IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘රණවිරු විශ්‍රාම වැටුපට ජනපතිගෙන් විසඳුමක්‘

වසර 12ක් නොසපුරා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගිය රණවිරුවන්ට යෝජිත විශ්‍රාම වැටුප පිළිබඳ ගැටලුව මාස තුනක දී විසඳීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කොළඹ කොටුවේ දී අද (26) පැවසීය.

විශ්‍රාම වැටුප් ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් හමුවීමට ඇමැති එහි ගියේය.

ආබාධිත රණවිරුවන්ගේ එකමුතුවේ නියෝජිත යූ.ඩී. වසන්ත මසහතා ප්‍රකාශ කළේ ජනපති දුන් බව කියන පොරොන්දු තම සාමාජිකයන් පිළිගන්නා බවයි. මාස තුනකින් තම ප්‍රශ්නය නොවිසඳුනහොත් අඹුදරුවන් ද සමග පාරට බසින බවද ඔහු කීය.

DSC_4217 DSC_4250 DSC_4325 DSC_4358 DSC_4365 DSC_4375



අදහස් (0)

‘රණවිරු විශ්‍රාම වැටුපට ජනපතිගෙන් විසඳුමක්‘

සිරි Tuesday, 26 July 2016 08:43 PM

ජනාධිපතිට යන්න බැරිනම් කෝ අඩුගානේ නියෝජ්‍ය ඇමති? අනේ මෙහෙමත් ආණ්ඩුවක්? (නි)

:       0       0

සිසිර Wednesday, 27 July 2016 12:17 AM

දුමින්ද දිසානායක මහත්තයා දැන් යහපාලනයේ කෝකටත් තෛලය වෙලා වගේනේ. (නි)

:       0       0

සිසිර Wednesday, 27 July 2016 12:29 AM

මැති ඇමතිවරුන්ට සැප කාර් ගන්න සල්ලි වෙන්කරන්න කලින් රට දැය වෙනුවෙන් යුධවැදී අතපය අහිමිව සිටින මේ අසරණ වීරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් වෙන්කරන එක නේද කළයුත්තේ. මෙහෙම පාරේ වැටිලා තමන්ට හිමි විශ්‍රාම වැටුප් ඉල්ලන හැටි බලාගෙන ඉන්න හිතක් පපුවක් නැද්ද? මේකද යහපාලනය? (නි)

:       0       0

ශාන්ත Wednesday, 27 July 2016 12:31 AM

ගිය ආණ්ඩුවෙන් නොවිසඳා මඟහැරපු ප්‍රශ්නයක් විසඳීම ගැන ජනාධිපතිතුමාට ස්තුතියි. (නි)

:       0       0

නාලක Wednesday, 27 July 2016 02:12 AM

මෙතන කොමෙන්ට් දාල තියන අය දන්නේ නැතුවට මේ ප්‍රශ්නය 2009 සිට තිබෙන ප්‍රශ්නයක්. මෙය විසඳන බව මැතිවරණ පොරොන්දුවක් වූ නිසා මොවුන් වැඩිදෙනෙක් මෙම ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. ප්‍රශ්නය විසඳුනේ නැතිනිසයි මෙලෙස පාරට බැස්සේ. ජනපති විසදනවානම් හොඳයි. (අ)

:       0       0

ජම්ඩන් Wednesday, 27 July 2016 02:26 AM

යුද හමුදාවේ සේවය කල ආබාධිත සෙබළුන් , ඉල්ලා අස් වීමේදී විශ්‍රාම වැටුප් නොමැති බව පැහැදිලිව ඔවුන් දැනසිටිද්දීත් සේවයෙන් අස්ව ගොස් මෙසේ යුදහමුදා සමස්ත සෙබළුන්ට කෙරෙන අවමානයක් ලෙස සිතමි. යුද හමුදා රෙගුලාසි මේ කරුණ සම්බන්දව පැහැදිලි උපදෙස් මේ අයවලුන් දැනසිටියා.(අ)

:       0       0

දුමින්ද Wednesday, 27 July 2016 10:15 AM

විරුවන්ට මහපාර අකැපද ? (ම)

:       0       0

නවරත්න බණ්ඩාර Tuesday, 26 July 2016 11:34 AM

ඉතාම අවාසනාවන්ත දෙයක් මේක (බ)

