IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


’’රට වහගෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බෑ’’

(සුජිත් හේවාජුලිගේ )

ඉක්මනින්ම  රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ(5) පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම් උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

"එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් මේ මාසෙදි අපට ලැබෙනවා .මේ තත්ත්වය නිසා අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් වේවි.මොකද අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ." 

 



අදහස් (22)

’’රට වහගෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බෑ’’

Jit Monday, 05 July 2021 07:56 PM

ආණ්ඩුවේම එක්තරා ඇමතිවරයෙක් ඇතුළු බොහෝ දෙනෙක් නම් කියන්නේ "දැන් රටට ඇරලා" කියලයි. මොකද්ද දන්නේ නෑ ඒ කතාවේ තේරුම?.

:       1122       1459

දොලේවත්ත Monday, 05 July 2021 08:16 PM

ඩ්‍රයිවින් බැරි මමත් වැඩිපුර කතා කරන්නේ පාරෙ තත්ත්වය ගැන...

:       186       717

Prabha Monday, 05 July 2021 08:29 PM

ඕක හිතන්න තිබුණේ දැන් නෙමේ අර මුට්ටි සෙල්ලම් දදා හිටපු කාලේ...

:       214       1173

sam Monday, 05 July 2021 10:02 PM

ලංකාවේ ඒකමඅර්ථිකේ ටුවරිසම් කියලා හිතාගන ඉන්නේ

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 July 2021 10:57 PM

රට වහගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බැහැ. ඒක ඇත්ත. ඒත්, ඒ වගේම, රට ඇරගෙන කෝවිඩ් හොඳ කරගන්නත් බැහැ. පුදුම තත්වයක් තමයි වර්තමානයේ ඇතිවී තිබෙන්නේ. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ ඔබතුමාලාම තමයි. දැන් අමතක වුණාට, මතකද? පසුගිය කාලේ, වෛද්‍ය මතයට ඇහුම්කම් නොදුන් හැටි. අපට නම් ඒවා හොඳහැටි මතකයි. කොවිඩ් බෝවෙනවද කියා අත්හදා බැලීම් කරපු හැටි අමතකද? එදා වෛද්‍ය මතයට කන් දුන්නා නම්, අද මේ අහිතකර තත්වය ඇති නොවෙන්නට ඉඩ තිබුණා...

:       0       0

සිරිබිරිස් Monday, 05 July 2021 11:44 PM

සමහර අය ඉන්නවා ඇරියත් බැහැ... වැහුවත් බැහැ. මොනවා කරත් බැහැ. එහෙම අයට කියන්නේ පින්ගුත්තරයින් කියලා...

:       0       0

K d gunasena Tuesday, 06 July 2021 06:01 AM

මිනිස්සුන්ට බෙල්ලේ වැල දාගන්න වෙලා තියෙන්නේ දැන්..

:       0       1

C.K.Lankaputhra Tuesday, 06 July 2021 06:43 AM

මම නම් හිතන්නේ සර් හරියටම කළා කියලයි.

:       0       1

mp Tuesday, 06 July 2021 06:45 AM

ඔය ඇත්තෝ එහෙම කියන්නේ ඔය ඇත්තන්ගේ සනුහරේටම එන්නත් අරගෙන නේද? අනිත් මිනිස්සු ඒ කිසිම ආරක්ෂාවක් නැතිව නේද මහමගට බහින්න ඕනෑ තෙරපි තෙරපි... ඒවා ආත්මාර්ථකාමී බහුභූත.

:       0       0

Dewa Tuesday, 06 July 2021 07:01 AM

කට්ටියටම දැන් තමයි මේවා මතක් වෙන්නේ. කරන්න ඕනේ දේවල් කළේ නැහැ. තීන්දු නොගැනීමේ විපාක තව ඉස්සරහට තේරේවි රටේ මිනිස්සුන්ට.

:       0       0

Bamunuarachchi Tuesday, 06 July 2021 08:04 AM

විරුද්ධ පක්ෂයේ හාදයෝ, ජෙප්පෝ කට වහගෙන හිටියොත් රට ඉදිරියට යයි. 1971- 1989 කාලේ ජෙප්පෝ රට වට්ටපු වැටිල්ලට තවම නැගිටින්න බැරි වුණා.

