IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘රත්නපුර දී කාන්තාවකට පහර දීම අනුමත කරන්නේ නෑ‘

ඌව ඡන්දය දා බණ්ඩාරවෙල පොලිසියේ දී බණ්ඩාරවෙල නගරාධිපතිට පහර දුන් බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මෑතකදී ආන්දෝලනයක් ඇති වූ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ලංකාදීප එසැණ සමඟ සමූඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එලෙස කීවේය.

ලංකාවේ සිදුවන අපරාධවල අඩුවක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වාහනයකට දඩ කොළයක් දුන් පොලිස් කොස්තාපල්ගේ සිද්ධිය, හාලිඇළ දී මාධ්‍යවේදියකුට පහර දීම, පොලිස් අත්අඩංගුවේ සිටිය දී සැකකරුවන් මිය යෑම, බොරැල්ලෙන් ඇල්ලූ විස්කි බෝතල් අතුරුදන් වීම, හම්බන්තොට දී පිස්තෝලයක් අතැතිව සිටි නගරාධිපති, රත්නපුරදී කාන්තාවකට පහර දීම සහ පොලිසියේ උසස්වීම් ඇතුළු සිද්ධි  කිහිපයක් ගැනම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු දැක්වීය.

අජිත් රෝහණ මහතා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.



අදහස් (0)

‘රත්නපුර දී කාන්තාවකට පහර දීම අනුමත කරන්නේ නෑ‘

අනිල් රෝහණ Saturday, 04 October 2014 10:04 PM

මේ අයට රැකියාවට අවසර දීලද ? පොලිසිය ගෑනියෙක්ට ගැහුවේ ඇයි? (නදී)

:       0       0

සේරම් Monday, 13 October 2014 03:52 AM

බන්දුලලා වගේ අය බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්නකොටත් හිටියා. කොයිතරම් බණ කිවුවත් ඇහුවත් වැඩක් වුණේ නැහැ. මේක එයාගේ වැරැද්ද නෙමෙයි. වැරැද්ද හදන්න පුළුවන් එහෙත් අවාසනාව? (නි)

:       0       0

කරුණාවතී Saturday, 04 October 2014 11:42 PM

කවුරු මොන මොන තර්ක විතර්ක ඉදිරිපත් කළත් තිත්ත ඇත්ත නම් අපේ පොලිසිය ඉතාම ශීඝ්‍රයෙන් පිරිහීමට ලක්වෙමින් ඇතිබවයි. සියලු වැරදි දේශපාලනයටම පටවන්න බැහැ. තම තමාගේ වගේම අනුන්ගේත් ආත්ම ගෞරවය රැකගෙන කටයුතු කිරීමට පොලිසියේ සෑම තරාතිරමකම අය කටයුතුකළ යුතුයි. ‍(නි)

:       0       0

හේරත් Sunday, 05 October 2014 12:35 AM

දැන් ඉතින් මොනවද මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග? (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 05 October 2014 01:52 AM

අපි අහසින් පාත් වෙච්ච මිනිස්සු නෙමෙයි..පාලන යුග තුනක අත් දැකීම මට තියෙනවා..ගෙවුණු යුග වල නොවුණු වෙනසක් මේ යුගයේදී පොලිසියෙන් බලාපොරොත්තු වන කට්ටිය යථාර්තය නොදන්නා අය නෙමෙයි.. පවත්නා රජයට පක්ෂග්‍රාහී වීම හෝ වීමට සිදුවීම පොලිසියට අනිවාර්යයෙන් සිදුවෙන දෙයක්. (නදී)

:       0       0

චාමික Sunday, 05 October 2014 02:25 AM

බන්දුල පෙරේරා කියන්නේ තනි තීරණයක් ගන්න බැරි, කොන්ද බිඳපු කෙනෙක්. අර කාලේ මේ කාලේ ගැන වාචාල කතා කියවනවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 08 October 2014 12:08 PM

බමුණු දකින්නේ ප්‍රසිද්ධියේ පොලිස් නිලධාරියෙක් ගැහැණියකට පහරදුන් අකාරය.මම දකින්නේ නොහික්මුණු ගැහැණියක් තමාට තමා පාලනය කරගන්න නොහැකිව පොලිස් නිලධාරියෙක්ගෙන් ගුටිකෑ ආකාරය.බමුණු කියන විදියට මේ පොලිස් නිලධාරියා වරදකරුවෙක් නම් ඔහු එම තත්වයට පත්කළ මේ ගැහැණිය නිවැරදි වෙන්නේ කොහොමද? ප්‍රසිද්ධියේ අශෝභන විදියට මහපාරේ හැසිරුණු, ප්‍රසිද්ධියේ තමන් වීදි ගණිකාවක් බව පිළිගත් එම ගැහැනියට දඩුවම් නැද්ද? බට්ටි විතරක් නෙමෙයි මේ රස්සාව කරන්නේ.ඒක ඇත්ත. වෙනස තියෙන්නේ අනෙක් අය හත්පොළේ ගාගෙන ඔය රස්සාව නොකරන එක. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 05 October 2014 04:12 AM

