IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රට යවන්න කෝටි හතරක් අරන්

ඕස්ට්‍රේලියාව හා කැනඩාවට මිනිසුන් යවන බව කියා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වංචා කළ බව කියන 40 හැවිරිදි කතක් හොරණ වංචා විමර්ශන අංශය විසින් මිනුවන්ගොඩදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම රටවලට යවන බව කියා මැලේසියා විසාවලින් මැලේසියාවට යවා එහිදී ඔවුන් අතරමං කළැයි කියන මේ කත ‘ලංකා හා වාසනා‘ යන නම් වලින් පෙනීසිට ඇති බව ද වැල්ලවත්ත, ත්‍රීකුණමලය, මිරිහාන, හොරණ මාතලේ ආදි පොලිස් රැසක ඇයට එරෙහිව පැමිණිලි 60ක් වඩා ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

රට යවන්න කෝටි හතරක් අරන්

දැලියා Saturday, 28 September 2013 06:01 PM

මේ ලංකා කරලා තියෙන්නේ මහ අවාසනාවන්ත වැඩක්. දැඩි දඬුවම් දිය යුතුයි.(නදී)

:       0       0

ජයසූරිය Saturday, 28 September 2013 06:24 PM

හොර වැඩ වංචා හැමදාම බැහැ තනි ඇහැට ඇඩෙනවා වාසනා .(නදී)

:       0       0

අතුල හේරත් Saturday, 28 September 2013 06:30 PM

දැන් වැඩිපුර වංචා කරන්නේ කාන්තාවන් අපේ රටේ.(නදී)

:       0       0

නාමල් Saturday, 28 September 2013 06:49 PM

මේක හොඳ ආරංචියක්. මෙයාට අහු උන අය ඉන්නවා නම් ඉක්මනට පොලිසියට යන්න. මෙයා වගේම තව සෙට් එකක් ඉන්නවා සින්ගප්පුරුවෙත්. මේවා දන්නා අය මේකෙවත් ලියන්න. දන්නා කෙනෙක් ඉන්නවා නම් පොලිසියට යන්න. ටෙකා කියල කියන කෙනෙකුත් ඉන්නවා දැන් මැලේසියාවේ, මිනිහව සිංගපුරුවේ පොලිසියෙන් අල්ලලා රටින් පැන්නුවා.. දැන් වැඩේ දෙනවා මැලේසියාවේ ඉඳන්.(නදී)

:       0       0

නාමල් Saturday, 28 September 2013 06:52 PM

ලංකාදීප, බොරු නම් අහල බලන්න මැලේසියා එම්බසි එකෙන් එයාල හරියට මහන්සි වෙනවා අතරමන් වෙන කට්ටිය ලංකාවට එවන්න.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 28 September 2013 07:08 PM

ඔන්න අක්කටත් වීසා හම්බවෙලා. බෝගම්බරට පායක හද ලස්සනද බලන්න.(නදී)

:       0       0

ශාන්ති Saturday, 28 September 2013 07:23 PM

ලංකා කියන නමත් කපටි කමට දාගන්න ඇති නේද? (නදී)

:       0       0

දයාල් Saturday, 28 September 2013 07:26 PM

ඔය වැඩේ කරන ගැහැණියක් වෛක්කාලේ ඉන්නවා. මගේ නෝනා සහ එයාගේ අයියා අහු වෙලා ඉන්නේ.(නදී)

:       0       0

ශානිකා Saturday, 28 September 2013 08:43 PM

දයාල්,ඔය කියා කෙනා වෛක්කලේ කොහෙද?නම දන්නැත්ද?අපේ නංඟී අහු උන ඉතාලි යන්න දීල.ඒ ගෑනු කෙනා මීගමුවේ දෙමන් හන්දියේ පැත්තේ, (අ)

:       0       0

දයාල් Sunday, 29 September 2013 02:15 PM

ශානිකා, මුදල් ගත්තේ ඉතාලි යවනවා කියලා තමයි. (නදී)

:       0       0

දම්මික පෙරේරා Saturday, 28 September 2013 09:45 PM

දිනපතා ගුවන් විදුලියෙන්, රුපවාහිනී නාලිකා වලින්, පුවත්පත් මගින් මහජනතාව කොපමණ දැනුවත් කරනවද? මේ හොරෙන් බෝට්ටු වලින් රට යෑම මුලාවක්. එම රටවල් දැන් මෙහෙම එන කොටස් බාර ගන්නේ නැහැ. අනික් කරුණ යන්න ගොස් අසුවුණහම මුදලත් නැතුව හිරේ විලංගුවේ වැටෙනවා. මෝඩකමට බෙහෙත් නැහැ (නි)

