IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රට සංවර්ධනය කලාට මදි

රට සංවර්ධනය කිරීමෙන් පළක් නැති බවත්, පුංචි දරුවන්ගේ හදවත් ඇතුළු සියලු හදවත් සංවර්ධනය කළ යුතු බවත්, මහින්ද රාජපක්ෂ ජනපති මාතලේ පුරාණ බෝධි මළු විහාරයේ චෛත්‍යයේ කොත් කැරැල්ල විවෘත්ත කිරීමේ උත්සවයේ දී ප්‍රකාශ කළේය.

විහාරාධිපති කොස්සින්නේ සීලරතන හිමියන් පැවසුවේ ජනපති රාගමනය නිසා කොත් කැරැල්ල විවෘත්ත වීමට අමතරව ප්‍රදේශයේ පාරවල් ටික ද සංවර්ධන වූ බවයි.

මහලකොටුවේ විමලධර්ම හිමියන් සඳහන් කළේ ජනපති ගම්වලට ද යතොත් ගම්වල පාරවල් ද හැදෙන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල පවුලක් වන අළුවිහාරේ පවුලේ රංජිත් අළුවිහාරේ, වසන්ත අළුවිහාර්, ඩල්ජිත් අළුවිහාරේ ඇලික් අළුවිහාරේ මාතාව ද මේ උත්සවයට පැමිණ සිටියහ.

 



අදහස් (0)

රට සංවර්ධනය කලාට මදි

අරුණ Wednesday, 22 May 2013 09:38 AM

ජීවන්, පොඩි ලමයි සතුටුකරන්න වරායවල් හදනවද ? ඔයා වැස්සකටවත් ඉස්කෝලේ ගියාද? (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 22 May 2013 09:49 AM

ඒ කියන්නේ මෙයා කවදාවත් ගමක් පැත්ත පළාතකවත් ගිහින් නැහැ.(නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 22 May 2013 10:17 AM

ඒ කතාවත් ඇත්ත

:       0       0

නිමල් සෞදි අරාබිය Tuesday, 21 May 2013 09:03 PM

ජනාදිපති තුමාම කියනවනම් රට සංවර්ධනය පමණක්ම මදි කියල ඒ කතාවත් විහිලුවට භාජනය වන කතාවක්. අද අපේ රට සංවර්ධනය සදහා ගත් නය ප්‍රමාණය දිහා බලපුවහම පේනවා එක පුද්ගලයෙක් ලෝකෙට කොපමණ නයද කියල. සමහර සංවර්ධන කටයුතු දිහා බලපුවහම පේනවා ඒ සංවර්ධන කටයුතු කොපමණ අසාර්ථකද කියල. ඒ අසාර්ථක ව්‍යාපෘති වලට යොදවපු මුදල් ජනතාවගේ සුබ සිද්ධිය සදහා වැය කලානම් කොතරම් අගේද! අපේ රටේ මුදල් නාස්තිය කොපමණද කියල ගණන් හදන්න බැරි තරම්. මේ නාස්තිය ගැන ජනාධිපතිතුමා නොදන්නවා නොවේ. නාස්තිය පාලනය කරන්න ගියොත් ඇමති මැතිවරු ටික ගානට කොක්ක අදියි. කොක්ක ඇද්දැයි කියන්නේ ආණ්ඩුව චක බලාස් කියන එකයි. එහෙම උනොත් කාටද පාඩු......අපිට නෙමෙයිනේ.........ඉතින් කොහොමද රට සංවර්දනය කරන ගමන් ජනතාව සංවර්ධනය කරන්නේ. (නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 22 May 2013 10:42 AM

අපේ ජනපති තුමා තැනේ හැටියට ඇනේ ගහනවා.(නදී)

:       0       0

සේරම් පැරිස් Tuesday, 21 May 2013 09:21 PM

මේක නම් සත්‍ය කතාවක් . රට සංවර්ධනය වෙනවා වගේම . අපේ පුරවැසියන්ගේ හදවත් සංවර්ධනයක් නැතිනම් . දෙමාපියන්ට ගරහන . පොඩි ළමයින් අපචාර කරන . මුදල් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන සමාජය සාදා ගත යුතුයි (අ)

