IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රට යවන ගෑනුන් බිල්ලට

ගෘහ සේවය සඳහා විදේශ රටවලට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ කාන්තාවන යවන මුවාවෙන් මුදල් හා ලිංගික අල්ලස් ලබා ගන්නා රැකියා නියෝජිත ආයතනයක් පිළිබඳ තොරතුරු රැසක් මුලතිව් පදිංචි කතක (22) හෙළි කළාය.

ඇය මෙම ජාවාරමකරුට හසුවී මාස පහක් වන බවත්, දැනට දින 10ක රැකියා නියෝජිත ආයතනය විසින් දඹුල්ලේ නිවසක නතර කැර සිටින බවත් ඇය කීවාය.

ඇයට සිදුවන්නට යන කරදරය පිළිබඳ සැක සිතී ඇය නතර කැර සිටින නිවසේ හිමිකරුවන්ගේ සහයෝගය ඇතිව ඇය මෙම ජාවාරමේ සියලු සාක්කි හෙළි කරන බව කියන්නීය.

ඇය කීවේ භාෂාව නිසි ලෙස කතා කිරීමට නොහැකි අහිංසක කාන්තාවන් ගෙන්වා ඔවුන්ගෙන් මුදල් හම්බකැර ගැනීම මෙන්ම ලිංගික අල්ලස් ලබා ගැනීම නවතා ගැනීම සඳහා මෙය හෙළි කරන බවයි.

භාෂා පරිවර්ථකයකු සමඟ ඇය නවතා සිටි දඹුල්ල නිවසකට අප මාධ්‍ය කණ්ඩායමක් ගියමු.

ඒ යන විට මුලතිව් කාන්තාවගේ සැමියා ද සිටියේය.

ඔවුන් අපට කීවේ මීට මාස පහකට පෙර තමන් ගෘහ සේවය සඳහා යෑමට සූදානම් වෙද්දී මිතුරකු මගින් මෙම විදේශ රැකියා ආයතනයට සිය ගමන් බලපත්‍රය ලබා දුන් බවය.

පසුව මාස පහක කාලයක් තිස්සේ අවස්තා ගණනාවක් කොළඹට, කුරුණෑගලට හා දඹුල්ලට අවස්තා ගණනාවක් කැඳවා මුලා කළ බවයි. සිය සැමියා නොමැතිව එන ලෙසත් තමන්ට තනිවම රැගෙන යෑමට අවශ්‍ය බව දුනුම් දුන් බවයි.

රට යවන බව පවසා පසුගිය පළමුවැනි දා දින අඹුල්ලට ගෙන්වා ගත් බවත්, එහෙත් ඇය තම සැමියා සමග පැමිණි නිසා සැමියා යවන ලෙස දැනුම් දුන් බවත් පැවසුවාය.

දඹුල්ල ප්‍රදේශයේ තැරැව්කරුවකු හරහා නිවසක තමන් නැවැත්වූ බවත් අද හෙට රට යවන බවට බොරු පවසමින් තමන් රඳවා සිටින බවත් සැමියා නොමැතිව තනිවම පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම් ගමන් බලපත්‍රය නැවත දීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා සිටින බවත් පැවසුවාය.

එපමණ මුදලක් අවශ්‍ය වන්නේ කාන්තාවන් ගෘහ සේවයට යැවීමේ දී අවැසි ලියකියවිලි ව්‍යාජව සැදීම සඳහා බව රැකියා නියෝජිත වරයා දැනුම් දෙන බව පැවසුවාය.

අප එම නිවසේ රැදී සිටිය දී උපක්‍රම ශීලීව ඇය එම රැකියා නියෝජිත ආයතනයේ අයකුට දුරකතනයෙන් කතා කොට කීවේ සැමියා ගමට ගිය බවයි. විනාඩි කීපියක් ගත වෙද්දී රැකියා නියෝජිතයා ත්‍රීරෝද රථයකින් එම නිවසට පැමිණියේය.

‘එයා ඇවිල්ලා මට කිව්වා මගේ මහත්තයා නිසා තමයි ප්‍රමාද වුණේ කියලා. මගේ පාස්පෝට් එකේ තියෙන ෆොටෝ එකේ ලස්සන බලමින් හිටියා කිව්වා. හෝටලයකට යමු කිව්වා කෑම කාලා එන්න. හොද ලොකු හෝටලයකට යමු කිව්වා. මම බෑ කිව්වා. මගේ පාස්පෝට්එක ඉල්ලුවාම කිව්වා රුපියල් ලක්ෂ දෙකක් දෙන්නලු. ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් රුපියල් 75000ක් දීලා සහතික හදාගගත් බව කිව්වා. අන්තිමට මට රට යන්නත් නෑ. පාස්පොට්එකත් නෑ. මේ වගේ අයට විරුද්ධව කුමක් හෝ කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.‘ යැයි අය ිය සැමියාසමග හඬා වැලපෙමින් පැවසුවාය.

ඇය තම විදේශ ගමන් බලපත්‍රය ලබා දී ඇත්තේ රජයේ විදේශ රැකියා ආයතනයක් ලෙස ලියාපදිංචි වී ඇති ආයතනයකටය.

එහි ඇති දුරකතන අංකයට කතා කොට මේ පිළිබඳව විමසීමේ දී එයි හිමිකරු බව කියන පුද්ගලයා කීවේ ඉහත නමට මෙම ආයතනය ලියාපදිංචි කැර තිබුණට තමන් මෙම ආයතනය පවත්වාගෙන යන බවය.

