IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


රට හරි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො දුවන්නේ ඇයි?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියකින් ඉදිරියට යන විට  විවේචකයන් බලය වෙනුවෙන් දිනෙන් දින විවිධ අභූත කථා නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද(2)පැවසීය.

කවුරු බලයට ආවත් ආපසු හැරීමක් නැතැයි කී ජනාධිපතිවරයා  වත්මන් ආණ්ඩුවේ  වැඩපිළිවෙළ තුළ ඉදිරියටම යා යුතු බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද  (2) විශේෂ ප්‍රකාශයක්  කරමිනි

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් නගමින් මන්ද පෝෂණය නිසා පාසලේදී දරුවන් ඇද වැටීම සුබද? අසුබදැයි ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරක් දෙමින් ජනාධිපතිවරයා  රටේ ආර්ථිකය කැඩී මිනිසුන් හාමතේ ඉන්නා විට අගමැතිකම ගන්නේ නැතිව බයේ දුවන එක සුබද? අසුබදැයි විමසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත්, මෙය රට ලැබු සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම සුබ ආරංචියක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙම සුබ ආරංචිය අනාගතය දක්වා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහන සාර්ථක කර ගනිමින් රට ගොඩනැගීමේ අභියෝගාත්මක ව්‍යායාමට පක්ෂ පාට බේදයෙන් තොරව එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාට යළි ආරාධනා කළේය. 

තමා පසුගිය අවුරුදු දෙක පුරා පටු දේශපාලනය නොකළ බව  පැවසූ ජනාධිපතිවරයා සෑම විටම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව ද අවධාරණය කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද  කීය.

අපේ විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 37 යි. එයින් ඩොලර් බිලියන 10.6 ක් ද්විපාර්ශවීය ණය. ඩොලර් බිලියන 11.7 ක් බහු පාර්ශවීය ණය. ඩොලර් බිලියන 14.7 ක් වාණිජ ණය. ඒ අතරින් බිලියන 12.5 ක් ස්වෛරී බැඳුම්කර. ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම හෙවත් ප්‍රතිව්‍යූහගත කිරීම සහ ඊට අදාල කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුළත් ඉන් පිටතදීත් විවිධ අය විවිධ අදහස් පළ කරනවා. ඒ සමහර කරුණු සත්‍යතාවයෙන් තොරයි. සමහර කරුණු අර්ධ සත්‍ය. ඒ නිසා ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර පිළිවෙත සහ සත්‍ය කරුණු මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න කැමතියි.

මොනවද මේ විදේශ ණය කියන්නෙ. ඒ ඒ රටවල් ණය දෙන්න සල්ලි කොහෙන්ද ලබා ගන්නෙ? අපිට ඔවුන් ණයට දෙන්නෙ ඒ රටවල ජනතාවගේ බදු මුදල්. ඒ වගේම ඒ රටවල ජනතාවගේ ඉතුරුම්. 

අපේ රටේ බොහෝ දෙනා යෝජනා කරන්නේ අපි කිසිම කැපවීමක් නොකර, විදේශ ණය සඳහා සහන ලබා ගත යුතු බවයි. නමුත් එහෙම වෙන්නේ නෑ. එය ප්‍රායෝගික නෑ. ජාත්‍යන්තර පිළිවෙත්වලට අනුව එහෙම කරන්නත් බෑ. වෙනත් රටවල ජනතාවගේ බදු මුදල් වගේම, ඒ අයගේ ඉතුරුම් සම්බන්ධ තීරණ ගැනීමේදී අපටත් කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. අපි කැපවීමක් කරන්නේ නැත්නම්, ඒ රටවල ජනතාව අප වෙනුවන් කැපවීමක් කරන්නෙත් නෑ. 

ඒ විතරක් නෙවෙයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීම අසීරු ව්‍යායාමයක්. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් කියන්නේ මේ කාර්යය අසීරු සහ වේදනාකාරී කාර්යයක් බවයි. එය ණය හිමියන්ටත්, ණය ගැතියන්ටත්, ණයගැති රටේ පුරවැසියන්ටත්, මැදිහත් කරුවන්ටත් වේදනාකාරී ක්‍රියාවලියක්. 

