(ඩයනා උදයංගනී)
රට ආරක්ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
‘යහපාලනය’, ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියත් ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් බව කී කාදිනල්තුමෝ දැන්වත් මේ ගමන නැවැත්විය යුතුව ඇතැයි ද කීහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වර්තමානයේ රට පවතින තත්වය සම්බන්ධයෙන් කණගාටු වන බව කී කොළඹ අගදරගුරුතුමෝ රට ගමන් කරන්නේ කුමන දිශාවකටද, රටේ තීන්දු තීරණ ගන්නේ සහ පාලනය කරන්නේ කවුද යන්න ගැන ගැටලුවක් මතුව තිබෙන බව ද පැවසූහ.
තිබෙන සම්පත් විකුණාදැමීම පහසු නමුත් දියුණුව යනු රටේ සම්පත් සියල්ල විකුණා දැමීම නොවන බවත්, මේ අවස්ථාවේ රටේ භූමිය වෙනත් රටවලට පූජා කරන්නට එපා යැයි රජයෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එදා දැඩි විරෝධය දැක්වූ කණ්ඩායම දැන් බලයට පැමිණ ඊටත් වඩා දරුණු ලෙස කටයුතු කරමින් සිටින බව කී කොළඹ අගරදගුරුතුමෝ රට තුළ ඒකාධිපතිවාදයකට හෝ බොරු කියා ගේම් ගසන ආකාරයේ වාදයකට ඉඩදිය නොහැකි බව ද පැවසූහ.
ආණ්ඩුවක් තීරණ ගත යුත්තේ ධනවතුන්, බලවතුන් හෝ විදේශ රටවල් පැත්තේ සිට නොව ජනතාව ගැන සිතා බවත්, දැහැමි ප්‍රතිපත්තිගරුක, විනිවිද පෙනෙන පාලනයක් වෙනුවට ටිකෙන් ටික රට බිලිගන්නා මෙම දූෂිත පාලන ක්‍රමයෙන් රට විනාශ වනු ඇතැයි ද සඳහන් කළහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙනවා‘‘
Hafeel Wednesday, 02 June 2021 09:54 AM
හෙට අනිද්දා වෙනකොට මේ මතය වෙනස් කරන්න නැහැ නේද රදගුරුතුමා.
kapila Wednesday, 02 June 2021 09:55 AM
රටේ පොදු මහජනයා වෙනුවෙන් යම් බලපෑමක් කලහැක්කේ ඔබ වහන්සේට පමණි. ඒ වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රණාමය ඔබවහන්සේට හිමි වියයුතුයි. මම බෞද්ධයෙකු ලෙස අපේ මහා නායක හිමිවරුන් පිළිබඳව කලකිරීමට පත්වී සිටිමි. අද මහජනයා අසරණව ඇත. තම මතය ප්‍රකාශ කිරීමට මාවතක් නැත. ආගමික නායකයින් ලෙස ඔබවන්සේලා ඒකාබද්ධ උත්සහයක් ගන්නේ නම් මේ මොහොතේ රටට කරන මහඟු සේවයකි.
සෙනෙවිරත්න Wednesday, 02 June 2021 01:50 PM
මමත් එකඟයි එම කතාවට, බොරු බෞද්ධයන් මේකට එකඟ නැති බව පේනවා. මහනායක හිමිවරු නැති ගානයි. ඉඳලා හිටලා කවුරු හරි පලතුරු වට්ටියක් අරගෙන ගියාම ඒක අත ගහලා පිළිගන්නවා හැර යමක් දැක තිබේද? මහනායක හිමිවරු නිශ්ශබ්දව ඉන්න නිසා සමහර උන්නාන්සේලා පිනුම් ගහනවා.
