IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රට රැකියා සහන පැකේජය එයි

වසර දෙක සම්පුර්ණ කරන සියලුම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට විශ්‍රාමවැටුපක් සහ අනිකුත් පහසුකම් සහ සේවා  සහිත නව පැකේජයක් හදුන්වාදීමට යෝජනා කර ඇති බව විදේශසේවා නියුක්ති කාර්යාංශයේ බලධාරීන් ප්‍රකාශ කළබව සෞදි අරාබියේ අද (12)පළවූ “ඇරැබ් නිවුස්”පුවත්පත අනාවරණය කරයි. මව්බිමේ ජාතික සංවර්ධනයට දායකත්වයක් ලබාදීම මෙහි අරමුණ බවද සදහන් වෙයි. දැනටමත් මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති බවද පුවත් පත අනාවරණය කරයි.

අමාත්‍යංශ ප්‍ර කාශයට අනුව විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම වැඩ සටහන දින 100 වැඩ පිළිවෙළ යටතේ ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවීමට නියමිතය.මෙම වැඩසටහන මගින් වස‍ර 2 සම්පුර්ණ කරන ලද විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට ලබාදීමට නියමිත විශ්‍රාම වැටුපට අමතරව අනේවාසික විදේශ ඉතුරුම් ගිණුම් සදහා දැනට පවතින වාර්ෂික පොලියට අමතරව වාර්ෂිකව සියයට 2.5 පොලියක් ලබාදීමටද යෝජනා කර ඇති අතර විදෙස් ගතවන්නෙකු වෙදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සදහා අයකරන රුපියල් 226 ගාස්තුව 147 දක්වා අඩු කරන බවද පවසයි.

මෙම නව වැඩසටහන ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මැයි මාසයේ සිට විදෙස් ගතවන සියල්ලන්ටම මෙහි ප්‍රති ලාභ ලැබෙන බවද පවසයි.

සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ගණන පන්ලක්ෂ පනස් දහසක් වෙන බව පෙන්වාදෙන පුවත්පත සදහන් කරනුයේ මැද පෙරදීග කලාපයේ ලක්ෂ 15ක් පමණ ශ්‍රී ලාංකිකයින් රැකියාව කරන බවයි.
 
DSC02432 DSC03632

 



අදහස් (0)

රට රැකියා සහන පැකේජය එයි

කුමාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය Thursday, 12 February 2015 06:29 AM

ඔය යෝජනාවට අපිට වාහනයක් ගන්න යෝජනාවක් අවොත් ගොඩක් පින්. (නදී)

:       0       0

සිසිර කැප්පෙටිපොල Thursday, 12 February 2015 06:33 AM

වචනයට සිමා නොවි කරනවානම් හොදයි (නදී)

:       0       0

සත්‍යපාල Thursday, 12 February 2015 06:39 AM

රජයේ සේවකයන්ට රුපියල් දස දාහක වැටුප් වැඩිවීමක්, විදෙස් ගත ශ්‍රමිකයන්ට වසර දෙකක සේවා කාලයකට විශ්‍රාම වැටුපක් සහිත පැකේජයක්. විශ්‍රාමිකයන්ගේ වැටුප් 3000කින් වැඩිවීමක්. සමෘද්ධි ලාභීන්ගේ දීමනා දෙගුණයකින් වැඩි කෙරේ , නමුත් පෞද්ගලික අංශයේ සේවකයන්ට දින 100 ය ඇතුලත රුපියල් 2500, ක වැටුප් වැඩිකරන ලෙස ඉල්ලිමක් පමණයි. මේ ආණ්ඩුව දැන ගතයුතුයි ඊලග මහා මැතිවරණයේදී හැට ලක්ෂයකට වැඩි පෞද්ගලික අංශයේ සේවකයන් තමන්ට නිසි සාධාරණයක් දින 100ය ඇතුලත සිදු වුයේ නැත්නම් නැවත වරක් මේ ආණ්ඩුව බලයට පත්කිරීමට පෞද්ගලික අංශයේ සේවකයන් මැදිහත් නොවනු ඇති බවයි මගේ විශ්වාසය. (නදි)

:       0       0

කුමාර Thursday, 12 February 2015 06:48 AM

මෙහෙම වෙනවා නම් ගොඩක් හොඳයි. විශ්‍රාම වැටුපක් කෙසේ වෙතත් අපිට සහන මිලට ත්‍රීරෝද රථයක්වත් ගන්න පුළුවන් විදියක් කරන්න. (නදී)