නිල ද්විපාර්ශවික ණය හිමියන් මූලික ණය මුදලෙහි කප්පාදුවක් කිසි විටෙක සිදු කරන්නේ නෑ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාල සීමා, පොලී අනුපාතය අඩු කිරීම් ආදියෙන් තමයි මේ සහන ලබා දෙන්නේ.

නමුත් මේ යථාර්ථය නොදැන සමහරු මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කළේ නෑ කියා දොස් කියනවා. 

ඔවුන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් සියයට පණහක් කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව තවත් සමහරු කියනවා .මෙවැනි කාර්යයක් සඳහා දෙපාර්ශවයම එකඟ විය යුතු බව අප අවබෝධ කරගත යුතුයි. අප කියන දේම කරන්න ණය හිමියන් කටයුතු නොකරන බවත් අප අවබෝධ කරගත යුතුයි. එවැනි ප්‍රකාශ වලින් පේන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි.

ණය ප්‍රතිව්‍යූහගතකරණය කවර මට්ටමකින් සිදු කළ යුතු ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාටවත්, ණය ගැතියාටවත් නෙවෙයි. ඒ පිළිබඳ තීරණය ගන්නේ අයි.එම්.එෆ් සංවිධානයයි. රටක ණය තිරසරභාවය ඇති කරලීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යූහගත සැලැස්ම කවරක්ද කියා තීරණය කරන්නේ ඔවුන්. ඒ ඒ රටවල ආර්ථික ශක්තිය පිළිබඳව ස්වාධීන තක්සේරුවකින් පසු ඔවුන් ඒ තීරණය ගන්නවා.

අපේ රටේ ණය තිරසරභාවයක් නොමැති බව අයි.එම්.එෆ් සංවිධානය අපට දැන්වූයේ 2022 වසරේ අප අමාරුවේ වැටෙන්නට බොහෝ කාලයකට කලින්. ඒ වගේම අයි.එම්.එෆ් සංවිධානය අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට වෙනස්. අඩු ආදායම් රට වලට එක ක්‍රමයක්. මැදි ආදායම් රටවලට තවත් ක්‍රමයක්.

මම එක් උදාහරණයක් දක්වන්නම්. ශ්‍රී ලංකාව මැදි ආදායම් ගණයට වැටෙන රටක්. මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශ්ලේෂණ රාමුව භාවිත කර, ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු කළ මුල්ම මැදි ආදායම් ලබන රටවල් අතරින් එකක් තමයි ශ්‍රී ලංකාව.

 ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 කට වඩා අඩු කර ගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ඝානාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම මීට වෙනස්.

 ඒ සැලසුම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණයෙහි වර්තමාන වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 55 කට වඩා අඩු කර ගත යුතුයි.  අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. ඝානා ජනාධිපතිවරයා මෙම ගිවිසුම අත්සන් තබා අපි වගේම එම වැඩසටහන ඉදිරියට කරගෙන යනවා.ඒ අනුව අයි.එම්.එෆ් ගිවිසුම සාර්ථකව ඉදිරියට කරගෙන යන්නේ අපේ රටවල් දෙක පමණයි. 

අඩු ආදායම් ලබන රටවල් සඳහා පොදු ක්‍රියා රාමුවක් තියෙනවා. පොදු ක්‍රියා රාමුවට අයත් රට වලට තමන්ගේ ණය හිමියන් සියල්ල එක වේදිකාවට කැඳවා තීරණ ගැනීමේ අවකාශය ලැබෙනවා. ඒත් අපට එය අදාල නැහැ. ඊට හේතුව වෙන්නේත් අප මැදි ආදායම් රටක් වීමයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සංකීර්ණ ක්‍රියාවලියක්.

මේ පසුබිම මත අපට නිල ණය හිමි කමිටුවේ සාමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමඟත්, චීනයේ එක්සිම් බැංකුව සමඟත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. හැබැයි මේ පාර්ශවයන් එකකටවත් සුවිශේෂයක් කිරීමට අපට අවසරයක් නැහැ. ඔවුන් දෙපාර්ශවයටම සමානව සැලකෙන පොදු කොන්දේසි මාලාවක් සකස් කිරීම තමයි, අප ඉදිරියේ තිබුණු දැවැන්තම අභියෝගය. 