මෙම කාන්තාව රැගෙන ආවේ තම සේවකයකු බවත්, සේවකයා ආයතනයෙන් පිට සිදු කරන ක්‍රියාවලට තමන්ට හෝ තම ආයතනයට සම්බන්ධ විය නොහැකි බවයි.

උප නියෝජිතවරු ඕනෑ තරම් කාත්නාවන් රැගෙන විත් නිවෙස්වල නවතාගෙන රට යැවීම සිදු කරන එක සාමාන්‍ය දෙයක් බව ද කීවේය.

මෙම ආයතනය ලියාපදිංචි හිමිකරුට කතා කිරීමට අවශ්‍ය බව අප කීවත් ඔහු කීවේ එම නමින් ලියාපචිංචි වූවාට තමන් මෙහි හිමිකරු බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රංදෙනිය මහතාගෙන් විමසීමේ දී ඔහු කීවේ තවත් අයකුගේ ලියාපදිංචි නමකට වෙනත් අයකුට පෙනී සිටිය නොහැකි බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව රහස් පොලිසිය යොදවා පරීක්ෂණයක් අරඹන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

රට යවන ගෑනුන් බිල්ලට

සුනිල් Monday, 10 November 2014 01:21 PM

මේ වගේ තැන් ලංකාවේ කොච්චර ඇද්ද? (නි)

:       0       0

රංග Tuesday, 11 November 2014 07:48 AM

ගොඩක් වේලාවට ඔය සිද්ධිය තමයි වෙන්නේ.(හේ)

:       0       0

චාමර Tuesday, 11 November 2014 08:19 AM

මේ වගේ තැන් වලට අහුවෙන්න එපා.(හේ)

:       0       0

ජනක Tuesday, 11 November 2014 08:19 AM

කාටවත් බැරිද ඔය රැකියා ඒජන්සියේ නම පල කරන්න තව අහුවෙන්න ඉන්න අයවත් බේරාගන්න.(හේ)

:       0       0

ජානක Tuesday, 11 November 2014 08:19 AM

ගොඩක් ඒජන්සි ඔය වගේ.කාන්තාවන් බිල්ලට දෙන.(හේ)

:       0       0

සදුනි Monday, 10 November 2014 03:35 PM

මේ අයගේ නම් හංගන්න ඕනේ නැහැ.(හේ)

:       0       0

ප්‍රසංග Tuesday, 11 November 2014 02:19 AM

මීට මොකක්ද දෙන විසඳුම? (නි)

:       0       0

සිල්වා Monday, 10 November 2014 04:51 PM

මේ වගේ අපරාධ,වංචා, දුෂණ කරන තක්කඩියන් වහාම නීතිය ඉදිරිය ගෙනවිත් උපරිම දඬුවම් දෙන්න. රටේ නීතියක් නැති නිසා තමයි හැමෝම දඟලන්නේ. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 11 November 2014 03:40 AM

කාන්ත ලිංගික වහල් සේවයට විදේශ කටයුතු අමාත්‍යාංශය තානාපති කාර්යාල සහ නියෝජිතයෝ සමව වගකිය යුතුය.(අ)

:       0       0

සම්පත් Tuesday, 11 November 2014 03:45 AM

මේ වෙළදාමේ ඉන්නේ රට හරක් කියල ලංකාවම දන්නවා. (අ)

:       0       0

ජයනාත Monday, 10 November 2014 05:10 PM

ඔය බියුරෝ මහත්තුරු කරන බම්බුවක් නැහැ. කරන්න පුළුවන් බම්බුවකුත් නැහැ. කරනවානම් මම දන්නා සිද්දි දෙක තුනක්ම තියෙනවා මේ අනුරපුරේ දුනුමඩලව ගමේ. (නදී)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Monday, 10 November 2014 05:27 PM

විශේෂයෙන් මැදපෙරදිග රටවලට යවන ගැහැණුන් රවටා ලිංගික අල්ලස් ගැනීම , ඔවුන්ගේ මුදල් වංචා කිරීම සිදුවෙනවා. එයට අමතරව ඔවුන් ලිංගික වහලුන් වෙනවා. ඔය මැදපෙරදිග රටවලට ගිය සමහරු එන්නේ පියා නොමැති දරුවනුත් එක්ක. (නි)

:       0       0

දිලිප් Monday, 10 November 2014 12:36 PM

ඕක තමා රටේ තත්වේ. මේක අපේ මහත්වරුන්ට තේරෙන්නේ නැහැ (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Monday, 10 November 2014 12:39 PM

ඔන්න ඕවා තමයි රහසිගතව රටේ සිදුවෙන භායානතම දුෂණ වංචා. උතුරු කරයේ දමිල කාන්තාවන් පමණක් නොව මේවට ගොදුරු උන තව කොච්චර අය ඇද්ද රට වටේ. අන්තිමේදී වෙනත් විදිහකින් රටේ නමයි කැත වෙන්නේ වෙන විදිහකට මේ පුවත් පළවීමෙන්. (නදී)

:       0       0

ජෙසිකා - සයිප්‍රස් Monday, 10 November 2014 01:06 PM

පත්තරේ මෙච්චර දේවල් දානවා ඇයි ඔය ආයතනයේ නම දාන්න බැරි. අඩුම තරමෙන් එතනට වෙන අය යන එක හරි නවතයි නේ. මේවගේ කාන්තාවන් රවට්ටන අයට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 91 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 75 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 668 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 72 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 827 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1988 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site