:       0       0

ප්‍රවීන් Wednesday, 27 July 2016 04:27 AM

ගිය ආණ්ඩුවෙන් නොවිසඳා මඟහැරපු ප්‍රශ්නයක් විසඳීම ගැන ජනාධිපතිතුමාට ස්තුතියි. (බ)

:       0       0

රොහාන් Tuesday, 26 July 2016 11:47 AM

රට වෙනුවෙන් යුධ්දය නිසා ආබාධිත උණු රණවිරුවන් සැමදා සෑම රජයක්ම හොදින් සලකන්න ඕනේ, සමහර නිලදාරීන් ඉන්නවා කිසිම හිතක් පපුවක් නැතුව තීන්දු තීරණ ගන්නවා මේ විරුවන් මෙහෙම් පාරේ අරගල කරන්න ඕනෙද තමන්ගේ විශ්‍රාම වැටුප ලබාගන්න දේශපාලනයට කඩේ යන කිසිම මහත්මයෙක් මේ ගැන කිසිම අදහස පල නොකිරීම කණගාටුවට කරුණක්. (ර)

:       0       0

සිසිර Tuesday, 26 July 2016 11:57 AM

මැති ඇමතිවරුන්ට සැප කාර් ගන්න මුදල් වෙන් කරන්න ඉස්ස්සර වෙලා රට ජාතිය වෙනුවෙන් අත පය අහිමිකරගත් වීරෝදාර ආබාදිත රණවිරුවන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුපට මුදල් වෙන්කලානම් නේද හොඳ. මොවුන් ඉල්ලන්නේ නීතියෙන් ඔවුන්ට හිමි විශ්‍රාම වැටුපයි. මෙහෙම මහපාරේ වැටිලා ඉන්නහැටි දැක්කම අපේ පපුව හෝස් ගාල දැවිලා යනවා. (ර)

:       0       0

පුෂ්ප Tuesday, 26 July 2016 12:17 PM

ලංකාවේ ගොඩක් ඉහල තැන්වල මිනිස්සු හරි රස්තියාදුකාර පාටයි කතා කරද්දී එහෙම, අනේ මන්ද මට දැනෙන විදිහද කියල. (බ)

:       0       0

ශෂික Tuesday, 26 July 2016 12:20 PM

මේ අපි වෙනුවෙන් තමන්ගේ සිරුරේ කොටස් කැපකළ අය නේද...ගානක් නෑ..යහපාලනේ කොටස් කරුවන්ට අනුව අට පාස් ආමි කාරයොනේ... (බ)

:       0       0

දනුෂ්ක Tuesday, 26 July 2016 12:46 PM

දකුණේ අය කියන විදිහට පසුගිය කාලේ රණවිරුවන්ට හොදට සලකලා තියෙන බව මේකෙන් පැහැදිලි වෙනවා. අනේද කියන්නේ (හේ)

:       0       0

කපිල Tuesday, 26 July 2016 12:46 PM

පාලකයන්ගේ වැරැදියි මේ.(හේ)

:       0       0

ශාන් සෞදි Tuesday, 26 July 2016 12:53 PM

2009 ඉදල මේ වනතුරු වසර ගාණන් මේ අයගේ වැටුප් නොගෙවා පසුගිය ආණ්ඩුව රණවිරුවන් අනාථ කර දැන් ඔවුන්ගේ වුවමනාවට වැරදි කළ අය නීතියෙන් දඩුවම් කරනවිට රණවිරුවන් රකිමු කියල කෑගහනවා (බ)

:       0       0

අනුරාධ Tuesday, 26 July 2016 12:56 PM

පුෂ්ප, ඔයාට දැනෙන විදිහේ ඇත්තක් තියෙනවා. ඇත්තටම කිසිම වැදගත්කමක් නැති, මිනිස්සුන්ට ගරුසරු ඇතිව කතා කරන්න දන්නේ නැති අය තමයි අද ලොකු තැන් වල ගොඩක් ඉන්නේ. (බ)

:       0       0

සිරි Tuesday, 26 July 2016 12:56 PM

ශෂික හැම එකටම යහපාලන රජය කියල කියන්න ලජ්ජා නැද්ද ? ඔය හැම කෙනාම 2009 යුද්ද කාලේ ආබාධිත වෙච්ච විරුවෝ ඉතින් දැන් අවුරුදු 7 ක් වෙනවා .පහුගිය රජයෙන් පුළුවන් කමක් තිබ්බේ නැද්ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදන්න. අනික එච්චර රණවිරුවෝ විකුණම් කාපු වෙන කිසිම රජයක් තිබ්බේ නෑනේ. (බ)

