IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


‘‘රට වහන්නේ නෑ’’

(අජන්ත කුමාර අගලගඩ)

කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට එහිදී උපදෙස් දී ඇත.

 



අදහස් (81)

‘‘රට වහන්නේ නෑ’’

මහසෙන් Friday, 06 August 2021 03:57 PM

ඔව් වහන්න එපා. එකා පිට එකා මැරි මැරී වැටුණත් වහන්න එපා. මහන්තත්තකමයි, මෝඩ තීරණයයි මිනිස් ජීවිත කනත්තට දක්කලා හමාරයි. හොඳටම කරනවා.

:       4739       12572

SIRIPALA Friday, 06 August 2021 07:31 PM

වසර 30ක යුද්ධය අවසන් කරපු නායකයෙක්, යමක් කිව්වොත් එය කරනවා...

:       1008       73

Demuni Uduwara Saturday, 07 August 2021 03:29 AM

එහි ඉතිහාසය හොඳින් කියවන්න!

:       0       101

VithanaSaturday, 07 August 2021 06:16 AM

අපි නම් දැක්කේ යුද්දය දරුණුම කාලේ ඉදිරිපෙල සටනින් අයින් වෙලා විදේශගත උන නායකයෙකුයි.

:       113       315

pjSaturday, 07 August 2021 09:18 AM

ඔව් ඔව්, මරන්න හොඳට දන්නවා. මරණින් ගලවාගන්න දන්නේ නැති වුණාට...

:       5       270

chandranSaturday, 07 August 2021 11:01 AM

අවුරුදු තිස් ගණනක් යන එකක් නෑ .මෙදා පාර ඔක්කොම මරලා දාන්න .තුන්සිය ගාණක් එක දවසෙන් මරලා ආපු එකේ

:       4       221

ShanSaturday, 07 August 2021 01:10 PM

යුද්ධය ඉවර කළේ මෙයා නොවෙයි. සරත් ෆොන්සේකා මහත්තයා. හරියට කරුණු දැනගෙන කතා කරන්න. නිකන් අදහස් දාන්නේ නැතිව. මෙයා සහ මහින්ද යුද්ධය කාලේ යාපනයට ගියේ නෑ එක දවසක්වත්...

:       2       525

chandimaFriday, 06 August 2021 09:46 PM

මහසෝන්, මේ ගොල්ලන්ට උද්ඝෝෂණ කරනකොටයි, පෙළපාලි යනකොටයි කොරෝනා හැදෙන්නේ නැතිනම් වැඩට යද්දී විතරක් කොරෝනා හැදිලා එකා පිට එකා මැරෙන්නේ කොහොමද? අනික අර අවුරුදු ගාණක් තිබුණු යුද්ධය වෙලාවේ එකා පිට එකා මැරෙනවා. ඒ නිසා යුද්ධය නතර කරලා උතුර දීලාදාන්න කිව්වද? නෑ නේද?

:       1384       1029

මහසෙන්Friday, 06 August 2021 11:03 PM

යන්නේ කොහේද? මල්ලේ පොල්. අවස්ථා සම්බන්දය බලන්න මහත්තයෝ ...

:       105       590

DasaSaturday, 07 August 2021 03:11 AM

වහන්නනම් එපා සර් .සර් පත් වුනු දවසේ ඉඳලා ගත්ත හැම තීරණයක්ම වගේ මේකත් හරියටම හරි .නුවණක්කාර තීරණයක් මේක

:       108       43

VithanaSaturday, 07 August 2021 06:15 AM

පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු 275 ක් මැරුණු එකට කොමිෂන් එකක් දැම්මා නම් මේ 4500 ක් මැරුණු එකට කොමිෂන් සභා 10 ක් විතර දාලා මේ වගේ තීන්දු තීරණ අරන් ජනතාව වලපල්ලට යවන අයට දැඩි දැඬුවම් දිය යුතුයි.

