IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රණවිරු පුතා සුවපත් කර ගන්නට පිහිට පතයි

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බළකායේ මාණ්ඩලික සැරයන්  උදය බණ්ඩාරගේ පුත් නව හැවිරිදි කේ එම් ජී ඩබ්ලිව් දිල්නෙත් බණ්ඩාර පුතාට වැළදී ඇති පිළිකා රෝගය(  Acute Lymphoblastic Leukemia  ) සුවපත් කැර ගැනීම සඳහා ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කමක් (Bone Marrow Transplant)  කළ යුතු යැයි මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා කියයි.

දිල් නෙත්ගේ තුන්හැවිරිදි   බාල සොහොයුරාගේ ඇට මිදුලු ගෙන කළ යුතු මේ සැත්කමට ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම්  ශ්‍රි ලංකාවේ නැති බැවින් දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ එය එය සිදු කිරීමට රුපියල් තිස්පන්ලක්ෂ අසු එක්දහසක් වැය වන බව වෛද්‍යවරුන් කියා ඇතැයි යුද හමුදාවේ සන්නද්ධ හමුදා හා පොලිස් සුබ සාධන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජනරාල් ඩබ්ලිව් ආර් වසන්ත කුමාර  මහතා පවසයි.

මෙම දරුවාගේ මව කොළඹ ජාතික රුධිර පාරවිලයන සේවයේ හෙද නිලධාරීනි එම් කේ ආර් චන්ද්‍රෙස්න මහත්මිය දරුවාගේ අසනීප තත්ත්වය නිසාම සේවයට වාර්තා නොකිරීමෙන්  වැටුප් නතර කැර ඇත.

තමාට ලැබෙන මාසික වැටුපෙන් දරුවා සුවපත් කැර ගැනීමට අවශ්‍ය මුදල් සොයාගත නොහැකි බව සැරයන් උදය බණ්ඩාර කියයි. ඔහු වැඩි කලක්ම සේවය කළේ උතුරේය.

ඉගෙනීමට ද දක්ෂ තම පුතා  සුවපත් කැර ගැනීමට ආධාර උපකාර කරන ලෙස ඔහු එතෙර මෙතෙර පරිත්‍යාශිලින්ගෙන් ආයාචනය කරයි.

ලංකා බැංකුවේ  නාරාහේන්පිට ශාඛාවේ ඔහුගේ බැංකු ගිණුම් අංකය කේ.එම්.ජී ඩබ්ලිව්.යු බණ්ඩාර -75271997

සැරයන් උදය බණ්ඩාරගේ දුරකතන අංක. 071-8085378, 077-4377689

 

 



අදහස් (0)

රණවිරු පුතා සුවපත් කර ගන්නට පිහිට පතයි

සමීර රොෂාන් Saturday, 15 March 2014 08:38 AM

ජනාධිපති අරමුදලින් ඇයි කොටසක් හෝ ලබාදෙන්න බැරි මේ අහින්සක දරුවා වෙනුවෙන්... (දී)

:       0       0

උපාලි රන්ජිත් Saturday, 15 March 2014 09:49 AM

ඉක්මන් සුවය !!හමුදා සුබසාදනයෙන් මෙම අවශ්‍යම කාරිය ඉටුකළහැකි කරුණකි ..මෙයට උපකාර ලැබේවි . (දී)

:       0       0

සරත් Saturday, 15 March 2014 10:08 AM

කොච්චර මේ වගේ දරුවෝ යුදෙදී මැරෙන්න ඇතිද (දී)

:       0       0

සිතුජය Monday, 17 March 2014 09:56 PM

අපිත් පුළු පුළුවන් අයුරින් උදව් කරන්න ඕනේ (දී)

:       0       0

කණිෂ්ක Sunday, 15 March 2015 04:26 PM

අපි පුලුවන් විදිහකට උදවු වෙමු නේද? (නි)

:       0       0

නිහාල් Monday, 17 March 2014 10:40 PM

පළමුවම පුතේ ඔයාට එක්මන් සුව පාර්ථනා කරමි. මට පුළුවන් පරිදි පරිත්‍යාගයක් කරන්නම් . පුතේ ඔයාට බුදුසරනයි නිහාල්.අකුරෙස්ස, (දී)

:       0       0

නිහාල් Monday, 17 March 2014 10:50 PM

චන්දවලට කෝටිගණන් වියදම් කරන මිනිසුනේ දෙනෙත් වලින් බලත්වා අපි හැමෝම මැරෙන මිනිසුන්ය මම නිහාල් අකුරෙස්ස. (දී)