:       0       0

ශ්‍රීමාලි Tuesday, 26 July 2016 12:57 PM

අනේ මේ ශෂික, යුද්ධය ඉවර වුනේ යහපාලනය ආපු පහුගිය අවුරුද්දේ නෙමයි 2009දි . එතොකොට අඩුගානේ මෙහෙමෙ තමන්ගේ සිරුරේ කොටස් කැපකළ අය ගැන හොයල බැලුවද . අඩුගානේ දැන් මෙයාලට පාරට බැහැල ඉල්ලීමක් කරන්න පුළුවන් . මාස 3න් විසදීමක් ලැබෙයි (බ)

:       0       0

ධම්ම Tuesday, 26 July 2016 01:17 PM

පාරට බහිනකල්ම හිටියා පොරොන්දුවක් දෙන්න. අනේ මෙහෙමත් පාලකයෝ. (බ)

:       0       0

මා.උපරතන හිමි Tuesday, 26 July 2016 01:17 PM

විශ්‍රාම වැටුපක් වෙනුවෙන් මේ සටන් කරන්නේ අපි වෙනුවෙන් අත පය අහිමි කරගත් රණවිරුවෝ. වසර පහකින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් හිමිවීම සදාචාර සම්පන්නද? (බ)

:       0       0

ධම්මික Wednesday, 27 July 2016 06:29 AM

ශෂික, අනුරාධ, මේ සිද්ධියට පහත් විදියට දේශපාලනය යොදාගෙන මේ රජයට බැනලා වැඩක් නැහැ. 2009 ඉඳලම උවමනාවක් තිබුනා නම් මේ දේ කරන්න තිබුනනේ (නි)

:       0       0

නවරත්න බණ්ඩාර Tuesday, 26 July 2016 01:33 PM

බලධාරීන් හැමදේමටම විසඳුම් හොයන්නෙ වැඩේ අවුල් කරගෙන වගේ .මෙයට වඩා බුද්ධිමත්ම වැඩ කළොත් හොඳයි (හේ).

:       0       0

සෑම් Tuesday, 26 July 2016 02:06 PM

එකක්වත් විශ්වාස කරන්න එපා. ඔය මාස 3 බොරු රඟපෑමක් (බ)

:       0       0

චන්දිම Thursday, 28 July 2016 05:35 AM

මෙතනට යන්න තිබුනේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා. (නි)

:       0       0

රදීෂ් -බර්ලින් Tuesday, 26 July 2016 02:37 PM

යුද්ධය අවසන් කරපු නායකයට මේ ටික වත් කරන්න බැරි වුනා. පාද යාත්‍රාවේ යන අය මේ සෙබළුන් ටික කරේ තියාගෙන ගියා නම් තමා හොඳ. (බ)

:       0       0

ලුසේනා Tuesday, 26 July 2016 02:52 PM

ඔය ටයි දාගත්තු උදවිය ගැන සත පහකට විශ්වාස කරන්න එපා. කළු සුදු අදුනන්නේ නැති උදවිය (බ)

:       0       0

චින්තක Tuesday, 26 July 2016 02:59 PM

ගුණමකු ජාතියක් වෙනුවෙන් තම අවයව දන්දීමේ විපාක දැන් තේරිලා ඇති, අනිත් අතට අවුරුදු තිස් පහක යුද්ධයක් අවසන් කරපු පාලකයාව අවුරුදු පහෙන් ගෙදර යැව්ව ජාතියකගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නනත් බැහැ තමයි (බ)

:       0       0

විද්‍යා Tuesday, 26 July 2016 03:56 PM

වැරදි මිනිහනේ යවල තියෙන්නේ. කෘෂිකර්ම ඇමති නෙමේනේ යන්න ඕන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සම්බන්ධ නිලධාරීන් මේ සාකච්ඡා වලට යන්න ඕන (බ)

:       0       0

මොහාන් Tuesday, 26 July 2016 05:14 PM

චින්තක, තිස් අවුරුදු යුද්ධය අවසන් කළ නායකයා මේ රණවිරුවන්ව අමතක කරලා යුද්ධය විකුණාගෙන කන්න ගිය නිසා තමා අවුරුදු පහෙන් ගෙදර ගියේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1024 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site