නමුත් අපි මේ සියළු දුෂ්කරතා සහ අභියෝග මැද අයි.එම්.එෆ් වැඩසටහන ආරම්භ වී මාස 15 ක පමණ කෙටි කාලයකදී  විදේශීය ද්විපාර්ශවික නිල ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපට පුළුවන් වුණා. මේ සා කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මෙය සුවිශේෂී ජයග්‍රහණයක්. සුබ ආරංචියක්.

ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්නට කැමතියි.

මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. 

පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලී අනුපාතය සියයට 2.1 ක හෝ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා. 

ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිවහොත්, අපේ ණය ගෙවා අවසන් කළ යුතු වන්නේ 2043 වසරේ දී. 

ණය සේවාකරණ වියදම කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5 ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා. 

මේ නිසා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශය ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මුල්‍ය අවකාශයක් උදාවෙනවා.

ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සුබ ආරංචිය එද්දී සමහරු කලබල වුණු විදිය අප දැක්කා. භූමිතෙල් ගෑවුණු ගැරඬියන් වගේ ඒ අය හැසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ?

අයි.එම්.එෆ් වැඩ පිළිවෙල සාර්ථක වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන එක අවසන් වීම සුබ ආරංචියක්ද? අසුබ ආරංචියක්ද?

එන්න. අපි එකට එක්වී අපේ මව්බිම යළිත් ඉහළට ඔසවා තබමු යැයි ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (20)

රට හරි පාරේ යන විට ඇඟේ ඉත්තෑවො දුවන්නේ ඇයි?

pakeer Tuesday, 02 July 2024 07:43 PM

කොහෙද හලෝ හරි පාරේ යන්නේ හානවා නෙමයි අපිඋල කනවා බලවකෝ ඇදුමක් ගන්න පුළුවන් ද කියලා ගණන් වල හැටියට

:       22       44

Prabha Tuesday, 02 July 2024 07:52 PM

ඉත්තැවෝ කොහේටද යන්නේ කියලා සාගලගෙන් ඇහැව්වානම් කියයි

:       21       47

Achini Tuesday, 02 July 2024 08:19 PM

සොරුන් ආරක්ෂා කිරීමෙන් ඔබ කිසි විටෙකත් එම ඉලක්කය සපුරා නොගනු ඇත, ඔබේ ඉලක්කය වත්කම් විකිණීම සහ ඔබ එය නිවැරදි කළ බව ඔවුන්ට පෙන්වන්න. අන්තිමට අපිට රටක් ඉතිරි වෙන්නේ නැහැ

:       15       41

Dharshini Tuesday, 02 July 2024 08:21 PM

ලොකු හොරු සෙට් එකක් ඔයාව වටකරගෙන. ඔබ ඔවුන්ව ආරක්ෂා කරනවා. මේ රටට නරකක් කරපු අයව ආරක්ෂා කරන්නේ ජනාධිපති කෙනෙක් වෙන්න 2015 මහ බැංකුවෙන් මංකොල්ල කාපු සල්ලි ආපහු දෙන්නෙ නැත්තෙ ඇයි? ඒ සඳහා මිනිසුන් සතුටු වනු ඇත

:       17       39

Priya Tuesday, 02 July 2024 08:43 PM

ඔබ මොන බයිලා ගැහුවත් සටන තියෙන්නේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතරයි. ධම්මික පෙරේරා අවොත් අනිවාර්යෙන්ම ඔබට හතර වෙනි තැන තමයි ලැබෙන්නේ. ඔබගේ වටේට ඉන්න අයට කෙසේවත් චන්ද ලැබෙන්නේ නැහැ. ඒ අය ගැන ජනතාව හොදට දන්නවා .ඔබම දැන් හැරී බලන්න ඔබේ වටේට කවුද ඉන්නේ කියලා

:       1       0

ජයනාත් Tuesday, 02 July 2024 08:54 PM

කොහෙද බොල රට හරි පාරෙ ගිහින් තියෙන්නේ . තාම ට්‍රැක් පැනල.. අයාලෙ යන්නේ .

:       0       0

පුරවැසියා Tuesday, 02 July 2024 09:23 PM

මේ මනුස්සයාට පිං පඩියක් දීලා ගෙදර යවන්න

:       0       0

nanda Tuesday, 02 July 2024 09:25 PM

අර බැංකු කැඩිල්ල ගැන කිව්ව කතාව නම් හරි නේද

:       0       0

ගමේ එකාලා Tuesday, 02 July 2024 10:54 PM

පින් ජනපතියා දැක්කම අපේ ඇගේ මාලු නටනවා. බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ ඔක්කොම කෙරුවේ ජනතාව ගොනාට අන්දවපු එක .

