අවුරුදු කිහිපයකට පෙර මම ෆීජි දූපත්හි නිල නීතිඥ සංගමයේ සාමාජිකයෙක්ව සිටියෙමි.එම සමයේ මේ දිවයිනේ නියම හිමිකරුවන් වූ ෆීජි ජාතිකයින් අතරත් සංක‍්‍රමණික ඉන්දියා ජාතිකයින් අතරත් පැවතියේ නොසන්සුන්කාරී වාතාවරණයක් පැවතින.එසේ වුවත් වර්ග කිලෝමීටර 18000 ක් පමණ වූ මේ කුඩා දිවයිනේ ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තන්ත‍්‍රයක්,අති විශිෂ්ට ගණයේ නීති පද්ධතියක්, හා උසස්ම ගණයේ අධිකරණ පද්ධතියක් තිබුණි.
මාගේ මතකය නිවැරදි නම් මෙම දිවයින් සමූහයේ සිටි මුළු වැසියන් සංඛ්‍යාව ලක්ෂ 4 ත් 5 ත් අතරේ වුණි. ඔවුන්ගේ අධිකරණ පද්ධතිය කොටස් 3 කින් සමත්විත විය. පහළම මට්ටමේ තිබුණු මහේස්ත‍්‍රාත් අධිකරණ සාමාන්‍ය අපරාධ හා චෝදනා විභාග කිරීම සිදුකළේය. දෙවැනි මට්ටමේ තිබුණු මහාධිකරණ බරපතල ගණයේ අපරාධ විභාග කිරීමටත් තවත් වරෙක අභියාචණාධිකරණ ලෙස කටයුතු කිරීමත් සිදුකළේය.පළමු,එසේත් නොමැතිනම් උසස්ම ස්ථානයෙහි ලා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
අනෙක් රටවල් හා සැසදීමේදී සාපේක්ෂව කුඩා අධිකරණ පද්ධතියක් පැවතීම නිසා ෆීජි පාලකයෝ අතීතයේ සිටම පුරුදුව සිටියේ එරට නීති පද්ධතිය හා සමාන නීති පද්ධතීන් ඇති අනෙක් රටවල් වල නීතිවේදීන් ෆීජිහි සාමාන්‍ය නීති පද්දතියේ හා ක්වාසි නීති පද්දතියේ ඇතිවන පුරප්පාඩු පුරවා ගැනීම සදහා බදවා ගැනීමය.අවුරුදු ගණනාවක් පුරාවට එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය ආදී රටවලින් මෙසේ නීතිඥයින් බදවා ගැනීම සිදුවුනි.පසුව වෙනත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් වන ශී‍්‍රලංකාව,මෝල්ටාව,පැපුවා නිව්ගිනියාව වැනි රටවලින්ද ඇතැම් අවස්ථාවන්හි නයිජීරියාවෙන්ද රටේ අවශ්‍යතාව පරිදි නීතිඥයින් බදවා ගැනීමට ෆීජි පාලකයෝ කටයුතු කළහ.
වෙනත් රටවලින් නීතිඥයින් බදවා ගත්තද උසස්ම තත්ත්වයේ අධිකරණ පද්ධතියක් ෆීජි සතුවුනි.එය වඩාත්ම පැහැදිලි වූයේ නිතරම පාහේ ෆීජි රජය නිකුත් කළ නීති වාර්තා වලින්ය.එම වාර්තා කෙතරම් හොදින් සම්පාදනය කර තිබුණේද යත් ප‍්‍රකට එමෙන්ම වඩා විශාල රටක අධිකරණ පද්දතිය හා කරට කර සිටිය හැකි තරමේ තත්ත්වයක් ෆීජි දිවයින්හි අධිකරණ පද්ධතියට විය.
ෆීජිහි විනිසුරුවරු ඉතාම තැන්පත් හා ආචාරශීලී පුද්ගලයෝ වූහ.නමුත් එසේ යැයි කියා ඔවුන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම ඔවුහු අමතක නොකළහ.ඔවුන් තමන් විභාගය
කිරීමට යන නඩුවේ එක් පාර්ශවයකට තමන් හිතැති යැයි හෝ නඩුවෙන් ඉදිරිපත් වී තිබෙන ගැටලූවට තමන්ද පැටලේ යැයි හෝ සිතුණහොත් හෝ වහාම එම නඩුව විනිශ්චය කිරීමෙන් ඉවත්වේ.මෙය ඔවුන්ගේ මා දුටු එක් පුදුමාකාර හැසිරීමක් විය.