:       0       0

ඇසළ Thursday, 12 February 2015 06:49 AM

කැරට් අලේ වගේ තමයි. 100% විශ්වාසයි කිසිම දවසක ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

රණසිංහ Thursday, 12 February 2015 06:55 AM

විදේශ සේවා එකේ ඉන්න හොරු මහත් හොරු ගැන කිසිම විශ්වාසයක් නැහැ. අපෙන් ගන්න සොච්චම එයාලගේ සැපට තමයි මෙච්චර කල් නම් යොදා ගත්තේ. (නදී)

:       0       0

රෝයි Thursday, 12 February 2015 07:00 AM

යහ පාලනය දින සියයේ වැඩ සටහන කොලයකට පමණක් සීමා වෙලා තිබියදී මේවා ගැන විශ්වාස කරන්න පුලුවන්ද. (නදී)

:       0       0

දර්ශනී Thursday, 12 February 2015 07:03 AM

මේක අසාධාරනයි. කළින් ගිය අයට මේ සහන ලැබෙන්නේ නැත්නම් (නදී)

:       0       0

දිනුෂ Thursday, 12 February 2015 07:05 AM

මේක හොද වැඩක්. නමුත් වචනයට සීමා නොවී වැඩ කරන්න ඕනේ. දැනට විදේශ විනිමය ගෙන එන එකම පිරිස මැද පෙරදිග අයයි. නමුත් අපේ රටේදී ඔවුන්ට නිසි පිලිගැනීමක් නැහැ. මුලින් කරන්න ඕනේ විශ්‍රාම වැටුප ලබා දෙන ගමන්ම , විදෙස් ශ්‍රමිකයන් ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් හදන්න. ඔවුන්ව දිරිමත් කරන්න. තිබුන වාහන පර්ම්ට් එකත් පසුගිය රජය නැති කළා. තවද විදේශ ශ්‍රමිකයන්ට ජන්ද අයිතියත් ලබා දෙන්න කියල ඉල්ලීමක් කරන්න ඕනේ. (නදී)

:       0       0

රොෂාන් Tuesday, 24 February 2015 04:29 PM

ඔය අපිට ලැබෙනවා කියන විශ්‍රාම වැටුප ස්ථිරද දන්නේ නැහැ. හරිගියොත් ගොඩක් හොඳයි (නි)

:       1       0

ගිහාන් කුමාරගේ Thursday, 12 February 2015 07:07 AM

බලමුකෝ, බලමුකෝ මට නම් විශ්වාස නැහැ (නදී)

:       0       0

රොෂාන් Tuesday, 24 February 2015 04:47 PM

අනේ මේ කියන විදේශ විශ්‍රාම වැටුප අපිට ලැබුනොත් කොච්චර දෙයක්ද? අපි මෙහෙ විදින දුකට දෙවියෝ බලනවා වගේ (නි)

:       0       0

අමීන් Thursday, 12 February 2015 02:41 PM

වැඩේ හොඳයි. ඒත් ඊට කලින් රට සිටි අපිට මොනවද ලැබෙන වරප්‍රසාද? (නි)

:       0       0

නිලුකා Thursday, 12 February 2015 07:19 AM

එතකොට මෙච්චර කාලයක් විදේශ විනිමය හොයපු අපිට මොකද වෙන්නේ (නදී)

:       0       0

වසන්ත කුමාර එකනයකේ Thursday, 12 February 2015 07:21 AM

ඇත්තටම මේ වගේ වැඩක් කරනවා නම් කොච්චර පිනක්ද. අපි රට ඇවිල්ල කොච්චර නම් දුක් විදිනවද. පුලුවන් ඉක්මනින් මේක අරඹන්න ඔබ තුමන්ලාට ගොඩක් පින් අපි ගැන හිතනවට (නදී)

:       0       0

ජීවන Thursday, 12 February 2015 03:03 PM

අපිට මොකද වෙන්නේ? දැනට අවුරුදු 5ක්. අනේ අපි ගැනත් බලන්න. (නි)

:       0       0

සිසිර කුමාර Thursday, 12 February 2015 07:35 AM

අපිට ලැබෙයිදෝ. අපි තවමත් රට (නදී)

:       0       0

වසන්ති Thursday, 12 February 2015 03:32 PM

වැඩේ හොඳයි. හැමෝටම ලැබෙයිද? (නි)

