IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


“රණවිරු ලේබලය ගහන් අපරාධ කරන්න බෑ“

රණවිරු ලේබලය ගසාගෙන අපරාධ කිරීමට බැරි බව ද, ඕනෑම කුපාඩිකමක් කළ අයට රණවිරුවන් යැයි කීම වැරදි බව ද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ආවා කල්ලියට හමුදාව සම්බන්ධ බව තමන් කිසිවිටකත් ප්‍රකාශ කළේ නැතැයි ඔහු කීවේය.

උතුරේ හිටපු හමුදා ප්‍රධානියෙකු හා ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම කල්ලිය නිර්මාණය කළ බව තමන් කීවත් එයට හමුදාව සම්බන්ධ වූ බව තමන් ප්‍රකාශ කළේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එම මාධ්‍ය හමුවේදී ඇමතිවරයාගෙන් මෙන්ම යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ද ආවා කල්ලිය සම්බන්ධව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එම ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය-     ආවා සංවිධානය ගැන ඔබ කළ ප්‍රකාශ අසත්‍ය බවට ආණ්ඩුවේ පාර්ශවයන් ප්‍රකාශ කර තිඛෙනවා නේද?

අමාත්‍ය රාජිත සේනාරත්න -         මම කීවේ උතුරේ සිටි එක්තරා හමුදා නිලධාරියෙක් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙය පවත්වාගෙන ගිය බවයි. ඒත් දැන් එය අල්ලාගෙන තිඛෙන්නේ හමුදාව කළා කියලයි. ගෝඨාභය මහත්තයා මෙය රණවිරුවන්ට අපහාස කිරීමක් කියා කීවා. දැන් ඕනෑම කුපාඩිකමක් කළ අයටත් රණවිරුවා කියනවා. එක්නැලිගොඩ, ලසන්ත, ජෝෂප් පරරාජසිංහම්, මහේෂ්වරන් මැරූ අයත් රණවිරුවන් කියලයි මේ අය කියන්න හදන්නේ. අපි රණවිරුවන් හා අනෙක් අයගේ වෙනස දන්නවා. රණවිරුවන් හදන්නේ මිනීමරන්න මංකොල්ල කන්න නෙවෙයි.

 තරුණයින් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා අමානුෂික ලෙස මැරූ අයත් රණවිරුවෝද? එක නිලධාරියෙක් කළ වරදක් ගැන කීවාම හමුදාවට අපහාස වෙන්නේ කොහොමද? එහෙනම් ඔහු කළ මිග් ගණුදෙනු ගැන කතා කරද්දිත් රණවිරුවන්ට අපහාස කරනවා කියයි. මේ අය අල්ලාගෙන තිඛෙන්නේ නැට්ටකින්. අපේ උතුරු පළාත් ආණ්ඩුකාරතුමාත් තවත් අයත් මෙයට හමුදාව සම්බන්ධ නැහැ කියා කියනවා. කවුද එහෙම කිව්වේ. 

ප්‍රශ්නය -     හිටපු හමුදා ප්‍රධානියෙක් සම්බන්ධ බව කියනවා නම් ඒ කවුද?

අමාත්‍ය රාජිත සේනාරත්න -         මේ සම්බන්ධ සියලූ වාර්තා මට හෙට ලැඛෙනවා. ඒ අයගේ නම් කිවයුතු නැහැ.

ප්‍රශ්නය-     හමුදා ප්‍රධානියෙක් සම්බන්ධ වුණා නම් ඊට පහළින් සිටි හමුදා නිලධාරීන්වත් මෙයට සම්බන්ධ කරගන්න ඇති නේද?

අමාත්‍ය රාජිත  සේනාරත්න-  මෙහි සිටියේ හමුදාවේ අය නෙවෙයි. ද්‍රවිඩ අයයි. එදා මේ අය කළ දේවල චෝදනා එල්ල වුණේ ඩග්ලස් දේවානන්දා මහතාටයි. මම මේ ගැන එතුමාට චෝදනා කරද්දී එතුමා මට ඒ සත්‍ය පැවසුවා.

ප්‍රශ්නය-     මේ වන විට ආවා කල්ලිය සම්බන්ධව කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවාද? පොඩි අය විතරක් අත්අඩංගුවට ගෙන ලොකු අය නොගන්නේ ඇයි?

අමාත්‍ය රාජිත සේනාරත්න -  මේ සම්බන්ධව 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ලොකු ලොකු අය අත්අඩංගුවට නොගනෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මටත් තිඛෙනවා.