:       1       100

pjSaturday, 07 August 2021 09:12 AM

රට වැහුවාම කොහොමද වතුර, එන්නත් එක එක නමින් ගෙන්වල ගාන ගහගන්නේ...? අපේ ගමේ එන්නත් දෙකම විදගත් කීප දෙනෙකුටම දැන් කෝවිඩ්. ඉන් එක කාන්තාවක් තරුණ කටයුතු සම්බන්ධ රජයේ රැකියාවක් කරන්නේ. රැකියාව අහිමිවෙයි කියල බයෙන් වැඩට ගියා... දැන් කොවිඩ්. කාගේ පිහිටක්ද?

:       59       300

විකුම්Saturday, 07 August 2021 11:08 AM

'මගේ චූන් මටම චූන්'..... වගේ ඔය ආකාරයෙන් ඔබගේ ඩිවයිස් එකේ එකම තැනට කොටන්න එපා. එය ඩිවයිස් එකේ පැවැත්ම ඉතා හානිකරයි.

:       1       36

නිසංසලSaturday, 07 August 2021 01:46 PM

උදේ හවස මහ හයියෙන් ලවුඩ්ස්පීකර් පිරිත්, යාඤා දාලා අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන්බෙර පැලුවා . කුණ්ඩලණී මුට්ටි ගඟට අතෑරියා. හොර කපුවෙක්ගේ පැණියක් කරතබාගෙන ගියා. මුල පටන්ම හැදුවේ මිසදිටු සහ ගෝත්‍රික ක්‍රමවලින් කොරෝනා මර්ධනය කරන්නයි.

:       52       265

Ruwan R Friday, 06 August 2021 04:02 PM

රටේ ජනාධිපති ජනතාවගෙන් පළිගන්න..., හේතුවක් තියෙනවද?

:       548       1786

VithanaSaturday, 07 August 2021 06:19 AM

මිනිස්සු බනින්න බනින්න අනිත් චරිතේ මතු වෙනවා. ඉදිරියේදී මෙයා තව දරුණු වෙනවා. ඒකට ලෑස්ති වෙමු.

:       3       86

sharm warn Friday, 06 August 2021 04:08 PM

වහන්න එපා. ඔහොම්ම යන්න... ඔයාලා හොඳම එව්වායින් විදගන්න. අපි නම් හරි කියලා හිතාගෙනනේ ඉන්නේ. මතක තියාගන්න... මේ බල්ලො බළල්ලු වගේ මැරෙන්නේ ඔයගොල්ලන්ට ඡන්දෙ දීපු මෝඩයින් තමයි.

:       737       2459

Gamage Friday, 06 August 2021 04:20 PM

රිවර්ස් නන්දෙ කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා. හෙට උදේ වෙනකොට මොනවා කරයිද දන්නේ නැහැ.

:       445       1757

LankaputhaSaturday, 07 August 2021 10:01 AM

කරුණාකර, රට වහන්න බැරි නම් අඩුම තරමේ කට වහගෙන ඉන්නවද? සෞඛ්‍ය අංශය අවශ්‍ය දේ කරයි. කරන්න ඕනේ මොකක්ද කියලා ඔවුන් උපදෙස් දෙයි. ඔවුන්ට ඇහුම්කන් දෙන්න.

:       2       231

දාස Friday, 06 August 2021 04:24 PM

රටේ ආර්ථිකය රැක ගන්න. මිනිස්සු මැරුණාට කරන්න දෙයක් නැහැ නේද?

:       2       5

Kumara Friday, 06 August 2021 04:37 PM

මෙයාගේ තීරණ ගැන මට සත පහක විශ්වාසයක් නෑ. ශුවර් එකට හෙට කියයි රට වහනවා කියලා...

:       468       1358

බයියා Friday, 06 August 2021 04:47 PM

ආන්න ඒ කෙලින් තීරණවලටයි අපි ඔබතුමාට ඡන්දෙ දුන්නේ මහත්තයෝ..!

:       587       256

දාසFriday, 06 August 2021 05:36 PM

එ්ක හින්දනේ රටේ එකම නීතියක් කාටත් තියෙන්නේ... මේවාට දෙපැත්තෙන්ම හිනාවෙන්න ඕනේ..

:       13       688

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Friday, 06 August 2021 04:56 PM

අපි හිතුවේ සිංහයින් රජ වුණා කියලා... දැන් බලාගෙන ගියාම රජ වෙලා තියෙන්නේ බූරුවන් ටිකක්නේ... ඇත්තටම අපි කළකිරිලා තමයි ඉන්නේ...