දිලාන් Wednesday, 02 June 2021 08:27 PM
එදා පාස්කු ප්‍රහාරයේදී ඔබලාත් එක්ක එකට හිටගත් අපිට සහරාන් කියන්නේ වීරයෙක් කියලා හිතන්න සලස්සන්න නම් එපා...
saman Wednesday, 02 June 2021 10:03 AM
දේශපාලුවොන්ටයි හෙන්චයියොන්ටයි මෙ කතාවට ගොඩක් රිදෙයි, නමුත් මේක තමයි යථාර්ථය. රට විකුණල රට පාලනය කරන්න මුදල් හොයන්න අවශ්‍ය නෑ, මේ තත්වය කුඩු කාරයෙක්ගේ පිරිහීමට සමානයි. පාලකයට දුන්න වැඩි බලයත් එක්ක රටේ විනාශය තමයි වැඩි වෙලා තියෙන්නෙ. මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන. අපිට පරිහානිය මිසක් වෙන දෙයක් උරුම නැද්ද?
පුරවැසියා Wednesday, 02 June 2021 10:13 AM
පළමුවත් මව් රට ......දෙවනුවත් මව් රට........ තෙවනුවත් මව් රට
jagathWednesday, 02 June 2021 01:05 PM
ඕක දින දහයක් උදේ සවස 21ක් වරක් මැතිරීමෙන් රටට සෞභාග්‍යය උදා වෙනවා. අත්දුටුවයි, සත්තයි...
SIRIPALAWednesday, 02 June 2021 01:40 PM
යුද්ධය කාලේ එහෙම කීවට දැන් එහෙම කියන්නේ නැහැ.
මහකන්දේ විජිතසිරි හිමි Wednesday, 02 June 2021 10:34 AM
මට හිතෙන්නේ කාදිනල්තුමා ඉක්මන් වෙලා කලබල වෙලා කියලා. ටිකක් ඉවසීමෙන් ඉඳිමු.. වසංගත මේ අවස්ථාවේ...
සිරිබිරිස්Wednesday, 02 June 2021 12:07 PM
ඉක්මන්වෙලා නොවෙයි හාමුදුරුවනේ පසුගියකාලේ කරපු කියපුදේ වැරදිබව තේරිලා...
බමුණු.Wednesday, 02 June 2021 12:34 PM
අපේ ගොට්ටන් වගේ නෙමෙයි කාදිනල් හිමිපාණෝ... ඔය තව ඉවසන්න කියන්නේ මොන කෙන්ගෙඩියකටදැයි නොදැනේ. නැව ගිලෙනවා. ඉවසන්නලු...
මහකන්දේ විජිතසිරි හිමිWednesday, 02 June 2021 01:57 PM
ඉවසීමෙන් සැනසීම ලැබේ. ඉවසීම නැතුව කටයුතු කළොත් වැනසීම වේ. බුදුරජාණන් වහන්සේ ඉගැන්නුවේ එහෙම... ආගමික නායකයින් මේ වෙලාවේ මිනිසුන් සන්සුන් කළ යුතු වෙලාවක්. කලබල කළයුතු වෙලාවක් නොවේ...
මාදවWednesday, 02 June 2021 02:43 PM
බැරිද මහනායක කෙනෙක්ව හොයලා දෙන්න බෙහෙතකට....
hira Wednesday, 02 June 2021 10:56 AM
තීන්දු තීරණ ගන්නකොට ඔක්කොම අයව සනසන්න බැහැ කාදිනල්තුමෝ... තැනේ හැටියට ඇණේ ගැසුවේ නැතිනම් ලංකාව සදාකල් සෙත්තපොච්චි තමයි.
Tharindu PereraWednesday, 02 June 2021 11:17 AM
ආ... ඒ කියන්නේ රට විදේශිකයන්ට විකුණලා හරි අපේ ස' රට ගොඩගන්නවා එහෙනම්. හොඳා හොඳා. අපිට හරිම සන්තෝසයි! බලනකොට මම තමයි හොඳටම කරලා තියෙන්නේ.
SaaliWednesday, 02 June 2021 11:43 AM
ඔය නියමෙට යන්නේ...