ප්‍රශ්නය-     හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමනි, ආවා කල්ලිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා ඉංජිනේරු බලකායේ සෙබලෙක් සිටින බව කියනවා නේද?

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක-      දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ නොපැමිණි ලෙස සඳහන් කෙනෙක් අත්අඩංගුවට ගැනීමකදී අපිට ඒ ගැන වාර්තා වෙනවා. තවම එවැන්නක් වාර්තා වී නැහැ.

ප්‍රශ්නය-     මේ ගැන දින තුනක පමණ සිට මාධ්‍ය වාර්තා කළා. අද ඔහුව අධිකරණයටත් ඉදිරිපත් කර තිඛෙනවා. ඒ ගැන සොයා බැලූවේ නැත්තේ ඇයි?

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක-      පොලීසිය අපට දෛනිකව දෙන තත්ත්ව වාර්තාවලත් මේ ගැන වාර්තා කර නැහැ. අපිට දැනුම්දීමක් කළොත් මට මේ ගැන සොයාබලන්න පුළුවන්.

ප්‍රශ්නය - අද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා එම සැකකරු යුද හමුදාවේ බව.

හමුදා ප්‍රකාශක - නමුත් අපට දැනුම් දී නෑ.



අදහස් (0)

“රණවිරු ලේබලය ගහන් අපරාධ කරන්න බෑ“

චන්ද්‍රා Thursday, 10 November 2016 07:09 AM

මේවා ගියා කල්ලියේ වැඩද කියලත් හිතෙනවා වෙලාවකට (නි)

:       0       0

රූපා Friday, 11 November 2016 12:39 AM

මේවා දැක්කහම අපිට හිතෙනවා දත් දොස්තර වැඩේ කොහොම කළාද කියලා

:       0       0

සිරි Wednesday, 09 November 2016 08:22 PM

කුපාඩි වැඩ කළේ කවුද කියලා අපි නම් දන්නවා. හැමදාම අනුන්ගේ දත් ගළවන්න බැහැ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 09 November 2016 09:43 PM

තමුන්ගේ අමාත්‍යංශ වල වැඩ බලාගෙන ඉන්නේ නැතුව අනිත් අමාත්‍යංශ වල ලෙඩ ගැන හොයන්නේ තව තව වැඩකිඩ පෙන්නන්න වෙන්න ඇති (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 10 November 2016 10:34 AM

දේශපාලකයෝ වාසියට දෙපැත්තෙන්ම කතා කරති. හමුදා ප්‍රධානියෙකු හා හිටපු ආරක්ෂක ලේකම් වරයාට පමණක් හමුදා සාමාජිකයන් නොමැතිව ආවා කල්ලිය නිර්මාණය කළ හැකිද. එය දත් ගලවන්නා සේ පහසු කාර්යයක් නොවේ. සිංහලයට වින කරන ද්‍රෝහියන්ට සාප වේවා,(බ)

:       0       0

රුවන් Wednesday, 09 November 2016 11:38 PM

ඔබ කියන දේවල් දැන් මෙලෝ මිනිහෙක් ගණන් ගන්නේ නැහැ. රාජපක්ෂලාගේ බිලියන 18 හොයලා දුන්නොත් ඔබ කියන දේ ගැන හිතා බලන්නම්. ආණ්ඩුව තියාගෙන පාණ්ඩුව හැදිලා වගේ වැඩකරන ඇමතිවරුන්ට රාජපක්ෂලා ආදර්ශයක්! (නි)

:       0       0

ටෙෂාන් Thursday, 10 November 2016 12:13 AM

අනේ ඉතින් ඔබතුමාගේ කතා ගැන අපි නොදන්නවයැ (නි)

:       0       0

ගුණරත්න Thursday, 10 November 2016 12:11 AM

රණවිරු ලේබලය ගහගෙන හොරකම් කරන්න බැහැ වගේම දොස්තර ලේබලය ගහගෙන දේශපාලනේ කරන්නත් බැහැ (නි)