:       390       1754

විපරමා Friday, 06 August 2021 08:11 PM

ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා ජනතාව ගොනාට ඇන්දුවා. කටාර්වල ඉන්න ඇත්තෝ ඡන්දෙ දෙන්නත් ආවානේ ?

:       3       308

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිටFriday, 06 August 2021 10:12 PM

අපි ඡන්දෙ දෙන්න ආවේ නෑ. අපිට එන්න ලැබුනේ නෑ. නමුත් අපි හදවතින්ම සුබ පැතුවා. අපේ අනාගත පරපුරට යහපත් රටක් නිර්මාණය වෙයි කියලා වුනේ මොකක්ද? යහපාලනය නවත්තපු තැනින් මේ ගොල්ලෝ පටන් ගත්තා... ඇත්තටම මම උපදින මතු සංසාරයේවත් මෙවන් රටක ඉපදෙන්න නොලැබේවා...!!!

:       6       230

Don Friday, 06 August 2021 05:00 PM

ශ්‍රී ලංකාවට දෙවි පිහිටයි.

:       158       515

ඉඳුනිල් ප්‍රියන්ත Friday, 06 August 2021 05:02 PM

අපි ජන්දෙ නුදුන්නත් ජවිපෙ කියූ සියල්ලම අද සත්‍ය වෙලා..

:       743       2441

දාසFriday, 06 August 2021 05:38 PM

ඒ මිනිස්සු හැමදාම කිව්වේ ඇත්ත... අපි ඡන්දෙ නුදුන්නාට....

:       192       1152

gunarathnaFriday, 06 August 2021 09:02 PM

ජවිපයට හොඳ කියනවා... ගෝඨාට ඡන්දය දෙනවා.

:       3       197

විජිත් Friday, 06 August 2021 05:09 PM

මොලේ කොරෝනා හැදුණාම ඔය වගේ "මරු කියවනවා.." ලු. ඔහොම යමු නන්දේ.. ඔබට වැඩි කලක් ඔය " වැඩ බැරි ටාසන් " චිත්‍රපටය පෙන්වන්න බැහැ.

:       0       175

කිරි පුතා Friday, 06 August 2021 05:23 PM

රට වහන්න බෑ. සරලව හිතන දේශපාලන පාට පමණක් හඳුනන මිනිසුන්ට ඒක තේරුම් ගන්න බෑ. ඒ පටු මිනිසුන් විවිධ හිස්වදන් දොඩනවා. රටක් කරන්න මුදල් ඕනෑ. එදිනෙදා හම්බ කරන් කන මිනිසුන් රැකෙන්න ඕනෑ. ⁣නිෂ්පාදන සිදුවෙන්න ඕනෑ. තම තමන් ආරක්ෂා වෙනවා නම් රට වහන්නේ මොකටද? මම ඉන්නෙත් පිටරටක. මේ රටෙත් රෝගීන් ඕන හැටියේ. නමුත් රට වහලා නෑ....

:       2298       1779

Ruwan RFriday, 06 August 2021 06:04 PM

නිෂ්පාදන කරලා, මුදල් හොයලා රට කරනවා කියන්නේ මිනිස්සු නැතිවද? ඒ ටික කරන්න ගිහින් තමයි.. මේ මිනිස්සුන්ට කොරෝනා හැදිලා තියෙන්නේ. බලෙන් හදාගත්තු අය ලංකාවේ නම් නැහැ. ලෙඩේ හැදුණට පස්සේ එයාලා මිනිස්සු නෙවෙයිද? මෙහෙම දිගටම මැරුණොත් කවුරු වෙනුවෙන්ද රට කරන්නේ?

:       0       113

මහසෙන්Friday, 06 August 2021 07:01 PM

හැම එකටම එක එක රටවල් එක්ක ලංකාව සංසන්දනය කරන්න එපා. මේක වසංගතයක්. ඒක තේරුම් ගන්න.