මේ පොලිස් නිලධාරියාට යම් ඉවසීමක් තිබිය යුතු බව මාත් පිලිගන්නවා. නමුත් කෂණික කෝපයට වෙන මිනීමැරුමක් ගැන අධිකරණය බලන ආකාරය හිතාමතා සැලසුම් කර කරන මිනි මැරුමකට වඩා වෙනස්. මම ඔය බන කියන මහත්වරුන්ගෙන් අහන්නේ ඔබ ඔබේ දරුවන් සමග බිරිද සමග මහ මග යන විට ගණිකාවන් දෙදෙනෙකුගේ රණ්ඩුවක කුණුහරුප අහන්න කැමතිද? වටේ පිටේ ඉන්න අනෙකුත් සියලු දෙනා වෙනුවෙන් මේ කුණුහරුප කියවිල්ල නතර කරන්න කියල ඔබ ඉල්ලුවොත් ඔවුන් ඔබට නපුංසකය කියල බැන වැදුනොත් ගලක් අරන් ඔබට ගහන්න හැදුවොත් ඔබ මොකද කරන්නේ. මේ නිලධාරියත් නිල ඇදුමක් ඇතුලේ ඉන්න මනුස්සයෙක්. කෂණික කේන්තියට නිල ඇදුම වලංගු නැහැ. නිල ඇඳුමකට ගණිකාවක් එහෙම අපහාස කලාම ඉවසීම ඉක්මවා නොයන්නේ කාගේද? අපේ මහත්තුරු හැම දෙයක්ම බලන්නේ ගානකට විකුණා ගන්න. ඒකයි මේ පොලිස් සැරයන්ගේ මානසිකත්වය ගැන නොසිතන්නේ. පොලිස් සැරයන්ව දඩු කඳේ ගහනවා නම් මේ කාන්තාව එල්ලුම් ගස් යවන්න ඕනා. (නදී)

:       0       0

හසිත Sunday, 05 October 2014 04:21 AM

අනේ බන්දුල අපිට නම් ඔය අනාදිමත් කාලයක් ඉඳල වුන දේවල් වලින් වැඩක් නැහැ. ඕවා අහ අහ අපි මැරෙනකම් ඉන්නද කියන්නේ ? කලින් පාලනයට වඩා වෙනසක් බලාපොරොත්තු වුන නිසානේ මිනිස්සු වෙනින් ආණ්ඩු පත්කර ගන්නේ. ඊළඟට අසවල් රජතුමාගේ කාලේ ඉඳල මෙහෙමයි අපිට කරන්න දෙයක් නැහැ කතාව කියලා හරියනවද ? (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 04:40 AM

"මම නම් කියන්නේ මේක කැමරා කරපු මිනිහව හොයල අදි චෝදනා ගොනු කරලා ඉල ඇට කඩලා කුඩුවේ දාන්න ඕනේ" යටවෙන්න ගිය තවත් පොලිස් මැරකමක් මතු කලාට කැමරා කරුට මල් මිටක්. මේවා යටගහන්න කියන්නේ තවත් මැරයෝ තමයි. (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 04:46 AM

" ගණිකාවන් දෙදෙනෙකුගේ රණ්ඩුවක කුණුහරුප අහන්න කැමතිද? " මොකට උනත් ගහන්න පොලිස් නිලදාරියෙකුට අයිතියක් නැහැ . ඔබ එ්ක පිලිගන්නවද? කුණුහරප නොවෙයි පාරේ වෙන දෙයක් කලත් නීතියෙන් කටයුතු කල හැකියි. මිනිසුන්ගේ වැරදි දිහා එ් විදිහට බලන රටක් අපට ඕනෑ නැහැ. එක එක්කෙනාගේ හැගීම් වලට ක්‍රියා කරන නිලදාරී ඉන්න රටක් නොවෙයි මේක. එම නිසා බන්දුල ඔබගේ වැදි බණ නවතා ගන්න (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 04:49 AM

"පවත්නා රජයට පක්ෂග්‍රාහී වීම හෝ වීමට සිදුවීම පොලිසියට අනිවාර්යයෙන් සිදුවෙන දෙයක්." එතකොට රටේ නීතිය බල්ලටද? ඉන්දියාවේත් එහෙම උනාද ? එ් රට වල නීතියක් තිබෙනවා. (නදී)

:       0       0

බමුණු ආරච්චි Friday, 10 October 2014 11:40 PM

බන්දුල මහතා, තමන් පාලනය කර ගන්න බැරි නොහික්මුණු මිනිසුන් ඉන්න නිසා තමයි පොලිස්සිය වුවමනා කරන්නේ. ඉතින් පොලිසියත් නොහික්මුණු විදිහට ක්‍රියාකරන්න ගියොත් මොකක්ද රටට වෙන්නේ? උත්තර දෙන්න (නි)

:       0       0

බමුණු Sunday, 05 October 2014 04:52 AM

"ලෝකයේ ඉන්න අහිංසකම කාන්තාව කරලා මාධ්‍ය ඉදිරියේ සළුපිලි අන්දන්න හදන මේ බට්ටිගේ කෙරුවාව," එහෙම කියන අයටයි මේ. බ්ට්ටිගේ රැකියාව ගැන ඔබ කරදර වෙන්න් ඔනී නැහැ පොලිසිය ක්‍රියා කරන්නේ බට්ටිට ගහපු අමනයා ගැනයි. බට්ටි විතරද ඔය රස්සාව කොරන්නේ? (නදී)

:       0       0

බමුණු ආරච්චි Friday, 10 October 2014 11:48 PM

පොලිස් නිලධාරියා සැකකරු උසාවියට ඉදිපත්කිරීම සහ ඔහු හෝ ඇය කළ වැරැද්ද උසාවියට ඉදිරිපත් කිරීම පමණයි කරන්නේ. පොලිස් නිලධාරියාට පැමිනිලිකරුයි, නඩුකාරයයි, අලුගෝසුවයි ඔක්කොම වෙන්න බැහැ. (නි)