:       2       0

සමන්ත Tuesday, 02 July 2024 11:53 PM

අද රනිල් විවේචනය කරන ඔය කයිවාරු කාරයෝ ඔක්කොම එදා ඇඩ්ඩ්‍රස් නැතුව පෝලිම් ගානේ කන්කෙඳිරි ගගා අහසට අත් දික් කරලා හතර වටේටම සාප කර කර හිටියේ. ඒ ඔක්කොමයි, බයේ පැනලා දිව්ව එව්නුයි ඔක්කොම දැන් ඇඟට පතට පණ ඇවිත් එදා ජීවිතය දුන්න මිනිහව දඬුකඳේ ගහන්න කතාව. අපි එදත් රනිල් ට පුලුවන් කිව්වා. අදත් කියනවා.ප්‍රවීන දේශපාලඥයන් ගෙන් පටන් ගෙන​, ඉගෙන ගෙන, ජාත්‍යන්තරයෙන් උදව් ගත හැකි, පිලිගන්න එකම දේශපාලන නායකයා ළෙස ජීවතුන් අතර ඉන්න රනිල් එලවලා ගේන්න කෝ ඔයාලා බලාපොරොත්තු වෙන නායකයෝ. කොකාගේ සුද පේන්නේ ඉගිලෙන කොට. ඒදාට බලමු කොහොමද රඟන්නේ කියලා.කයිවාරුවයි, රාජ්‍ය පාලනයයි එකක් නෙමෙයි, දෙකක්

:       31       22

CCWednesday, 03 July 2024 11:19 AM

අපේ රටේ ඇතිවූ අර්බුදය හරි හැටි තේරුම්ගන්න බැරි තකතීරුවන් පිරි සමාජයකට උරුම වන්නේ අසහනය, පීඩනය හා අන්ත දුගීභාවය හා රටේ අනාගතය වලපල්ලට යෑමයි. මේ රටේ පසුගිය කෝවිඩ් සමයේ සිදුවූ ආර්ථික පෙරලිය සමග ඇතිවූයේ රටේ ආරකෂණය පිළිබඳව නොතැකූ අදූරදර්ශී දේශපාලනයෙහි ප්‍රතිවිපාකයයි. මේ රට පාලනය කළ අය රට ගැන රටේ ජනතාව ගැන ආදරයක්, කැක්කුමක් නොමැති තමන් ගැන තම ඥාතීන්, හිතවතුන් හා තමන්ට උපකාර කරන අයට පමණක් ගැන හිතන වංක, දූෂිත, ආත්මාර්ථකාමී දේශපාලකයින් මේ රටේ අහින්සක මිනිසුන් මුලා කරමින් ඔවුන්ට ඡන්දෙ කාලෙට මොනවා හරි සොච්චමක් සමග පොරොන්දු ගොන්නක් දී ඡන්දය ගන්නත් ලැබූ බලය රැක ගන්නත් වැඩ කළා මිස රට අවංකව ගොඩනගන්න හැකි අවංක දේශපාලනඥයින්ට බලය ලැබුනේ නැත. එනිසා අපේ රටේ වංචාව, දූෂණය, හොරකම සෑම ක්ෂේත්‍රයකම පිළිලයක්සේ වෙලාගෙන ඇත. මනුෂ ගුණධර්ම පිරිහී ඇත. මෙය වෙනස් කිරීම නොකලහොත් අනාගත දරුවන්ට රටක් ඉතිරි නොවනු ඇත. එනිසා අදූෂිත අවංක මහජන ව්‍යාපාරයක් බලයට ගෙන ඒම කළයුතුවම ඇත.

