IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


’’රටේ පාලනය බාරගන්න සූදානම්’’

(ඩයනා උදයංගනී)

මේ අවස්ථාවේ රටේ පාලනය භාරදුන්නොත් භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.

‘අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.’ යැයි ද අනුර කුමාර මහාතා සඳහන් කළේය.

නමුත් පාර්ලිමේන්තුවේ තම නියෝජිතයන් තිදෙනෙකු පමණක් බැවින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පනත් පාර්ලිමේන්තුවේ තිබෙනවා නම් ඕනෙ වෙලාවක වෙන කෙනෙකුට නැටවිය හැකි ජනාධිපතිවරයකු, අගමැතිවරයකු බවට පත්වීමේ ඉඩක් තිබෙන බව කී ජවිපෙ නායකයා එසේ වුවත් ඒ තුළ පවා තමන්ට උවමනා කණ්ඩායමක් පත්කරගන්න දෙනවා නම් ඊට සූදානම් බව කීවේය.

මීට පෙරත් කළ එම ප්‍රකාශය වෙනස් කර නොගන්නා බව ද හෙතෙම කීය.

දැන් ජනතාවගේ කැමැත්තත් පාර්ලිමේන්තුවත් අතර පරස්පරයක් නිර්මාණය වී ඇති බැවින් ජනතා කැමැත්ත පිළිඹිබු වන පාර්ලිමේන්තුවක් ඇතිකර ගත යුතු බව දිසානායක මහතා එතෙක් නිශ්චිත කාලරාමුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙත පැවරෙන වගකීම් භාරගන්නට සූදානම් බව ද කීවේය.



අදහස් (37)

’’රටේ පාලනය බාරගන්න සූදානම්’’

කිරිපුතා Monday, 11 July 2022 03:33 PM

සජිත් ද අනුරද ? අනුරද සජිත්ද ? අන්න අරගළ⁣යේ ප්‍රතිඵල !!! ජයවේවා !! කාට ජයවේවා ද කියල නම් දන්නෙ නෑ.

:       0       0

Buddika Monday, 11 July 2022 03:45 PM

බොහෝම හොඳයි. නමුත් එක දෙයක් සිහිතබාගන්න. ඔබේ සාමාන්‍ය ක්‍රමය ඔබ බාරගන්න සූදානම්. වෙන කෙනෙක් බාරගන්නවා නම් එතැනදී ඔබට සහයෝගය දෙන්න බෑ. මේ කුහක ප්‍රතිපත්ති අයින් කරලා මේ මොහොතේ රට ගැන හිතන්න. ඔබට අපි කැමැතියි. මේ මොහොතේ කළ යුත්තේ සියලු දෙනා එක්ව රජයක් බිහිකිරීමයි.

:       0       0

Sam Monday, 11 July 2022 03:48 PM

ඉස්සෙල්ල රටේ මෙවනකල් 71 හා 87/89 ඇතුළුව ගිණිතබා විනාශ කළ සියළු මහජන දේපොළ සඳහා මුදල් භාණ්ඩාගාරයට ගෙවා සිටින්න

:       0       0

Gihan Monday, 11 July 2022 04:06 PM

මේ අලුත් කෙනෙකු තේරීපත්වන කාලයයි..!

:       22       59

Sanath KandyMonday, 11 July 2022 04:34 PM

අමාරු කාලයක්. ඒත් හොරකම්, වංචා, දූශන නැති පාලනයක් එනවානම් ඒ අමාරුකම් දරාගන්න මිනිස්සු ලෑස්තියි. ඉන්ධන ගෑස්, ඖෂධ පොහොර වැනි අත්‍යාවශ්‍ය දේ පමණක්වත් ලබාදීමට හැකි පාලනයක් අවශ්‍යයි. එය කළ හැක්කේ අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණයි

:       0       0

sugathMonday, 11 July 2022 05:03 PM

එක එකා තනතුරු වලට තේරී පත්වෙයි. චන්දෙ දුන්න මහජනයා හැමදාම හිඟා කයි.

