IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


"රටේ මත්ද්‍රව්‍ය වැඩි වෙලා : තරුණ ජීවිත විනාශ වෙලා"

වරින් වර පත්වන ආණ්ඩු තමන්ගේ පහසුව සඳහා නීති රීති වෙනස් කිරීමට යෑමෙන් රටේ ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණය පද්ධතිය දුර්වල වී ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු අද (13) පැවැසුවේය.

ව්‍යවස්ථාව හා අධිකරණ පද්ධතිය දුර්වල වීම හේතුවෙන් රටට ගෙනෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ද එවැනි පුද්ගලයන් රටේ තරුණ පරම්පරාවේ ජීවිත විනාශ කරමින් සිටින බව ද අගරදගුරු කීවේය.

‘මත්කුඩු රකුසාගෙන් අපේ දරුවන් රැක ගනිමු” මැයෙන් ජූලි 30 වැනිදා රාගම පැවැත්වෙන විරෝධතා පාගමන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පුංචි බොරැල්ල අගරදගුරු නිල නිවසේ අද පැවැති මාධ්‍ය හමුව අමතමින් අගරදගුරු මෙම කරුණු කීවේය.

IMG_8038 IMG_8056 

 



අදහස් (0)

"රටේ මත්ද්‍රව්‍ය වැඩි වෙලා : තරුණ ජීවිත විනාශ වෙලා"

රත්නායක මුදියන්සේලාගේ නවරත්න බණ්ඩා Wednesday, 13 July 2016 03:30 PM

දේශපාලනඥයින්ට කොච්චර කිව්වත් මේවා වැඩක් නැහැ .කිසිම වැඩක් නැති අල්ලාගෙන බොරුවට කියවනවා .ඉතා කනගාටුදායක තත්ත්වයක් මේක (අ).

:       0       0

සහන් Wednesday, 13 July 2016 04:02 PM

අනේ ඉතින් අපි මොනව කරන්නද ඕවට ....ආණ්ඩුව පෙරලුනොත් මට සක්වල ගලෙන් එහා ගියත් බේරෙන්න නම් වෙන්නේ නෑ -

:       0       0

විදානේ Wednesday, 13 July 2016 04:05 PM

මේ කතාව අපි හදවතින්ම අගය කරනවා (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 13 July 2016 05:32 PM

අගරදගුරුතුමනි, කුඩු ගෙන්වන ප්‍රධානීන් එල්ලුම් ගහට නොයවනතාක් පා ගමන් නොවෙයි මොන දෙය කළත් වැඩක් නම් වෙන්නෙම නැහැ (නි)

:       0       0

නන්ද Wednesday, 13 July 2016 06:34 PM

ඇති පුජනීය රදගුරුතුමනි, ඔබතුමන් වහන්සේගේ අදහස අතිශය ගෞරව බැති සිතින් පිළිගන්නවා. ඔබතුමන් වහන්සේලාත්, බෞද්ධ මහනායක් ස්වාමීන් වහන්සේලාත්, මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් විනාශකාරී ජාවාරම් වලට සම්බන්ධ යැයි චෝදනා තිබෙන දේශපාලකයින්ට ඡන්දය නොදෙන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුයි. ඔවුන් තමන් වහන්සේලාගේ ආරාමවල උත්සව කටයුතු වලට සම්බන්ධ කර නොගත යුතුයි. (නි)

:       0       0

කරුණාපාල Wednesday, 13 July 2016 08:25 PM

රාජ්‍ය ආරක්ෂාව ඇතිවිට නුතන ධර්මපාලලා වීමට වෙරදරන, රාජ්‍ය ආරක්ෂාව නැතිවිට අනවශ්‍ය දේටත් බුරන්නන් වාලේ උඩුබුරන සමහරක් සිටින රටක ඔබතුමා, නව රේගු අාඥා පනතේ ඇති අඩුපාඩුව කෙළින්ම පෙන්වා දෙමින් රජයට කළ ඒ අභියෝගය අපි අගය කරමු. මත් උවදුර වෙනුවෙන් හඬක් නැගූ ගරු අබා කොස්තා පියතුමාවත් මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරමි. දේශපාලකයින්ගේ වලිගයේ එල්ලේ දිව්‍ය ලෝකෙට යන්න පෙරුම්පුරන ආගමික නායකයින්ට, ඔබතුමන්ලාගේ මේ උදාර ප්‍රයත්නය ආදර්ශයක් වේවා!!! (නි)