:       0       0

අනුර Thursday, 12 February 2015 07:46 AM

ඔය කියන විදියට දෙනවා නම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

තනුජා දමයන්ති Thursday, 12 February 2015 07:47 AM

ඇත්තටම දහසක් කම්කටොලු දරාගෙන තමයි පවුලටත්, මවුබිමටත් සේවයක් කරන අපි වෙනුවෙන් විශේෂ සේවයක් ඉටු කරනවානම් ඒ වෙනුවෙන් ගෞරවාන්විත ප්‍රණාමය.(හේ)

:       0       0

දිල්ශාන් Thursday, 12 February 2015 07:52 AM

අන්න රට විරුවන්ගේ අගය දන්නා අාණ්ඩුව. අවුරුදු 10 කට වැඩිය මැද පෙරදිග වැඩ කරන අයට වාහනයක් ගන්න බදු නැතී කරන්න. ඒක ලොකු උදව්වක් (නදී)

:       0       0

ලසන්ත Thursday, 12 February 2015 07:52 AM

විදේශ ගත කෙනාට විශ්‍රාම දෙන්නේ කොහොමද ? රට ඇතුලේ ජිවත්වන ශ්‍රමිකයන්ට වැඩි කළේ රුපියල් 1000 නේද ? (නදී)

:       0       0

වසන්ත Thursday, 12 February 2015 08:02 AM

එතකොට දැනට සෞදියේ අවුරුදු දෙකකට වඩා සේවය කරන අයට මෙය ලැබෙන්නේ කොහොමද ? (නදී)

:       0       0

ගුණතිස්ස Thursday, 12 February 2015 08:09 AM

හොඳ දෙයක් හරි යනවා නම් (නදී)

:       0       0

ගුණතිස්ස Thursday, 12 February 2015 08:13 AM

හොඳ දෙයක් ලොකු දෙයක් ලබනවා නම් (නදී)

:       0       0

නලින් ගුරුගේ Friday, 13 February 2015 08:08 AM

අදහස නම් හොඳයි. ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම ඉක්මනට. 3 විල් එකක්වත් ගන්න පුළුවන් වෙනවා නම් බදු නැතුව. අපි බලා සිටිමු කුමක්ද සිදු වෙන්නේ කියලා. (නදී)

:       0       0

ශාන්ති Thursday, 12 February 2015 08:20 AM

ඉතාමත් හොඳ දෙයක් (නදී)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 12 February 2015 08:25 AM

ඔක්කොටම කලින් පසු ගිය රජය විසින් විදේශ සේවා එකෙන් අපේ බෙල්ලට පිහිය තියල බලහත්කාරයෙන් ගසා කනව වගේ මාස තුනක් ඇතුලත ගෙව්වේ නැහැ කියල ගසා කන රුපියල් 11860 නැති කරන්න. මේ රුපියල් 11860ක් ගසා කෑමෙන්, ගෙවා ගන්න බැරිව ගුවන් තොටුපොළේ මොන තරම් මිනිසුන් අසරණ වෙනවද? මේ නීති අලුතින් සකස් කරපු අයට සාප කරනවද? මේවයි මුලින්ම නැති කරන්න ඕනේ. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 12 February 2015 08:32 AM

මහේෂ මුතුකුඩ, පිට රටකට රැකියාවට යන්නේ දුප්පත් කමට මිසක් ෆන් එකට නෙමෙයි. (ර)

:       0       0

චතුල Thursday, 12 February 2015 05:06 PM

අවුරුදු ගානක් රට ඉන්න අපිට ලැබෙන දෙයක් නැද්ද? (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Thursday, 12 February 2015 08:37 AM

පුලුවන්නම් විදේශ ගතවී රැකියා කරන අයට බදු පනත් වලින් තොරව වාහනයක් ගන්න අවස්ථාව උදා කරලා දෙන්න, මම වසර 10 සෞදි වල වැඩ කරනවා තවම වාහනයක් ගෙදර පාවිච්චියට ගන්න බැරි උනා. (ර)

:       0       0

අතුල Thursday, 12 February 2015 05:22 PM

අපිට වාහන පර්මිට් එකක්වත් ලැබුනොත් ඇති. මම දැනට ලංකාවෙන් පැමිණ අවුරුදු 20ක් විතර වෙනවා (නි)