:       131       0

BishanTuesday, 06 July 2021 04:48 PM

ඔයා වගේ වහල්ලු ලෝන්ඩරි වැඩ කරනකන් රට එක තැන. තවත් රාජපක්ෂලාට කඩේ යන්නේ රෙදි ඇඳගෙනද?

:       0       3

Nalin Tuesday, 06 July 2021 08:27 AM

කවද්ද අනේ රට වහලා තිබ්බේ..? අහිංසක එදා වේල හම්බකරන් කන මිනිහට විතරයිනේ රට වහලා තිබුණේ. ඔය ලොකු ලොකු කොම්පැනි ඔක්කෝම හොඳට ඇරලා තිබුණේ ලස්සනට.. තාම කියන්නේ රට වහපු කතා පිස්සුනේ අප්පට මෙයාලට... අර හිඟන්නගේ තුවාලේ වගේ මොනවා හරි කතාවක් කියමින් ඉන්නවා..

:       0       13

Rajitha madusanka guasekara Tuesday, 06 July 2021 09:25 AM

රට අරිනන ඔනි මේ සිමා මායාම් අයින් කරනන ඔනි ලෙඩේ පාලනය කරන එක මිනිසුන්ටම බාර දෙනන ඔනි

:       0       0

A Anoj Tuesday, 06 July 2021 09:35 AM

එහෙමන් මෙච්චරකල් රට වහන් ඉන්නෙ විපක්‍ෂයෙන්ද . නැත්නම් පිටරටකින්ද​?

:       0       2

Chris Tuesday, 06 July 2021 09:50 AM

අද වෙමින් තිබෙන්නේ, මිලිටරි බලය යොදාගෙන රට පාලනය කිරීමක්...

:       0       4

Prase Tuesday, 06 July 2021 09:50 AM

1969 ඉඳලා ගත්තොත් රට ඇරගෙන ඉඳලා, ආර්ථිකය දියුණුව මොකක්ද? බිලියන් ගණන් ණය විතරයි. වහලාම දැම්මානම් හොඳයි..

:       1       57

TiranWednesday, 07 July 2021 04:26 PM

වහලා දාලා විතරක් මදි හොරකන්ඩ බැරි විදිහට මොනහරිත් කරන්ඩ ඕන

:       0       0

Ran Tuesday, 06 July 2021 07:55 PM

ඕන තැනත්, නැති තැනත් හැම තැනටම හමුදාව දාලා, වැඩ වර්ජන, පෙළපාලි, රැස්වීම්, විරෝධතා ආදිය තහනම් කරලා ඒ මදිවට මාධ්‍ය නිදහසත් සීමාකරලා "යකඩ සපත්තු දාගෙන මාර්ච් පාස්ට්" කරලා නම් ආර්ථිකය නොවේ මොන දෙයක්වත් ඉදිරියට ගෙනියන්න බෑ...

:       0       0

Sadis Thursday, 08 July 2021 06:54 AM

රට ඇර ගෙන ජනතාව මරු මුවට ගෙනියන එක ලේසියි.

:       0       0

sharm warn Thursday, 08 July 2021 09:40 AM

ඔව්, ඔව්, ... 2005 ඉඳන් අවුරුදු 10ක් රට අරගෙන ආර්ථිකය නග්ගපු වැඩේට ආසියාව කොහොම වුණත් චීනය නම් ආශ්චර්යයට පත්වුණා. දියුණු වෙලා ඉස්සරහට ගිය තරම් කිව්වොත් චීනය හැප්පිලා කුඩුවෙලා ඉන්නේ. ඒකනේ දෙන්නා මදිවෙලා තුන්දෙනා එකතු වෙන්න යන්නේ රට කන්න.

:       0       0

ම​ම Thursday, 08 July 2021 09:52 AM

කරයි කියලා තමයි බ​ය...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 133 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 19 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 135 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 741 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 234 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 239 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 794 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 377 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site