කුඩා අධිකරණ පද්ධතියක් හා ගණනින් අඩු විනිසුරුවරුන් පිරිසක් සිටින හෙයින් මෙවැන්නක් වූ විට නැවත නඩු විභාගය පැවැත්වීමට දිගු කාලයක් ගතවීම වැළැක්විය නොහැක. නමුත් කෙසේ හෝ යුක්තිය පසිදලීම නොව යුක්තිය පසිදලෙන බව සැබෑවටම පෙන්නුම් කිරීම මෙරටෙහි දැඩිව පිළිපැදෙන ප්‍රතිපත්තියකි. එනිසා විනිසුරුවරයෙක් නඩු විභාගය පැවැත්වීමෙන් ඉවත් වුවහොත් එනිසා නැගෙන අපහසුතා ඉවසා සිටීම ෆීජි වැසියන්ට හුරුය. විනිසුරුවරයෙකුට පැවරී තිබුණේ මහත් භාරදුර රාජකාරියකි.
කාලය මැවූ වෙනස
මේ සමයේ ශී‍්‍ර ලංකාවේ විශ‍්‍රාම යෑමට ආසන්නව සිටි ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විය.ශී‍්‍රලංකාවේ නීති ක්ෂේත‍්‍රයේ ගෞරවාන්විත පුද්ගලයෙකු වූ ඔහු මගේද හිතවතෙකු වුනි.මා ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවක මට ඔහු මුණගැසුණි.එම හමුවේදී ෆීජි දුූපත්හි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත්වීමට ඉල්ලූම් කරන්නැයි මම ඔහුට යෝජනාවක් කළෙමි. ඔහු ඊට කැමැත්ත පළ කළේය. ඒ අනුව මම ෆීජි දුපත්හි අගවිනිසුරුවරයාට ගෙන ගොස් භාරදිය හැකිවන සේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත්වීමට ඉල්ලා අයදුම්පතක් සකස් කරදෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.මෙය ඔහු ප‍්‍රතික්ෂේප කළේය.තමන් ශී‍්‍රලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළම ස්ථානයේ එනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කර තිබෙන්නෙකු හෙයින් තවත් රටක ශ්‍රේෂ්ඨාධිකරණයක සේවය කිරීමට අමුතුවෙන් ඉල්ලා සිටිය යුතු නැතැයි ඔහුගේ අදහස වුනි.සිදුවිය යුත්තේ ෆීජි පාලකයින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කිරීම සදහා තමන්ට පැමිණෙන්න යැයි ආරාධනා කිරීම බව ඔහු කීවේය.
එදාට වඩා අද කාලය වෙනස්ය.අයදුම්පතක් ඉදිරිපත්කර විශාල මුදලක් තමන් සතුවන තනතුරක් හිමිකර ගැනීමට අවස්ථාව තිබියදී මා මිතුරු විනිසුරුවරයා කී ලෙස ආරාධනාවක් ලැබෙන තුරුම බලා සිටීම අද දවසේ කෙනෙකුට මහා මෝඩකමක් ලෙස පෙනෙනු ඇත.නමුත් අපේ රටේම තත්ත්වය සැළකුවහොත් වරක් නීති ක්ෂේත‍්‍රයේ ඉහළම තලයේ වැජඹුනු ඇතැම් පුද්ගලයෝ ඔවුන්ගේ වටිනාකමටත් වඩා අඩු මුදලකට විකිණී ඇති අවස්ථා එමටය.රටක අධිකරණ පද්දතිය ශක්තිමත් නොමැති නම් එය කඩාවැටීම වැළැක්වීමට නොහැකිය.
විනිසුරුකරණයේ පදනම,ප‍්‍රතිපත්ති හා දර්ශනය
රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකළ අගවිනිසුරු මොහාන් පිරීස්ගේ පත්කිරීම විනිසුරු වෘත්තියෙහි පදනම,ප‍්‍රතිපත්ති හා දර්ශනය හා ගැලපෙන්නේ නැත.