:       0       0

ප්‍රියදර්ශනි Thursday, 12 February 2015 08:50 AM

එතකොට දැනට විදෙස ගතවී ඉන්න අයට එය ලැබෙන්නේ කොහොමද (අ)

:       0       0

අරුණ ශාන්ත Thursday, 12 February 2015 08:53 AM

මොනවා කොහොම කලත් මම නම් හිතන්න ඔය කියන එකක් හරි අපිට ලබෙයි කියල අනික මම දැන් ආවුරුදු 21ක් රට හැමදාම විදෙස සේවා එකට 10700ක් ගෙවල අවේ ඇයි ලිකිතව මගේ ගව තයෙනවා අද වෙනකම් ලැබුණ දෙයක් නැ (අ)

:       0       0

නදීක Thursday, 12 February 2015 08:56 AM

හැම කෙනාම තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා බොරු මවනවා.නැති දෙයක් මහා ලොකුවට මවා පානවා.(චන්දය ළඟ නිසා තවත් සුරංගනා කතා බොහෝ කියයි.) පඩි වැඩි කරාට හිටියටත් වඩා වලකට තව අවුරදු 2කින3කින් වැටෙන්න යන බව මතක තියාගන්න.පසු ගිය රජයෙන් අර දෙනවා කීව වාහන පර්මිට් එක දැන් වලංගු නැද්ද. අපි හැමදාම රැවටෙනවා,ඉවරයක් නැහැ. (හේ)

:       0       0

නුවන් Thursday, 12 February 2015 06:28 PM

ජයවේවා! (නි)

:       0       0

චන්ද්‍රසේකර Thursday, 12 February 2015 07:28 PM

මගේ අවුරුදු 2ක ඉවරයි. අපිට නැද්ද? (නි)

:       0       0

ඉනෝකා Thursday, 12 February 2015 07:35 PM

එතකොට අපිට මොකද වෙන්නේ? (නි)

:       0       0

පියුමි රුක්ශානි Thursday, 12 February 2015 09:28 AM

මේ ආණ්ඩුව පත් වුණ දින සිට වසර 2 සම්පූර්ණ විදෙස් ශ්‍රමිකයන්ටද..නැතහොත් එදා මෙදා තුළ විදෙස් ගතව සිටින සියලූම විදෙස් ශ්‍රමිකයන්ටද? මෙම පැකේජය නියමිත ලෙස ලබා ගැනිමට විදෙශ් ගත ශ්‍රමිකයා කුමක් කළ යුතුද? සතුටු වෙනවා මෙම ක්‍රියාවලිය ගැන..බුදු සරණයි.(හේ)

:       0       0

ප්‍රසාද් Thursday, 12 February 2015 08:25 PM

මැදපෙරදිගට පමණද? (නි)

:       0       0

ජීවක් Thursday, 12 February 2015 09:34 AM

එතකොට මෙච්චර කාලයක් විදේශ විනිමය හොයපු අපිට මොකද වෙන්නේ(දිල්)

:       0       0

දිනේෂ් Thursday, 12 February 2015 09:36 AM

මෙතෙක් කල් විදේශ සේවා එක කළේ හාම්පුතුන්ගේ හා ඒජන්සිය පැත්ත ගැනිමයි. මේකත් අර රක්ෂණ වන්දි ගන්න ගියාම එක එක බොරු කියලා පුළුවන් තරම් ගෙවන එක මග අරිනවා වගේ වෙයිද දන්නේ නැහැ නේද?(දිල්)

:       0       0

අනුෂ Thursday, 12 February 2015 08:50 PM

ලියාපදිංචි ගාස්තුව 226 ක් කියලා අද දැනගත්තේ. (නි)

:       0       0

නිලූ Thursday, 12 February 2015 08:54 PM

අපි නම් දෙන දෙයක් බාරගන්නවා (නි)

:       0       0

වසන්ත Thursday, 12 February 2015 09:40 AM

කිසිම කෙනෙක් කලබල වෙන්න එපා ටිකක් ඉවසලා ඉන්න බලන්න ඡන්ද පොරොන්දුවක්ද දන්නේ නෑ (දිල්)

:       0       0

උපුල් Thursday, 12 February 2015 10:18 PM

අපිට වාහන ගන්න පර්මිට් එකක් දානවා නම් හොඳයි. ඒත් මේවා විශ්වාස කරන්න බැහැ (නි)