:       0       10

PrashFriday, 06 August 2021 07:46 PM

ඔබතුමා ඉන්නේ මොන රටේද මම දන්නේ නැහැ. නමුත් ඕනේම රටක් ලොක් ඩවුන් කරන්න තීරණය කරන්න ආසන්නම හේතුව පැතිරීම වැඩිවීමට වඩා සෞඛ්‍ය සේවා ධාරිතාව ඉක්මවා රෝගීන් වැඩිවීම... ඒ තත්වය දැන් ලංකාවේ ඇතිවෙලා. උදාහරණ... එක්සත් රාජධානිය මෑතක විවෘත කලේ රටේ භාගයකට වඩා මුළුමණින්ම එන්නත් කර සහ රෝහල්ගතවීම් අඩු බව කාලයක් තිස්සේ නිරික්ෂණය කිරීමෙන් අනතුරුවයි. රටේ අත්‍යාවශ්‍ය සේවා පවත්වමින් පැතිරීම මර්ධනය කිරීමත්, එන්නත් කරණය තව ටිකක් සම්පුර්ණ වන තුරු සීමාවන් (SLMA ද කියූ පරිදි) පැවැත්වීම තමා හැකි නම් නිවැරදි නායකයෙක් මේ මොහොතේ අනුගනය කළ යුත්තේ... ජනාධිපතිතුමනි, ඔබ ගන්න තිරණය ගැන කරුණාකරලා නැවත සිතා බලන්න.

:       1       369

නලින් Friday, 06 August 2021 08:07 PM

රට කරන්න මුදල් ඕනෑ බව ඇත්ත. නමුත් පහුගිය කාලේ බදු අඩු කරලා ඒ වාසිය මිනිසුන්ට නොදී, රජයේ ආදායමත් නැති කරගත්තේ මේ ආණ්ඩුවම තමයි. රට විවෘත කළා කියලා එදිනෙදා හම්බ කරන් කන මිනිස්සුන්ට වෙන වාසිය අල්පයි. පදික වේදිකාවෙන්, සංචාරක වෙළෙන්ඳන්ගෙන් බඩුවක් ගන්න දැන් මිනිස්සු කැමති නැහැ. අනෙක් රටවල් සමඟ සසඳලා ලංකාව වගේ රටක් විවෘත කරන්න බැහැ. ඒකට හොඳම උදාහරණය පොදු ප්‍රවාහනය... සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලංකාව වගේ රටක පොදු ප්‍රවාහනය පවත්වාගෙන යන්න බැහැ. අඩුම තරමින් පොදු ප්‍රවාහනය සහ සෞඛ්‍ය සේවය වැඩි දියුණු කරලා රට විවෘත කරනවා නම් කමක් නැහැ. දැන් පේනවා නේද ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට වෙලා තියෙන දේ. සෞඛ්‍ය සේවයටත් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ විදියට ගියොත් සෞඛ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් වුනොත් එ්කත් පුදුමයක් නෙවෙයි. රජය කොච්චර පම්පෝරි ගැහුවත්, සෞඛ්‍ය සේවකයින්ට සිය කාර්යය කරගෙන යෑමට තිබෙන මූලික පහසුකම් අල්පයි. මේක තමයි රටේ ප්‍රධාන රෝහල්වල තත්ත්වය. මේ නිසා රෝගී සත්කාරය සම්පූර්ණයෙන් බිඳ වැටෙන දිනය වැඩි ඈතක නෙමෙයි. ඇමෙරිකානු පන්නයේ විසඳුම් ලංකාවට ගැලපෙන්නේ නැති බව පාලකයින් තේරුම් නොගැනීම ලංකාවාසීන්ගේ අවාසනාව...!!!

:       5       323

RanjanFriday, 06 August 2021 09:04 PM

කිරි පුතා ඔයා ඉන්න රට මොකක්ද මා දන්නා තරමින් වාර ගණනාවක් බටහිර රටවල් සම්පුර්ණයෙන්ම වසා දැම්මා කිහිප වතාවකම, එය මොන අමාරුකම් තිබුණත් කළ හැකි එම එකම දේ මේ රෝගය පැතිර වීම අඩු කරගන්න වෙනත් විකල්ප ලංකාවට නැත..