යෝගා Wednesday, 02 June 2021 10:59 AM
දැන් ඒ පාර මොකක්ද අලුත් ජවනිකාව..!
[email protected] Wednesday, 02 June 2021 11:30 AM
ඔබත් මේ පාලනයේ කොටස් කරුවෙකි...
ran Wednesday, 02 June 2021 12:25 PM
මේ රජය බලයට ගේන්න කටයුතු කළ සෑම දෙනා රටට වෙන විනාශය ගැන වගකිව යුතුය. බලාඉද්දිම රට විනාශයට යනවා. රජවරු දෙවිවරු වගේ ආරක්ෂා කරපු ටක්..
pradeepa Wednesday, 02 June 2021 12:31 PM
ඔබ වහන්සේ අපි ගැන රට බය නැතිව කතා කරනවා. ඒක අපිට ලොකු හයියක්.. ඒකට අපේ කට්ටිය මොනවත් කියන්නේ නැහැ. නායකයන්ට අවවාදයක් දෙන්නේ නැහැ. පුටු රත් කරගෙන හිනාවේවි.
fairoos Wednesday, 02 June 2021 12:39 PM
‘‘පාස්කු ප්‍රහාරයට වගකියන සියලු දෙනාට නඩු ‘‘ හෙට ප්‍රවෘත්තියක්... ඊට පස්සේ කාදිනල් තුමා කියයි සර් පාස් කියලා...
Raveendra Wednesday, 02 June 2021 01:09 PM
පාස්කු ඉරිදා බෝම්බෙන් හොයා ගත්ත සල්ලි ටික ඉවර වේගෙන යනවා වගේ.. කමක් නෑ.. මොනවා හරි කියලා කීයක් හරි හොයාගෙන සතුටින් ඉන්නකෝ...
Don perera Wednesday, 02 June 2021 01:33 PM
හරියට හරි... මේ අය රට කාලා ඇමෙරිකාවට යයි..
ganegoda Wednesday, 02 June 2021 01:54 PM
හොඳ පූජකයින්ට දිවැස් තියෙනවා....
Bishan Wednesday, 02 June 2021 01:55 PM
මේ ආණ්ඩුවට 2/3ක බලයක් ලැබෙන්න ඔබතුමාගේ ප්‍රකාශත් හේතු වුණා. එම නිසා මෙවැනි පරිසරයක් හැදෙන්න ඔබත් වගකිව යුතුයි...
සත්‍යපාල Wednesday, 02 June 2021 07:33 PM
ආරක්ෂාවට වග කියන නායකයෙක් කියලා පම්පෝරි ගහලා, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සියලු දෙනාටම දඬුවම් දෙනවා කියලා දහසකුත් බොරු පොරොන්දු දීලා සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු නායකයා... අන්තිමට ජනතාව ගොනාට අන්දවපු එකයි සිද්ද වුනේ...
bandara Wednesday, 02 June 2021 02:46 PM
අපේ නායකළ බෙන්ස් පූජාවල් බාරගෙන වගේ නිහඬව ඉන්නේ... අගරදගුරු තුමාට වෙඩි නොවදින රථයක් යහපාලන ආණ්ඩුවෙන් පුජාවක් හැටියට එව්වා. ආපු ගමන් උන්වහන්සේ එක ආපසු ඇරියා. වෙන නායකවරුන් කවදාවත් එහෙම ප්‍රතික්ෂේප කරලා නෑ. ඒකයි ඇත්ත...
චින්තක Wednesday, 02 June 2021 08:37 PM
තනිකරම ආගමික අන්ත වාදියෙක්, ඉදිරියේදී සහරාන්ලා සිය ගණනක් බිහිවෙනවා සිකුරුයි. කොටින්ම මෙය මෙයාලාගේ කතෝලික පාසල්වල බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගම්වල එක දරුවෙකුටවත් ඉගෙන ගන්න අවස්ථාවක් දෙනවද? ඒ කතෝලික පාසල්වලටත් පොත් පත් සහ අනෙකුත් පහසුකම් ගන්න වියදම් කරන්නේ රජයේ සල්ලි...