විධායක ජනපතිවරයාටද, ඕනෑම නීතිවේදියෙකුටද, ඕනෑම පරිපාලකයෙකුටද ඉහළින් සිටිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් වගකියන්නේ විනිසුරුවරුන්ය.රටේ පුරවැසියන් වන අපට නිදහස දිනා දෙන්නෝ ඔවුන්ය.නීතියේ ස්වාධිපත්‍ය ස්ථාපිත කරන්නෝ ඔවුන්ය.මෙනිසා ඔවුන් මත පැටවී තිබෙන බර සුලූපටු නැත.අප රටේ ව්‍යවස්ථාවේ සදහන් කර තිබෙන පරිදි රටේ ජනතාවගේ බලය කි‍්‍රයාත්මක වන්නේ පාර්ලිමෙන්තුව හරහාය.එසේ නම් විනිසුරුවරුන් වංචනිකයින් වේ නම් ඔවුන් ජනතාව සතු බලය තමන්ගේ වුවමනාවට පාවාදෙන්නෝ වන්නෝය.
විනිසුරුවරුන් විමසා බලන්නේ මිනිසා - මිනිසා අතර ඇතිවන ගැටුම් පමණක් නොවේ. මිනිසා හා රජය අතර ඇතිවන ගැටුම් විභාග කිරීමද ඔවුන්ට භාරය.රජයක් යනු අපට ළංවිය නොහැකි ශුද්ධවු දෙයක් නොවේ.එය සෑදී ඇත්තේද අප වැනි මිනිසුන් පිරිසකගේ එකතුවකිනි.ඔවුන්ද සාමාන්‍ය සමාජයේ සිදුවන්නාක් මෙන් අපරාධ කටයුතු වල යෙදීමට,නීති කැඞීමට,අල්ලස් ගැනීමට, අඥාන ලෙස මෙන්ම කඩාකප්පල්කාරී ලෙස හැසිරීමට ඇතැම් අවස්ථාවන්හි පෙළඹේ.
රජයක් යැයි අනුහස ලැබ සිටින නිසා ඔවුන් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රයන් කි‍්‍රයාත්මක කිරීමටද ඉඩ ඇත.ඔවුන්ගේ කි‍්‍රයාකලාප වලින් වන හානියෙන් ගැලවී ගැනීමට අප සරණ පතා යන්නේ අධිකරණයටය.රටේ පාලන තන්ත‍්‍රයේ ප‍්‍රධාන තැන් හිමිකරගෙන සිටින මිනිසුන්ගෙන් විය හැකි අකටයුතුතම් වලින් ආරක්ෂාවීමට සාමාන්‍ය ජනතාවට ඇති එකම පළිහ වන්නේ අධිකරණයයි.
සාම්ප‍්‍රදායික මෙන්ම දැඩි ප‍්‍රතිපත්ති තිබෙන අධිකරණ පද්දති ඇති රටවල ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරයෙකු තෝරාගැනීම ඉතා සංකීර්ණ හා මානව වටිනාකම් මත පදනම්වූ කි‍්‍රයාවලියකි. ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරයෙකු පත්කිරීම පසුපස කිසිදු ප‍්‍රචාරන යාන්ත‍්‍රණයක් නොමැති විය යුතුය.තමන්ගේ ආධාරකරුවෙකුට
හෝ මිතුරෙකුට හෝ එවැනි භාරදුූර වගකීමක් භාරදීම සිදුනොවිය යුතුය.අලූත් දේ ඉගෙනුමට ඇති කැමැත්ත,පළපුරුද්ද මෙන්ම ස්වාධීනභාවය,අපක්ෂපාතීභාවය,විවෘ ත මනසක් තිබීම,අලූත් අදහස් වලටද ඉඩදීම ආදීයද හොද විනිසුරුවරයෙකුගේ ගුණාංගයන්ය.
මොහාන් පීරිස්ගේ නැගීම
මොහාන් පීරිස් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමිීපතමයෙකු බව රහසක් නොවේ.ඇටර්නි ජෙනරාල්වරයා ලෙස පත්වීමට ප‍්‍රථමයෙන් ඔහු ආරක්ෂක අංශ සදහා කළ අවි මිලදී ගැනීම් කටයුතු වලදී එම කමිටු වල සාමාජිකයෙකු ලෙසත් උපදේශකයෙකු ලෙසත් කටයුතු කර ඇත.
එම සමයේ ඔහු පෞද්ගලිකව නීතිඥ වෘත්තියේ යෙදුනෙක් විය.එනිසා ඔහු කාට පක්ෂපාතීවූවද එහි ගැටලූවක් නොතිබුණි.නමුත් යුද්ධය අවසන්වීමෙන් පසුව තත්ත්වය වෙනස්ම ස්වරූපයක් ගත්තේය.මොහාන් පීරිස් හට ලැබෙන්නට ගත් පත්වීම් ඔහු රාජපක්ෂ පවුලට දැක්වූ ලැදියාව නිසාම ඔහුට ප‍්‍රදානය කෙරුනු ලකුණු පෙනෙන්නට වුනි.