:       0       0

ජූලි 09 අරගලය Monday, 11 July 2022 04:09 PM

ජූලි 09 අරගලය තාවකාලිකව අවසන් විය. ඉදිරියට එන්නේ අවු 13 ක හිඟාකන යුගයකි. පාන්‍ රාත්තලකට මේවගේ පොරකන සෙනඟක් ඉදිරියේදී දැකිය හැක... ගන්න පඩිය දින 12කට ප්‍රමාණවත් වෙන යුගයක්..!

:       21       61

ජයන්තMonday, 11 July 2022 05:11 PM

අම්මටසිරි. දැන් රට මාර සමුර්ධිමත් තැනක තියෙන්නේ. අවුරුදු කීයක් හරි මිනිස්සු දුක් විදියි. පාලකයා හොරා නොකා දරුවන්ගේ අනාගතය ගැනවත් හිතල රටේ දියුණුවට කැපවෙනවා කියල තහවුරු වෙනවානම්.

:       0       0

sunilMonday, 11 July 2022 05:15 PM

ඔය පාර්ලිමේන්තුවේ හිටපු කට්ටියම නැවත බලයට ආවොත් ඒ දෙය අනිවාර්යෙන් සිද්ධ වෙනවා.මේ මොහොතේ අරගලය කරන ජනතාවගේ හඬට සියලුමදෙනා අවධානය යොමු කළ යුතුයි.

:       0       0

AnilperersMonday, 11 July 2022 05:24 PM

දැනුත් එහෙම නෙවෙයි ද බයියෝ

:       0       0

saliya Monday, 11 July 2022 04:14 PM

ඔහොම කොන්දේසි දාන්න එපා.. කළින් කිව්වේ ජනාධිපති එක්ක බැහැ කියලා. එකමුතු වෙලා වැඩකරමු ටික කාලයකට. ඔය කොන්දේසිවලට අනෙක් පක්ෂ නැමෙන එකක් නැති බව ළදරුවෙකුට වුණත් තේරෙනවා. ඔය තුන් දෙනයි, තව කීප දෙනෙක් ඉන්නවා නේද එකතු කරගන්න...? නැතිනම් වෙන නායකයෙක් යටතේ වගකිව යුතු ඇමැතිකම් දෙකක් බාරගන්න. දැන් එකමුතුව වැඩකිරීම අත්‍යාවශ්‍යයි.

:       0       0

SUNIL MILANO Monday, 11 July 2022 04:15 PM

මීට වඩා හොඳයි... ISIS කාරයෙකුට රට බාරදුන්නා නම්....

:       0       0

seelapala Monday, 11 July 2022 04:17 PM

ලේසියට ගන්න එපා. මහජනතාවත් ටිකක් අමුතු ජාතියක්.

:       0       0

Dr, Vajira Fernando Monday, 11 July 2022 04:36 PM

ඔබට සහ ඔබ වටා සිටින පිරිසට එය කළ හැකියි. අපි සූදානම්

:       0       0

Chandrani Monday, 11 July 2022 04:40 PM

හොරකම්, වංචා, දූශන නතර නොකර මේ රටට අඞලක්වත් ඉස්සරහට යා නොහැකියි. අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණයි එය කළ හැක්කේ,

:       0       0

කිරි පුතා Monday, 11 July 2022 04:51 PM

පාරට බැස අසංවරව කෑ ගැසීමත්, පච මලු මලු දිග හැරීමත්, දේපල ගිනිබත් කිරීම සහ සබං ගා නාන තටාකයේ නෑමත්, මෝඩයින් කුලප්පු කිරීමත්, වැඩ වරමිින් ජොලි කිරීමත් සහ තව නොයෙකුත් හිස් දේත් රටක් පාලනය කිරීමත් අතර වෙනස අතදරුවන් නොදන්නවා විය හැකියි...