:       0       0

රකිත් Wednesday, 22 May 2013 11:16 AM

අරුණ, රටක ආයෝජන වැඩිවෙනකොට ප්‍රතිලාභ වැඩි වෙන්නේ එම ආයෝජන සැලැස්මක් ඇතිව නිසි අයුරින් ආයෝජනය කලොත් පමණි. වසරක් පාසා රුපියල් බිලියන ගණන් පාඩු ලබන ව්‍යපෘති ඇත. එවැනි ආයෝජනයන් වල ප්‍රතිලාභ පේනතෙක් මානයක නැත. මෙවැනි, සමහර ආයෝජනයන් කර ඇත්තේ ණය මුදලිනි. එතකොට, සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමකි. (නි)

:       0       0

ගාමිණී- සිරි Tuesday, 21 May 2013 10:07 PM

" කතාව දෝලාවෙන්... ගමන පයින් " අපට කියන්න ඇත්තේ එපමණයි ආයුබොවන්.(නදී)

:       0       0

වීරකුමාර Wednesday, 22 May 2013 11:34 AM

අරුණගේ කතාව දැනට හොඳ වගේ පෙනේ නොපෙනේ.(නදී)

:       0       0

සුමිත් ධර්මවර්ධන Wednesday, 22 May 2013 11:40 AM

"රටක ආයෝජනය වැඩි වෙනකොට ඒවාගෙන් ලැබෙන ප්‍රතිලාබත් වැඩිවෙනවා. හැබැයි ඒවගේ ප්‍රතිලාබ ලබා ගන්න වෙන්නෙ අනගතයේදී. හැම දෙයක්ම එකපාර කරන්න අමාරුයිනේ. අනික රට දුශිත වුණෙත් අදම නෙමෙයිනේ, ඒ කාලෙ ඉදලමනෙ. ජනධිපතිතුමා ඒවටත් පියවරක් ගනියි ඉක්මනටම. පොඩක් ඉවසලා ඉන්නකො. මෙහෙම හිතන අය ඉන්නකම් රටට දෙවියන්ගෙම පිහිටයි. ආයෝජනය කරන්නත් පෙර ප්‍රතිලාබ ලබා ගන්නා හැටි දන්නා කට්ටියක් පිටු පසින් ඉන්දවා ගෙන තමයි මේ අය මල් වට්ටි උස්සගෙන බබාල වගෙ හැසිරෙන්නෙ. මුළු ලංකාවම පුද්ගලික දේපොලක් විදියටනෙ පරිහරණය කරන්නෙ. සී.අයි.ඩී එක, පොලීසිය, උත්තරීතර උසාවිය මේ සියල්ලම පුද්ගලික දේවල් විදියට පාවිච්චි කරන විට ප්‍රජාතාන්ත්‍රික බවට නව අර්ථකතනයක් දෙන්න පුංචි ළමයින්ගෙ විතරක් නොවෙයි උපදින්න ඉන්න දරුවන්ගෙත් හදවත්/මොළය වෙනස් නොකර බැහැනෙ.(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Tuesday, 21 May 2013 10:21 PM

මේ කතාව ජනපති තුමාම කියපු එක හොඳා. දැන් රට සංවර්ධනය වෙලා තියෙන්නේ මිනිස් ඝාතන, හොරකම්, ලෝකේ කොහෙවත් නැති විදියේ ළමා අපචාර, වැනි දුෂිත අධර්මිෂ්ඨ දේවලින්. අනෙක රටේ ඉන්න දුප්පත් පිඩිත පන්තියේ මිනිස්සු දේශපාලකයන්ගේ, ලොකු සල්ලි කාරයන්ගේ අතකොලු බවට පත් වෙලා. මෙන්න මේවා නතර කරන්න පුලුවන්නම් තමා අතිගරු ජනාධිපති තුමනි ඔබතුමාගේ පාලන සමයේ සිදු කල ලෝකයේම ආශ්චර්ය බවට රන් අකුරෙන් ඉතිහාස ගත වෙන්නේ.(නදී)

