IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


’’රට සති දෙකකටවත් ලොක්ඩවුන් කරන්න’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනතාවගේ ආරක්ෂාව සඳහා රට සති දෙකකට "ලොක්ඩවුන්" කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.

එන්නත්කරණ කටයුතු සඳහා උපරිම දායකත්වය ලබා දෙන යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට ස්තූතිය පුද කරන බවද හෙතෙම සඳහන් කළේය.

රජය මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවත් රටේ කොවිඩ් එන්නත්කරණය වේගවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවේය.

තුන්වැනි එන්නතටත් යා යුතු බව විපක්ෂනායකවරයා කීවේය.

කොවිඩ් මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික සේවකයන්ද කැඳවිය යුතු බව පැවසූ ප්‍රේමදාස මහතා විදේශයන්ගෙන් උපකරණ ලබා ගැනීමට තානාපති සේවය හරහා කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කළේය.

මෙපමණ ව්‍යසනයක් ඇතිවී තිබියදීත් ආපදා කළමනාකරණ කමිටුව කැඳවා නැති බවත් එය වහාම අරඹන්නයි තමා රජයට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

රට ලොක්ඩවුන් නොකරන්නට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවලටත් ලොකු අවදානමක් මතුවීම වැළැක්වීමට නොහැකි යැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

රටේ ජනතාවට මූල්‍ය උත්තේජක පැකේජයක් හඳුන්වා දිය යුතු බවත් ලෝකයේ බොහෝ රටවල් එවැනි පැකේජ හඳුන්වාදී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

බංග්ලාදේශය පවා එවැනි ආර්ථික උත්තේජන පැකේජ හඳුන්වා දී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 



අදහස් (9)

’’රට සති දෙකකටවත් ලොක්ඩවුන් කරන්න’’

මුණසිංහ Tuesday, 17 August 2021 01:30 PM

තැන් තැන් වල පූර්ව සාකච්ඡාවට බඳුන් කරන කාරණා මෙයා හොයාගන තෝල්ක මුදලි වගේ ඒවා ප්‍රතිවාදනය කරන එක තමා මෙයාගේ කාර්ය. ම⁣ට නම් ඇහුණා නිවුස් වලට පහුගිය දවසක කිවුවා ජනාධිපති , 3වන මාත්‍රාව ගැන අවධානය යොමු කරන්න කියල .

:       30       22

WasudewaTuesday, 17 August 2021 02:54 PM

මුණසිංහ...ඔයා මේ බන කතාකරනවා.විපක්සනායකතුමගේ කතාව සහතික ඇත්ත.අන්න නවසීලන්තයේ එක ඩෙල්ට අසාදිතයෙක් නිසා මුළු රටම වැහුව.මේ ලෙඩේ බයානක කම දන්නා රටවල් ඉක්මන් පියවර අරගෙන මිනිස්සු මැරෙන එකෙන් බේරාගන්නවා.අපි දැන් ගොඩක් ප්‍රමාදය්.දැන් අපේ මැරෙන ප්‍රමාණය කොච්චර ඉහල ගිහිල්ලද.

:       5       9

RaveendraTuesday, 17 August 2021 03:54 PM

අපේ උගත් පුතාණෝට පසුගිය කාලේ ජෙප්පන්ගේ බෝර්ඩ් එල්ලාගෙන උද්ඝෝෂණය කරනකොට රෝගය පැතිරෙන්නේ නැහැ කියලා මුන්දෑ වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න කොට කියලා දීලා තිබුණු නිසා එසේ උද්ඝෝෂණවලට හැටට හැටේ තම දායකත්වය දුන්නනේ.. දැන් ලැබෙයි.., බලය දැන් ලැබෙයි හිත හිතා... එතකොට ලොක්ඩවුන්ද, බොග්ඩවුන්ද, ඒ එකෙකුගේ වත් ඥාව් හඬ ආවේ නැහැ. එ්කට දැන් බලන්න එපෑයෑ උඩුබුරන සද්දේ... අනේ මෙහෙමත් ගොන් දේශපාලුවන්..

:       11       6

de silva Tuesday, 17 August 2021 01:37 PM

සර් කිවුවොත් කිවුවා .කිසිම තීරණයක් වෙනස් කරන්නේ නැහැ .ලෙඩා මළත් .

:       10       26

fairoos Tuesday, 17 August 2021 02:27 PM

ආණ්ඩුවේ කඩේ යන අයට මේවා තේරෙන්නේ නැ

:       0       0

pekanil Tuesday, 17 August 2021 02:37 PM

හරි හමන් දැක්මක් තියෙන, කොන්දක් තියෙන විපක්ෂ නායකයෙක් මේ රටේ හිටියා නම් මෙයාලා මෙච්චර නටන්නේ නැහැ. කොහේද ඉතින් මේ ඉන්නේ විහිළු සපයන විකටයෙක්නේ...

:       4       6

Sri Lanka Tuesday, 17 August 2021 03:27 PM

තමුන්ගේ තාත්තද මිනිස්සුන්ට කන්න දෙන්නේ? බොරදියේ මාළු බාන්න එපා. යුද්ධය කාලෙත් ඕකම තමයි කිව්වේ... ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා. එදත් කඩේ ගියේ පිටරට සංවිධානවලට... අදත් එහෙමයි.

:       8       4

මහසෙන් Tuesday, 17 August 2021 04:01 PM

මේ අනිත් කෙනා... පහුගිය කාලේ බදියුදීන් අල්ලගෙන කෑ ගැහුවා. දැන් රට වහන්න. ඕක ඇතුළේ වෙන්නේ පිටපත් අනුව... රඟ දැක්වෙන ඒවා. පුලුවන් නම් මේ වෙනකම් අහිමි වුණු ජීවිත ගාන කීයද කියලා... නිවැරදි වාර්තාවක් ඉදිරිපත් කරලා ආණ්ඩුවේ බොරුව පෙන්වන්න පුලුවන්නේ...

:       10       4

de silva Tuesday, 17 August 2021 06:34 PM

සර් කිව්වොත් කිව්වා... කිසිම තීරණයක් වෙනස් කරන්නේ නැහැ. නමුත් සියලු තීරණ ඔටෝ වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 156 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 638 2

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 544 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 291 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 751 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1129 2

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site