උතුරු පළාත් සභාව විසින් යෝජනා සම්මත කොට ගත් ෆෙඩරල් යෝජනාවලිය සිංහල ජනතාවට විරුද්ධව හෝ රට බෙදීමකට නොවන බවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ජනතාවට විසඳුමක් ගෙන එන යෝජනාවක් බවත් එහෙත් ඇතැම් පිරිස් ඇතුළු බොහෝ දේශපාලඥයින් පිරිසක් එම යෝජනාව සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති කොට වැරදි වැටහීමක් ඇති කරවන බවත් උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්, බදාදා (01) පැවැති සාකච්ඡාවක දී නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති ටොර් හැටම් සමඟ කීවේය.
උතුරට බලපා ඇති ධීවර ගැටළුව හා වසර 30 ක සිට පවතින යුද්ධයෙන් අවතැන් වූවන් හට ඇති නිවාස ගැටළුව සම්බන්ධයෙන් ද මෙහිදී මහ ඇමැති කරුණු දැක්වීය.
රාජ්‍ය ලේකම්වරයා එදින උදෑසන කොළඹදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමුවී පසුව යාපනයේ සංචාරයක නිරතවෙමින් රෙජිනෝල් කුරේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයාද හමු විය.
මේ අතර ටෝර් හැටම් නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති හා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ෂෝ බියෝන් ගාස්ට් සැතර් යාපනයේ සංචාරයේදී යාපන ආරක්ෂක සේනා ආඥාපති පලාලි කාර්යාලයේදි හමුවිය.
උතුරේ ආරක්ෂක තත්ත්වය උතුරේ සිවිල් පාලනය හා සංහිඳියා ක්‍රියාවලියේ දී හමුදාව ගන්නා උත්සාහය ගැන ආඥාපති සේනානායක නෝර්වේ නියෝජිතයන්ට පැහැදිලි කළේය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට බෙදන්නේත් නෑ සිංහලයට හානියකුත් නෑ
සුදර්ශි Thursday, 02 June 2016 02:56 PM
උතුරේ අධ්‍යාපන වැඩ කරන මට සිංහලයාට වෙනස්කම් කරන බව හොදට පේනවා (බ)
නිම්මි Thursday, 02 June 2016 03:00 PM
සරත් කියන ඒකම මත කියන්නේ. දකුණේ හැමෝටම එකට ඉන්න පුළුවන්. මුන්ට බැහැ (බ)
නිමල් ලලිත Saturday, 04 June 2016 02:21 AM
රූපවතී, නිකන් කෑ ගහන්න එපා. පළාත් සභා අහෝසි කරලා දේශපාලු, තනතුරු නැතිකළාම හෙන්චයියලාට, නෑදෑයින්ට රට කන්න අවස්ථාව නැතිවෙනවනේ. (නි)
විපුල Thursday, 02 June 2016 04:40 PM
දැන් ඔය වැල්ලවත්තේ, ගල්කිස්සේ, කොළඹ යස අගේට කට්ටිය ඉන්නේ. මොන ප්‍රශ්නයක්වත් නැහැනේ. කාගේ උවමනාද මේ ඉටු කරන්න යන්නේ. (නි)
ධම්ම Thursday, 02 June 2016 07:38 AM
නොර්වේ කාරයින්ට මොකක්ද මේ තියෙන අමාරුව? අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආණ්ඩුවක් තියෙනවා විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඉතින් අපේ ප්‍රශ්න අපට විසඳා ගන්න පුළුවන්. (බ)
අසංග Thursday, 02 June 2016 07:41 AM
එතකොට කොටියාගේ පුල්ලි මාරුකරගෙනද? (බ)
සරත් Thursday, 02 June 2016 07:47 AM
දෙමල අයට විතරක් තනි ප්‍රදේශයක් ,අනිත් පැති වල දෙමල අයයි සිංහල අයයි , මුස්ලිම් අයයි සතුටින් කල් ගෙවුවාවේ. අපි විතරක් තනි ජාතියක් විදියට උතුරේ ඉන්නම් .අපි ජාතිවාදී නැහැ (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 02 June 2016 06:06 PM