:       0       0

සත්‍යයා Thursday, 10 November 2016 12:26 AM

ඇමතිතුමාගෙන් මට අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා. "ඕනෑම කුපාඩිකමක් කළ අයටත් රණවිරුවා කියනවා" කියලා ඔබ කියනවා නම්, අද ඕනෑම කුපාඩිකමක් නොවෙයි ඊටත් එහා ගිය වැඩ කළ සහ කරන පුද්ගලයින්ටත් මිනිසුන් "ඇමතිතුමා" කියලා කියන එකත් වැරදියි නේද? පසුගිය ආණ්ඩුව හමුදාවල අය සහ විශේෂයෙන් පොලිසියේ ඉහළම තැන් වල අය යොදවාගෙන වැරදි කරනවිට ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් ලෙස, අද ඔබ තොරතුරු දන්නා සේම එදා නොදැන සිටීමට විශේෂ හේතුවක් ඔබට ඇද්ද? එසේම ඔබ විසින් බලයට පත්වෙන හැම ආණ්ඩුවකටම එකතුවී හෙළිකරන තොරතුරු වලින් මේ වනවිට නීතියෙන් දඬුවම් ලැබූ එක පුදගලයෙක් හෝ මේ රටේ සිටීද? කරුණාකර පිළිතුරු මහජනතාවට ලබාදෙන්න. (නි)

:       0       0

බන්දුල Thursday, 10 November 2016 12:43 AM

ඒ වගේම සිංහලයින් මරපු ත්‍රස්තවාදියා ‘මිස්ටර්‘ කෙනෙක්වත් මැතිතුමෙක්වත් වෙන්නේ නැත. ත්‍රස්තයින් ත්‍රස්තයින්ම තමා. එ්කත් හොඳට මතක තියාගන්න. අපි කබරගොයි තලගොයි කරගන්නේ නැත. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 10 November 2016 12:46 AM

ඒගොල්ලෝ යුද්ධය කළේ සොල්දාදු ලේබලය ගහගෙන. රණවිරු ලේබලය අපි ගැහුවේ. ඒ නුඹලා දිනන්න බැහැ කී යුද්ධය දිනුවාට පසු. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 November 2016 12:49 AM

අපිට හොඳට මතකයි කාගෙ කාගෙත් හැටි (නි)

:       0       0

ශෂික Thursday, 10 November 2016 12:14 PM

හැමදාම අනුන්ට නිකරුනේ මඩ ගහන මෙතුමාව දැන් දහදොළොස් පාරක් අල්ලස් කොමිසමට කැදෙව්වා නොගොහින් ශේප් වෙන්නේ කාගේ අනුහසින්ද කියලා කවුරුත් දන්නවා. (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 10 November 2016 01:07 AM

ඔව් ඒක ඇත්ත. එහෙම දෙයක් කරන්න ඕනෑ නම් ගහගන්න ඕනෑ මැති, ඇමති හරි ඔවුන්ගේ කටුකන්නන්ගේ ලේබලය. එහෙමත් නැත්නම් ඔවුන්ගේ දරුවන් හෝ බිරින්දෑවරුන්ගේ ලේබලය. මෙතුමලා කට අරින අරින පාරට ඡන්ද දෙතුන්දාහක් නැතිවෙනවා (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 10 November 2016 01:57 AM

කොහෙන්ද ඔබටත් සල්ලි හම්බුවුණේ. බලයට පත්වෙන හැම ආණ්ඩුවකටම එකතුවී හිටියා, ආණ්ඩුවට බැන බැන. දැන් කට මැත දොඩවනවා. (නි)

:       0       0

අතුල Thursday, 10 November 2016 02:19 AM

අනේ ඉතින් මොකටද මගේ කට! (නි)

:       0       0

බමුණුසේන Thursday, 10 November 2016 02:19 AM

අපි පළකරන අදහස් මෙයාලට පෙන්වන්න ක්‍රමයක් තිබේ නම්... (නි)

:       0       0

පීරිස් Thursday, 10 November 2016 02:19 AM

රණවිරුවා කියන්නේ ජීවිතය පරදුවට තියලා රට ජාතිය බේරාගන්න නිර්භීතව යුද්ධ කරපු අයට මිස හැරෙන-හැරෙන පැත්තට කෑගහන අයට නෙමෙයි (නි)

:       0       0

මලික් Thursday, 10 November 2016 03:18 AM

ඇයි මෙතුමා අල්ලස් කොමිසමට යන්න බය? කැදවු හැමපාරම මඟ ඇරියේ ඇයි? (නි)