Sri Lanka Wednesday, 02 June 2021 03:56 PM
ඕක තමයි සුද්දගේ න්‍යාය... අවුරුදු 5න් 5ට ආණ්ඩු මාරු කිරීම.. එතකොට කවදාවත් රටකට ගොඩයන්න බැහැ. කළින් කඩේ ගිහිල්ලා දැන් මොකද?
CHANDIMA Wednesday, 02 June 2021 10:38 PM
ඒ පාර රාසප්පු ජෝසප් පියතුමා යාපනයේදී නවත්තපු තැනින් පටන් ගන්න වගේ යන්නේ.
ලසන්ත Thursday, 03 June 2021 03:33 AM
මේ විදියට රටේ හැමදේටම ඔලුව දාන්න ගියාම එතුමාට තමන්ගේ ආගමික කටයුත්තක් කරගන්න වෙලාව තියනවද? එහෙම නැත්නම් ලබන පාර ඡන්දෙටවත්?
Dilshan Thursday, 03 June 2021 06:08 AM
කාදිනල් තුමා කෝකටත් පරිස්සමෙන්. මොකද මේ දේශපාලනයේ අන්තිම තුරුම්පුව ආගම් හා ජාතිවාදය. ඔබතුමා තර්ජනයක් බව මේ අයට දැනුණොත් අනිවාර්යෙන්ම ඊලඟට අවුලවන්නේ බෞද්ධ කතෝලික ගැටුමක්. මේක කරන්න ඉතාමත් ලේසියි මේ අයගේ හෙන්චයියන් දම්මලා. පහුගිය කාලයේ අපි දැක්කා කලු ඉරිදා වැනි වැඩසටහන් එක්ක, සමාජ මාද්‍ය වල වෙනම මතයක් කතෝලික පල්ලිය ගැන හැදුවා.
Derana Thursday, 03 June 2021 12:06 PM
දිල්ෂාන්ගේ අදහස මමත් අනුමත කරනවා. ඕනෑම මොහොතක කබරගොයා, තලගොයා කරන්න මේ අයට පුදුම හැකියාවක් තියෙන්නේ. රටට ආදරේ කරණ බොදුණු... කිතුණු, ඉස්ලාම්, හින්දු අපි අවධානයෙන් ඉඳිමු. රට හරිමගට ගැනීමට එකට වැඩ කිරීම අවශ්‍යයි. මැතිවරණවලදී අප කළ මෝඩකම් නැවත නොකිරීමට දැඩි මතයක ඉඳිමු...
සපුමල් Thursday, 03 June 2021 12:22 PM
කාදිනල්ගේ රතු සාටකේ හුළඟට ගහගෙන ගිහින් වගේ. ඒත් ඒක් නැතිවෙලා නෑ. ආයිත් ලැබුණොත් දාගනී. මහ මුහුදේ රැල්ල ගහන පැත්තට මිසක් අනිත් පැත්තට කුණු ගසාගෙන යන්නේ නෑනේ. කොහොමත් රට ගැන තියෙන ආදරේ කියන්නේ බුද්ධිමත් චින්තනයක් සහිතව රට දියුණු කරන, රට සහ ජනතාව රැකගන්න එක. එය කළ හැකි පදනම දාන එක. ඒත් කාදිනල්ලා එදා ඉඳලා කරේ හොරුන්ට, බෝම්බ ගහපු අයට කඩේ ගිය එක. අපි වෙන දේ දැක්කා. ඒත් ඔබලා කඩේ ගියා. දැන් අපිට කියන්න එන්න එපා.
යොධයා Thursday, 03 June 2021 04:53 PM
ඔබ වහන්සේගේ දෙපා වැඳ නමස්කාර කරමි.
gamage Friday, 04 June 2021 09:28 AM
මෙයා සාටක හෝදන එක නතර කරලද?