:       0       0

ඉමේශ් Wednesday, 13 July 2016 08:36 PM

මෙහෙම යනකොට රටේ ඉදිරිය කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රජිත් මංජුල Wednesday, 13 July 2016 08:57 PM

මේ වගේ දේශපාලකයෝ ඉන්න රටක ඔය කතා නොකර ඉඳිමු අගරදගුරුතුමනි. රටට මොනවා වුණත් කමක් නැහැ, බලයයි ඕනෑ. (නි)

:       0       0

භද්‍රානි Thursday, 14 July 2016 09:11 AM

මේ කතෝලික පියතුමන්ලා සමග සැබෑ ලෙස රටට, ජාතියට, දහමට ගරු කරන හා ආදරය කරන ගරුතර මහා සංඝරත්නයත් එකට එක්ව කටයුතු කරනවා සිකුරුයි.(හේ)

:       0       0

පිරිස් Thursday, 14 July 2016 09:18 AM

කුඩු ගෙන්වන්නේ මෙහෙයවන්නේ ලොකු දේශපාලකයෝ සහ හෙන්චයියෝ;. (හේ)

:       0       0

නිහාල් Thursday, 14 July 2016 03:23 AM

ඔබතුමාගේ කතාව ඉතා අගය කරමි. මෙතුමා වගේ තවත් බොහෝ උගත් පිරිසක් රටේ ඉඳිද්දී පාලන තන්ත්‍රයේ ඉන්න උගත්කමෙන් අඩු රට ගැන හැඟීමක් නොමැති අය නිසයි රට ආපස්සට යන්නේ (නි)

:       0       0

අනුරාධ Thursday, 14 July 2016 11:00 AM

ඉමේෂ්, මාතෘකාවට අදාළව පමණක් හිතනවා නම් හොඳයි නේද? අගරදගුරුතුමන් කියා ඇති දේ හරි. මේ කතා කර තියෙන්නෙත් ඔබ මම අප සැම වෙනුවෙන්. දේශපාලකයෝ අපි ගැන හිතන්නේ නැහැ. මේ රටේ ගොඩක් වෙලාවල් වලට මිනිසුන්ගේ යහපත වෙනුවෙන් හැමතිස්සෙම හිටියේ පූජකතුමන්ලා නේද. (නි)

:       0       0

සංජය Thursday, 14 July 2016 05:20 AM

ළඟදී ජනාධිපතිතුමා කිව්වා නේද එතුමා මත්කුඩු වලට සම්බන්ද ඇමතිවරු ගැන දන්නවා කියලා. ඔබතුමා එතුමාත් සමඟ මේ ගැන සාකච්ඡා කළා නම් එය ඉතාමත් වටිනවා. (නි)

:       0       0

අතුරා Thursday, 14 July 2016 06:03 AM

ඉමේෂ් කියන්නේ රට නැතිවෙනතුරු බලාගෙන ඉන්න කියලද? (නි)

:       0       0

සිරිල් Thursday, 14 July 2016 06:33 AM

ඔබතුමාගේ කියමන සම්පුර්ණ අැත්තක් (නි)

:       0       0

නිම්මි Friday, 15 July 2016 03:45 PM

මෙතුමා ඉතාම ගෞරවනීය පුද්ගලයෙක්. සිංහල බෞද්ධයෙක් විදිහට මම ඔබතුමාට නමස්කාර කරනවා. මැතිඳුනි, සැමදා නිහඬව නොසිට අපේ රට බේරාගන්න ඉදිරියට එන්න. නැත්නම් අපට හෙට රටක් නැති වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 36 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1716 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4594 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3402 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3513 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site