:       0       0

සෙනරත් Thursday, 10 November 2016 03:18 AM

කල්ලි හදාගෙන මිනීමරපු උදවියත් ඇමතිලා වෙලා තියෙන්නේ එහෙනම්. කෝ ඡන්ද කාලේ කියපු සෞඛ්‍ය පනත එහෙම? ඒ විතරක්ද, ඇට නැති දිව ඕනෑම පැත්තකට හරවලා බොරු කියලා මිනිසුන්ගෙ ඡන්දෙ ගත්ත එකම ඇති. (නි)

:       0       0

දිලුම් Thursday, 10 November 2016 03:23 AM

රණවිරුවෝ මේ රට බේරලා ඒ අයගෙ යුතුකම නම් කළා. ඔයත් පැත්තකට වෙලා හිටියොත් හොඳයි කියන එකයි අපේ නම් අදහස. ඔය කටින් කියන ඒවා අහන්න තියා ඔයාලව දකින්නවත් මේ රටේ බහුතරය කැමති නැති බවත් මතක තියාගත්තොත් හොඳයි. (නි)

:       0       0

පද්මිණි සෙනෙවිරත්න Thursday, 10 November 2016 01:30 PM

ලේබලය ගහගන රණවිරිවන්ට අපරාද කරන්න බැහැ. සුදු ජාතික ඇඳුම අදින පාර්ලිමේන්තුවට යන අය දුප්පත්, අහිංසක මිනිස්සුන්ගේ දාඩිය බින්දු එකතු කර සූරා බොන්න ඕන.(අ)

:       0       0

සේසත් Thursday, 10 November 2016 03:39 AM

මේ යක්කු ආණ්ඩුව විනාශ කරනවා. (බ)

:       0       0

සජී Thursday, 10 November 2016 03:48 AM

එහෙම දෙයක් සිදුවී තිබෙනවානම් ඒ ගැන දැනගෙන ඒ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් ලෙස සිටි මොහු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගතයුතුයි (බ)

:       0       0

අරුණලු Thursday, 10 November 2016 04:19 AM

කුපාඩිකම් කළ අයට කිවයුත්තේ රණවිරුවා කියලා නෙමෙයි, වර්තමානයේ හැටියට නම් දේශපාලන පුත්‍රයින් කියලයි. (නි)

:       0       0

සුනිල් Thursday, 10 November 2016 04:22 AM

38000 තරුණයෝ මැරුවේ කවුද? එදා ටයර් මාලා අපිට අමතක නැහැ. ඒවාටත් පරීක්ෂණ ගෙනාවා නම් හොඳයි. වධකාගාරත් අපිට අමතක නැහැ (නි)

:       0       0

රංජන් Thursday, 10 November 2016 02:43 PM

මේ අයට ඡන්දෙ දීල එවපු අයට මඩු වලිගෙන් තලන්න ඕනේ. පුද්ගලික තරහවල් වලට රටට හමුදාවට අගෞරව කරනවා. (අ)

:       0       0

චින්තක Thursday, 10 November 2016 04:28 AM

පත්වෙන සියලු ආණ්ඩු සමඟ කොහොමහරි එකතුවෙලා කලින් හිටපු පක්ෂ වලට ගරහනවා. (නි)

:       0       0

ලංකා පුත්‍ර Thursday, 10 November 2016 04:49 AM

ඉතාම පිරිසිදු ඇමැති කතා කරයි . (ම)

:       0       0

රොමේෂ් Thursday, 10 November 2016 05:09 AM

රණශූරයන්ට "රණවිරුවන්" කියමු. පොඩි පොඩි කුපාඩි වැඩකරලා අහුවන හමුදා සාමාජිකයන්ට "රණමන්ත්‍රී" කියමු. ගොඩාක් කුපාඩි වැඩකරලා අහුවෙන අයට "රණඇමති" කියමු. (නි)

:       0       0

දසුන් Thursday, 10 November 2016 05:43 AM

ඇමති ලේබල් ගහගෙන නැවු ගිලින්නත් බැහැ. ඒක වලංගු නැද්ද. (බ)

:       0       0

විශ්ව Thursday, 10 November 2016 04:37 PM

මහත්තයෝ, ටිකක් ඔය කට වහගෙන ඉන්න බලන්නකො. (නි)

:       0       0

හිමාල් Thursday, 10 November 2016 06:40 AM

1971 දි 1987-89 කාලේ භීෂණයට යුධ හමුදාව සම්බන්ධ වුණාද නැද්ද? එතකොට ඒක රණවිරු ලේබලයට බලපෑමක් නැද්ද? අපි ඒ ගැන දැනගන්න කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 32 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2178 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1764 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 375 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 623 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 785 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site