:       5       138

Akila Friday, 06 August 2021 05:31 PM

හැම රැල්ලක් පටන් ගන්නකොටම මෙයා ඇවිල්ල ඕක කියනවා , ඇමරිකාව දාලා මෙහේ ආවේ දුක් විඳින්න නෙමෙයි නේ

:       0       14

Ruwan R Friday, 06 August 2021 05:34 PM

ජනාධිපති කෙනෙක් තමාව ජනාධිපති කරවපු ජනතාවගෙන් පළිගන්නවා... අහලා තියෙනවද?

:       77       1178

Sokaiyya Friday, 06 August 2021 05:54 PM

රතුපාට නූල... අනුරාධපුරේ සාස්තර කියන කෙනා වෙන්නැති දෙන්න ඇත්තේ...

:       0       31

chamath Friday, 06 August 2021 05:57 PM

නැහැ ඇරගෙන ඉන්න, අපි ඡන්දෙ දුන්නු පව් ගෙවන්නම්...!!!

:       0       8

asanka Friday, 06 August 2021 06:18 PM

මෙවැනි වසංගත තත්වයක් පාලනය කිරීම රජයකට පමණක් කල නොහැකි දෙයක්. ඒකරාශී නොවී සිටීම, මුඛ ආවරණ පැලදීම, අත් සේදීම වැනි දේ මහජනයාගේ වගකීම වන අතර, එයින් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට අවම කර ගත හැක.

:       16       1

sam Friday, 06 August 2021 06:37 PM

රට වහන්නේ නැතිනම් ඔහොම හරි මේ රටේ ව්‍යවසනය පාලනය කරලා ජනතාව බේරගන්න. අන්තිමට ජනතාවට වරද පටවන්නේ නැතිව පාලනය වුණොත් තමන් හොඳට කළා... පාලනය වුණේ නැතිනම් ජනතාව උපදෙස් පිළිපැද්දේ නෑ කියන න්‍යාය ගේන්න එපා...

:       0       15

Koka Friday, 06 August 2021 06:56 PM

එහෙම නං ෂුවර් එකටම එක දවසක් හරි රට වහනවා...

:       0       15

Rasika Friday, 06 August 2021 07:05 PM

රට වහන්නහ ඕනද තමන් රස්සාවට විතරක් ගිහින් ගේ ළඟ කඩෙන් ඕනෑම බඩු ටික අරගෙන පරිස්සමින් ඉන්න බැරිද .උද්ඝෝෂණ වලටයි මගුල් ගෙවල් වලටයි බොන පාටි වලටයි නොයා

:       45       1

Thilina Friday, 06 August 2021 07:19 PM

රජයේ රස්සාවක් කරන නිකන් පඩි ගන්න මිනිස්සුන්ට, පිටරටක ඉඳන් මෙහේ තමන්ගේ දේශපාලන මතය කරන අයට ඕනේ මේ රට වහන්න. ඒත් මේ රට ලක්ෂ 80කට වඩා ඉන්නේ එදිනෙදා රස්සාවක් කරලා බිස්නස් කරලා ජීවත් වෙන මිනිස්සු. රට වහලා තව තවත් බංකොළොත් වෙලා මේ රට විනාශ වෙනවා දකින්න ඔය කෑ ගහන බහුතරයකට ඕනෑවෙලා තියෙනවා. තමන් හරියට මාස්ක් එකක් දාගෙන සෞඛ්‍ය නීති පිළිපදිනවා නම් මොකටද රට වහන්නේ? එහෙම නොකර අනිත් අයටත් මේක බෝ කරලා බලාපොරොත්තු වෙන්නේ මේ රට වහන එකද...?

:       441       519

Ruhunu Friday, 06 August 2021 07:29 PM

වහන්න රටක් අපට දැන් නෑ...

:       2       199

ගමගේ Friday, 06 August 2021 08:12 PM

එන්නත් දෙවැනි එක විඳිනකන් ටිකක් වහන්න බැරිද..? ජීවිතයේ වටිනාකම කියා නිම කළ නොහැකිය. මම ජනාධිපති නම් එන්නත් කරණය වේගවත් මෙන්ම විධිමත් කරනවා.. රට අත්‍යාවශ්‍ය දේ හැර සියලු දේ වහනවා ටිකදවසකටවත්... දුප්පත් ජනයාට ආහාර පාන සේවාවන් හමුදාව පොලිසිය යොදවා හෝ සපයනවා... සෞඛ්‍ය අංශයට එන්නත්කරණය සහ රෝගින් ආරක්ෂක සේවාවන් සඳහා සම්පූර්ණ බලය ලබාදෙනවා..

