IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රට සංවර්ධනය වෙනකොට ජනපතිට 99යි මට 97යි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට සංවර්ධන වනවා යැයි කියන 2048 වන විට ජනාධිපතිතුමාට අවුරුදු අනූ නවයක් වන අතර  තමාට අවුරුදු අනු හතක් වන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තරුණ පරපුර ආරක්ෂා කරගත යුතු බව අයවැයෙන් කියන නමුත්  කන්න බොන්න නැති රටෙි තරුණ අයිතිවාසිකම් ගැන කතාකරන  තරුණයන්ට පොලිසියේ මැරයන් ලවා පහර දෙමින් ඔවුන් නිහඩ කිරීමට උත්සාහ දරන බවද ෆොන්සේකා මහතා කීය.

රට හරි මඟට ගන්නා තුරු විදේශ ප්‍රේෂණ එවීමෙන් වලකින ලෙස විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද ෆොන්සේකා මහතා පැවසීය.

බීඩි බොන්නේ වැලේ වැල් නැති මිනිස්සු බව කී ෆොන්සේකා මහතා ආණ්ඩුව ඒ මිනිස්සුන්ගේත් සාක්කුවටත් බැස තිබෙන බවද ඊළඟට  බුලත් විටටත්,කුරුම්බා ගෙඩියටත්, බඩඉරිඟු කරලටත් බදු ගසා කෙමොඩ් වලටත්  මීටර් සවි කරන යුගයක් ඒවි යැයි සඳහන් කළේය.

අයවැය සිව් වන දින විවාදයට සහභාගී වෙමින් සරත් ෆොන්සේකා මහතා මේ බව කීය.



අදහස් (11)

රට සංවර්ධනය වෙනකොට ජනපතිට 99යි මට 97යි

මහසෙන් Friday, 18 November 2022 05:16 PM

නොදන්න දේශපාලනයට ඇවිල්ලා. කරගත්තු විනාශයක්. මහන්තත්තකමයි, සියල්ල දන්නාකමයි නිසා වගේම කොයි වෙලාවේ ලොක්කටත් ශොට් එක දෙයිද දන්නේ නෑ...

:       18       19

විපරමා Friday, 18 November 2022 09:13 PM

සාටකේ එල්ලිලා හොරකම්,වන්චා දූෂණ කරලා බඩවඩා ගත්තු හැම දේසපාලුවෙක්ම ඇවිත් තියෙන්නේ මොනව දැනගෙන ද. අටවත් පාස් නැති උන්, මැරයෝ, පාතාලකාරයෝ ස්ත්‍ර්‍රි දූෂකයෝ ,කිසිම උගත් කමක් සුදුසුකමක් නැති උන්,පව්ල්වල උන්නේ වැඩිපුරම දේසපාලනේ කරන්නේ ?. ෆොන්සේකා මැතිතුමා රටේ යුද්ධය දිනා ගැනිමට දිවිපරදුවට තබා වැඩ කෙරුවා .මොලේ උඩ ඉන්න ගුණමකු ,වහලුන්ට ඔය දේ තේරුම් ගන්ඩ බැහැ.

:       2       1

පිටරැටියා Friday, 18 November 2022 10:40 PM

ෂොට් එක දෙනවනම් තමුන් වගේ කෙනෙක්ම වෙන්ඩ ඕනේ ? දේසපාලනේ කරන්ඩ හදපු,මොළහතාට ,ගෝටාට වෙච්චි දේ තමුන්ට මතක නැද්ද ? වහලුන්ට මේවා තේරෙනවා අඩුයි .

:       5       9

ලංකාපුත්‍ර Friday, 18 November 2022 05:56 PM

ඔබතුමා කියනදේ සියයට දාහක් හරි. ඒත් ජනාධිපතිතුමා නිදහස ලබා අවුරුදු සියයක් වනවිට රටේ සංවර්ධනය අරමුණු කරගෙන සැලසුම් සකසනවා වුණත් ඒ කාලය වනවිට එතුමා නොසිටින බවත් ප්‍රකාශ කළා.. ඒත් වත්මන් තරුණ පරපුරට යහපත් අනාගතයක් වෙනුවෙන් වැඩ කරනවා කියලා ජනාධිපති අයවැය වෙලාවේ කිව්වා කියලා මතකයි..

:       8       16

අතුල සෞදි Friday, 18 November 2022 06:04 PM

ඔබතුමාට 97ක් නෙමෙයි, 107ක් හරි නිරෝගීව ජීවත් වෙන්න ආශිර්වාද කරනවා. හැබැයි 2010 දී ගත්තු වැරදි තීරණය නිසා (ඔබව ඒ වෙනුවෙන් පෙළඹ වූ අය අපි දනිමු) ජාතියට ආදරය කරපු ඒ සෙන්පති භූමිකාව අපට අහිමි විය...