:       0       4

sunimal Wednesday, 03 July 2024 02:19 AM

අපේ රටේ බොහොමයක් ඉන්නේ කුහකයෝ සහ මෝඩයෝ . උන්ගේ ටිකිරි මොළවලට තේරෙන්නේ නැහැ මිට අවුරුදු 2 කට කලින් අපි හැමෝම තෙල් පෝලිම්වල විඳපු දුක . දැන් මේ රට යන්නේ අන්න ඒ නරාවලෙන් ටික ටික එගොඩට බව ඇස්දෙකට පෙනෙන්න තිබුනත් කුහකයෝ එක පිළිගන්න කැමති නැහැ . එක වෙලාවකට හිතිනවා අනේ ආයෙත් අර වලටම වැටෙනවා නම් කියල මොකද මේ වගේ කාලකන්නි ටිකක් එක්ක එකටම මැරෙන එක හොඳයි මුන් එක්ක එකම සමාජයේ ජිවත්වෙන්වට වඩා . මේ ගොන්නු හිතාගෙන ඉන්නේ එක රැයින් මේ රට ගොඩ ගන්න පුළුවන් කියලයි . ලැබුණු පළමු චාන්ස් එකෙන්ම බස් එකේ හෝ කෝච්චියේ හොරෙන් යනවා . ATM මැෂින් එක ළඟ කෙනෙකුට අමතකව ගිය මුදලක් තිබුනොත් එක හොරෙන් සාක්කුවේ දාගන්න උන් ඉන්න රටකනේ මේ . දෙකයි දෙකයි හතරයි කියන්න දන්නේ නැති එකත් බැඳුම්කර ගැන කතාකරනවා . ලෝක විහිලු තමයි මේවා.

:       30       21

Swene HaputhantirigeWednesday, 03 July 2024 04:34 AM

මේවා නැති කරන්න හොරු සමග ඉන්න පාලකයින්ට බැහැ . පාලකයින් අවංක බව ජනතාවට ඒත්තු ගැන්වෙන සේ වැඩ කෙරෙන රජයක් පත්කරගෙන නව පුනරුධයකට යා යුතුයි. සියල්ලම වෙනස් කල යුතුයි. ඒ සඳහා විශ්වාස කරගෙන, සැබෑ වෙනසකට දායකත්වය ඔබගේ යුතුකම ලෙස සලකා ඉදිරි චන්දයේදී වැඩ කරන්න

:       1       0

චතුරි Wednesday, 03 July 2024 05:01 AM

මොන කයිවාරු ගැහුවත්. තමුන් ඇතුලු ගොබ්බ රැල පැරදිලා හිරේ යනවාමයි. සුද්දාගෙන් රට අරගෙන. සිරිමාවෝ ගෙන් පස්සෙ ආපු නාකි හොර නඩේ. චන්දෙට විතරයි රට දියුනු කරන්නෙ, ජනතාවට පොහොර බෙදන්නෙ. ජනතාවත් රැවටි රැවටි මුන්ව මෙතෙක් කල් ගෙනාවා දැන්. මුතුඇටේ. පොත්ත ගිහින්. මුන් උලන් කාලා. මුන් ලෝකෙට තියෙන ණය කන්දරාවට වැඩිය ලොකුයි මුන් හොරා කාපු කන්දරාව. වෙන රටක නම් මේ නඩේව එල්ලා මරලා .අපේ සමහර ගොන්නු මුන්ට තවමත් කඩේ යනවා. මුන් සේරම මන්ද බුද්දිකයි. මල්ලි

:       1       0

Nilantha Pahathgama Wednesday, 03 July 2024 06:19 AM

සමන්ත සහ සුනිමල් කියන්නෙ සහතික ඇත්ත වුනත් තමන්ගෙ බඩවියත ගැන මිස තමන්ගෙ දරුවන්ගෙ අනාගතය රටේ සංවර්ධනය ගැන කිසිම හැගීමක් නැති මොට්ටයෝ කවුරු හරි එකෙක් කියපුදේ පමණක් විශ්වාස කර ඡන්දය පාවිච්චි කිරීමේ විපාක නිසා රට විනාශ වුනා තවමත් NGO නඩ විසින් රට විනාශ කරන්න ගේන උපක්‍රම පිලිගත් කාළකණ්නියෝ කියනදේ අහල රට අගාධයට ගෙන යන්න කටයුතු කරනවා.

:       0       0

Appuhamy Wednesday, 03 July 2024 07:56 AM

දේශපාලකයෝ රට කනකොට ඇඟේ මොනවාද යන්නේ...?