:       0       0

දමයන්ති Thursday, 12 February 2015 10:00 AM

මේ දේ ක්‍රියාත්මක කරනවා නම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

සමන් Friday, 13 February 2015 12:18 AM

රට ඉන්නවා කියන්නේ සැපවිඳිනවා නෙමෙයිනේ! අපිට මෙය හොඳ බලාපොරොත්තුවක් (නි)

:       0       0

සේකර Thursday, 12 February 2015 10:08 AM

නදීක, පඩි වැඩි කළාම ඕගොල්ලෝ බනිනවා "පඩි වැඩි කරාට හිටියටත් වඩා වලකට තව අවුරදු 2කින3කින් වැටෙන්න යනවා" කියලා. පඩි වැඩි නොකළාම ඕගොල්ලෝ බනිනවා ජිවත් වෙන්න විධියක් නැහැයි කියලා. ඔයාලට මොකක් කළත් වැරදිනේ අනේ. ඔහොම කොහොමද ජිවත් වෙන්නේ. හරිම අසුබවාදියි කුහකයි ඔයා නම්. (අ)

:       0       0

සම්පත් පෙරේරා Thursday, 12 February 2015 10:09 AM

හොඳ දෙයට හොඳයි කියන්න පුරුදු වෙන් නදික මහත්තයෝ. නැත්නම් එය පිරිහිමේ ලක්ෂණයක්. (අ)

:       0       0

සුභාෂ් Sunday, 15 February 2015 09:25 PM

මමත් සෞදි වලඅවුරුදු 8 අපිට මොකුත් ලැබෙන්නේ නැද්ද එහම වුණොත් නම් අසාධාරණයි අපි ලංකාවට සල්ලි කොච්චර යවල තියෙනවාද (අ)

:       0       0

සුසිල් Friday, 13 February 2015 01:11 PM

අපිත් අවුරුදු 8 වෙනවා කොහොමද පැකෙජය? (අ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 12 February 2015 10:30 AM

මේ වගේ කතා සැම වසරකමම අයවැයෙන් අසා අපට ගාණක් නැත, දැන් හරි කියන දේවල් වෙනවා නම් හොඳයි, (අ)

:       0       0

සුසන්ත Thursday, 12 February 2015 10:44 AM

මේ දේ ක්‍රියාත්මක කරනවා නම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

රුවන් Thursday, 12 February 2015 10:51 AM

නදීක, ඔය කියනවට වැඩිය ලොකු වලක වැටිලා තමයි අපි නම් පසුගිය අවුරුදු ගානෙම සිටියේ. යන්තම් ඒකෙන් ගොඩ ආවා විතරයි. හැම කෙනාවම සතුටු කරන්න තව ටික කලක් යාවි. එතකන් පොදුවේ වැඩි පිරිසකට සහනයක් නේද ඕන කරන්නේ ? (ර)

:       0       0

අජන්ත ගයාන් Thursday, 12 February 2015 11:08 AM

මේක හොද දෙයක් නමුත් පරණ ගිය අයට මේක දෙනවනම්. (ර)

:       0       0

ශෂි Thursday, 12 February 2015 11:16 AM

කලින් හිටපු අයට මේ දේ නිසා වාසියක් නැද්ද?(හේ)

:       0       0

දිල්ශාන් Thursday, 12 February 2015 11:23 AM

අපි විදින දුක අපි විතරයි දන්නේ.(හේ)

:       0       0

ලලිත් Thursday, 12 February 2015 05:38 AM

අනේ මන්දා බලමුකෝ ඔය කියන පැකේජය හරියයිද කියලා. (නි)

:       0       0

ජෝන් Thursday, 12 February 2015 05:39 AM

මෙහෙම වෙනවා නම් ගොඩක් හොඳයි ! විශ්‍රාම වැටුපක් කෙසේවෙතත් අපිට සහන මිලට ත්‍රීරෝද රථයක්වත් ගන්න පුළුවන් විදියක් කරන්න. (නි)

:       0       0

ජනක Friday, 13 February 2015 03:22 AM

මේක මේ මාසයෙන් පසු එන අයට පමණද දෙන්නේ? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 12 February 2015 05:52 AM

එතකොට පසුගිය ආණ්ඩුවෙන් පටන්ගත් විශ්‍රාම වැටුපට මොකද වෙන්නේ ? (නි)

