IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රත්නා සහ සම්පත් අභිනයන රැගෙන වේදිකාවට

 

ඔවුන් හමුවූයේ තුන්මංසලකදීය. යා යුත්තේ කෙසේදැයි තීරණයක් නොවූ බැවින් ඔහුත් ඇයත් එදා ඇයි හොඳයි කීවා මිස ඊට වඩා යමක් කතා කරන්නට ගියේ නැත. යළිත් කවදාක හෝ හමුවනු ඇතැයි දෙදෙනාටම සිතන නමුත් ඒ කවදාදැයි කොහේ දී දැයි කවුරුවත් දැන සිටියේ නැත.

එහෙත් ඔවුහු යළිත් හමුවූහ. ඒ සුබ සැන්දෑවකදීය. ඔහු ඇයටත් ඇය ඔහුටත් සුබ සැන්දෑවක් ප‍්‍රාර්ථනා කළහ. එහෙත් දෙදෙනාටම අවශ්‍ය වූයේ සුබ උදෑසනකි..!

අලූත් දවසකි....!!

ඒ දවස වෙනුවෙන් දෙදෙනාම ප‍්‍රාර්ථනා පොදි බැඳ ගෙන සුබ සැන්දෑවක කාලය ගෙවූහ.
ඔහු සම්පත් තෙන්නකෝන්ය.

ඇය රත්නා ලාලනී ජයකොඩිය.

සෝමපාල පතිරගේගේ තුංමංසල නාට්‍යයෙන් 1982 දී වේදිකාගත වූ රත්නා ලාලනී ඊට තෙවසරකට පසුව ඩග්ලස් සිිරිවර්ධනගේ සුබ සැන්දෑවක් නාට්‍යයෙන් යළිත් වේදිකාවට නැග්ගාය. 1982 දී ආරම්භ වුණු සුබ සැන්දෑවක් නාට්‍යයේ ලීසාගේ චරිතයට එතෙක් පණ පෙව්වේ දේවිකා මිහිරානිය... ඇගේ කාර්ය බහුලකම නිසා 1985දී සුබ සැන්දෑවෙන් ඉවත් වෙද්දී ඒ අඩුව පුරවන්නට ආවේ රත්නා ලාලනීය.

එදා වඩාත්ම සතුටට පත් වූයේ සම්පත් තෙන්නකෝන්ය. තුන් මංසලේ දී මුණගැහුණු, එතෙක් යන්නේ එක් මගකදැයි තීරණයක් නොගෙන සිටි ඔවුහු එවක් පටන් සුබ සැන්දෑවේ දී නිතර නිතර හමුවූහ. ඒ හමුවීම පේ‍්‍රම සම්බන්ධයක් තෙක් දුර දිග ගිය අතර 1990 දී ඔවුහු විවාහ වූහ. වේදිකාගත වී වසර තිහකි. එහෙත් ඔවුනට යුග දිවිය නිසා වේදිකාවෙන් බහින්නට සිදු වූයේ නැත.

හේතුව දෙදෙනාගේම ප‍්‍රථම පේ‍්‍රමය වේදිකාවම වීමය. මේ නිසා දෙදෙනාම අන් සියල්ල අමතක කර වේදිකාවේම රැඳී සිටිති.
එහෙත් වේදිකාගත වීම යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ...

වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යය වගේ ක්ෂණිකව ජනප‍්‍රිය වෙන්න පුළුවන් මාධ්‍යයක් නෙමෙයි. අද ටෙලියක රඟපෑව නම් හෙට වෙනකොට එයා නිළියක් විදිහට ජනප‍්‍රිය වෙලා, පත්තරවල ලිපි පලවෙලා, රූපවාහිනියෙන් මූණු දැකලා.... ඒත් වේදිකා නාට්‍ය නළු නිළියන්ට කවදාවත් ඒ ජනප‍්‍රියත්වය ලැබෙන්නේ නෑ.

අනිත් එක අපි වේදිකා නාට්‍යය කරන්නෙ බොහොම අපහසුකම් දුෂ්කරතා මැද... ගමන් පහසුකම් නෑ . සමහර වෙලාවට කන්න දෙන කෑම බල්ලෙකුට කන්න බැහැ. සමහර නාට්‍ය වලින් පාඩුයි කියලා ඉල්ලපු සල්ලි හම්බවෙන්නෙ නෑ. ඔය වගේ අඩු පාඩු කම් මැද්දෙ තමයි අපි මේ වේදිකා නාට්‍යවල රඟපාන්නෙ... හැබැයි මොනව වුණත් මමත් සම්පතුත් කැමති වේදිකා නාට්‍යවල රඟපාන්න. මේක හරිම සජීවි රඟපෑමක්.. ඒ වෙලාවෙම ප‍්‍රතිචාර ලැබෙන නිසා මේ රඟපෑමෙන් අපිට ලැබෙන්නෙ සතුටක්...”