:       0       2

චන්දිම Wednesday, 03 July 2024 09:16 AM

දැන් මේ කට්ටියක් ඉන්නවා රනිල් තමා එකම වීරයා කියලා පෙන්නන්න එක එක දේවල් කියන... ඒ අයට මම කියන්නේ ඔය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අපේ රටේ විතරක් නෙමෙයි, ඔය ඝානාව වගේ අප්‍රිකානු රටවල නායකයෝත් කර ගත්තා. ඒ මිනිස්සු මීට වඩා ඉක්මනට වැඩි වාසි ලැබෙන විදියට ඒවා කරගෙන තියෙනවා. ඔය පොහොට්ටු බයි රැලේ බන්දුලලා, දිනේෂලා වගේ ආරථික විශාරදයෝ වගේ කලින් බොරුවට පුම්බාගෙන උන්නා... අන්තිමේදී මෙලෝ වැඩක් බැරි අය බව ඔප්පු වෙච්චි වෙලාවේ කරකියා ගන්න දෙයක් නැතුව රනිල්ට ඔක්කෝම රට බාරදුන්නාට පස්සේ එයා ලැබිච්චි අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන වීරයෙක් වෙන්න දැන් හදනවා. ඔය වැඩේ එයා නොකලාට මේ රටේ ඕනෑ තරම් උගත්, දක්ෂ මිනිස්සු තව ඉන්නවා... කරනවා නම් ඕවා කරගන්න. මේක කළා කියලා මුළු රටම බාර දුන්නොත් ඔක්කෝම විකුණලා දාවි... එයාගේ ක්‍රමේ ඒකනේ. එතකොට බලා ගන්න පුළුවන් රටේ අනාගත දරුවන්ට රටක් ඉතුරු වෙයිද කියලා..

:       2       3

අරවින්ද මොනරවිල Wednesday, 03 July 2024 10:39 AM

වයසට ගියාම සිහිකල්පනාව අඩු වෙනවා, තමන් ඉන්නේ කොතනද කරන්නේ මොනවාද කියන්න මොනවද කියලා අවබෝධයක් දැනුමක් නැහැ. තමන් රටේ නායකයා හා ආමන්ත්‍රණය කරන්නේ මහජන නියෝජිතයන් කියලා අවබෝධයෙන් තොරව, කියන මුග්ධ හා නොහොබිනා කතා නිසා හෑල්ලු වෙන්න රටම බව නොතේරෙන්නේ සිහිකල්පනාව අඩු නිසා විය හැකිය.

:       2       12

Rata Perata Wednesday, 03 July 2024 11:53 AM

මෙතන තෙල් පෝලිම් ගෑස් පෝලිම් ගැන කියවනවා මෝඩයන්ට තේරේන්නේ නැද්ද ණය ගෙවන්නේ නැතුව තමයි තෙල් ගෙනාවේ කියලා ඕක මහ ලොකු මැජික් එකක් ද? දැන් අවුරුදු 45 ක් පාර්ලිමේන්තුවේ ඉදලා ජනතාව ඡන්දෙන් ලවාපු මිනිහෙක්ට දැන් කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නෑ

:       0       0

R A Ranathunga Wednesday, 03 July 2024 12:36 PM

ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය මම කියැව්වා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඔන්ලයින් වංචාවේ 34ක් රිමාන්ඩ්
2024 ජුලි මස 04 149 0

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නීතී විරෝධීව දේශීයව හා විදේශීයව රුපියල් කෝටි සිය ගණනක් ජනතා මුදල් වංචා කිරීමේ ජාවාරම මෙරට සිට මෙහෙය වූයේ යැයි කියන ශ්‍රී ලාංක


තාත්තා හිරේ යවන්න අම්මා ගැටූ ගැටේ අධිකරණයේදී ලිහෙයි
2024 ජුලි මස 04 492 0

තමාගේම සිව්හැවරිදි පුතාට අතවර කැලිය කියන චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වු පියකු ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලු අභියාචනාධිකරණය සිරදඬුවම් වි


1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි
2024 ජුලි මස 04 210 0

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතු


දයාසිරි නිමල්ට තදින්ම කියයි
2024 ජුලි මස 04 1584 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම


සම්පන්දන් දේහය යාපනයට
2024 ජුලි මස 04 639 0

හිටපු විපක්ෂ නායකයකු සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයකු වූ අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්බන්දන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද යාපනය වෙත රැගෙන එ


රාජකීයේ සිසු නයුවෝ පත් කිරීමේදී අක්‍රමිකතා
2024 ජුලි මස 04 1175 5

කොළඹ රාජකීය ව්‍යාලයේ 2023/24 වසර සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීමේදී විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 622 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1611 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3482 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site