:       0       0

නෙතුමි Tuesday, 21 May 2013 10:25 PM

රට සංවර්ධනය වෙලා කිවුවට තාම වර්ධනයටත් ඇවිත් නැතිකොට කොහේ සංවර්ධනයද?  යටිතල පහසුකම් වල දියුණුව පමණක් රටකට අදාළ නැහැ. අනික යටිතල පහසුකම් දියුණු වෙනකොට අතුරුපලයක් වශයෙන් උද්ධමනයක් ඇතිවෙන්න බැහැනේ. ආයෝජනය වැඩිකරනෙක හොඳයි අනාගතයට නමුත් වර්තමාන ජනතාවගේ ජීවන තත්වය විවිධ පැතිවලින් ඉතා පිරිහිලා. මිනිස්සුන් මානසිකව කඩා වැටෙන්නත් මේවා හේතු නොවේද? ජනපති තුමා බොහෝදේ කළා උනත් දැන් එන්න එන්න රට දුෂිතයි හැම අතින්ම. මේවට ස්ථීර පිළියම් ආයුතු කාලයයි මේ.(නදී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 22 May 2013 12:11 AM

තැනට නොබිනා අවවාදය අවමගුලේ ඇති සංගීතය මෙනි.(නදී)

:       0       0

කිසල් Wednesday, 22 May 2013 12:24 AM

අළුවිහාරේලා මාතලේට කරපු අපරාද හොදටම ඇති. මාතලේ මිනීවල පරීක්ෂන වලින් බේරෙන්න වෙන්න ඇති ජනාධිපතිතුමා ලගට කිට්ටුවෙන්නේ.(නදී)

:       0       0

ජීවන් Wednesday, 22 May 2013 01:15 AM

එකනම් ඇත්ත තමයි. බලන්නකෝ මෙයා පොඩි ළමයින්ගේ සිත් සතුටු කරන්න ප්‍රකෝටි ගණන් වියදම් කරලා හදලා තියෙන දේවල්. සෙල්ලන් වරායවල් , සෙල්ලන් ගුවන් තොටුපොළවල්.(නදී)

:       0       0

ජීවන් Wednesday, 22 May 2013 12:44 PM

අරුණ ඔයාට මම කියපු දේ තේරිලා නැහැ නේ. ඔයා දන්නේ නැද්ද පොඩි ළමයි හම්බන්තොට ඒ වරායට එන්නේ කඩදාසි බෝට්ටු යවන්න කියලා. ඇයි මත්තල ගුවන් තොටුපොල , එතනට පොඩි බබාලා යන්නේ කඩදාසි රොකට් ගහන්න කියලා. ඒ ඇයි දන්නවද? වරායට නැව් එන්නේ නැති නිසා සහ මත්තලට ප්ලේන් එන්නේ නැති නිසා. ඔයා දන්නේ නැද්ද ලගදී එතුමා ලොකු උත්සවයක් තියල ඒ දෙකම පොඩි බබාලාගේ අයිතියට පවරපු බව. අයියෝ ඔයා ප්‍රවුර්ති බලන්නේ නැද්ද.(නදී)

:       0       0

නීල් Tuesday, 21 May 2013 06:02 PM

ඒක ඇත්ත. ලෝකෙට ණයවෙලා කරන සංවර්ධනය බොරුවක්. හැබැයි හදවත් සංවර්ධනය කරන්න ගිහින් හාර්ට් ඇටැක් හැදෙන්න බැරි නැහැ.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 21 May 2013 06:10 PM

ඒක හරි. දේශසපාලකයන් කරන කියන ඕනෑම දෙයක් "යේස්" සර් කියල පිළිගන්න ජාතියක් හදන්න ඕනා.(නදී)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 04:34 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. (නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 21 May 2013 06:29 PM

ලලිත්ගෙ කතාව හරි.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 22 May 2013 05:30 AM

මම නම් හිතාගෙන උන්නේ පාරවල්, ගුවන් තොටුපලවල්, වරායවල් හැදුවම ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා කියල. (නදී)

:       0       0

බංඩාර Wednesday, 22 May 2013 05:43 AM

හදවත් සංවර්ධනය වූ මිනිසුන් එනම් යහපත් ආකල්ප ඇති බහුතරය රටක සිටිනම් එවැනි රටක, එවැනි ගමක පාරවල්, ව්‍යාපාර, අධ්‍යාපනය, සාමකාමී බව සතුට වැඩිදියුණු කිරිම මහත් පහසු අඩු වියදම් කටයුත්තකි.(නදී)

