IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රට විරුවන්ගේ දරුවන්ට ලක්‍ෂ 93 ක ශිෂ්‍යත්ව

(යොහාන් භාසුර)

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දරුවන් 358 කට රුපියල් ලක්‍ෂ 93 කට ආසන්න ශිෂ්‍යත්ව පිරිනැමූ බව එම කාර්යංශය පැවසීය.

විදේශ රැකියා නියුක්තිකයන්ගේ දරුවන් 2021 වසරේ දැක්වූ අධ්‍යාපන කුසලතා අනුව එම ශිෂ්‍යත්ව පිරිනැමූ බවත් එම ශිෂ්‍යත්වය මහපොල ශිෂ්‍යත්වය පමණක් දෙවැනි වන බවත් විදේශ රැකියාවල නියුක්ති කාර්යංශය පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී එම ශිෂ්‍යත්ව ප්‍රධාන පැවැත්විණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ කළමණාකාර සජිත් චාමින්ද මහතා එහිදී පැවසුවේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ දරු දැරියන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සිය පවුල් සබඳතා තාවකාලික අතහැර රටින් බැහැරව ගියත් ඔවුන්ගේ පවුල රැක ගැනීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය මැදිහත් වන බවත්ය.

එම ශිෂ්‍යත්ව ලැබීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිවරැදි පුහුණුව ලබා නීතියානුකූල අයුරින් විදේසගත වීමත්, කාර්යංශයේ ලියපදිංචි වීමත් අනිවාර්ය බව ඒ මහතා සඳහන් කළේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, රජරට විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය අජිත් තල්වත්ත, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් එල්.එම්.එම්.සඳමාලී යන මහත්ම මහත්මීහූ ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

රට විරුවන්ගේ දරුවන්ට ලක්‍ෂ 93 ක ශිෂ්‍යත්ව

Suneth indika Friday, 08 September 2023 10:58 AM

මගේ දුව සාමාන්‍යෙපළ විභාගය පාස්... ඒත් අපි කිසිම දෙයක් ගත්තේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 76 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 292 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2275 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1671 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3228 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1625 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26064 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site