:       137       340

sam Friday, 06 August 2021 08:42 PM

මෙහෙම ගියොත් වහන්න රටක් ඉතුරු වෙයිද?

:       17       277

lakvidu Friday, 06 August 2021 08:52 PM

වහන්න ඕනෑ... මොකක්ද කියලා මම කියන්නේ නැහැ..!

:       2       135

Ranjan Friday, 06 August 2021 09:07 PM

මොන අමාරුකම් තිබුණත් කළහැකි එම එකම දේ, රට වසා දැමීම අඩුම වශයෙන් සති 3ක් වත් කළොත් පමණක් බොහෝවිට මේ රෝගය පැතිර වීම අඩු කරගන්න වෙනත් විකල්ප ලංකාවට නැත...

:       4       93

Abdul Friday, 06 August 2021 09:26 PM

රට වැහුවට කමක් නැහැ... බාගෙට වහන් නැතුව...

:       1       77

මැඩියා Friday, 06 August 2021 09:40 PM

ටීචර් කිව්වා දන්න මෝඩයෙක් ගැන රචනාවක් ලියන්න කියලා. මම ඔයා ගැන ලියන්නද සර්?

:       20       354

hesaSaturday, 07 August 2021 02:21 AM

රචනය කිව් කෙනා ගෙන්ම පටන් ගන්න දරුවො,රට වහන්න කිව්වට ඒ කියපු අයත් පාරෙමනෙ..

:       53       0

sampath Friday, 06 August 2021 10:09 PM

නිලධාරීන් මොන සංඛ්‍යාෙල්ඛන දුන්නත් රටේ තත්වය හොඳ නෑ. ඒ නිසා කෙසේවෙතත් සංචරණ සීමාවන් ක්‍රියාත්මක කළ යුතුයි. අත්‍යාවශ්‍ය සේවාවන් සහ ශ්‍රමිකයින් ආරක්ෂිතව සේවයේ යෙදවීම කළ යුතුයි. මේක ඉන්දියාවේ තත්වයට පත්වෙලා ඉවරයි දැන්...

:       9       67

සෙන්දේ Friday, 06 August 2021 10:18 PM

මේ ඔක්කොම වලකට දාලා වහපු දවසකට තමයි මේ රටට හරියන්නේ.. පුදුම සාපයක්..!!!

:       29       256

Rohana Friday, 06 August 2021 10:29 PM

රට වහන්නෙත් නෑ.. ආර්ථිකය හැදුනෙත් නෑ... ලෙඩේ කෙළවරකුත් නෑ... බලනකොට දෙකම නෑ.

:       10       163

Deepal Nirosh Friday, 06 August 2021 10:32 PM

කෝවිඩ් වසංගතයට අවසන් විසඳුම එන්නතයි කිව් කටින්මනේ මේකත් කියන්නේ, වම් කණින් අහලා දකුණු කණින් එළියට දාමු. අපි බොරු විවාද කරගන්න ඕනෑ නැහැ...

:       23       93

Jude perera Friday, 06 August 2021 10:59 PM

හොඳටම කරලා තියෙන්නේ... ඒකයි වහන්න බැරි...!

:       25       172

Lanka Friday, 06 August 2021 11:19 PM

තුන්සිය ගාණක් මැරුණු සාපෙ තමයි ඉතිං...

:       12       284

kasun Saturday, 07 August 2021 12:00 AM

රට වහන්න අමාරුයි තමයි. මොකද මිනිස්සුන්ට රට වහන්නත් ඕනෑ තමයි. පඩි වැඩිකරන්නත් ඕනෑ. වී ටික ගන්නත් ඕනෑ. බඩු මිල අඩුකරන්නත් ඕනෑ. පඩිය හරියට ලැබෙන්නත් ඕනෑ. මේ ඔක්කොම කරන්න ආණ්ඩුවට සල්ලිත් ඕනේ... රට වැහුවාම ඔය වහපන් කියන අයගේ කවුද සල්ලි දෙන්නේ ආණ්ඩුවට..? රට ගෙනියන්න. පුදුම මිනිස්සු ඉන්නේ මේ රටේ. පක්ෂ දේශපාලනයක් අල්ලන් නටන්න විතරයි දන්නේ...

