IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රත්ගම සභාපති අවමගුලට උඩින් මල්

සාහසිකයකුගේ වෙඩි පහරින් මිය ගිය රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ අවමගුල හික්කඩුවේදී අද (29) මහා ජනකායක් මැද්දේ පැවැත්විණි.

අවමගුල් පෙරහර රත්ගම ප්‍රාදේශීය සභාවේ සිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ පිහිටි සොහොන්බිම කරා ගමන්කරද්දී සජින්ද වාස් ගුණවර්ධන මහතාට අයත් කුඩා ගුවන් යානයකින් සුදු මල් විසිරැවිණි.

50කට ආසන්න මහා සංඝරත්නය පාංශුකූලය දීමට වැඩම කර සිටියහ. ඇමැතිවරුන්වන පියසේන ගමගේ, රාජිත සේනාරත්න, හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන, සබරගමු මහ ඇමැති මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සජින් ද වාස් ගුණවර්ධන මහත්වරුද පැමිණ සිටි අය අතර වූහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පෙරදින පැමිණියේය. හිටපු ජනපතිගේ ශෝක පණිවිඩය  නාමල් රාජපක්ෂ මහතා අද ඉදිරිපත් කළේය. මෙන්ඩිස් මහතා සිය ගෙවත්තේදී මහජනයා හමුවූ කොට්ටම්බා ගස මුල ඔහුගේ සිරුර මිහිදන් කෙරිණි. 

IMGA0722 IMGA0729 IMGA0743 IMGA0746 IMGA0749 IMGA0751

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා



අදහස් (0)

රත්ගම සභාපති අවමගුලට උඩින් මල්

තෙන්නකෝන් Monday, 30 March 2015 02:22 AM

ඔහු හොඳ මනුෂ්‍යයෙක්! (නි)

:       0       0

දිමුතු Sunday, 29 March 2015 11:18 AM

උඩින් මල්ම තමා දාන්න වටින්නේ.(හේ)

:       0       0

සුරන්ජිත් Monday, 30 March 2015 04:33 AM

ගමට දෙවියෙක් වගේ මිනිහෙක් . මිනිස්සුන්ට වැරැද්දක් කරලා තියෙනවනම් මෙහෙම මිනිස්සු මහමග වැළපෙනවාද ,පෞද්ගලික ප්‍රශ්නයක් නිසා පාතාලේ නම වැටුනට. පොඩි මිනිස්සුන්ගේ දුක දන්නා මනුස්සයෙක් . දන්නේ නැති අය බොරුවට දේශප්‍රේමින් වෙන්න හදනවා. (ම)

:       0       0

ධම්ම Sunday, 29 March 2015 11:37 AM

වයධම්මා සංඛාරා! නිවන්සැප ලැබේවා! (බ)

:       0       0

අශෝක Sunday, 29 March 2015 11:55 AM

ඔබට නිවන්සුව ලැබේවා (බ)

:       0       0

සනත් Sunday, 29 March 2015 12:12 PM

මිනිසෙක් මැරීම ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත කරන්නේ නෑ. එත් මේ පුද්ගලයා කව්ද මොනවද කළේ කියල මුළු දකුණු පළාතම දන්නවා .ඒවාට උදව්කළ දේශ පාලුවෝ බලලෝභිත්වය වෙනුවෙන් අපරාද වලට මේ මිනිස්සුන්ව පාවිච්චි කළා. ඒවාට ප්‍රති උපකාර විදියට මේ අයට ඕනෑම අපරාධයක් ජරා වැඩක් කරලා සමාජයේ යහතින් වැජඹෙන්න ඉඩ දුන්නා.අද මිනි උඩට මල් ඉහළා මේ කරන්නේ ඊළඟ සමාජ විනාශයේ ආරම්භය සඳහා අලුත් පුරුක් නිර්මාණය කිරීම . මැරුණු කෙනාට වඩා මේකෙන් පාඩු උනේ ඒ අලුගුත්තේරු දේශපාලුවෝ ටික දෙනාටයි. අනේ අපොයි අපේ රට (බ)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 07:39 AM

සුරන්ජිත් , ඔබ නිවැරදියි.මෙරට දේශපාලනයේ සුදු-කළු මිනිසුන් නොමැත. (ස)

:       0       0

සුපුන් Sunday, 29 March 2015 03:31 PM

හැම ජීවිතයකම පොදු දෙයකි මරණය. ඒත් වැදගත් නේනේ ජීවත් වෙන කෙටි කාලය තුළ සමාජයේ අපි හැසිරෙන ආකාරයයි. අප බොහෝ දෙනාට තියෙන අසීමිත ආශාවල් ඒ දේවල් ටු කර ගැනීමට අපි නොයෙකුත් උත්සාහ ගන්නවා. රටක පාලන තන්ත්‍රෙය් බලයක් එක්කෙනෙකුට ලැබුනොත් ඔහු සිතන්නේ ඔහුගේ සියල්ල සාර්ථක වූ බවයි. ඔහු ජනතාවගේ පැත්ත දකින්නේ අඩුවෙන්. කාලයත් සමග බලයෙන් ඇස් අන්ද වෙලා තමන් කරන කියන දේ නොදනී. අවසානයේ ඉතිරි වෙන්නේ දුකකි. මීට වඩා පැවසීම පලක් නැහත. කෙසේ වෙතත් ඔබට නිවන් සුව පතමි. (ස)

:       0       0

ජගත් Sunday, 29 March 2015 03:40 PM

ලංකාවේ ගරු බුහුමන් ලබන්නනම් මැර කම් ජඩ කම් කරන්න ඕන කියන පණිවිඩය ලොකුවටම දෙනවා.ලංකාව හදනවා කියන දේශපාලකයොයි, වැඩ කළා කියන දේශපාලකයොයි මෙතන ඉන්නවා. හිටපු ජනාධිපති ඇවිත් ගිය.එටකොට මේ මිනිස්සු රටවැසියා වෙනුවෙන්ද පෙනී ඉදල තියෙන්නේ.තනිකරම මැරයන් වෙනුවෙන්. සාමාන්‍ය මින්සුන්ට මේක තේරෙන කම් ලංකාව ගොඩ යාමක් නම් නැත. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 129 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 94 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 100 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 492 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1004 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1074 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site