(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකලොත් වුනේ විපක්ෂයේ අයගේ අදහස් නිසා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය ඉදිරිපත් කළා වගේම ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මේ අයවැයේ ආදායම් වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මූලික අවධානය අකමු කරනවා. අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ රටේ අනාගතයට ගෙනයන්නේ කොහොමද? යන කාරණය පිළිබඳ රට දැනුවත් කරන්නටයි.එමෙන්ම ආයතන ව්‍යුහය ඊට සූදානම් කිරීම සඳහායි.එසේ නැතිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන විදියට රට බංකොලොත් කරන ගමනට දායක කරගන්න නොවේ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ශ්රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමගම එම ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යු
රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
රට බංකොළොත් වුනේ විපක්ෂයේ අදහස් නිසා
රම්බොඩ Thursday, 20 March 2025 01:20 PM
මේ කට්ටිය අද ඊයේ ඉපදිලාද? කොරෝනා නිසයි රට ඒ තත්ත්වයට වැටුණේ. වෙන අයට බැන බැන ඉන්නේ නැතිව රට ගොඩදාන එකයි දැන් තියෙන්නේ. හැමදාම කාට හරි බනිනවා ඇරෙන්න වෙන වැඩක් නෑ.
වත්සි Thursday, 20 March 2025 01:56 PM
කාටද මේ විහිළු කරන්නේ ඇමති තුමා? රටවල් බංකොලොත් වෙන ප්‍රතිපත්ති තියෙන්නේ ජවිපෙට. සහනාධාර මත යැපෙන්න ජනතාව කුලප්පු කරන්නේ ජවිපෙ. අතීතයේත් එහෙමයි. දැනුත් එහෙමයි. රජයේ රැකියා, නොමිලේ උපාධි වැනි මෙලෝ රහක් නැති, රටට වැඩක් නැති ප්‍රතිපත්ති කරේ තියා ගෙන යන්නේ ජවිපෙ. ඒවා පෝෂණය කරන්නේ ජවිපෙ. වැඩ වර්ජන කරලා රටේ ජාතික ධනය කා දන්නේ ජවිපෙ. පුද්ගලික අංශයේ ආයතන පවා ඊනියා කම්කරු සටන් හරහා පාඩු කරන්නේ ජවිපෙ.
Kamal Koyrala Thursday, 20 March 2025 03:41 PM
මරු... මරු.. විපක්ෂයේ අය ඉදිරියට යන්න...
Nandana Thursday, 20 March 2025 04:50 PM
ඒ කාලේ මේ අය හිටියේ කොහේද?
ගුණරත්න Thursday, 20 March 2025 06:28 PM
අම්මපා සහතික ඇත්ත, එත් ඒ කාලේ විපක්ෂයේ හිටියේ කවුද?
ranjith Thursday, 20 March 2025 07:01 PM
ඒක ඇත්තට ඔයාලා විපක්ෂයේ ඉන්නකොට බොහෝ දේවල් වලට විරුද්ධ වුණු රටට එමගින් හානියක් වුණේ. දැන් විරුද්ධ වුණු ඒවා හරි කියනවා.