:       0       0

බමුණු Sunday, 05 October 2014 04:55 AM

"පොලිස් සැරයන්ව දඩු කඳේ ගහනවා නම් මේ කාන්තාව එල්ලුම් ගස් යවන්න ඕනා." කිය අයටයි මේ. ඇයි කාන්තාව මොනවා කලාටද? පොලිස් සැරයන් නම් ප්‍රසිද්දියේ කෙනෙකුට ගැහැව්වා. කාන්තාව මොනවද කළේ? (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 04:58 AM

"ඒකයි මේ පොලිස් සැරයන්ගේ මානසිකත්වය ගැන නොසිතන්නේ" යැයි කියන අය හිතන්න පොලිස් සැරයන් ඉන්න ඕනේ පාතාල මානසිකත්වයෙන් නොවෙයි හික්මුණු නිලදාරියෙකුගේ මානසිකත්වයෙන් නේද. (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 05:12 AM

බට්ටි ඔය රැකියාව කරන්නේ තමනුත් දරුවන් වත් ජීවත් කරවන්නයි. නමුත් ඔබම කියූ පරිදී නිකම් නිකන් හිටිය ඔබ වාහන කීපයක් මේ රජය නිසා ලබාගත්තා කියන්නේ බට්ටිලගේ අයිතිය ඔබ උදුරාගෙන නේද? (නදී)

:       0       0

චින්තක Sunday, 05 October 2014 05:24 AM

මුළු ලෝකෙම සිද්දවෙච්ච එකම පොලිස් පහරදීම වගේ මේකට මාද්‍ය ප්‍රචාරය ලැබුනේ. පොඩ්ඩක් එසැන තිරයෙන් එහාට ගිහිල්ලා යු ටියුබ් එක බලන්න. ඇමෙරිකාවේ පොලිසිය මොන තරම් කාන්තාවන්ට පහරදෙන දර්ශන තියනවද කියලා. මට කනගාටුයි අපේ පාඨකයෝ මොනතරම් දැනුමෙන් දුප්පත්ද කියලා. මම හිතන්නේ නැහැ මින් ඉදිරියට කිසිම පොලිස් නිලදාරියෙක් මේවගේ බලය පාවිච්චි කරලා මිනිසුන් වෙනුවෙන් යමක් කරයි කියලා. ඔහේ තමන්ගේ පාඩුවේ උසාවි දාල ඉදියි. අපි හැමෝම දන්නවා උසාවියෙන් දඩුවම් දීලා අපරාදකාරයෝ කීදෙනෙක් තමන් කරන අපරාදේ නවත්වල තියනවද කියලා? කොටින්ම මේ කාන්තාවත් උසාවියෙන් තුන්පාරක් දඩුවන් විදලා තියනවා. කෝ තමන් කරන දේ නැවත්තුවද? (නදී)

:       0       0

සම්පත් Sunday, 05 October 2014 05:31 AM

බන්දුල පෙරේරා ඔබ ප්‍රකාශ කරනදේ 100% නිවරදියි. අමතක කරන්න එපා නිවැරදි දේ ප්‍රකාශ කරනකොට චාමිකල, බමුණුල, හසිතල ඔබට තව තවත් ගහයි, අපහාස කරයි. ඒ කාලේ ඔහොම්මම තමයි නිවැරදි දේ කියද්දී බුදුන්ටයි, ජේසු ස්වාමි දරුවන්ටයි මිනිස්සු ගැහැව්වේ. ඔබ එසැන තිරයට මහාචාර්යවරයෙක්. (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 05:59 AM

"ඔබ උගත්, කඩවසම් නිලධාරියෙක්. මෙවන් වයසකදී අනවශ්‍ය ආතතියක් ගැනීම ඔබට නුසුදුසු බවයි මගේ හැඟීම" හරක හැරෙන්නේ පොල් පැලය කන්න වගේ. (නදී)

:       0       0

සෙලිනා Thursday, 09 October 2014 02:58 PM

කමෝන් බමුණු, හොඳම කමෙන්ට් ටික ඔබගෙන් ලබා දීලා. මට ලියන්න දෙයක් ඔබ ඉතිරි කර නැහැ. (නදී)

:       0       0

කරුණාජීව Sunday, 05 October 2014 06:26 AM

මෙතන එක්කෙනෙක්, ගණිකාවක් කුණුහරුප කියපුවා ගැන බණ කියනවා. එයා, එක එක සමාජ වෙබ් අඩවි වලට කියන කුණුහරුප බලන්න (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 06:33 AM

"මුළු ලෝකෙම සිද්දවෙච්ච එකම පොලිස් පහරදීම වගේ මේකට මාද්‍ය ප්‍රචාරය ලැබුනේ. " මුළු ලෝකයේම ඉන්න එකම ගණිකාව විදිහටයි සමහර අය බට්ටි ගැන කතා කොරන්නේ. හලෝ අපි කතා කොරන්නේ පොලිස් කාරය හික්මුන නිලදාරියෙක් හැටියට ක්‍රියා කලයුතු බව කීමටයි. මෙහිදී පමණක් නොව ගෙවල් වල සිටිය තරුණයින්ව ගෙන ගොස් මර දැමු අවස්ථා තිබුනා. පොලිස් නිලදාරීන්ට නීතිය අතට ගන්න ඉඩ දීල නැහැ. එහෙම ඉඩ දීල තිබේනම් ඔය කියන පොලිස් නිලදාරිය නිදහස් වේවි. (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 06:38 AM

