IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘රට දැන් ටිකක් ශිලාචාරයි‘ - සෝමවංශ

‘ජාතික දින සමරුවට මෛත්‍රීපාල සිරිසේන ජනපති පැමිණියේ වෙඩි නොවදින ඇඳුමකිනි. නැත්නම් ඉන්දියා අගමැති මෝදිගේ ඇඳුමට සමාන ඇඳුමකින් ඔහු එහෙම කළේ ඉන්දියා ගැත්තෙක් නිසා ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අගුණකොළපැළැස්සේදී  පැවසීය.

‘සෑහෙන ප්‍රමාණයකට දැන් රට ශිලාචාරයි. හිටපු ජනාධිපති  ඡන්ද ප්‍රතිපල අත්හිටුවන්න හැදුවා.අග්‍රවිනිශ්චයකාරයාත් ගෙන්වාගෙ තිබුණා.මෛත්‍රීපාල සිරිසේන මහතාට කොන්දක් ඇත්නම් ඊට පසුදාම ඔහු එළවන්න ඕනෑ.‘දැන් තිබෙන තත්ත්වය අනුව විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවක් පේන්නේ නෑ.එය අහෝසි කිරීමේ ඕනෑකම අත්තේ ජවිපෙට විතරයි.බලය අතහරින අශාව ඇත්තේ ජවිපෙට පමණයි.‘

‘අපි රැස්වීම්වල කුණුහරුප කියන්නේ නෑ.දේශපාලනයේදී බොරු කියන්නෙත් නෑ.එදා ගමේ සිටි පියදාස මරන්න සොයද්දී  අපි ගමේ සිටි සියළුම පියදාසලාගේ හැදුණුම්පත් සෝදිසි කළා.එහෙම කළේ ඔවුන් සොයන පියදාස බේරාගන්නයි.දේශපාලනඥයින් පසුගිය කාලයේ කෑමට මහජන මුදල් ලක්ෂ ගණනක් වියදම් කළා.එය සාංඝිකය කෑමට වඩා දරුණුයි.යමෙක් අපිට කන්න දෙනවානම් එයින්  හාමුදුරුවන්ට දෙන ආනිසංශයම ලැබෙනවා.අපි  ‘බහුජන හිතාය-බහුජන සුඛාය ‘කට්ටියක් .‘



අදහස් (0)

‘රට දැන් ටිකක් ශිලාචාරයි‘ - සෝමවංශ

සෙනරත් Tuesday, 03 March 2015 09:08 AM

එන ඡන්දෙදි හොද කෑමක් කන බව පේන්න තියෙනවා. ඔහොම යන්.(නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Tuesday, 03 March 2015 09:24 AM

සෝමවංශ සහෝදරයාටත් දැන් දැන් සත්‍යය වැටහෙනවා දැකීම අපේ සතුටට කාරණයක්. ජවිපෙය නව රජයටත්, ළඟ එන ඡන්දෙටත් කොන්දේසි රහිතව සහාය දුන්නොත් එය මුළු රටටම සේවය කිරීමක් වෙනවා.(නදී)

:       0       0

ඇසළ Tuesday, 03 March 2015 10:18 AM

බොරු කියන්න එපා එදා ජ වී පෙ කලේ පියදාසගේ විතරක් නෙමෙයි මුළු ගමේම හැදුනුම්පත් එකතු කරලා පුච්චපු එක. අපි මැරිලා ඉපදිලා නැහැ. කවද්ද එකම රජයක් වත් කරපු එක වැඩක් හොදයි කිවුවේ. (නදී)

:       0       0

රණවක Tuesday, 03 March 2015 10:27 AM

යහපාලන නඩේට කඩේ යාම නවතා රට ගැන හිතීමට කාලය පැමිණ ඇති බව කව්රුත් දැනගත යුතුය. (නදී)

