IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


“රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න දෙන්නෙ නෑ’’

(නිමල කොඩිතුවක්කු)

රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ආණ්ඩුවට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුව පහුගිය කාලේ කතා කළ දේශානුරාගය දේශප්‍රේමය ස්වෛරිත්වය යන කතා සියල්ල මේ වන විට අහෝසි වී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් බහුජාතික සමාගමක් රටේ ස්වෛරීත්වය සියතට ගෙන කටයුතු කරන බවද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

සමාගම්වලට අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට ඉඩ ලබාදෙමින් ආණ්ඩුව කරකියා ගැනීමට කිසිවක් නැතිව බලා සිටින බවත් හැටනම ලක්ෂයකට අධික ජනතාවක් ඡන්දය ලබා දී  ජනාධිපතිවරයකු ප්‍රමුඛ ආණ්ඩුවක් පත් කෙරේ මේ සඳහා දැයි විමසා සිටින බවත් හෙතෙම පැවසීය.

අද වන විට ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් තානාපති කාර්යාල ඉදිරියට ගොස් වැඳ වැටෙන තත්ත්වයට රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්ව ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳව අමතකව ගොස් ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ ස්වෛරීත්වය සමග සෙල්ලම් කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

රටක ස්වෛරීත්වය සමග මෙලෙස සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ දීමට නොහැකි බවත් ආණ්ඩුවේ මෙම  හිතුවක්කාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව සමගි ජන බලවේගය පෙනී සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.



අදහස් (15)

“රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න දෙන්නෙ නෑ’’

වීරවිජේ Thursday, 28 October 2021 12:41 PM

වැඩිම ලංසුවටනේ විකුණන්නේ... විකුණලා 225 ම සාක්කුවේ දාගන්නවානේ...

:       0       0

SUNIL MILANO Thursday, 28 October 2021 12:47 PM

අර හම්බන්තොට වරාය තුට්ටු කීයටද දන්නේ නැහැ විකුණුවේ.. වරාය ගෙඩිය පිටින් විකුණනකොට. බඩ උලාගෙන හිටපු මුන්දැලා දැන් මරු කියවනවා. අනේද කියන්නේ..?

:       0       0

Kule Thursday, 28 October 2021 01:09 PM

කොයිලෝකෙද බන් මෙයා 2015 සිට 2020 වෙනකම් ගිහින් හිටියේ... හම්බන්තොට තියෙන්නේ සෝමාලියාවේ කියලා හිතාගෙන ඇති.

:       1       1

Sriland Thursday, 28 October 2021 01:11 PM

රටේ ස්වෛරීත්වය කන්නද? පුළුවන් නම් බඩුමිල අඩුකරන්නතත ස්තුතියි...

:       1       1

Hafeel Thursday, 28 October 2021 01:40 PM

මහ බැංකුව සුද්ද කරනකොට කොහෙද හිටියේ? ඉතිහාසයේ මේ පක්ෂ දෙකම රටේ සම්පත් විකුණලා තියන්නේ.

:       2       4

Senarath Thursday, 28 October 2021 01:53 PM

ඔයා හම්බන්තොට වරාය විකුණනකොට කොහෙද හිටියේ ?එක චීනයට විකුනපු එකේ ප්‍රතිපල නෙමෙයිද ඉන්දියානුවෝ වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්ලීම . බොරුවෙන් රට කලා දෙතුන් වතාවක්ම .ඒ උනාට දැක්කනේ එයාට වුන දේ .අද ඔයාලගේ බොරුවලට රැවටෙන මිනිස්සු නැහැ

:       2       9

RaveendraThursday, 28 October 2021 03:12 PM

ගුරු සටනට සපෝට් කරේ ගොඩ යන්න........ පොහොර සටනටත් උදව් කරේ ගොඩ එන්න......... දැන් මගේ අලුත් සටනත් එගොඩට පීනන්න......... අතරමගදී පෙරලෙයි බයයි කෙන්දට මක් වෙයිද........

:       3       9

kamal Thursday, 28 October 2021 02:01 PM

මෙහෙමත් වීර පුතෙක්. ලක් මාතාවට දැන් සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්

:       4       5

Raveendra Thursday, 28 October 2021 02:55 PM

නැතුව නැතුව පුතේ....එහෙව් උගත් වීර පුතෙකුටනේ මේ එක එක හාල්පාරුවෝ මෝඩ පුතානෝ කියමින් අසෝබන ලෙස ආමන්ත්‍රණය කරන්නේ.... මේ අපේ වීර පුතනොගේ මේ ඇග කිළිපොලා යන වීර කතාව අහල අපේ අර පුත්තලම් පැත්තේ ඉන්න වොඩ්ක රංගෙයට දැන්මම වඩදිය බාදිය තොග වශයෙන් පිට වෙනවා ඇති....

:       6       10

Bandara Thursday, 28 October 2021 03:28 PM

කටින්ද දන්නේ නැහැ කතාකරන්නේ...?

:       1       1

Royfedricks Thursday, 28 October 2021 03:34 PM

ඔව්.., ඔව්.. ඒක බොහෝම හොඳ කතාවක්. ඉතින් ඉතින් එව්වා වළක්වන්න මෙපමන කල් මොනවාද කලේ? ඉදිරියට මොනවද කරන්නේ? මේ මිනිහා නිකම්ම නිකම් මර්වින් සිලවා වගේ ඔහේ කට තියෙනවට කියවනවා...

:       1       1

මහසෙන් Thursday, 28 October 2021 04:39 PM

නූතන ජීවමාන වීර පුතුණි. ඔබගේ මේ වචනත් සැපයි. ආදරනීය පියාණන් රටේ ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් කළ කැපවීම අමතක නැත. ඒ පියාගේ හොඳ පුතෙකු ලෙස රටත් ජනතාවත් නොනිදා වැඩකර දිවි පුදා හෝ රැකගන්නා බව විශ්වාසයි. ප.ලි- වත්මන් ජනපති ප්‍රමුඛ රජයට ගැලපෙනම විපක්ෂ නායක ඔබයි...

:       1       1

RaveendraThursday, 28 October 2021 10:53 PM

මාගේ සදාදරණිය පියාණන් විසින් මගේ දුගී දුප්පත් ජනතාවගේ ස්වෛරීත්වය වෙනුවෙන් නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් සිය ගනනාකර ආයුධ බිම තබා කොටි ත්‍රස්තවාදීන්ට යටත් වෙන්න දුන් උපදෙස් නිසාම මියගිය ඒ පොලිස් නිලධාරීන්ගේ ජිවිත නැතිවීමේ පිනම ඇති මේ මෝඩ පුතානෝට දියවනාව පට්ටියේ මහා ගොනාවිමට වාසනාව උදාවෙන්න....

:       0       0

Bamunuarachchi Friday, 29 October 2021 09:22 AM

එහෙනම් කියන්න ඔබතුමා රටේ ස්වෛරීත්වය විකුණන ගාන කීයද? බැංකු ලෝන් එකක්වත් ගහන්න....

:       0       0

Bamunuarachchi Friday, 29 October 2021 09:23 AM

මමත් විකුණනවා... හැබැයි තුට්ටුදෙකට නොවෙයි හරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1372 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2840 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 677 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 451 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1440 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 416 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site