"ඇමෙරිකාවේ පොලිසිය මොන තරම් කාන්තාවන්ට පහරදෙන දර්ශන තියනවද කියලා කියන අපේ පාඨකයෝ මොනතරම් දැනුමෙන් දුප්පත්ද කියලා." මට දුකයි. ඇමෙරිකාවේ කාන්තාවන්ට ගහන නිසා අපේ රටෙත් ගැහැනුන්ට ගහන්න දෙන්න. එතකොට අපේ පාඨකයෝ දැනුමෙන් දියුණුයි. ඔන්න එයාගේ දැනුමේ තරම. මෙම ගැහැණු එක්කෙනා වනුවෙන් මානව හිමිකම් නඩුවකට ගියොත් මෙයාගේ රස්සාව ගැන කිසිම සැලකිල්ලක් එම කොමිසම දක්වන්නේ නැත. (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 06:43 AM

"අමතක කරන්න එපා නිවැරදි දේ ප්‍රකාශ කරනකොට" මොකක්ද හලෝ මෙතැන තිබෙන නිවැරදි කම ? අපි කතා කොරන්නේ මහා දවල් මහා පාරේ දහසක් දෙනා බල සිටියදී ගැහැණු කෙනෙකුට පොලිස්කාරයෙක් ගහපු එක. එ්ක නිවැරදියි කියන බූරුවා කවුද ? ජේසු ස්වාමි දරුවන් තමයි කී වේ වැරදි නොකරපු කෙනෙක් ඉස්සෙල්ලා ගල් ගහන්න කියලා. (නදී)

:       0       0

සෙනරත් Thursday, 30 October 2014 03:11 AM

බන්දුල පෙරේරා කියන දේවල් තේරෙන්නේ නුවණැත්තන්ට පමණි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 07:02 AM

බමුණු, නියමයි. මමත් පුළුවන් තරම් ගහන්නේ ඔය බන්දුල පෙරේරා කියන හන මිටි අදහස් දරන මනුස්සයටයි. (නදී)

:       0       0

මෙවන් Sunday, 05 October 2014 07:18 AM

මාත් හිතන්නේ බන්දුලගේ අදහස් නිවැරදියි. ඕනෑම ප්‍රශ්නයක් දිහා සමබරව හිතන්න ඕනා. මේ කාන්තාව ප්‍රසිද්ධියේ කියනවා මම ගණිකාවක් කියලා. එහෙම වුනේ ළමයින්ට කන්න දෙන්න කියලා. එතකොට ළමයින්ගේ තාත්ත පොල්ගානවද? අනික දුප්පත් වුන හැමෝම මේ වගේ උසස් රැකියාවක් තෝරාගන්න ගියොත් මේ බෞද්ධ රටට මොකද වෙන්නේ? (නදී)

:       0       0

සෙනරත් බණ්ඩාර Saturday, 11 October 2014 12:49 PM

බමුණු-මම ඔබේ අදහස්වලට එඟකයි.ඇත්තටම අද පොලිසිය තමන්ගේ කාර්ය හරියට වටහා නොගෙන කටයුතු කර තිබෙනවා.බට්ටී යම් වරදක් කලානම් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන්න හැකියාව තියෙනවා.මහා මඟ මෙසේ පහරදීම තුලින් පොලිසිය අප කීර්තියෙන් අප කීර්තියට පත්වීම සාධාරණයි.අද මිනිසුන් තුල පොලිසිය කෙරෙහි විශ්වාසය බිඳී ගිහින්.රටේ තවත් බට්ටිල බිහිවෙයි හැමෝටම බැටොන් පොල්ලෙන් උත්තර හෙවුවොත් පොලිසියේ කියක් එළියේ ඉඳීවිද.මෙවන් දේ ජනමාධ්‍ය තුලින් ලොවපුර ප්‍රචාරය වීම තුලින් අපේ රට කෙරෙහි විදේශීයයන් තුල වැරදි දුර්මතයන් ගොඩ නැගෙනවා.(අ)

:       0       0

මහින්ද Tuesday, 07 October 2014 10:08 PM

අපිත් බලාගෙන ඉන්නේ මොකක්ද වෙන්නේ කියලා තමයි (නි)

:       0       0

අමන්දා Tuesday, 14 October 2014 08:48 PM

බන්දුල පෙරේරා මෝඩ අදහස් දාන්නේ (නි)

:       0       0

බමුණු Sunday, 05 October 2014 07:55 AM

"මේ කාන්තාව ප්‍රසිද්ධියේ කියනවා මම ගණිකාවක් කියලා." ඉතින් හලෝ මොන රටේද ගනිකාවකට පාරේ බිමදාගෙන දෙනෝදාහක් බලාගෙන ඉන්දැද්දී පොලිස්කාරයෙකුට ගහන්න ඉඩදීලා තිබෙන්නේ. එ්ක මට කියන්න. අපේ ප්‍රශ්නය ගැහැනියකුට පොලිස්කාරයෙක් මහා පාරේ ගහපු එක. නැතිව එම ගැහැනියගේ රැකියාව නොවයි . "රත්නපුර දී කාන්තාවකට පහර දීම අනුමත කරන්නේ නෑ" කියල පොලීසියම කියනවනම් අනික් අයගේ කතා වලින් වැඩක් නැත. (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 08:00 AM

"අනික දුප්පත් වුන හැමෝම මේ වගේ උසස් රැකියාවක් තෝරාගන්න ගියොත් මේ බෞද්ධ රටට මොකද වෙන්නේ?" ඔබ මෙයාගෙන් ද මේවගේ රැකියාවක් තිබෙනවා කියල දැනගත්තේ? හලෝ මෙය ලෝකේ පැරණිම රැකියාව බුදුන් වහන්සේ බුදුවෙන්න පෙරුම් පුරන කාලෙත් මේ රැකියාව තිබුනා. (නදී) බුදුන්වහන්සේ හෝ ජසුස් වහන්සේ අවෛකියල රැකියාව නථිඋනෙනහ රැකියාවත් එහෙම්මමයි ලෝකෙත් එහෙම්මමයි බට්ටිලත් . එහෙම්මමයි.