:       0       0

සුමුදු‍ Monday, 09 June 2014 07:51 PM

අනේ පවු අහිංසක දරුවෙක් (නි)

:       0       0

අජිත් Saturday, 31 May 2014 09:05 AM

අදරයක තරම (ස)

:       0       0

කැළුම් Tuesday, 18 March 2014 06:45 AM

යුද ජයග්‍රහණය සමරන්න කොච්චර සල්ලි වියදම් කරනවද ?. ඇයි මේ රණවිරුවාගේ දරුවට මුදලක් ලබාදෙන්න ක්‍රමයක් නැත්තේ. රණවිරුවන්ට උපහාර කරන්න ඕනා එහෙමයි.(නදී)

:       0       0

දුලාංජන සදරුවන් Tuesday, 18 March 2014 08:14 AM

පිලිකා රෝග වකුගඩු රෝග සියල්ලම හොද කරන සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා. රුපියලක්වත් ගන්නේ නැහැ. නුවර ඉදන් වත්තේගම බස් එකක නැගලා පිියේ ගෙදර හංදියෙන් බහින්න. එතනින් ත්‍රීෙරා්ද රියකට නැගලා කියන්න කොන්ඩේ බැදලා ඉන්න වෙද මහත්තයගේ ගේ ලගට එක්ක යන්න කියලා.(නදී) .

:       0       0

සත්‍යා Saturday, 15 March 2014 02:57 PM

අප කැමතියි යෝජනා කරන්න ජනාධිපතිගේ පටන් මැති ඇමතිවරු (මැති සබේ හා පළාත් සභා) සියලු දෙනාම මෙවැනි ආපදා අවස්තාවකදී රුපි. 10,000 බැගින්ද, ත්‍රිවිධ හමුදාවල ලොක්කන් රුපි. 5000 බැගින් පරිත්‍යාග කර ආදර්ශයක් දෙන්න කියා. එවිට රටේ සාමාන්‍ය ජනතාව රුපියල බැගින් දුන්නත් මේ දරුවා ගොඩ. මේ දේ සිදු නොවුන හොත් ඒ අය දකින දකින වෙලාවට සැලියුට් නොගහ ජනතාව වෙත හැරෙන්න. ඒ වගේම දේශපාලකයන් වෙනුවෙන් සාමාන්‍ය මිනිසුන්ගේ ඉළ ඇට අත ගෑමත් නතර කරන්න. මේ දරුවා කාගේ කාගේ හරි ආධාරයෙන් ඉක්මනින් සුවපත් වේවා! (දී)

:       0       0

ගීත් Tuesday, 18 March 2014 09:23 AM

පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබෙනවා.(නදී)

:       0       0

ඉෂාර Tuesday, 18 March 2014 09:55 AM

මටත් ඉන්නවා මේ පුතා වගේ පුතාල දෙන්නෙක්. ඒ වගේම මේ තාත්තත් රට බේරගත්තු රණ විරුවෙක්. මමත් රුපියල් 5,000 ක් දැම්මා. ඉක්මනට හොඳ වෙන්න පුතේ.(නදී)

:       0       0

යාපා Friday, 19 June 2015 04:39 AM

හරිම ලස්සන දරුවෙක් (නි)

:       0       0

සුජී Sunday, 08 February 2015 07:24 AM

ඉක්මන් සුවය ලැබේවා (දිල්)

:       0       0

දමිත් අල්විස් Tuesday, 18 March 2014 12:55 PM

මේක සේවා වනිතා යටතේ කරන්න පුළුවන් දෙයක්. ලක්ෂයකට වඩා සිටින යුධ හමුදාවේ ,එක් අයෙක් රුපියල් 50/ ක් පරිත්‍යාගයක් කරොත් මුදල් ප්‍රශ්නේ හරි, අවශ්‍ය විනිවිධ භාවය හා විස්වාසය තහවුරු කිරීම පමණි. පුතුට ඉක්මන් සුවයට මාර්ගය පෑදේවා.! (නදී)

:       0       0

අර්ජුන Monday, 16 March 2015 02:37 PM

අද අපි පුතාට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරලා රුපියල් 30,000/- ක් බැර කළා... දෙන්න කියලා අතේ තිබ්බේ එච්චරයි... පුතේ නුඹට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... (බ)

:       0       0

හර්ෂ Saturday, 14 March 2015 05:36 AM

පුළුවන් විදියට පුංචි ගානක් දැම්මා. ඉක්මන් සුවය පතනවා. (නදී)

