(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා අලුත්ම යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
ඔහු මෙම යෝජනාවලිය ඉදිරිපත් කළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.
ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා සැලසුම් එක්සත් ජනරජ පෙරමුණ සතු බව ඔහු මෙහිදී සඳහන් කළේය
පාටලී චම්පික රණවක මහතා එහිදී මෙසේද පැවසීය.
රට සංවර්ධනය සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතුය. ඊට වර්තමානයේ පවතින ගැටලු විසඳීම අනිවාර්ය වෙයි. වසර 2005 දී ලක්ෂ හයක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 14 ක් දක්වා වැඩිවී ඇත. ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමෙන් රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කිරීමේ හැකියාව ඇත. එහිදී සේවා ගුණාත්මකභාවය පිළිබඳ දර්ශක මත පදනම් ක්‍රමයක් හඳුන්වාදීම සුදුසයි. වඩා කාර්යක්ෂම, නිවැරදි සහ ඉලක්ක සපුරා ගන්නා සේවකයන් සඳහා උසස්වීම් හා වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක් සැකසිය යුතුය. දැනට සිදුවන්නේ වයස සහ සේවා කාලය මත පදනම් උසස්වීම් ක්‍රමයකි. එය දක්ෂතා සහ හැකියාව මත පදනම් වූ ක්‍රමවේදයක් දක්වා වෙනස්විය යුතුයි. එහිදී නිවැරදි, කාර්යක්ෂම සේවා සැපයීමට සේවකයන් පෙලඹෙනවා. ඔවුන් අතර තරගකාරීත්වයක් නිර්මාණය වන අතර සේවා ගුණාත්මකභාවයට එය වැදගත් වෙයි.
මහජන නියෝජිතයන් සම්බන්ධවද මෙවැනිම ක්‍රියාවලියක් හඳුන්වා දීම අතිශය වැදගත් බවද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට හදන්න පාඨලීගෙන් යෝජනාවලියක්
chandima Wednesday, 14 February 2024 12:04 AM
චන්දෙ කිට්ටුවෙනකල් දැනුම හංගා ගෙන නේ ඉඳලා තියෙන්නේ ?බලන්න ඒකෙත් හැටි .මොනතරම් ඥාන කෝෂයක්ද මේ වේලි වේලි ඉඳලා තියෙන්නේ ?