:       0       0

අසාද් Saturday, 04 October 2014 11:36 AM

අනුමැතියෙන් වැඩක් නෑ. පොලිස්කාරයට දඩුවම් කළ යුතුයි (නදී)

:       0       0

රස්පී Saturday, 04 October 2014 11:59 AM

මෙතුමගෙ කතාවලින් වෙන්නේ පොලිසිය ගැන මිනිසුන්ගේ තියෙන ආකල්ප තව තව නරක් වෙන එක විතරයි. (නදී)

:       0       0

දීපාල් Saturday, 04 October 2014 12:06 PM

කුරුටු ගාමින්ගේ උදුල් ඔය නඩු වලට කතා කරාවි (නදී)

:       0       0

සෑම් Saturday, 04 October 2014 12:13 PM

මම නම් කියන්නේ මේක කැමරා කරපු මිනිහව හොයල අදි චෝදනා ගොනු කරලා ඉල ඇට කඩලා කුඩුවේ දාන්න ඕනේ (නදී)

:       0       0

සරත් Saturday, 04 October 2014 12:17 PM

පොලිසියේ ලිංගිකත්වය සොයන්න කාලය හරි. (නදී)

:       0       0

නෙතුමි Friday, 10 October 2014 02:07 PM

ලංකාවේ නීතියට අනුව පොලිස් නිලධාරියෙකුට ඇති අවම බලය යටතේ මෙහිදී මෙම කාන්තාවට පහර දීම සම්පූර්ණ වැරදියි. ඇය කුමන තරාතිරමක වුවත් පුද්ගලයෙකු වශයෙන් මානව හිමිකම් යටතේ ඇයට සිදුවුයේ වරදක් සහ එයට නීතිමය රැකවරණය පවතී. ගණිකා වෘතිය අපේ සංස්කෘතියට හා සමාජයට ලොකු වරදක්. ඒ වගේම ගෞරවාන්විත රැකියාවක් නොවෙයි. නමුත් ලංකාවේ නීතියට අනුව මැයට එරෙහිව ඒ යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකියාවක් නැහැ. මේවාට නීති සම්පාදනය කරනවා නම් තමයි ගොඩක් හොඳ. නමුත් මෙහිදී පොලිස් නිලධාරියා තමාට නොහැකි බලයක් බාවිතා කරලා තියෙන්නේ. වරදට දඬුවම් දීම මීට වැඩිය සැලකිලිමත් උනා නම් තමයි හොඳ (නදී)

:       0       0

උදේෂ් Sunday, 05 October 2014 08:49 AM

අනේ බන්දුල ඔබ ඒ පාර මාර්ග පල ලබලාද ? ගණිකාවක් යන පාරේ යන්න අමාරුවක් ද ? පුළුවන් නම් පස්ස දොරෙන් ගණිකා නිවාස වලට යන පිරිමි යන පාරවල් වලත් යන්න එපා බන්දුල. එතකොට ඔබට යන්න වෙන්නේ උඩින්. මොකද ඔය කියන විදියේ සත් පුරුෂ මහත්වරුන්ට විතරක් වෙන් කෙරුන පාරවල් තාම මේ රටේ නැහැ. පාරේ යනවිට මේ පාර සත් ගුණවත් ශීලාචාර කට්ටිය ගමන් කරන පාරක්ද කියලා හිත හිතා ගමන් කරන්න තරම් අපිට නම් ඔලුවේ අමාරුවක් නැහැ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 04 October 2014 12:23 PM

කීමට ඇති දේවල් නම් අති විශාලයි. (නදී)

:       0       0

සීලා Saturday, 04 October 2014 12:38 PM

පොලිස්කාරය නිදහස් කරන්න කියපු කට්ටිය ගැන බැරිද නඩුවක් දාන්න. නීතිය හරියට නොදන්නා නිසයි අහන්නේ. (නදී)

:       0       0

සාගර Saturday, 04 October 2014 01:00 PM

සැම් නුඹ කියන්නේ පොලිසිය හරි කියලද? උඹේ අක්කට උනා නම්. (නදී)

:       0       0

රුකී Sunday, 05 October 2014 09:08 AM

බන්දුල පෙරේරාගේ දෙපිට කාට්ටු අදහස් දැක්කම දෙකොනින් හිනා යනවා. අර දඩ කොලය දීල නීතිය ක්‍රියාත්මක කල පොලිස් කොස්තාපල් බොහොම වැරදියි. මෙතන කාන්තාවකට මහමග තඩි බාපු පොලිස් නිලධාරියා අනේ හොඳයි. ! ඇත්තට බන්දුල ඔබ ඇඳුමක් ඇඳගෙනද මෙතන ඔය සම්පත් ඔබට තිබෙනවා කියන මහාචාර්ය අදහස් ලියන්නේ ? (නදී)

