරව් වී ඇත.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 16 December 2013 10:26 AM

සංජු , මේ කතාව මාත් අහල තියෙනවා. කරුමේ කියන්නේ අපේ නිලදාරින්ට මේක තවම ඇහිලත් නැහැ දැකලත් නැහැ දන්නෙත් නැහැ. අපේම කරුමේ මිසක් වෙන මොකක්ද ආයුබෝවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 6 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 19 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 101 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 117 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 470 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 579 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site