රත්නා ලාලනී වේදිකාවේ හොඳ නරක ගැන කියාගෙන කියාගෙන යයි.

සම්පත් ද වරින් වර ඒ කතා බහටම එකතු වෙයි.

”මේ වෙද්දි අපි දෙන්නම නාට්‍ය පනහකට වැඩි ගණනක රඟපාලා තියෙනවා...”

තිස් වසරක කලා ජීවිතයේ දී නාට්‍ය පනහක රඟපෑම යනු කතා කළ යුතු දෙයකි. එහෙත් කවුරුවත් ඒ ගැන කතා නොකරන බැවින් සම්පත් සහ රත්නා එක්ව නාට්‍ය උළෙලක් සංවිධානය කළහ.

”ගෙවුණු තිස් වසරෙ දි අපි දෙන්නම රඟපෑව හොඳම නාට්‍ය හතක් තමා මේ උළෙලට තෝරගත්තෙ.. මෙයින් සමහරක හොඳම නිලියට හිමි සම්මානය මට ලැබුණෙ.... ඒ වගේ විවිධ විදිහට කැපී පෙනුණ නාට්‍ය හතක් තමා මේ උළෙල නියෝජනය කරන්නෙ”

රත්නා කියයි.

අභිනයන ලෙස නම් කර ඇති මේ නාට්‍ය උළෙල මෙම 17 දා ආරම්භ වන අතර 23 වැනිදා රාත‍්‍රියේ අවසන් වෙයි.

කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වෙන මෙම නාට්‍ය උළෙල හැමදාකම හවස 6.45ට ආරම්භ වෙයි.

සුබ සැන්දෑවක්, මායාදේවි, පුත‍්‍ර සමාගම, ගුරු තරුව, ජගන් මා, රෝමය ගිනිගනී 2, තල මල පිපිලා යන නාට්‍ය හත පෙර කී දිනවලදී පිළිවෙලින් වේදිකා ගත වේ.

 

 

1982 දී මුල්වරට වේදිකා ගත වූ නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ සුබ සැන්දෑවක් නාට්‍යයට සම්පත් රත්නා සමඟ වසන්ත විට්ටච්චි, ගාමිණී හෙට්ටිආරච්චි, අජිත් ලොකුගේ, ලලිත් රාජපක්‍ෂ සහ පින්සර සමරසේකර රංගනයෙන් දායක වූහ. 1985 දී වේදිකාගත වූ මායාදේවි, කේ.බී. හේරත්ගේ නාට්‍ය නිර්මාණයකි.... හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම පිටපත, හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය යන සම්මාන සියල්ලම දිනාගත්තේ මායාදේවිය... ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙනිය, චාන්දනී සෙනෙවිරත්න, ජනක කුඹුකගේ, නිලන්ති හීන්දෙණිය ආදීහුද මෙහි රඟපායි....

එම වසරේම වේදිකාගත වූ ජයලත් මනෝරත්නගේ පුත‍්‍ර සමාගම 1985 වසරේ හොඳම පරිවර්තන නාට්‍යය, හොඳම නළුවා සහ හොඳම සංගීතයට හිම සම්මාන දිනා ගත්තේය. මෙහි පරිවර්තක ප‍්‍රසන්න විතානගේ වූ අතර සංගීතය ලක්‍ෂමන් විජේසේකරගෙනි. 1996 වසරේ හොඳම නාට්‍යය, හොඳම තිරපිටපත හා හොඳම සංගීතයට හිමි සම්මාන දිනාගත් ආචාර්ය ජයලත් මනෝරත්නගේ ගුරුතරුව නාට්‍යයට සංගීතය නිර්මාණය කළේ රංජිත් බාලසූරියයි.

කේ.බී. හේරත්ගේ ජගන් මා නාට්‍යයට 2008 වසරේ හොඳම නාට්‍යය, හොඳම පිටපත, හොඳම නිලිය, හොඳම සංගීතය යන සම්මාන හිමිවිය.. සංගීතය ශාන්ත පීරිස්ගෙන් සැපයුණු මෙහි මාදනී මල්වත්ත, ලංකා බණ්ඩාරනායක සහ සුනෙත් ශාන්ත ද රඟති.