:       0       0

රසික Friday, 10 October 2014 02:53 PM

රටේ නීතියක් තියනවා. පොලිස් කාරයෝ හිතාගෙන ඉන්නේ ව්‍යවස්ථාදායකය, විදායකය සහ අදිකරණය තමන්ම කියලා. අනෙක් ව අමතක කරන්න. පිරිමියෙක් ගැහැනියකට තැලීම ලංකාවේ මොන සමාජයද අනුමත කරන්නේ? (නදී)

:       0       0

දර්ශන Saturday, 04 October 2014 01:11 PM

බන්දුල පෙරේරා කීමට ඇති දේවල් ඇයි නොකියන්නේ....? (නදී)

:       0       0

රසික Friday, 10 October 2014 02:58 PM

අමතක කරන්න එපා නීතිය හැමෝටම සාදාරනයි. බන්දුල වාදීන් ඇෆ්ගන් වල අද මහා පාරේ මිනිසුන්ගේ බෙල්ල කපනවා. ඉදිරියට බන්දුල වේවැලක් පොලිසියට හදුන්වා දෙනවා වැරැද්දක් කරපු තැනම තියල තලන්න හෝ නැතිනම් බෙල්ල කපන්න. (නදී)

:       0       0

අසෝක Monday, 13 October 2014 12:02 AM

රටේ ජීවත්වෙන්න අමාරුයි. දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ. ඉතින් ඇඟ විකුණලා කීයක්හරි හොයාගන්නවා ඇර කරන්න දෙයක් නැහැ. ලොකු හෝටල් වල ලොකු අය සහ ඔවුන්ගේ දු දරුවන් කරන දේවල් නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මුළු ලෝකයම මේවා අන්තර්ජාලය හරහා දකිනවා. වෙන රටවල මෙවැනි දේවල් වරණය නොකළත් මෙවැනි දේවල් සිද්ධවෙන්නේ නැහැ. සිදුවුණත් සාධාරන අපක්ෂපාතීව නීතිය මගින් අධිකරණය හරහා කටයුතු කරනවා. බෞද්ධ රටකට ගිය කල! ඔබ සැමට තෙරුවන් සරණයි (නි)

:       0       0

රසික Friday, 10 October 2014 03:05 PM

කුසුම්, එහෙම වෙනවා පත්තිනි අම්ම වැහුනහම. ඔයත් බන්දුලගේ පොලිස් නීති විදයාලට යන්න. ලංකාවේ තාම ෂරියා නීතිය නැහැ. අමතක කරන්න එපා පෙරේරලා ලංකාවට අවුරුදු 300 තිස්සේ කරපු සංස්කෘතික සෝදා පාළුව. පෙරේරලට අපේ පැරැන්නෝ කීවේ තුප්පහි කියලා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 04 October 2014 01:53 PM

බට්ටි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මානව හිමිකම් සංවිධාන කලුකෝට්කාරයෝ පොරකනවා.මේ සිදුවීම ගැන සතිඅන්ත පුවත්පත් මැනවින් වාර්තා කරලා තිබුනා.ලෝකයේ ඉන්න අහිංසකම කාන්තාව කරලා මාධ්‍ය ඉදිරියේ සළුපිලි අන්දන්න හදන මේ බට්ටිගේ කෙරුවාව, මේ පොලිස් නිලධාරියා මේ තරම් කුපිත වුණ කාරණය, මේ පහරදීමට පෙර මේ තැනැත්තිය හැසුරුණු අශෝභන අකාරය සවිස්තරව දක්වා තිබුනා.මම එතන හිටියත් ඔබ එතන හිටියත් ඔය සිදුවීම වෙන්නේ ඔය විදියටම තමයි. කවුද කැමති නිල ඇඳුමක් ඇඳගෙන පාරේ ඉන්න කාන්තාවන්ගෙන් එහෙම අපහාස විඳින්න? (නි)

:       0       0

සුමුදු Sunday, 05 October 2014 09:51 AM

බන්දුලලා වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවා. වැඩිය භයානක වන්නේ ඒ වගේ අය බහුතරයක් හිටියොත්. ඇත්තටම මන් හිතන්නේ ලංකාවේ බහුතරයක් තාමත් ඒවගේ අය. තමාගේ අයිතීන් ගෙන් මානව හිමිකම් ගැන ශිෂ්ඨ උසස් සමාජයක් රටක් ගැන මිනිස්සු බහුතරයක් දැනුවත් වීමෙන් හා නිර්භයව තීන්දු තීරණ ගන්න දවසට. ප්‍රබලයන් ඉදිරියේ නිවට නොවී නියාලු නොවී ඉන්න බහුතරයක් ඉන්න ජනතාවක් ඇති වු තැන මේ රට හොඳ දිසාවට හැරෙයි. තවමත් ලංකාවේ බන්දුලලා බහුතරයක් ඉන්නේ. (නදී)

:       0       0

සුමුදු Sunday, 05 October 2014 09:55 AM

බන්දුල, මතකද පොලිස් නිලදාරීන් දෙන්නෙකුට ඇමති කෙනෙකුගේ බිරිඳක් ඉතා පහත් ලෙස බැනලා තිබ්බා. කොච්චර නිලදාරී ඉන්නවද ඇමති බිරින්දෑවරුන්ගේ බැල මෙහෙවර කරන. කෝ ඔය කියන කොන්ද. මේක මේ රටේ සමාජයේ තවත් එක පෙති කඩක්. අපි තාමත් ශිෂ්ඨ වෙලා නැහැ. එ්ක නිසයි මේ වගේ වැඩ වෙන්නේ සහ මේ වගේ වැඩ අනුමත කරන සමාජයක ඉන්නේ. ඔබට මේකට බැනලා වැඩක් නැහැ. මොකද ඔබත් මේ සමාජයේම කොටසක්. (නදී)