උතුරේ ෆෙඩරල් නම් දකුණේ ඉන්න උතුරේ මිනිසුන්ටත් උතුරට යන්න වේවි. මේ හදන්නේ නැවතත් කළු ජූලියක් ඇති කරන්නද?? (නි)
ක්‍රිස්ටි Thursday, 02 June 2016 06:35 PM
ඔබට සතුටුයිද දැන්? එච්චරයි මට සිංහලයන්ගෙන් අහන්න තියෙන්නේ (නි)
ගජබා Thursday, 02 June 2016 07:37 PM
නෝර්වේ ස්වීඩනයෙන් පළමුව ගත්තේ ෆෙඩරල්. පසුව ජනමත විචාරණයකින් වෙන්වුණා. සිංහලයෝ මෝඩ නොවේවා! අපිව කඩේ අරින්න බැහැ. අපිත් ඉන්නේ බටහිර (නි)
ප්‍රනාන්දු Thursday, 02 June 2016 08:28 PM
සුද්දෝ එකා පසුපස එකා පැමිණ ශ්‍රී ලංකාව අරාජිත කිරීමට එක එක මැජික් පෙන්වමින් සිටිති. සාරංගගේ අදහසටද එකඟවන අතර ශ්‍රී ලංකාව නිවැරදි දිශාවට ගැනීමට නම් උගත් බුද්ධිමත් සුවේච්ඡා තරුණ දේශපාලන සේවය අවමයෙන් වසර 10ක්වත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකරවා ගතයුතුයි (නි)
ගයන් හෙට්ටිආරච්චි Thursday, 02 June 2016 08:30 PM
නිම්මි සහ සරත් කියන එක හරියට හරි. මේකත් මතක තියා ගන්න. දකුණේ ඔක්කොටම එකට ඉන්න පුළුවන්වෙලා තියෙන්නේ, බහුතරය සිංහල හින්දා. බහුතරේ වෙනස් වූ දවසට වෙන දෙය එදාට බලාගන්න පුළුවන්. (නි)
දිලිනි Thursday, 02 June 2016 11:26 PM
ඔය රටවල් බෙදන්න එන රටවල අයට කියන්න ඕඈ එයාලගේ වියදමෙන් චීන මහා ප්‍රාකාරය වගේ බැම්මක් බැඳලා ඔය තනියම ඉන්න ඕනෑ කියන උදවිය වෙන්කරලා දෙන්න කියලා. හැබැයි හැමෝටම නීතිය එකයි. (නි)
සනත් Thursday, 02 June 2016 11:34 PM
අකුලා ගන්නවා ඇරෙන්න වෙන මොකුත් කරන්න වෙන්නෙ නැහැ. නෝර්වේ කරපු හරිය රටම දන්නවා. (නි)
සමන්ති Friday, 03 June 2016 12:20 AM
ඇයි උතුර නැගෙනහිර එකතු කරන්නේ? පළාත් නමයම එකතු කරලා පළාත් සභාව ඉවත් කරන්නකෝ. නෝර්වේ අයට ලංකාව ගැන තියෙන කැක්කුම මොකක්ද? (නි)
සමන් Thursday, 02 June 2016 09:43 AM
ප්‍රභාකරන් සටන් විරාම තියන කොටත් ඔහොම තමය් කිව්වේ. නමුත් පසුවදාම හමුදාවට ගහල අපිට කොකා පෙන්නුවා. (ම)
සාරංග Thursday, 02 June 2016 10:07 AM
අපේ රට සාමකාමී රටක් වෙන්නේ නම් මේ නාකි දේශපාලනඥයෝ ටික මේ ඉවත් වෙලා තරුණ ළමයින්ටත් අවස්ථාවක් දෙන්න ඕනෑ.(ම)
බිඟුන් Thursday, 02 June 2016 10:15 AM
රට බෙදන්න දෙන්නෙත් නෑ. අපි සද්ද නැතුව ඉන්නෙත් නෑ (ම)
බන්දුල Thursday, 02 June 2016 10:42 AM
කලිනුත් කපු මහත්තුර ආවේ මේ මගුල හදන්න නේද? අර්යේත් එන්නේ මොකටද මන්දා. (ර)
උපුල් වීරසිංහ Thursday, 02 June 2016 11:24 AM
සාරංග ඔබ හරියටම හරි සිංහල, දෙමල, මුස්ලිම් නායකයෝ කියාගන්න මහලු දේශපාලන රුකඩ ටික මෙරටින් තුරන් වෙනතුරු අපට ඉදිරි ගමනක් නම් නැහැ. ඔය හැම දෙනාම කරන්නේ ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් තමන්ගේ ගොඩ වැඩිකර ගන්න එක. (ර)
රූපවතී Friday, 03 June 2016 02:09 PM
මේ පළාත් සභා නැති කරනවා කියපු ඡන්ද කාලේ කෑගහපු දේශ පාලුවනේ? දැන්වත් පළාත් පළාත්සභා ක්‍රමය අහෝසි කරලා මුළු ලංකාවම එක පාලනයකට ගත්තනම් ඉවරනේ.(හේ)
සරෝජා Sunday, 05 June 2016 11:24 PM
ඔලුව අතගාලා අපිට ටොකු අනින්නේ නැතුව හිටියොත් තමයි හොඳ (නි)