(යොහාන් භාසුර)
වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්‍රතිපල අනුව රටේ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතා තෘප්තිය තව දුරටත් පහත බැස තිබේ.
වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතා කැමැත්ත පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මට්ටමේම පවතින අතර ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කරන බව රටේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 10 ක් අනුමත කර තිබුණි.
රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් වන බවට රටේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 7 ක් ප්‍රකාශ කර තිබූ අතර එය සියයට 4 ක් දක්වා පහත ගොස් තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ වූ ආණ්ඩු සමයේ ද සිදුකළ මෙම සමීක්ෂණයේදී පසුගිය වසරේ (2022) ජූනි මාසය සඳහා ලැබුණු අගයන් අනුව ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය සියයට 3 ක සහ රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිය සියයට 2 ක පැවතුණි.
මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද ඇගයුමට ලක්කළ අතර පෙබරවාරි මාසයේ එය සෘණ 78.4 කි.
මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප්‍රශ්නවලට ලැබී තිබෙන ප්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලැබී තිබේ.
විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය ක්‍රියාත්මක කළේය.
රට පුරා ජනතාව නියෝජනය කරන නියැදියක් හරහා රටක සමස්ත ජනමත විමසුමට ලක්කිරීමටා හැකිවීම මෙම ක්‍රමයේ විශේෂත්වයයි.
වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1000ක නියැදියකි. වෑන්ගාර්ඩ් සර්වේ ආයතනයය දත්ත එකතු කිරීමට සහාය ලබාදී තිබේ.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රට යන අත ගැන ජනතාව කලකිරිලා
nanda Sunday, 19 February 2023 08:48 PM
ලෝකයේ වෙන රටකට යන්න ක්‍රමයක් ගැන වෙහෙසෙමින් ඉන්නේ මේ රටේ ඉඳලා වැඩක් වෙන්නේ නැහැ..
Gawaya Sunday, 19 February 2023 10:56 PM
ඔය දත්ත පිළිබඳව අපට කිසිම විශ්වාසයක් නෑ. රෝහිත, ජොනී, ප්‍රසන්න, නිශාන්ත, නාමල්, සුජීව, සජිත් කියන දත්ත පමණයි අපි පිළිගන්නේ. ජෙප්පන්ගේ දත්ත අපට එපා.
Demuni de Silva Monday, 20 February 2023 04:47 AM
මම විශ්වාස කරනවා රට සහ ආර්ථිකය පිළිබඳ ජනතාවගේ විශ්වාසය මේ ප්‍රශ්න දෙකටම 3%ක් වෙයි කියලා.
Sisira Gunasekera Monday, 20 February 2023 12:05 PM
පෝලිම නැතිකළාටද කළකිරිලා තියෙන්නේ?
fairoosMonday, 20 February 2023 12:31 PM
නන්දසේන රටින් ගියාට..!
ගමේ එකාලා Monday, 20 February 2023 06:11 PM
මුලුමහත් ජනතාවම පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නේ නිකම්ද? සමීක්ෂණ කෙරුවා කියලා වැඩක් නැහැ. රටට වෙලා තියෙන දේ මෙරට පිටරට ජීවත් වෙන අය පවා දන්නවා...