:       27       60

සනත් Monday, 11 July 2022 04:58 PM

සජිත් මහත්තයත් ඔය කථාව කියල තිබුනා. අනුර ඔයත් කියනව. ඔය දෙන්න ඔහොම කියන විට පාර්ලිමේන්තුවේ ඡන්දයකට යනව. ඔය දෙන්නටම ඡන්දය නැතිවෙනව. වෙනකෙනෙක් දිනනව. ඒ නිසා ඉස්සෙල්ලාම ඔය දෙන්න එක බහ කථාවක් කරගන්න නැතිනම් වෙන්නේ අපට පේන විදියට නැවත අරගලය ශක්තිමත් වන එක එහෙම කරන්න නැත්තේ හැමෝම බලයට කෑදර නිසා නේද

:       0       0

"පෙළපාලි වන්නම" Monday, 11 July 2022 05:03 PM

ඉන්ධන නෞකා තුනක් මෙම සතිය තුළ කොළඹට එනවා! ඊට පසු එන ඒවාට මුදල් ගෙවන්න පෙළපාලි ගිය අයගේ අතපය හොලවන්නම වෙනවා..! අයි-එම්-එෆ් එකඟතාවය මාස තුනකට ඉබේම කල් යනවා රට ස්ථාවර වනතුරු. ඒ කාලය තුල රටේ ආර්ථික උද්ධමනය 70% කින් ඉහළ යනබව අනතුරු හැඟවීම! ඒකියන්නේ තෙල් ලීටරය රු 850/- වන බවයි!

:       0       0

Bamunuarachchi Monday, 11 July 2022 05:12 PM

රටේ පාලනය බාරගන්න සූදානම්ලු ඒ දුන්නොත්නේ . ලැබෙන්වා යයි සිතමු. ලැබුනොත් මන්ත්‍රී වටුප් , පැන්ෂන්, දීමනා, නිවාස , වාහන දීම නවත්වනවාද?

:       0       0

Anu විරාජ් Monday, 11 July 2022 05:13 PM

මෙහෙම හරි ගත්තොත් තමයි... ඡන්දයකින් නම් සොරි සහෝදරයා...!

:       0       0

kamal Monday, 11 July 2022 05:16 PM

ඔබලාට තිබෙන ජනතා කැමැත්ත අනුව ඇයි තුන්දෙනෙකුට විතරක් දිනුම දුන්නේ..?

:       0       0

ජයලත් Monday, 11 July 2022 05:42 PM

අනේ ඉතින් 88, 89... කාලෙ වගේ වෙයිද?

:       35       49

thushanTuesday, 12 July 2022 10:00 AM

පවුල් පිටින් හොරාකාලා හොරාකාල අපිව පාරට දාන එකට වඩා ඔන දෙයක් ්?

:       0       0

BT Monday, 11 July 2022 05:49 PM

ඔහේලගේ කාලකණ්ණි විමුක්තිය හේතුවෙන් 70 දශකයේ සිට අද දක්වාම මෙරට ජනතාවට හිමිවී ඇත්තේ දුක පමණි...

:       38       53

chandimaMonday, 11 July 2022 10:52 PM

එතකොට පින්වන්ත පාලනේ නිසා අවුරුදු 70ක්ම කරපු හරිය පේනවනේ...? දැන් සැපද?

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 11 July 2022 06:02 PM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුත් තව ටිකකුත් ඕනේ කිව්ව‍‍ාලු...!

:       14       32

hesa Monday, 11 July 2022 06:12 PM

එක වචනයක් නැත්ද.. 1.මෙයාව අපට බාර දෙන්න කීවා. 2. ආ එහෙනම් ඇවිත් බාරගන්න කිව්වා. 3. පස්සට ඇද්දා. 4. වරට, ආයෙත් ඉල්ලනවා.