මුලින්ම ඔහු ඇටර්නි ජෙනරාල්වරයා ලෙස පත්කෙරුණි.ඔහුට වඩා සුදුසුකම් තිබුණු,පළපුරුදු පුද්ගලයින් සේවයේ සිටි මුත් තැන හිමිවූයේ මොහාන් පීරිස්ටය.මෙම ධූරය ක්වාසි අධිකරණ පද්දතියේ හා රටේ සාමාන්‍ය අධිකරණ පද්දතියේ එකතුවක් ලෙස සැළකෙන අතර එනිසාම විනිසුරුධූරයක් හා සමවන වගකීම් මෙහි ඇත.ඇටර්නි ජෙනරාල්වරයාගේ රාජකාරි ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සදහන් කිරීම අවශ්‍ය නැත.මට පෙන්වාදීමට වුවමනා වන්නේ එම ධූරයටද පත්විය යුත්තේ සුදුසුකම් හා පළපුරුද්ද ඇති අපක්ෂපාතී පුද්ගලයෙකු බවය.
ඇතැම් දේශපාලකයින්ගේ දුූෂිත කි‍්‍රයා ගැන සොයාබැලීම පැවරෙන්නේ ඇටර්නි ජෙනරාල්වරයාටය.නමුත් ඇටර්නි ජෙනරාල්වරයා දේශපාලන බලපුලූවන්කාරකම් වලින් පත්ව සිටින්නෙකු වූ කළ සාධාරණය ඉටු වන්නේ කාටදැයි අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.
ඇටර්නි ජෙනරාල් ධූරයෙන් විශ‍්‍රාම ගිය පසු රාජපක්ෂ රජය ඔහුට තවත් පත්වීමක් ලබාදුන්නේය.මෙවර ඔහු පත්කෙරුණේ මහා පරිමානයේ රාජ්‍ය බැංකුවක ප‍්‍රධානියා ලෙසය.තනි පවුලක පාලනයට නතු වෙමින් තිබුණු රටේ එම පවුලේ අතිශය විශ්වාසවන්ත හිතවතෙකු වීමට මොහාන් පීරිස් සමත්ව තිබුණි.
2009 ජනපතිවරණය ජය රාජපක්ෂ පවුල් පාලනයට තටු දුන්නාක් මෙන් විය.එහි ප‍්‍රතිඵලය වූයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි.ව්‍යවස්ථා සංශෝධයක් ගැන ජනපතිවරණ ප‍්‍රචාරක සමයේදී කිසිදු සදහනක් නොකෙරුණි.ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරුණේ ජනතාවගේ මෙන්ම පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේද ඇස් වසාය.මේ පසුපස සිටියේ තමතමන්ගේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කළ පිිරිසක් බව කියැවේ.
මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස තෝරාගැනීම
2013 වසරේදී එවක අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක අත්තනෝමතික ලෙස විශ්වාසභංගයක් ගෙනවිත් ධූරයෙන් පහ කරනු ලැබුණි.කෙටියෙන් කිවහොත් දැන් අගවිනිසුරු ධූරය හිස්ය.එතැනට පත්කිරීමට සුදුස්සා වන්නේ මොහාන් පීරිස් මිස වෙන කවුද?