:       0       0

සම්පත් Tuesday, 30 June 2015 05:08 PM

මමත් පුළුවන් විදියට පොඩි ගානක් දැම්මා. මේ පුතාට ඉක්මන් සුවය පාර්ථනා කරනවා (නදී)

:       0       0

සම්පත් Friday, 14 March 2014 05:30 PM

බුදු සරණයි (අ)

:       0       0

ප්‍රීති Friday, 16 May 2014 10:19 AM

මට මතකයි මේ දරුවා ගැන මීට පෙර මුදල්එකතු කරා. නැවතත් මොකද උනේ? අපි කැමතියි උදව් කරන්න. නමුත් හරි පැහැදිලි තොරතුරු අපිට ලබා දෙන්න. මම දොස්තරව අඳුරනවා. කතා කරලා බලන්නම්. තෙරුවන් සරණයි. (ස)

:       0       0

ජානි Tuesday, 18 March 2014 02:26 PM

ඇමතිවරු බදු ගෙවනවා නම් කොච්චර ලොකු අරමුදලක් හදන්න පුලුවන්ද? දැන් කාලේ විස කෑම නිසා මේ ලෙඩ වැඩිවෙයි.. සිංහල බෙහෙතුත් ඒකට කලාට කමක් නැහැ. ඇමරිකාවේ එහෙම කරන විශේෂඥනයෝ ඉන්නවා. ටී.වී වැඩසටහනුත් කරනවා.(නදී)

:       0       0

පද්මිණි Friday, 14 March 2014 06:32 PM

පුතේ, අපිට පුළුවන් විදියට ඔයාට පිහිට වෙන්නම්. සුව ඇමති තුමනි? මේ දරුවගේගේ මවට වැටුප් සහිත නිවාඩු දෙන්න.. (අ)

:       0       0

සම්පත් සිල්වා Monday, 17 March 2014 04:29 PM

ඇත්තටම කව්රු කව්රුත් එකතුවෙලා මේ ළමයට උදවු කරන්න.ඉක්මනට ..(අ)

:       0       0

නසාර් Friday, 14 March 2014 07:23 PM

එක මන්ත්‍රී කෙනෙක් රු ; 25000/= බැගින් දීලා පින්සිදු කරගන්න අපිත් පුළුවන් උදව්වක් කරන්නම්. (අ)

:       0       0

හිරිණි Monday, 17 March 2014 04:41 PM

පුතා වෙනුවෙන් අපි පෙරේද රුපි.5000ක් දැම්මා.රත්තරන් පුතාට හැමෝගේම ආදාර ලැබිලා ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා ! (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 14 March 2014 08:00 PM

ඇත්තටම දුක හිතෙන කතාවක්, අපි සියලුදෙනාම එක්වන උදව් කලානම් මේ පුංචි පුතාව ඉක්මනට බේරගන්න පුළුවන්, (දිල්)

:       0       0

සුනේත්‍රා මල්කාන්ති Monday, 09 February 2015 07:53 AM

දෙවි පිහිටෙන් මොහුට පිහිට වෙන්න (නදි)

:       0       0

සංජීව Monday, 17 March 2014 07:31 PM

අනේ ඔය රණ විරුවොන්ට සලකන විදිහ ද ? මුළු රටටම පෙන්නන්නේ නම් රණ විරුවෝ තරම් තවත් කට්ටියක් නැහැ කියලා. (නදී)

:       0       0

එරංග Sunday, 16 March 2014 08:41 AM

මන් සල්ලි තියන කෙනෙක් නෙවේ. මගේ ලේ වර්ගය o -. කැමති නම් මන් මගේ ඇට මිදුලුත් දෙන්න කැමතියි. මට කතා කරන්න.0766960012. මම එරංග දසනායක.(නදී)

:       0       0

විධුෂක Monday, 17 March 2014 07:46 PM

වාර්තා වන අන්දමට යුද හමුදාවේ සේවක පිරිස 203,000 පමණය.එක සාමාජිකයෙක් රුපියල් 17.50 බැගින් පරිත්‍යාග කළොත් මෙම දරුවාගේ සැත්කම සාර්ථකව කළ හැක. මා. සැ.උදය බණ්ඩාර සගයා වෙනුවෙන් පිහිට වන්නට ස්වර්ණමය අවස්ථාවක් ඔවුනට උදාවී ඇත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 216 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1894 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3526 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1602 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11015 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site