:       0       0

මාලක සිල්වා Saturday, 04 October 2014 02:20 PM

ගොඩින් බේරගන්න කියල බල කරපු පොලිසියේ ලොක්කට මොකද කරන්නේ.(නදී)

:       0       0

කුසුම් Thursday, 09 October 2014 06:49 PM

මම දිගින් දිගටම බන්දුල පෙරේරාට විරුද්ධව අදහස් දැම්මත් මෙතැනදී ඔහුගේ අදහස්වල වැරැද්දක් දකින්නේ නැහැ. (නි)

:       0       0

සුජිත් නිව්යෝර්ක් Saturday, 04 October 2014 02:48 PM

මේ කාන්තාවට ගහාපු පොලිස්කාරයා පිස්සෙක්ද කියලා හැමදෙනාම අහනවා. මේ විඩියෝ එක මුලු ලෝකෙම දැක්කා. ශ්‍රී ලංකාවේ ඉතාමත්ම බරපතල විදියට මානව හිමිකම් උල්ලංඝනය වෙන බව මේ විඩියෝව ප්‍රබල ෂාක්ෂියක්. ලැජ්ජයි. (නදී)

:       0       0

චතු Sunday, 05 October 2014 10:31 AM

මට තියන ප්‍රශ්නය අපේ පොලිසිය ගහන්නේ ඔය වගේ හිගන ගණිකාවන්ට . පුලුවන්නම් ගහල බලන්නකෝ සුපිරි ගනිකාවකට. පොලිස් ලොක්කෝ , දේශපාලකයෝ පෝලිමේ එයාලව බේරගන්න එනවා. (නදී)

:       0       0

මහරගම සෝමරත්න Saturday, 04 October 2014 03:12 PM

රටේ නීතියක් නැහැ. අසාදාරනයක් කියන්න කෙනෙක් නැ. මට අද ඉන්න පන්සල අහිමි කලේ කළුතර උතුර හිටපු පොලිස් ලොක්කා. මේ ගැන පොලිස් පති තුමාට පැමිණිලි 20 කලා. ඇමති තුමා නිසා විභාගයක් නැහැ. මට දුක මගේ ගෙදරත් 3 දෙනෙක් මේ ජරා පොලීසියේ සේවය ඉන්න එක. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 October 2014 04:16 AM

අනේ මම නම් කියන්නේ මොන වරද කලත් ඔය විධියට දඬුවම් කරන්න අපේ රටේ නීතියෙන් ඉඩක් නැහැ කියලයි. බට්ටිව එල්ලුම්ගස් යැවුවත් කමක් නැහැ උසාවි නියෝගයකින්. පොලිසිය කරපු මෙම ක්‍රියාව අනුමත කලොත් අපේ රටේ යන්තම් හරි ඉතිරිවෙලා තියෙන ; නීතියෙනුත් පිහිටක් නැති වේවි. (නදී)

:       0       0

යසිත් Sunday, 05 October 2014 10:32 AM

බන්දුල පෙරේරා මොකද මේ එක එක වෙලාවට පොලිස් නිලධාරීන්ට එක එක විදියට සලකන්නේ ? අර දඩ කොළ දීපු පී සී ගැන කියපු දේවල් මතක නැද්ද ? දැන් මෙයා හරිම නීති ගරුකයි. (නදී)

:       0       0

අස්මිත් Sunday, 05 October 2014 10:51 AM

මෙවන් " ඔබට පුළුවන් නම් පියවරක් ගන්න. ඔය රැකියාව කරන දස දහස් ගණනාවක් කොළඹ පුරවරයේ සහ පිට පළාත්වල ප්‍රදාන රැකියාවට සමානව ඔය රැකියාවේ නිරත වී ඉන්නවා. රටේ හොඳ දේශපාලන බලය සමග යහමින් ඔය රැකියාව වඩාත් පුළුල් ලෙස මහා පරිමාණයෙන් විදේශික ගනුදෙනු කරුවන් සමග පොලිසියේත් අනුදැනුම පිට කෙරෙනවා. ඔවුන්ගේ ජීවිතය බස්ටෑන්ඩ් වලට සම්බන්ද නැහැ. සුපිරි වාහන /විසිතුරු මහල් නිවාස/හෝටල්/ආරක්ෂා කරුවන් මෙකී නොකී සෑම පහසු කමක්ම තිබෙන බව බන්දුල සහෝදරයා හොදටම දන්නවා. එම ලදුන්ව වටලන්න ලංකාවේ තියා පිටසක්වල පොලිසියක් ආවත් එක දුර කතන ඇමතුමකින් විසදා බේරන්න බලවත් උදවිය ඉන්න රටක බමුණු වගේ සහෝදර පිරිසක් පාඨකයන් අතර ඉන්න එකත් සහනයක්. බට්ටි මහපාරේ අනාචාරයේ යෙදීම තහනම් වරදක් නම් පොලිස් නිලදාරියත් මහපාරේ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීම වරදක් නෙමේද? එසේම තවත් එවන් පොලිස් නිලදාරියෙක් බම්බලපිටිය මුහුදු වෙරළේදී ද්‍රවිඩ තරුණයෙකුට(මන්ද බුද්දික) අමානුෂික ලෙස පහරදෙන අන්දම රූපවාහිනි නාලිකා ඔස්සේ ප්‍රචාරණය වුනේ කාගේත් සිත් කම්පා වෙන අන්දමින්. එදත් ඒ තරුණය පොලිස් නිලදාරියට කී වාරයක් නම් වැන්දද? දියේ ගිලි අතුරු දහන් වෙනකම්ම පහර දීපු හැටි කාගේත් හද කම්පා කෙරුවේ පොලිස් නිලදාරියට ශාප කරමින්. ඔය බන්දුල කියන පුද්ගලයා කියන තරම් කියන්නේ වැරදි කරන්නා සුදනා කියලයි. කවද හරි මට්ටු වෙයි කිල හිතල අපි එයාට ඔහේ ලියපු දෙන් කියල ඉන්නවා. (නදී)

