IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘රට විනාශ කරපු අයත් පාර්ලිමේන්තුවට තේරිලා‘

“අද පාර්ලිමේන්තුවට තේරුණු අය අතරේ මේ රට විනාශ කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ විශාල කොටසක් පරාජය වෙලත් තියෙනවා. රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ ඔවුන් පරාජය වුණේ ඇතැම් පිරිස් සංවිධානාත්මකව සිදු කළ දේවල් නිසා බව ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අර්ජුන රණතුංග මහතා පවසයි.

මහර මෙහෙයුම් කාර්යාලයේදී අද (19) මැතිවරණයේදී තම ජයග්‍රහණය උදෙසා කැපවූ පාක්ෂිකයින්ට ස්තුතිය ප්‍රකාශ කිරීමේ සුහද හමුවට එක් වෙමින් මේ බව පැවසූ රණතුංග මහතා මනාප 1 65 890 ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයටද පත් විය.

පසුගිය 17වැනිදා ජයග්‍රහණය ඉදිරියටත් ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවත් මෙවර තේරී පත්ව ඇති ඇතැම් අයගේ කුමන්ත්‍රණ හමුවේ රට ඉදිරියට ගෙන යාම අසීරුවනු ඇති බවත් ඒ මහතා කීවේය. මේ හේතුවෙන් යහපාලනය සහ සුපිළිපන්න බව ආරක්ෂා කරගැනීම උදෙසා මහජනතාව තවදුරටත් කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කළේය.

“අපි එක්සත් ජාතික පක්ෂයත් සමඟ ආණ්ඩුවක් හදන ක්‍රියාවට අත ගැහුවේ ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට තිබූ අවශ්‍යතාව නිසා.. පහුගිය දවස්වල තිබුණ ප්‍රශ්න සියල්ලම විසඳගෙන ඉදිරි වසර පහ සඳහා මේ රට පිරිසිදු නායකයින් දෙදෙනෙකුට භාරදෙන්න අපට හැකි වුණා. ඒ සඳහා තමුන්නාන්සේලා විශාල කැපවීමක් කළා. නමුත් අමතක කරන්න එපා මේ ජයග්‍රහණයට විරුද්ධව සිටින කණ්ඩායම්වලටත් අද පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙලා තියෙනවා. ජාතිවාදය අවුස්සන, රට බෙදන්න හදන කෙසේ හෝ බලය ලබාගන්න හදන ඒ කණ්ඩායම් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ගැන අවධානයෙන් අපි රට ඉදිරියට ගෙනියන්න ඕන” යැයිද අර්ජුන රණතුංග මහතා කීවේය.

 



අදහස් (0)

‘රට විනාශ කරපු අයත් පාර්ලිමේන්තුවට තේරිලා‘

ධනුක Wednesday, 19 August 2015 09:58 AM

ඔය හැම දෙනාවම පත්කරලා එවලා තියෙන්නෙ රටේ ජනතාව.මහත්තයෝ, ඔයා ඔයාගෙ දේශපාලනය කරන්න. එයාලා එයාලගෙ දේශපාලනය කරයි. හොරු අල්ලන එක පොලිසියෙ රාජකාරිය.ඒකක් එයාලා කරයි.ඒකට ඔයාලා බලපෑම් කරන්නෙ නැතුව හිටියොත් හොඳටම ඇති (නි)

:       0       0

රුවන් Wednesday, 19 August 2015 10:02 AM

වැඩි සද්ද එපා හොඳේ. වැඩ කරන්න. රටේ ප්‍රශ්න් සෑහෙන තිබෙනවා. ඒවා ටික ඉක්මනට අවසන් කරන්න (නි)

:       0       0

ඔමිල Wednesday, 19 August 2015 10:03 AM

අපරාදේ! පරාද කළයුතුම තවත් අයත් එතන ඉන්නවා (නි)

:       0       0

සශික Wednesday, 19 August 2015 10:04 AM

කවුද කියලා කියන්න බැරිද? (නි)

:       0       0

සක්විති Wednesday, 19 August 2015 02:42 PM

ඔබේ සීට් එක හඳුන්නෙත්තිට දෙන්න අවංකවම පුළුවන්ද? බෑ නේද? ඒ නිසා මැච් එක පටන් ගන්න කලින් නයිට් වොච්මන් හොයන්නැතිව ඉන්න බොස් (බ)

:       0       0

රණසිංහ Wednesday, 19 August 2015 10:04 AM

මතක තියාගන්න. රට විනාශ කළ අය ඔයාලගේ පැත්තෙනුත් ලක්ෂ ගණන් මනාප අරගෙන දිනලා ඉන්නවා. (නි)

:       0       0

ඔමිල Wednesday, 19 August 2015 10:05 AM

අනේ මොකටද කියලා හිතුනා මගේ කට! (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 19 August 2015 02:51 PM

ඔබතුමා අප රෙට් බිහි වූ විශිෂ්ටම ක්‍රිනට් නායකයා, ඒ්ත් අැයි මේ ජයග්‍රහණයක් ලබලත් කෙඳිරි ගාන්නේ? දැන් ඉතින් වැඩ පිළිෙවල ක්‍රියාත්මක කරමු. (බ)