:       4       12

චතුරි Friday, 18 November 2022 06:20 PM

මේ නාකි වයසට යන්නේ හොරා කාලා හෙම්බත්වෙලා මිසක් රටට ජනතාවට වැඩක් කරලා නෙමෙයි... තව කල්ගන්නේ නැතිව කොන්ද පණ නැති රනිල්ව අත්අඩංගුවට ගන්න ඕනෑ. හිරේ ඉන්න ඕනෑ. නඩේ එළියේ තියන අයව ආරක්ෂා කරනවා. කලිසම අඳින්නෙ වැදගත් මහත්තුරු... මෙයා කරන අසික්කිත වැඩවලට... අන්තරේට කියලා කලිසම ඔලුවෙන් ගලවන්න ඕනෑ. වයසට යනකොට දැනුම වැඩිවෙනවා. මෙයාගේ දැන් නහරමැරිලා තියෙන්නේ... ඒකයි මෙයාට කිසි කෙනෙක් අත් අඩංගුවට ගන්න බැරි... අනුර කුමාරව කොහොම හරි ජනපති කරලා. එක රැයින් මොවුන් සේරම අත් අඩංගුවට ගන්න ඕනෑ. මේ රට දියුණු කරන්න බැහැ නැතිනම්... කුඩු වසංගතේ. සේරම මුදලාලිලා. මේ නඩේ කට්ටිය. මොවුන්ටම හරියන්න පොලිසිය. අද ඔය වගේ පොලිස් කාරයින් ඉන්න තිබුණේ ඇමරිකාවේ... හිඟන්නන්ගේ අතින් මැරුම් කන්නේ... මෙහෙ හිඟන්නාටත් කතා කරන්නේ සර් කියලා. ගැහැණුන්ගේ බෙල්ලෙන් අල්ලපු කෙනා. අද ඉන්න ඕනෑ හිරේ... රනිල්ට ඒවා පේන්නේ නැහැ.

:       19       7

ඩේසි ආච්චි Saturday, 19 November 2022 06:21 AM

ලපයා ජනාධිපති වුනොත් උඹලාට තේරෙයි ගෝඨාභය හිටියනම් මූට වඩා හොදයි කියලා වයින්කරපු ඔරලෝසුව දුවන්න වගේ කතා කලාට මොනවාද උන්ගෙ තියෙන රට සංවර්ධනය සදහා තියෙන සැලසුම් .බැලුවොත් තේරුම් යාවි කිසිවක් නැහැ කියලා උඹත් ...........කුමාර වගේ කෙනෙක්ද කියලා හිතෙනවා.

:       1       1

චූල ක්‍යෙටිල්‍යSaturday, 19 November 2022 11:02 AM

චතුරි,,,,,,,, ආයුබොහෝ වෙිවා! අර කාගෙද නහර මැරිල කියල ඔයා වෛද්‍ය සහතිකයක් නිකුත් කරලනෙ, හරි, ඉතින් ඒකෙම කාබන් කොපියක් සහතික කරල අරයටත් නිකුත් කරන්න. ඒ දෙන්නම දැන් ඒ කුලකයේ යාවජීව කටිටිය තමා. එයාත් විශ්රාම වෛකල්පික වයසේ . එයා විතරක්ද ඒ උඩ ඔලුටික 5ක් විතර ඉන්නවනෙ. චතුරි කුල කුමරිය, මතයක හිටගන්න පෙරාතුව ඔයාගෙ ප්‍රේමනීය අතිඋදාර පරමාදර්ශියාගේ කිරිපල්ල අතගාල (පැටිකිරිය) A TO Z Throughly study karala සෑහීමකට පත් වන්නේ නමි පමණක් ඒකෙ හිටගෙන මතය ඉ/ප කරන්න. ඔයාගෙ නැණ පහන දැල්වෙිවා!!!

:       0       2

සමන් Friday, 18 November 2022 11:41 PM

ඡන්දය දිනලා පාර්ලිමේන්තු එන්න බැරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ජනාධිපති කමත් ගන්න තරම් රනිල්ට පල දුන්නේ පරණ පිනක්. ඒ මොකක්වත් නෙවෙයි. 2015 ඡන්ද 4000 වඩා ගන්න බැරුව පැරදුනු සරත් ෆොන්සේකාව වෙනත් පක්ෂයක ඉන්න කෙනෙක් වුනත් පස්ස දොරින් පාර්ලිමේන්තුවට ගත්තේ රනිල් තමයි. එම් කේ ඩී එස් ගුණවර්ධන මැරුණම ආව ඇබෑර්තුව ඔහු සිටි පක්ෂයට නොදී තමයි වෙනත් පක්ෂයක සිටි සහ ජාතික ලැයිස්තුව පලාතකවත් නොසිටි ෆොන්සේකාව රනිල් ගත්තේ. රනිල්ට ඒ පින මේ ආත්මයේදීම පළ දීලා පාර්ලිමේන්තු ගියා විතරක් නෙමෙයි ජනාධිපති තනතුරු පවා ලැබුණා.

:       4       9

ChathuriSaturday, 19 November 2022 12:23 AM

නමටයි පවටයි ඉන්න ජනදිපති. තනතුරෙ තේරුමවත් වගකිමවත් දන්නෙ නැත. පිනෙක් ලෝකේ. කිසිම රටක නැහැ මේ වගෙ නායකයෙක්. මේයාගෙ පින කියන කට්ටිය අපා දුක් විදිනවා. ඒත් කඩේ යන එක නතර වෙන්නෙ නැහැ. ගොඩාක් හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා. මේ නඩේට අපායෙන්වත් කැදවිමක් නැහැ. තවත් පව් පුරෝ ගන්නවා.

:       1       0

Bamunuarachchi Saturday, 19 November 2022 06:43 AM

මිය ගියායින් පස්සත් මිනිසුන් ගේ උපදින සමරනවා. දේසපාලන බල ගන්න තම හමුදාව දෙමළුන්ට පාවාදීම ගැන කියලා අපි ඔහෙගේ 97 සමරන්නම්.

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 937 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 339 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 980 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1207 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 684 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 675 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site