IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රත්නාවලී බාලිකාවෝ බැඩ්මින්ටන් ජය දද බඳිති

මෙම වසරේ පාසල් බැඩ්මින්ටන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ සමත් වූහ. විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය , ක්‍රීඩා බාර ආචාරිනී දීපානි ගුණරත්න මහත්මිය සහ ක්‍රීඩා පුහුණුකරු ඒ ජයග්‍රහණයන්ගේ නියමුවෝය. ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි ඊ කොටසේ බාලිකා අනුශූරතාවය රත්නාවලී බාලිකා විද්‍යාලයයේ කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය. කුරුණෑගල වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සමස්ත ලංකා පාසල් 15න් පහළ යුගල බැඩ්මින්ටන් තරඟාවලියේ ඊ කොටසේ බාලිකා ශූරතාවය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට හිමි විය. ශ්‍රී ලංකා පාසල්  බැඩ්මින්ටන් සංගමයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් තරගාවලියේ ඊ කොටසේ බාලිකා ශූරතාවය ද දිනාගත්තේ රත්නාවලි බාලිකා විද්‍යාල ශිෂ්‍යාවෝය. නුවර එළිය නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති අවුරුදු 18න් පහළ බැඩ්මින්ටන් තරඟාවලියේ සී කොටසේ බාලිකා ශූරතාවය රත්නාවලි බාලිකා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගනු ලැබීය.  



අදහස් (0)

රත්නාවලී බාලිකාවෝ බැඩ්මින්ටන් ජය දද බඳිති

පාලිත Thursday, 01 November 2012 07:56 PM

සුබ පැතුම් . ගම්පහට ගෞරවයක් (ස)

:       0       0

සමන් Friday, 02 November 2012 10:38 AM

දුප්පත් පාසලකින් පැමිණ ලබා ගත් දිනුමට අපේ තුති (ස)

:       0       0

ධනුක Thursday, 01 November 2012 07:59 PM

ලෝකයේ තියෙන හොඳම ක්‍රීඩාව බැඩ්මින්ටන්...ලංකාවෙත් මෙම ක්‍රීඩාව ජනප්‍රිය කරමු (ස)

:       0       0

චතූ Thursday, 01 November 2012 03:54 PM

පාසලටත් රටටත් විශාල වටිනාකමක් ඇති දරු පිරිසක් - හැබැයි පැටවුනේ ඉගෙන ගන්න එකත් ඉහලින්ම කරගන්න ඕනෙ හොඳේ.........(ස)

:       0       0

පෙඩ්‍රික් Thursday, 01 November 2012 04:08 PM

මගේ උණුසුම් සුබ පැතුම් ..(ස)

:       0       0

අනූෂා Friday, 02 November 2012 12:34 PM

රත්නාවලී බාලිකාව සුපිරි පාසලක් , O/L ප්‍රතිඵල අතිනුත් විශිෂ්ටයි ලංකාවේ (ස)

:       0       0

සුලක්ඛනා Thursday, 01 November 2012 05:14 PM

හොදයි හොදයි. ඔහොම යමු. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 01 November 2012 06:29 PM

ගමටත්, පාසැලටත්, රටටත්, කීර්තියක් ගෙන දෙන මෙවැනි දක්ෂ දරුවන් ඇගයිය යූතුමයි. නමූත් නොවන්නෙත් ඒකමයි. මේවැනි දරුවන්ගේ අඩූ පාඩූ, කුසලතාවයන් හොදින් හදුනාගෙන තව තවත් ඉදිරියටම යෑමට අත දියයූතුයි. සියලුම දරුවන්ට ජයෙන් ජය නියතයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 274 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2403 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1410 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1645 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1827 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39582 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25765 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site