:       0       0

දහම් Wednesday, 19 August 2015 10:08 AM

ඔයාලට ඔය කතා කියන්නත් පුළුවන්වෙලා තියෙන්නේ නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් හදා, ත්‍රස්තවාදය පරදවා මහින්ද මේ රට නිදහස් කරදුන් නිසා. එතුමාට විතරයි ඒකට කොන්දක් සහ රට ජාතිය ගැන ආදරයක් තිබුනේ. (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 19 August 2015 03:07 PM

අර්ජුන, ඔබ කියන දේ හරි (බ)

:       0       0

ටිෂාන් Wednesday, 19 August 2015 10:08 AM

සහතික ඇත්ත (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 19 August 2015 10:12 AM

අර්ජුන මන්ත්‍රීතුමා, ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත. (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 19 August 2015 03:39 PM

ජනපතිතුමනි, අගමැතිතුමනි, දූෂිතයින් හා චුදිතයින් ඇමති, නි. ඇමති තනතුරුවලට තෝරා ගන්න එපා. (බ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 03:49 PM

සහතික ඇත්ත. දෙපැත්තේම ඒ වගේ අය තේරිලා ඉන්නවා. (නි)

:       0       0

ඉන්දික Wednesday, 19 August 2015 10:24 AM

ඔබගේ ප්‍රකාශය හරියටම හරි. නමුත් ඔබතුමාලා තමා මේ හොර තක්කඩි රැල වෙන් කරලා අවංක කට්ටිය සමඟ සමගි ආණ්ඩුව ඉස්සරහට ගෙන ගොස් රට සංවර්ධනය කළයුත්තේ. (නි)

:       0       0

තිලක් Wednesday, 19 August 2015 04:25 PM

වැරදි නිගමනයක්.මිනිස්සු අකමැති අය ගෙදර ගියා. ඒ මිනිසුන්ගේ තීරණයක් (නි)

:       0       0

නිමල් Wednesday, 19 August 2015 06:15 PM

ආනන්ද කියන කතාව ඉටුකරන්න ගියොත් ඇමති මණ්ඩලය 5 විතර සීමාකරන්න වෙයි. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 19 August 2015 11:10 AM

අනේ ඔබත් රට බෙදනවාට විරුද්ධ කෙනෙක් බව නිකමට හරි කියනවා ඇසීමත් සතුටක්.(ම)

:       0       0

ගුණතුංග Wednesday, 19 August 2015 10:56 PM

සමහර දිස්ත්‍රික්ක වල සමහරුන්ට සිදුවූ අසාධාරණය සියල්ලන්ටම පෙනේවා! (නි)

:       0       0

ගුණතුංග Wednesday, 19 August 2015 10:57 PM

ස්තුතියි කතාවට! (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 20 August 2015 12:09 AM

ඔබ පත්වුණානේ. දැන් අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ වැඩ කරන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 20 August 2015 12:10 AM

අැයි මේ ජයග්‍රහණයක් ලබලත් කන්කෙඳිරි ගාන්නේ? (නි)

:       0       0

තිළිණ Wednesday, 19 August 2015 12:10 PM

මට නම් එහෙම දෙයක් පෙනුනේ නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 20 August 2015 02:00 AM

අගමැතිතුමනි, ඔබතුමාගේ විවෘත ආරාධනාව පිළිගෙන මෙවරත් තේරීපත්වුණු හොරු සහ දුෂිතයින් ඔබ ළඟට ඒවි. ඔවුන්ව ළංකර ගන්න එපා. එහෙම වුණොත් ඔබතුමාගේ වැඩපිළිවෙල විනාශවෙනවා සිකුරුයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 19 August 2015 12:22 PM

යූඑන්පී එකේ ඉන්න ඔක්කොම පිරිසිදුයි.එහෙමද? (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Thursday, 20 August 2015 02:40 AM

කට විතරක් තිබෙන කටින් බතල හිටවන අය නැතුව කට නැති වුණත් වැඩ සහ සුදුසුකම් තිබෙන අයට ඇමතිකම් ලැබේවා! (නි)

:       0       0

නලින් Wednesday, 19 August 2015 12:28 PM

හොඳ දෙයක් කතා කරනවට වඩා නරකමනේ කතාකරන්නේ... (නි)

:       0       0

සම්පත්-ඩුබායි Wednesday, 19 August 2015 12:30 PM

ඔබතුමාට ක්‍රිකට් ගහන්න හොඳට පුළුවන් වුණාට දේශපාලනය කොතරම් දුරට පුලුවන්ද කියලා හිතාගන්න පුළුවන් පක්ෂ මාරුකළ ගණන බැලුවහම (නි)

:       0       0

ඔෂාන් Wednesday, 19 August 2015 12:31 PM

ඒක ඇත්ත (නි)

:       0       0

නජිත් Wednesday, 19 August 2015 12:39 PM

ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ තමයි (නි)

:       0       0

ගජේන්ද්‍ර Wednesday, 19 August 2015 01:11 PM

කවුද ඒ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 29 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 86 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 590 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 770 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 65 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 200 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site