:       0       0

දොන් Tuesday, 03 March 2015 10:44 AM

1971 දී හා 1989 දී සිංහල තරුණ ජීවිත ලක්ෂයක් පමණ බිල්ලටදී ලංකාව විනාස කල මේ අය දැන් මොනවද කියවන්නේ ? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 03 March 2015 10:59 AM

යකඩෝ..අදනේ දන්නේ අපේ හැදනුම්පත් එකතු කලේ පියදාසව බේර ගන්න කියල..එහෙම එකතු කරලා පියදාසවයි ඔක්කොමයි බිල්ලට දීල පැනපි බෝට්ටුවෙන් ඉන්දියාව හරහා එංගලන්තෙට..අද අනුන්ගේ හදනුම්පත්වල උපන් දින හොයන්නේ තොග ගානට මිනිස්සුන්ගේ හැදනුම්පත් ගිනි තියපු කට්ටිය...කරුනව දඩු කඩේ ගහනවානම් ඉතින් එයිට කලින් මෙයා කරලා තියෙන දේවල් වලට මෙයාවත් ඒකෙ අනෙක් පැත්තේ ගහල ඉන්න ඕන මුලින්ම..හොරෙන් පැන්නට නඩු නැහැ..එදා කරපු කෝටි ගානක මහජන දේපල විනාශ කරපු මිනි මැරුම් වලට නඩු නැහැ...පුදුම ලෝකයක්..(නදී);

:       0       0

කවීෂ බ්‍රිස්බනේ Tuesday, 03 March 2015 11:05 AM

දැන් බණක් දහමක් කරගෙන පාඩුවේ හිටියොත් මොකද (දිල්)

:       0       0

මගලී ෆොන්සේකා Tuesday, 03 March 2015 11:16 AM

පියදාසලාගේ හැදුණුම්පත් විතරක් නෙමේ කී දෙනෙක්ගේ හැදුනුම් පත් හොරකම් කලාද අපිට මතකයි ඒවා. බොරු කීවද ඇත්ත කීවද කියල ජනතාව දන්නවා. ඔයාලට ආණ්ඩු පිහිටවන්න නම් බැහැ මේ ආත්මේ (නදී)

:       0       0

සුනිල් Tuesday, 03 March 2015 01:15 PM

මෙයා කට ඇරියොත් අර අනුර කුමාර අමාරුවෙන් ගොඩ නගපු ටිකත් නැති කරනවා. (නදී)

:       0       0

විජේවීර Tuesday, 03 March 2015 01:16 PM

සිංහල තරුණ පරම්පරා ගණනාවක් සමූල ඝාතනය කරපු අයගේ ශීලාචාර කම ගැන මොන කතාද? (නදී)

:       0       0

ලංකාසිරි Tuesday, 03 March 2015 01:34 PM

බුදු දහම ගැන අවබෝධය මදි. බුදු දහම ගැන නොදැන කියන කතාවලින් නිරයේ පැහෙන්නයි වෙන්නේ. සංඝගයාගේ ආනිසංස ලැබෙන්නේ කොහොමද පෘතග්ජනයන්ට කන්න දීලා. (නදී) .

:       0       0

මහේෂ් Tuesday, 03 March 2015 04:25 PM

ඇයි මේ ටික බලය ඇති අයට නොතේරෙන්නෙ? (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 03 March 2015 08:03 PM

ඔබතුමන්ලාවත් ඉදිරිපත්වී රට බේරාගන්න. ගැහැණු රට යවන එක නතර කරන්න. ලංකාව තුළදීම ඒ අයට රැකියා ලබාදෙන්න. ශ්‍රී ලාංකීය ගැහැණියට අභිමානයෙන් ජීවත්වෙන්න පාර හදාදෙන්න (නි)

:       0       0

ගුනේ Tuesday, 03 March 2015 08:41 AM

කතාව සම්පුර්ණ ඇත්ත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 242 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 177 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 324 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 997 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2790 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38273 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site