:       17       35

නිර්පාක්ෂික Monday, 11 July 2022 06:14 PM

මේකෙන් පේනවා තමන්ට ජනවරමක් නැහැ කියලා... පිළිගන්නවා කියලා. ඒ නිසා පව් නොදී මේ වෙලාවේ රටේ සල්ලි කාබාසිනියා කරන හදිසි මැතිවරණයකට යන කපටි උපක්‍රමය අතහරින්න. ඒ තමන්ගේ ගොඩ වැඩිකර ගන්න මිස රට හදන්න නෙමෙයි...!

:       25       46

darman Monday, 11 July 2022 08:09 PM

රාජපක්ස්හලත් එකයි ඔහෙත් එකයි.තමන්ගේ අරගල කාරයෝ ලව්වා ගෙවල් ගිනිතියන්නයි කොම්පැනි වලින් කප්පම් ගන්නයි කැම්පස් වල මොට්ටයෝ ලව්වා කැට හොල්ලල සම්මාදම් කරනවටයි වඩා ඔහේ දන්නේ මොනවයි

:       0       0

appuhami Monday, 11 July 2022 09:13 PM

මෙකෙ ලියන මහත්වරු දැක්කම කොහෙන් හිනා වෙන්ඩද කියල හිතාගන්න බැහැ . 77න් පස්සෙ මෙ මිහරක් ටික රට පලනය කරල කාබාසිනිය කරනකොට වෙන ග්‍රහලොකෙකද හිටියෙ?රටෙ විදේශ මුදල් සංචිත බින්දුවටම හිදිල(හොර කලා ,ලොකෙවටෙන් හිගාකන එක පෙන්නෙ නැද්ද?ඔක්කොටම හේතුව 71 ,88-89 යද?

:       0       0

kasun Monday, 11 July 2022 10:36 PM

මේ ඔයාට 3%ක් ඡන්දෙ තියෙන්නේ.. ලැජ්ජා නැද්ද ඔහොම හරි ජනාධිපති වෙන්න හදන්නේ...

:       0       0

chandima Monday, 11 July 2022 10:54 PM

දැන් මේ වෙද්දී ජනවරම තියෙන කෙනෙක්ගේ නම කියන්නකෝ බලන්න..? හැමෝම ඉන්නේ රෙදි ඇඳගෙන පාරේ යන්න බැරුව?

:       0       0

hesa Monday, 11 July 2022 11:36 PM

තාම ඉවර නැහැ කියල එහෙන් මෙහෙන් ඇහෙනව.රඡ මැදුරෙ ඉන්න අයව එලියට නොගෙන, එක වරම ඇතුලට ගන්නව..ලු.. පරිස්සමෙන් සෙල්ලම ලෙල්ලම වෙයිද

:       0       0

ලමය Tuesday, 12 July 2022 05:14 AM

පොහොට්ටුවොයි පියානෝගෙ කස්ටියයි එකට වැඩ වගේ. ඔව හරියන්නෙ නෑ කොල්ලො මේ සැරේ

:       0       0

NAK Tuesday, 12 July 2022 08:52 AM

උපන‍් ගෙයි ගතිය අරින‍් න බ‍ැහ‍ැ නෙ‍්. හොර පාරෙන‍් ම තමයි එන‍්න හදන‍්නෙ,න‍ැතුව ඉතින‍් ඡන‍්ද දිනල එන‍්ඩ ය‍ැ නෙ‍්ද?

:       2       6

BamunuarachchiWednesday, 13 July 2022 06:14 PM

ඔව් අවුරුදු 57ම දැඟලුවා බැරි උනා. රටට තෙල් ගෑස්, බෙහෙත්, පොහොර නැතිවීම අවස්තාව කරගෙන මොවුන් බලයට එන්න හදනවා. මොවුනට තුන්වන පන්තියේ ඡන්ද පමණයි ලැබෙන්නේ.

:       0       0

charith Tuesday, 12 July 2022 09:41 AM

සිහින දකින එක තාම නැවතිලා නෑ......ආසයි, ඒත් බයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1818 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1401 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 843 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6357 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2376 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 902 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1762 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site