:       0       0

අක්‍රම් Thursday, 12 February 2015 12:15 PM

නියමයි, සමහර කම්කරුවන් ලෙස මෙහි සේවය කරන අයට හරි හමන් වැටුපක් ලැබෙන්නේ නැහැ. පොරොන්දු උන පඩිය ලැබෙන්නේ නැහැ, නිමාඩුත් නැහැ. මෙය හොඳ වැඩක් (නදී)

:       0       0

සරත් Thursday, 12 February 2015 05:52 AM

එහෙම වුණොත් හොඳයි (නි)

:       0       0

සුජිත් Thursday, 12 February 2015 05:58 AM

ලබන මැයි වල ඉදලා රටයන අයට විතරක් සහන දීලා වැඩක් නැහැ දැනට වැඩකරන අපි ගැන බලන්නේ නැතුව.(නදී)

:       0       0

ෂාරෝ Thursday, 12 February 2015 06:04 AM

එතකොට මෙතෙක් කාලයක් රට ඉන්න අයට අවුරුදු දෙක ගනින්නේ ලබන මැයි මාසයේ සිටද? (නි)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 06:07 AM

බලමුකෝ ලැබෙයිද කියලා (නි)

:       0       0

තරිඳු Thursday, 12 February 2015 12:43 PM

එ්ක පරණ අයට නොදෙන්නේ මොකද ? (නදී)

:       0       0

මහේෂ මුතුකුඩ Thursday, 12 February 2015 06:10 AM

අලුතෙන් රට යන කෙනෙක් මෙඩිකල් එකට විතරක් රුපියල් 15,800 වියදම් කරන්න ඕනෑ. දවස් 3ක් කොළඹ එන්න ඕනෑ.මෙන්න මේවා තමයි නැතිකරන්න ඕනෑ. රට ඉන්න උදවිය දන්නවා මම කියන දේ. (නි)

:       0       0

අර්ශාඩ් Thursday, 12 February 2015 06:10 AM

එතකොට මැයි මාසයට පෙර විදේශගතවූවන්ට කිසිවක් ලැබෙන්නේ නැද්ද?? (නි)

:       0       0

ශ්‍යාමලී Thursday, 12 February 2015 12:49 PM

වැඩේ හොඳයි. ඒත් ඊට කලින් රට හිටපු අපිට මොනවද ලැබෙන වරප්‍රසාද ? (නදී)

:       0       0

පාලිත Thursday, 12 February 2015 06:12 AM

මැයි මාසේ ඉඳලා රට යන අයට ඕවා පටන් ගත්තම, අවුරුදු 12 ක් 14ක් තිස්සේ රුපියල් කෝටි ගානක් ලංකවාට එවපු සහ දැනටත් එවන අපිට තියෙන ප්‍රතිලාබ මොනවද? අඩු ගානේ ගෙදර පාවිච්චියට එක වාහනයක් විතරක් වත් ගෙන්න ගන්න තීරු බදු සහනයක් වත් දෙන්න උනන්දු වෙනවද. (හේ)

:       0       0

රංජිත් Thursday, 12 February 2015 06:13 AM

මේවා නිකන් මිනිස්සු රවටන විහිළු කතා. ලියාපදිංචි ගාස්තුව රුපියල් 79 ක් අඩුකරාලු. අර කොත්තමල්ලි කහ බජෙට් එකෙන් අඩුකරා වගේ. ලියාපදිංචි ගාස්තුව 79ක් අඩු කලාට අපෙන් 10000 කට වඩා ගන්නවනේ. හැමදාම කව්රු බලයට අාවත් කරන්නේ මහජනයා රවටන එක තමයි එක එක විජ්ජා කරලා.(නදී)

:       0       0

ප්‍රබාද් අනුරුද්ධ Thursday, 12 February 2015 06:20 AM

විදේශ සේවා එකේ ඉන්න හොරු නිසා රට අයට ප්‍රශ්ණ වැඩියි (නදී)

:       0       0

ප්‍රියදර්ශනී Thursday, 12 February 2015 06:25 AM

කලින් ගිය අයට ඔය සහන පැකේජය නැද්ද ? (නදී)

:       0       0

මැනිලා Thursday, 12 February 2015 06:25 AM

ගිය මාසෙට පස්සේ යන අයට විතරද අපිට මොකුත් නැද්ද ? (නදි)

:       0       0

කුමාර Thursday, 12 February 2015 01:18 PM

නියමයිනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 98 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 151 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 123 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 957 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 40 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38431 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site