:       0       0

විතාන Saturday, 04 October 2014 04:02 PM

මාධ්‍ය මාමි කතා කරනකොට ඉස්සර ගෙවල් වල හදපු ගිරවු මතක් වෙනවා. (නදී)

:       0       0

අස්මිත් Monday, 06 October 2014 04:35 AM

තාත්තල දාලගිය දරුවන් කොයිතරන් නම් ලෝකයේ ඉන්නවද මෙවන් හැමෝම එහෙම නැහැ. ඒවගේම තාත්තල ඉන්න කොටත් පාරට එන බට්ටිල කොයි තරම් රටේ ඉන්නවද? මෙවන් කියන්නේ ඔය හැමෝම බට්ටිල ටික පෝලිමට තියල වෙඩි තිබ්බොත් පහුවෙනිදට රටේ බට්ටිල ඉපදෙන්නේ නැහැ කියලද? ඔබට ලියන්න දේවල් ගොඩක් තියෙනවා නමුත් අපේ සංස්කාරක තුමා පළකරන්නේ නැහැ (නදී)

:       0       0

අස්මිත් Sunday, 05 October 2014 10:56 AM

ක්ෂණික මිනීමරුමකටයි පොලිස් නිලදාරියගේ ඔය හැසිරීමයි නොදන්නා සමාජයක් තුල අපි අපේ දරුවන් කෙසේ නම් අතරමන් කරමුද දෙවියනේ (නදී)

:       0       0

කුමාර් Saturday, 04 October 2014 04:03 PM

කොස්තාපල් පුන්යසෝම මේ මනුස්සයට වැඩිය හොඳයි. ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියා තමයි මේ අය හිතන්නේ ? (නදී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 05 October 2014 10:59 AM

දැන් කට්ටිය කියන්නේ බට්ටිගේ රස්සාව නිසා පොලිසිය දුන්න දඩුවම හරි කියලාද එහෙම කියා කට්ටියට බැරිද බට්ටිට උදව් කරන්න.(නදී)

:       0       0

අස්මිත් Monday, 06 October 2014 04:42 AM

බමුණු මම ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි ඔබගේ අදහස් වලට ගරු කරනවා. මා ලිවීම නතර කර දිගු කාලයක්ම නිහඩව හිටියා. ඔබ වැනි අය තව තවත් බිහිවේවායි පතා මම නිහඩ වෙමි (නදී)

:       0       0

කරුණාජීව Monday, 06 October 2014 11:25 AM

බන්දුල පෙරේරාට සුභ අනාගතයක්. (නදී)

:       0       0

පද්මිණි ප්‍රංශය Saturday, 04 October 2014 05:18 PM

ඔබ උගත්, කඩවසම් නිලධාරියෙක්. මෙවන් වයසකදී අනවශ්‍ය ආතතියක් ගැනීම ඔබට නුසුදුසු බවයි මගේ හැඟීම (නි)

:       0       0

රොහාන් පිරිස් Saturday, 04 October 2014 05:26 PM

පොලිස් නිලධාරියාට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

සාලිය Saturday, 04 October 2014 06:09 PM

මෑත කාලයේ නිතරම අහන්න,දකින්න ලැබෙන්නේ මේ වගේ ජුගුප්සාජනක පුවත් පමණයි. නගර සෝභිනියන් ගැන, ගබ්සා කිරීම්,හාම්පුතා අතින් අතවර වීම්,පාසල් වෑන්රිය තුල අනියම් සබඳතා.....හිතන්න පොඩ්ඩක්. අපි වාගේම විමසිලිමත් අපේ පොඩි අයත් .........ඒ අයගේ මනසට වැටෙන්නේ මොනවගේ දැනුමක්ද කියලා? (නි)

:       0       0

ගීතා Saturday, 04 October 2014 06:18 PM

පොඩි දරුවන් පවා හරි කැමතිලු නේද එයා නිසා ප්‍රවෘත්ති අහන්න. ඇත්ත තමයි ඒකත් (නි)

:       0       0

මංජු ශ්‍රී Sunday, 05 October 2014 12:24 PM

බමුණුගේ ප්‍රතිචාරය ඉතාම හොදඊ බුද්ධිය තියනවනම් බලන අය තේරුම් ගනී නොගන්නවනම් අපේ රටේ අවාසනාව(දිල්)

:       0       0

රූපවතී Saturday, 04 October 2014 06:41 PM

මේක නම් අන්තිම නින්දිත ක්‍රියාවක්. මොහු තම අම්මාට, සොහොයුරියට, තම බිරියට මොන විදියටද දන්නේ නැහැ සළකන්නේ? හොයලා බැලුවොත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 105 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 455 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 485 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 306 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 888 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site