රුපියල් හැත්තෑ හත් ලක්ෂයක් වටිනා පවුම්, යුරෝ සහ යෙන් රැගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි දුරකතන උපාංග ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර යුරෝ 22,500, ස්ටාලින් පවුම් 15,000 සහ ජපන් යෙන් 1,000,000 ක් වෙයි.
අද උදෑසන සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම මුදල් සොයා ගත් බව රේගුව කියයි.
මෙම මුදල් බන්ඩල 10 යක් වන සකස් කර කාබන් කොළ වල ඔතා තිබු බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා රෝ්ෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී එම්.කේ උදය ගාමිණී සහ සහකාර රේගු අධ්‍යක්ෂක නුවන් අබේනායක යන නිලධාරීහු සිදු කරති.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට සල්ලි මල්ලක් සමග ව්‍යාපාරික රේගුවේ හිරවේ
අනිල් Tuesday, 10 February 2015 07:42 AM
හොද වැඩේ ඔය අයට.(හේ)
යහම්පත් Tuesday, 10 February 2015 09:23 AM
ඔය සල්ලි ඉස්සර නම් කෙලිම්ම රාජ්‍ය නායකයට පිලිගන්නනවා , එය තමා තීරණය කරන්නේ කොහෙද තබන්නේ කියා.(හේ)
ටෙරන්ස් Tuesday, 10 February 2015 05:43 AM
ඔය සල්ලි වලට පස්සේ කරන දේ ප්‍රසිද්ධියේම කිව්වනම් හොදයි නේද (දිල්)
දුමින්ද ඩුබායි Tuesday, 10 February 2015 05:59 AM
මේ විදිහට අසු වෙන මුදල් වලට මොකද වෙන්නේ. ගෙන ආ අයට කොපමණ මුදලක් දඩ ගහනවාද? වාර්ෂිකව රේගුවෙන් මේ විදිහට රජයට කොපමණ මුදලක් ලබෙනවද ? මේවා කිසිම රජයකින් මහා ජනතාවට ප්‍රකාශ කරන්නේ නැද්ද ? ( මා විදෙස් ගත නිසා හරි අවබෝදයක් නැති නිසා අසමි ) (නදී)