විදේශ රැකියාවකට යාම සඳහා විදේශ අමාත්‍යංශයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතිකයේ වැරදි තොරතුරු අඩංගු කළ විවාහක තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මාස හයක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත් හිටවීය. රුපියල් 3000ක දඩයක්ද නියම කළේය.
පොළොන්නරුවේ පදිංචි විවාහකයකු වූ ඔහු අවිවාහකයකු බව කියමින් ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කර ඇතැයි ද රැකියාවේදී වැඩි වාසි ලබාගැනීම ඔහුගේ අරමුණවී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමි
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට යන්න කසාදෙ ලිහයි
වික්ටර් Thursday, 19 February 2015 07:46 PM
එතකොට වැරදි තොරතුරු අඩංගු පාස්පෝර්ට් එකක් පාවිච්ච් කළ කෙනෙකුට ලැබෙන දඬුවම මොකක්ද? (නි)
සමන්ජය Thursday, 19 February 2015 08:38 PM
උප්පැන්න සහතිකයත් වෙනස් කරගෙන සමහරු ඔය යහතින් ඉන්නේ කිසිම අවුලක් නැතුව. (නි)
ජෙහාන් Thursday, 19 February 2015 08:48 PM
මේක මොකද්ද? සමහරු රට නෙමෙයි මේ ලංකාවේ ඉඳගෙනම හැමෝටම අවිවාහකයි කියමින් ආදර සම්බන්ධතා කීයක් භුක්ති විඳිනවාද? (නි)
ලසන්ත Thursday, 19 February 2015 10:08 PM
පොලන්නරුවේ කට්ටිය රට යන්න ඕනීද දැන් යහ පාලනය තියනවනේ (නදී)
අසෝක Thursday, 19 February 2015 10:11 PM
අර විහිලු වහන්සේගේ බිරිඳ හොර පාස්පෝර්ට් එකක් හදාගෙන ලෝකේ වටේ ගිහින් ආවේ ? අනේ හපොයි මෙහෙමත් නීතියක් (නදී)
ලක්ෂමන් Friday, 20 February 2015 02:03 AM
ඔක්කොම නීති පොඩි එකාට. ලොකු හොරු කෝ ? (නදී)
දිලාන් Friday, 20 February 2015 02:23 AM
දැන් කෝ අර කෑරලා වගේ බෙරිහන් දෙන එක්කෙනාට බයේද නෝනාගේ ගමන් බලපත්‍ර වැරදි යටි මඩි ගහල තියෙන්නේ. මේ අපේ නෝනලා ඔහොම දෙයක් කලා නම් මෙලහකට කුදලා ගිහින් ගිහින් හිරේ දාලා. (නදී)
උපාලි සිනපතරම් Thursday, 19 February 2015 03:21 PM
දැන් කට්ටිය කියාවි මේකත් යහපාලනේ වැඩක් කියල මෙහෙම එවුන් හැමදාම රුපියලට දෙකට ඔක්කොම පවල දෙනවා.(අ)
හංසිකා උපමාලි Friday, 20 February 2015 06:06 AM
විවාහක කෙනෙකු අවිවාහක යනුවෙන් හොරට හදා ගන්නවාට වඩා ලොකු ලොකු හොරකම් මගඩි වැඩ මේ ශ්‍රී ලංකාවේ අනන්තවත් වෙනවා. බොරුවට හාල් මැස්සෝ අල්ලගෙන කෑ ගහනවට වඩා තෝරු මෝරු අල්ලන එක වටිනවා.(දිල්)
චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 19 February 2015 05:32 PM
එතකොට වයස වෙනස් කර විදේශ ගමන් පත් දෙකක් සාදවා තිබෙන අර වීර බාර්යාව තාම එළියේ ඉන්නේ කොහොමද? (නදී)