:       38       61

pubudu Saturday, 07 August 2021 01:39 AM

ජනාධිපතිතුමනි. තත්වය ඉතා නරක ය, මිනිසුන් තව තවත් මිය යනු ඇත. ඉක්මන් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්න. අපට වඩාත් දැඩි ගමන් සීමා අවශ්‍යයි.

:       1       18

කපිල වසන්ත කුමාර Saturday, 07 August 2021 02:11 AM

මම නම් කියන්නෙ රට වහන්න ඕනි නෑ. අපේ හෙළ වෙදැදුරෝ සේරම මැරිලා නෑ. එයාලත් කියනව එයාලට අවස්ථාවක් දෙන්න කියලා. මම දන්න තරමින් නිලූ ඉශිවර ,සම්පත් අතුකෝරළ , අමිල සන්ජීව , වික්‍රමාරච්චි වෙද මහතා, හොරණ දනුෂ්ක, නුවර වෙද මහතා වගේ අය අච්චර කෑ ගහලා අවස්ථාවක් ඉල්ලද්දිත් අපේ දේශපාලන නායකයො එයාලට අවස්ථාවක් නොදෙන්නෙ ඒවයින් කොමිස් නැති නිසාද? අපේ ගෙදර අයට හැදුන වෙලේ අපි නම් බිවුවෙ නිලූ මිස්ගෙ බෙහෙත් සහ වික්‍රමාරච්චි මහත්මයාගෙ ආහාර අතිරේකය. මෙච්චර බෙහෙත් තියෙද්දි මේ මැරෙන මිනිස්සු වෙනුවෙන් හිතලවත් සාධාරණයක් ඉටු කරන්න හෙළ වෙද කමට. මාස ගණන් බලා ඉන්න ඕනි නෑ. දවස් 3 හොදටම ඇති මේ ලෙඩ නැති කරන්න. ජනාධිපතිපති තුමාට මේ ගැන කියන්න .

:       234       115

don perera Saturday, 07 August 2021 03:14 AM

ලන්කා ඔබ හරියට හරි .නමුත් ලංකාවේ වස්සන්ට ඕක තේරෙන් නෑ

:       0       2

Demuni Uduwara Saturday, 07 August 2021 03:34 AM

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ ශාපය හේතුවෙන්!

:       0       20

විජිත් Saturday, 07 August 2021 03:59 AM

පාස්කුදා පල්ලි ගිය මිනිස්සුන්ව මරවපු එකාට රටේ මිනිස්සු ලක්ෂයක් දෙකක් මරණ එක කජ්ජක්ද...? හැබැයි නන්දසේන, කර්මය පඩිසං දෙනකොට පොලිත් සමගමයි ලැබෙන්නේ. බොහෝවිට මේ ආත්මයේදීම , බැරිවුනොත් අපායේදී...!!!

:       2       132

Ashan Saturday, 07 August 2021 04:46 AM

මොලේ කළඳක් හරි තිබුණා නම්....

:       0       7

Vithana Saturday, 07 August 2021 06:12 AM

තවම 5000 ක් මැරුනේ නැති නිසා වෙන්න ඇති. වෙන රටවල පැතිරීම වලක්වන්න රට වහද්දී අපේ රටේ පැතිරීම වැඩිවෙද්දී තව තව අරිනවා. මේවා ක්‍රිමිනල් අපරාධ.

:       0       28

දසුන් වානගුරු Saturday, 07 August 2021 06:47 AM

දැන් වැහුවොත් ජෙප්පො කියයි උද්ඝෝෂණ වලක්වන්න වැහුව කියල.

:       69       0

Nimal Saturday, 07 August 2021 08:18 AM

පෙර බොහෝ අවස්ථා වල මෙන් ඔබත් පසු බසී. ඔබ නැවත වරක් සමච්චලයට ලක් වනු ඇත. ඔබ අහංකාරය .