:       0       0

ජෝයි ඩයස් Saturday, 28 September 2013 10:57 PM

බැංකු වල මුදල් ස්ථාවර හෝ තැන්පතු ගිණුම් වල තැන්පත් කිරීමේදී සිදුවෙන විශාල අඩුපාඩුව නම් රුපියල් ලක්ෂ 5කට වෑඩි නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දෙන පෝර්මයෙහි මේ මුදල් කොහොම ලෑබුනාද කියා සටහන් කිරීමට ක්‍රමචේදයක් නොතිබීම. හොරකම් කරන කලු සල්ලි බැංකු වලට එන එක අඩුවෙනවා විතරක් නොවේ, ආරක්ෂක අංශ වලටත් පහසුවක් වේවි හොරු අල්ලන්න. (නි)

:       0       0

රජීව් Saturday, 28 September 2013 11:21 PM

දැඩි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

දයාල් Saturday, 28 September 2013 11:22 PM

ශානිකා, මේ පිළිබඳව මම සියල්ල දන්නවා. කෙසේ වෙතත් ලස්සන නිසා මිනිස්සු ගොඩක් අහුවෙනවා. මේකට මිනිස්සු ගොඩක් බනිවි. (නි)

:       0       0

උපාලි Sunday, 29 September 2013 05:15 AM

නාමල්, දයාල්, ඔබ එසැණ හරහා කරන්නේ ලොකු සේවයක්. මේ වගේ වංචනිකයන්ට අහුවුණ අය නීති මාර්ගයට යන්න පෙළඹවීමෙන්. ඒ දැනුවත් කිරීම ඉතාම වැදගත්. තොරතුරු හුවමාරුවෙලා අපි දනුවත්වෙන තරමට හොරුන්ගේ කපටිකම් වලින් බේරිලා ඉන්න පුළුවන්. (නි)

:       0       0

එල්ලිස් Sunday, 29 September 2013 05:34 AM

රට ගැන මං හොද විස්තරයක් ලිවුවා. ඒක මගේ අතින් මැකුනා. නැවත ලියන්න කම්මැලියි (නි)

:       0       0

චමත් Sunday, 29 September 2013 06:03 AM

අපි සියලු දෙනාගේ බලාපොරොත්තුව හොද ගෙයක් දොරක් හදාගෙන,පුලුවන් නම් වාහනයකුත් අරගෙන කාටවත් කරදරයක් නොවී හොද ජීවිතයක් ගත කිරීමට උත්සහා දැරීමයි. ඒ නිසයි අපි පිටරට රැකියාවකට යාමට උත්සහා කරන්නේ. ලංකාවේ බටහිර රටවල් වලට රැකියා ලබදෙනවයි කියන රැකියා ඒජන්සි බොහෝය. ඔවුන් මිනිසුන්ට දහසක් සුරංගනා කතා කියති.බොරු දෙසාබාති. මේ ඒජන්සිකරුවන්ට කළ හැකි උපරිම දෙය වන්නේ හැකිනම් තම සේවාදායකයා හට සංචාරක වීසාපතක් ලබාදීම පමණි. සමහර බටහිර රටවල්වල සංචාරක වීසා හිමියන්ට රැකියා කිරීමට නීතිමය අවසරයක් නැත. හොරෙන් හෝ රැකියාවක් කිරීමට පුළුවන්කමක් නැත. ඒ මන්ද සංචාරක වීසාපත් හිමියන්ට රැකියාවක් දීමට කිසිවෙකු ඉදිරිපත් නොවන නිසාය. ඔවුන් නීතියට ඉතා ගරු කරන නිසාය. මා හට මේ අයට දීමට හැකි උපදේශය වන්නේ, මේ ඒජන්සිකරුවන්ට මුදල් දීමට පෙර තමන් යාමට අදහස් කරන රටෙහි තම නෑ කෙනෙකු ,හිතවෙතෙකු සිටි නම් පළමුව ඔවුන්ගෙන් විස්තර විමසා දැනගන්න. එසේ නොවුවහොත් සිදුවන්නේ, ඔබ උකස් කළ නිවසත් ,මුදලුත්, බලාපොරොත්තුත් , රැකියාවත් ඔබට අහිමිවීම පමණි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 309 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 762 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 840 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 839 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 930 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1052 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23529 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23111 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site