IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


රට වැසීම ගැන රජය මුරණ්ඩු ස්ථාවරයක නෑ

(ඩයනා උදයංගනී)

මොනවා වුණත් රට වහන්නේ නැතැයි යන මුරණ්ඩු ස්ථාවරයක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බලකාය ලබාදෙන නිර්දේශ අනුව සුදුසු තීන්දු ගැනීමට රජය සූදානම් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ලෝකයෙ කොවිඩ් වසංගතයට විසඳුම් ක්‍රියාමාර්ග තුනක් අනුගමනය කරන බව කී ඇමතිවරයා මුළුමනින්ම රට වැසීම, ජනගහණයෙන් සියයට 40කට 50කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම සහ යම් ප්‍රමාණවත් සංඛ්‍යාවකට එන්නත දී රට අර්ධ වශයෙන් විවෘත කිරීම එම ක්‍රමවේදයන් බවත්, ශ්‍රී ලංකාව ඉන් තුන්වෙනි ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් පැවසීය.

අවුරුදු එහ හමාරක් පමණ රටේ විවිධ අංශ වසා දමා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය අනුව එම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් අලහප්පෙරුම මහතා කීවේය. මෙම අවස්ථාවේ මෙරට රැකියාවක් නැති මිලියන අටක පිරිස දෙසත් ආණ්ඩුව ඉතා සංවේදීව බැලිය යුතු බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා නමුත් රජය අනම්‍ය තීරණයක නොමැති බව ද පැවසීය.

සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසුවේ වසර එක හමාරක් තුළ අවස්ථා රාශියකදී රට වසා දැමූ අතර ඒ සෑම අවස්ථාවකට නොවිධිමත් ආර්ථිකයක් ඇති ජනතාව පීඩාවට පත්වූ බවයි.

ඔවුන්ට ආධාර දීමට රුපියල් කෝටි 8,000කට වැඩි මුදලක් වැයවූ බව කී ඇමතිවරයා රට ආර්ථික අපහසුතාවයක සිටින මෙවැනි මොහොතක අඛණ්ඩව සහනදීමේ ගැටලුවක් බවත්, දැනටත් රට තුළ පාසල් වැසීම, පළාත් සංචරණ සීමා, ආයතනවල කාර්ය මණ්ඩල සීමා කිරීම වැනි පියවර ගෙන තිබෙන බව සඳහන් කළේය.

 



අදහස් (5)

රට වැසීම ගැන රජය මුරණ්ඩු ස්ථාවරයක නෑ

pakeer Wednesday, 18 August 2021 04:12 PM

ආර්ථිකේ ගැන ඔයාලා ඔච්චර හිතනවා නම්... නාස්තියයි, දූෂණයයි පිටු දකින්න. කොමිස් ගහන එක නවත්වන්න.. මෝඩ මීහරක් ව්‍යාපෘති නවත්වන්න.. ආර්ථිකයට හරියන වියදම පුරුදු වෙන්න. මෙහෙම ආර්ථිකේ ගැන කැක්කුමක් තියෙනවා නම් රටට මේ වගේ එක එක්කෙනාගෙන් හිඟාකන්න වෙන්නේ නැහැ.

:       0       8

kapila Wednesday, 18 August 2021 05:02 PM

මුල්ම පුවත බලන්න. මුරණ්ඩුකම හොඳින්ම පේනවා.

:       0       6

Dhammika Wednesday, 18 August 2021 05:06 PM

මිලියන 8 ක් වගේ ලොකු ගාණකට නිකම්ම කන්න දිදී ඒ අය දුප්පත් කරේ අපිද? උඹලාම අවුරුදු 10කට වැඩිය රට පාලනය කරලා තියෙනවා. හම්බානෙට ණය අරන් තියෙනවා. තවත් ගන්නවා. කෝ ඒ ගත්ත ණය වලින් මොනවද කලේ. තමන්ගේ අය, තමන්ට කඩේ ගිය අය ආණ්ඩුවේ ආයතනවලට දැම්මා. එතන වියදම වැඩි කළා. අර සහන, මේ සහන කියකිය නිකන් දීලා වැඩ කරන්න අය නිකමුන් කළා. තමන්ගේ රටේ හදන්න පුලුවන් දෙයක්වත් හදන්න එක කර්මාන්තයක් දැම්මාද? ඔක්කොම රටින් ගෙන්නෙව්වා. එහෙම කරලා අද කියනවා ඩොලර් නැතිලු. යකෝ ඩොලර් නැතිකලේ අපිද?

:       1       7

පප්ප Wednesday, 18 August 2021 05:32 PM

මේකත් ආපු ගමන් අරයා වගේම බොරු කෙලින්න පටන් ගත්තා...

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 August 2021 05:51 PM

අපොයි ඔව් ඔව්... මුරණ්ඩු ස්ථාවරයක ඇත්තේම නැහැ. ඒ ගැන තවත් කුමන කතාද? ඔබතුමා සන්නිවේදන ක්‍රම සහ විධික්‍රම භාවිතා කර යථා තත්වය විකෘති කරන්නට ගියාම පිරිහෙන්නේ ඔබතුමාමයි. ඒක අමතක කරන්නට එපා...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 504 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 146 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 236 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 305 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 947 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 388 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site