:       0       61

සසික Saturday, 07 August 2021 10:59 AM

රටේ අවාසනාවට මේ වගේ හිතුවක්කාර පාලකයෙක් ආවනෙ. ලොක් ඩවුන් කරන්නේ නැතුව කොහොමද මේකෙන් ගොඩ එන්නේ. තාම හිතාගෙන ඉන්නේ වැක්සින් ගැහුවම කොවිඩ් බෝ වෙන්නෙ නැහැ කියලද?

:       1       71

පිටිගල මිලානෝ Saturday, 07 August 2021 11:21 AM

ඔබතුමා හැටනවලක්ශයකගේ දැවෙන ප්‍රශ්නයක්වූ මරනදන්ඩනය හිමිවූ සිරකරුවෙක් නිදහස් කිරීමෙන් මහා ජාතික කර්තව්‍යක් ඉටුකලා.... තවත් ඔබට රට වෙනුවෙන් කිරීමට දෙයක් ඉතිරිව නැත.

:       1       157

p.ranjan Saturday, 07 August 2021 11:46 AM

දශක හතරක් මේ රටේ ආර්ථිකය හදාගන්න පුළුවන් වුනාද ? මේ හදිස්සියේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන්ද ? දවකට මැරෙන සියයක් පමණ මිනිස්සු නිසා දුකට පත්වන පවුල් වල සාමාජිකයෝ රෝහල් වල ඉඩ නැතුව බිම වැතිරිලා .දුක් විඳින ජනතාව මේ විදියට රටේ කොපමණ කණ්ඩායමක් දුකට පත් වෙලාද .මේ දුක තේරුම් ගැනීමට සංවේදී විය යුතු නැතිද ?

:       0       33

Ratne Saturday, 07 August 2021 12:20 PM

කාලකන්නි තීරණ හැර ඊට වැඩි යමක් බලාපොරොත්තු නොවෙමි. 2020 සැප්තැම්බර් වලින් පසු, එනම් පූර්ණ බලය ලබාගත් පසු සියල්ල උඩු යටිකුරු කරමින් සැබෑ තත්ත්වය මතු වී ඇත.

:       0       86

චානක Saturday, 07 August 2021 01:37 PM

ආගමික ස්ථානවල දෙවනත් වෙන්න මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දමාගෙන සෙනඟ එකතු කරන් කරන අනේකවිධ පුද පූජා..., යාග හෝම, යාඤා, කන්නලව් වලින් කොරෝනා බෝ වෙන්නේ නැද්ද? මේ දැන් කැළණි පන්සලට ගිහින් බලන්න. මිනිස්සු කිසිම සෞඛ්‍යාරක්ෂාවක් නැතිව වන්දනාමාන කරන හැටි.

:       9       69

gampila Saturday, 07 August 2021 06:03 PM

එක එකාගේ දේවල් ඉල්ලගෙන පාරට බහිනවාට වැඩිය හොඳයි නේද? මැතිවරණයක් ඉල්ලලා උද්ඝෝෂණ පවත්වනවා නම්... මුළු රටම ඒකමතිකවම මැතිවරණයක් ඉල්ලුවොත් දෙන්නම ඕනේ...!

:       46       63

fairoosSunday, 08 August 2021 01:21 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ

:       0       46

Vipula Saturday, 07 August 2021 11:13 PM

එම මොහොතේ රට වහන්න එපා .උද්ඝෝෂණ කරන්න පුලුවන්නම් රැකියා වලට එන්න බැරි කමක් නැහැනේ .සෙනසුරාදාට ඉරිදා දවස් වල ගමන් සීමා කරන වැඩ සටහනක් ඉදිරි පත් කරන්න

:       28       1

Rata Perata Sunday, 08 August 2021 12:29 AM

මේ වගේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැති කෙනෙක්ට ජනපති කියන්න පුලුවන්ද?

:       1       60

de silva Monday, 09 August 2021 10:44 AM

ඔබ අහංකාර දුර දිග නොබලා ක්‍රියා කරන අත්දැකීමෙන් අඩු පාලකයෙකි .ඔබ ගත් පෙර තීරණ මෙන් මෙම තීරණයද ඉක්මනින් රිවස් කරනු ඇත

:       1       10

pakeer Monday, 09 August 2021 10:00 PM

බලමු වහන්නේ නැතිව කරයිද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 436 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 731 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1715 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2467 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 539 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 449 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site