රටේ නීති ක්ෂේත‍්‍රයේ හා අධිකරණයේ යාවජීව සාමාජිකයෙකු නොවූ මොහාන් පීරිස්ව එසේ අගවිනිසුරු ලෙස පත්කෙරුණේ කෙසේද? එම පත්කිරීම පසුපස සිටි අනෙක් පුද්ගලයින් කවරේද? යන ගැටලූ වලට පිළිතුරු ලැබුණේ නැත.මේ ගැන විමසා සිිටි විට රාජපක්ෂ හිතෛශීන් පවසා සිටියේ එම පත්වීම සිදුකර ඇත්තේ ජනපතිවරයාගේ අනුදැනුම මත නිසා ඒ ගැන බියක් ඇතිකර ගත යුතු නැති බවයි.වරදක් සිදුකිරීමේ වුවමනාවක් රාජපක්ෂ ජනාධිපතිවරයා හට නැතැයි ඔවුන්ගේ තර්කය විය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ නාටකයේ චරිතයක් රගදක්වා ඇත්දැයි අපි නොදනිමු.ඔහු එසේ කර ඇත්නම් කියන්නට තිබෙන්නේ එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බවය.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුදුසුකම් දෙස බලන විට ඔහුට හොද විනිසුරුවරයෙකුගේ තිබිය යුතුම ලක්ෂණ වන ගැඹුරු චින්තනය,ස්වාධීනත්වය,බුද්ධිමත් භාවය,නිදහස් සිතුවිලි ආදිය ගැන
දැනුමක් තිබෙන බවක් පෙනෙන්නට නැත.පෞද්ගලික දැනහැදුනුම්කම් මත,උදව්වට උදව්වක් ලෙස, විනිසුරුවරයෙකු පත්කිරීම කිසිසේතම සිදුනොවිය යුත්තකි.එවන් පත්වීමකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු කටයුතු භාවයට සිදුවනු ඇති හානිය මෙතෙකැයි කියා කිව නොහැකිය. පිළිගත් නීති හා සම්ප‍්‍රදායන් අනුව කටයුතු කරන ශ්‍රේෂ්ඨාධිකණයට කනේ පහරක් ගැසුවාක් මෙන් පුද්ගලයෙකු පත්කිරීම සමස්ථ පද්දතියම හෑල්ලූවට පත්කරන්නකි.එමෙන්ම එම පුද්ගලයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ හා රටේ නීති ක්ෂේත‍්‍රයේ සිටිනා වෘත්තිය සගයින්ගේ සහය ලැබේයැයි අපේක්ෂා කළ නොහැකිය.
නීතිඥවරියක වන මොහාන් පීරිස්ගේ බිරිද තම සැමියා අගවිනිසුරු වූවාට පසුවද දිගින් දිගටම තම වෘත්තියේ යෙදුණාය.අගවිනිසුරුවරයා යනු රටේ අධිකරණ පද්ධතියේ ප‍්‍රධානියා වන අතර විනිසුරුවරුන් පත්කිරීම,ඉවත් කිරීම ආදී අධිකරණ පද්දතියේ සියලූ බලතල තිබෙන්නේ ඔහුටය.නීතිඥයින්ගේ වෘත්තිමය ජීවිතය පිළිඹද පවා තොරතුරු සොයාබැලීමේ හැකියාව ඔහුට ඇත.මෙවන් තත්ත්වයක ඔහුගේ බිරිය නීතිඥවරියක ලෙස සේවය කිරීම නිසා ඇයට කවර ආකාරයේ ප‍්‍රතිලාභ ලැබෙන්නට ඇත්දැයි අමුතුවෙන් සිතා බලන්නට අවශ්‍ය නැත.තමන්ගේ සහකරු හෝ සහකාරිය තම ප‍්‍රධානියා ලෙස පත්කෙරුණහොත් ඔහුට හෝ ඇයට අපක්ෂපාතීව රැුකියාවේ නියැළීමට ඉඩ සළසා දී තම රැුකියාව ඒ වෙනුවෙන් කැප කරන්නට මිීට වඩා බලතල අඩු රැකියාවන්හි යෙදෙන කාන්තාවන් හා පුරුෂයින් කටයුතු කළ අවස්ථා ඇති තරම් තිබෙතත් මොහාන් පීරිස්ගේ බිරිද තම සැමියා අගවිනිසුරු ලෙස පත්වීමත් තමන් ඔහු යටතේ සේවය කිරීමත් ගැන එතරම් දුරට සිතාබලා නොතිබුණු බවක් පෙනුනි.
අධිකරණය හෑල්ලූවට ලක්කිරීම හා දේශපාලනීකරණය කිරීම
අගවිනිසුරු ලෙස පත්වූවායින් පසුව හැකි සෑම අවස්ථාවකදීම රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග ගැවසීමට මොහාන් පීරිස් අමතක නොකළේය.අලූත් අවුරුදු සමයේදී ඔහු විශේෂ ආරාධිතයෙකු ලෙස රාජපක්ෂ මහතාගේ නිවස වෙත ගොස් සිටි බවටද තොරතුරු ඇත.සාමාන්‍යයෙන් සිංහල අලූත් අවුරුද්ද සැමරෙන්නේ පවුලේ සාමාජිකයින් හැරෙන්නට ඉතා සමිීප හිතවතුන් පිරිසක් සමගය.