:       0       0

අපොන්සු Tuesday, 21 May 2013 06:34 PM

කතාව දෝලාවෙන් ගමන පයින් කියන කියමන මතක් උනානේ. හෙටම ගිහින් දොස්තර බෙහෙතක් ගන්න ඕනේ මේවාගේ භූත කියමන් මතක් වෙනවට.(නදී)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 06:39 AM

ලුම්බිණි, ඔය එක එක ගීත එක එක වෙලාවට ගායනා කලාට ෂෝ එක දුවන්නේ ඔයා සඳහන් කරපු දේවල් කලොත් රටේම ප්‍රශ්න විසඳෙනවා කියන ආකල්පය උඩ තමයි. ජීවන් කියනවා වගේ ළමා හදවත් කුල්මත් කරලා තියන්න අනේ කොච්චර නම් වියදම් කරනවද පුද්ගලික මුදලින්ම? (නදී)

:       0       0

කෙවින් Tuesday, 21 May 2013 06:41 PM

හාමුදුරුවොත් දේශපාලනීකරණය වෙලා.(නදී)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 06:44 PM

අපේ ගමටත් ලයිට් නැහැ (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 22 May 2013 01:56 PM

ආණ්ඩුවේ පාසල් පොකුරු පිටින් වහල දාලා වෙන්න ඇති පුංචි දරුවන්ගේ හදවත් සංවර්ධනය කරන්න හදන්නේ. (නදී)

:       0       0

චානක Wednesday, 22 May 2013 07:48 AM

මේවා සියල්ලම ක්‍රියාත්මක කළ යුතුයි (නි)

:       0       0

නාලක Tuesday, 21 May 2013 07:31 PM

මිනිස්සුන්ගේ ආචාර්ය ධර්මත් හදන්න ඕනේ

:       0       0

රකිත් Wednesday, 22 May 2013 08:40 AM

පුංචි දරුවන්ගේ හදවත් වලට කලින් දේශපාලනඥයන්ගේ හදවත් ඉතා ශීඝ්‍ර සංවර්ධනයකට භාජනය කළ යුතු බව මගේ හැඟීමයි. (නි)

:       0       0

අනුර Tuesday, 21 May 2013 08:07 PM

කතාව ඇත්ත

:       0       0

අරුණ Wednesday, 22 May 2013 09:09 AM

රටක ආයෝජනය වැඩි වෙනකොට ඒවාගෙන් ලැබෙන ප්‍රතිලාබත් වැඩිවෙනවා.හැබැයි ඒවගේ ප්‍රතිලාබ ලබා ගන්න වෙන්නෙ අනගතයේදී. හැම දෙයක්ම එකපාර කරන්න අමාරුයිනේ. අනික රට දුශිත වුණෙත් අදම නෙමෙයිනේ, ඒ කාලෙ ඉදලමනෙ.ජනධිපතිතුමා ඒවටත් පියවරක් ගනියි ඉක්මනටම.පොඩක් ඉවසලා ඉන්නකො (නි)

:       0       0

සරත් Tuesday, 21 May 2013 08:08 PM

වැඩිය කතා ඕනෑ නැහැ. ලුණු ඇටේ ඉදලා පිට රටෙන් ගෙනල්ලා කන්න පුරුදු වුණ අපේ රටේ මොන කතාද? අපිට අවශ්‍ය කනබොන ටිකවත් හදාගන්න බැරිකොට මොන කතාද?මේක මෙතුමාගේ වරදක් නෙමයි, දේශපාලන ක්‍රමයේ වරදක්. (නි)

:       0       0

නෙතුමි Wednesday, 22 May 2013 02:58 PM

අරුණ, ඔබේ අදහසට අනුව අතීතයේ සිට මෙවැනි තත්වයන් පැවතියානම් ඇයි ජනපතිට මේ ඊයේ පෙරේදද මේවා පෙනුනේ.(නදී)

:       0       0

සරත් Wednesday, 22 May 2013 09:28 AM

එතුමාම එම ප්‍රකාශය කරපු එක ගැන මම සතුටු වෙනවා. (නි)

:       0       0

නිරෝෂා Wednesday, 22 May 2013 03:04 PM

රට සංවර්ධනය කරනවා සේම රටේ ජීවත්වන ජනතාවගේ සාරධර්මද දියුනු විය යුතු බව ජනපතිගේ හැගීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 50 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 57 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 173 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 33 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 273 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 214 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site