ගොඩනැගිිලි විවෘත කිරීම් ආදියේදීද ඔහු රාජපක්ෂවරුන් සමිීපයේම සිටියේය.මේවා රටේ ජනතාවගේ මුදල් කාබසිනියා කරමින් ඉදිකර තිබෙන බව සාක්ෂි ඇතිවම පෙන්වා දී තිබියදී අගවිනිසුරු ලෙස එම සාක්ෂි විමසා බැලිය යුතුව තිබියදී,ඔහු තම වගකීම පැහැර හැරියේය.වරෙක ඔහු නීතිඥ හමුවක් ඇමතීමට ආරක්ෂක ලේකම්වරයා කැදවා තිබුණේය.එය සිදුනොවිය යුතු දෙයකි.නමුත් ඔහුට එහි ගණනක් නොවීය.
රටේ අධිකරණ පද්දතිය විනාශ කරමින්,දේශපාලනීකරණය කරමින් ඔහු ගිය ගමන නිසා පසුගිය ජනාධිපතිවරණයේ ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කරමින් තිබුණු දිනයේ අලූයම ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේ සිටීමද පුදුම වන්නට දෙයක් නොවේය.ඔහුට නීති ක්ෂේත‍්‍රයේ ආචාර ධර්මයන් ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් තිබුණේද යන්න සැකය.එම අලූයම් සමයේ රටේ අගවිනිසුරුවරයා ජනපති අපේක්ෂකයකු හා සිටීම කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ නොහැකිය.
විනිසුරුවරු සියලූදෙනාම තමන් පත්කරන පාලකයාට ගැති වන්නෝ නොවන බව සදහන් කළ යුතුය.අපක්ෂපාතීව,නීතියේ ස්වාධිපත්‍ය රකිමින්,යුක්තිය පසිදලූූ විනිසුරුවරුන්ට හිමිවුණු අවාසනාවන්ත ඉරණම් ගැන සාක්ෂි ඉතිහාසයේ එමටය.
විනිසුරුවරයෙකු තම අසුනේ හිදගත් විට ඔහු අත තිබෙන්නේ රටේ පාලකයාගේ බලය නොවේ.ඔහු නියෝජනය කරන්නේ රටේ ලක්ෂ 210 ක් පමණ වන ජනතාව ඔහු වෙත ලබාදුන් බලයයි.එසේ ලබාදුන් ජන බලය එක් මිනිසෙකුගේ අකටයුතුකම් නිසා කිළිටිවී නැත.ඉදිරි ගමන දැන් පැහැදිලිය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රටේ හැටි අධිකරණයෙන් පෙනේ
සිරිපාල Friday, 20 February 2015 08:03 AM
කොහොම හරි මහින්ද අගමැති කරවලා මේ ගමන නවත්වන්න බලමු. මෙහෙම ගියොත් අධිකරණය හොඳටම ස්වාදීන වෙලයි නවතින්නේ. (හේ)
රොෂාන් ද සිල්වා Friday, 20 February 2015 08:59 AM
ලංකාදීප, මෙය හොඳ පුවතක්. දැන් කිසි කෙනෙකුට කියන්න බැහැ ලංකාවේ මාධ්‍ය නිදහස නැහැ කියලා. මෙය විය යුතුව තිබුනේ අවුරුදු කිහිපයකට පෙරය. අපි දැන් සතුටු විය යුතුයි. ඇයි? අඩුමගානේ දැන් හෝ ඒ දේ ලංකාවේ සිදුවී ඇති නිසයි. සුබපැතුම්.(හේ)
මාගෙදරගමගේ Friday, 20 February 2015 11:31 AM
කාලෝචිත ලිපියක්. ඉතා ලස්සනට කාරණා කියා ඇත. (අ)
චමිල-පානදුර Friday, 20 February 2015 01:42 PM
ඉතාමත් කලෝචිත ලිපියක්. ස්තූතියි ලංකාදීප(දිල්)
විභූති Friday, 20 February 2015 06:03 AM
හොඳ ලිපියක් (දිල්)
චන්න Friday, 20 February 2015 06:39 AM
ඉතාමත් කලෝචිත ලිපියක්. ස්තූතියි ලංකාදීප.(හේ)
අමරවීර Friday, 20 February 2015 07:13 AM
බොහොම හොඳ ලිපියක්. මේ තත්වය නැවත අතිවිය යුතුය. දේශපාලන හා පුද්ගලික හැඳිනුම් මත විනිසුරු තනතුරු නොදිය යුතුය. සාදාරන ක්‍රමවේදයක් නිර්මානය කිරීම අවශ්‍යවේ. (හේ)