2001 දී වේදිකා ගත වූ රෝමය ගිනිගනී 2 අන්තර්ජාලේ බන්දුල විතානගේ නිර්මාණයකි. 1988 දී මුල්වරට වේදිකා ගතවී හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම සංගීතය, හොඳම නළුවා සහ සහාය නළුවා සම්මාන දිනාගත්තේ ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා නාට්‍යයි.

මෙම නාට්‍ය සියල්ලම වේදිකාවට ගෙන එන සම්පත් රත්නාගේ අභිනයන රංගභූමිකා ඔවුන් අරුත් ගන්වන්නේ දශක තුනක් නාට්‍ය පනහක් මතකයේ රැුඳෙනා භූමිකා හතක් යනුවෙනි.

 

 

සම්පත් රත්නා වේදිකාවේ.....


 

”අපි මේ නාට්‍ය උළෙල කරන්නෙ බොහොම අමාරුවෙන්... එක නාට්‍යයකට ලක්‍ෂ එක හමාරක්වත් වියදම් කරන්න  ඕනෙ. ඒත් අපි දෙන්නම නාට්‍ය ෙක්‍ෂත‍්‍රයේ ඉඳලත් අපි මේ වගේ වැඩක් නොකළොත් කවුද මේ වගේ වැඩක් කරන්නෙ කියලා අපි හිතුවා”
සම්පත් රත්නා අභිනයනේ ආගිය කතාව හෙළිදරව් කළහ.
 

 

 

 



අදහස් (0)

රත්නා සහ සම්පත් අභිනයන රැගෙන වේදිකාවට

තමරා ජයතිලක - කැනඩාව Monday, 27 January 2014 02:24 AM

ඔබ දෙපොළ ලාංකික වේදිකාවේ අනභිභවනීය චරිත දෙකක්. මේ වචන දෙපේලියකින් ඔබේ විශිෂ්ට රංගනයන් අගය කල නොහැකිය. ඔබට මගේ හද පිරි ප්‍රණාමය සහ ශුබ ප්‍රර්ථනා පිරි නමමි.(නදී)

:       0       0

රෝහිත Wednesday, 18 December 2013 08:33 PM

රත්තරන් වැඩක් .............හොද ආරම්භයක් (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 19 December 2013 01:52 PM

රුව නොදුටුවත් කට හඬින් හඳුනා ගැනීමට පුළුවන් තරම් ඔහුටම අනන්‍ය වූ හඬක් ඇති දක්ෂ රංගන ශිල්පියෙකි සම්පත් මහතා. රත්නාද ඊට දෙවැනි නැත. මනෝරත්නයන්, කේ බී හේරත්, ඩග්ලස් සිරිවර්ධනයන් සහ ප්‍රසන්න විතානගේ වැනි පුද්ගලයන් සමග මේ දෙපලගේ සංකලනයෙන් අපට අපූරු දසුන් දැක ගැනීමට පින පෑදුනි. අපූරු වදන් ඇසීමට ඉඩ සැලසුනි. සහෝදර නළු නිලියන්ද රවටාගෙන බඩ ගොස්තරය රැකගන්න කඩේ නොයාම ගැන ඔබ දෙපලගේ රසිකයෝ වන අපි ඔබලාට කෘතඥ වෙමු. (නදී)

:       0       0

හුෂේන් Tuesday, 31 December 2013 08:21 AM

සුභ පැතුම්! (නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 03:26 PM

රත්නා "සසර සුවහස්" ටෙලිනාට්‍යයේ හා "සිරි රජසිරි" "සුදුකලුවර" චිත්‍රපටවල කල රංගනය ඉතා තාත්විකයි. ඇයට ගුරුවරියකගේ චරිතය (වෘත්තීය ගුරුවරියක් නිසා විය යුතුයි) හා අහංකාර කුමාරිහාමි කෙනෙකුගේ චරිතය හොඳින් කල හැකියි. "තලමල පිපිලා" නාට්‍යයේ සම්පත් කල විදේශිකයාගේ චරිතය අමතක නොවේ. මේ දේපල ගැන ඔවුන් රාජකීය විදුහලේ කලා කටයුතුවලට කැප වෙන ආකාරය සම්පත් සහභාගී වූ කොෆි විත් ලකී වැඩසටහන නරඹන විට පැහැදිලි වේ.(නදී)

:       0       0

කුමාරි Thursday, 19 December 2013 12:14 AM

ජයෙන් ජය වෙන්න සුබ පතනවා! (අ)

:       0       0

විජිත - ඕස්ට්‍රේලියාව Thursday, 19 December 2013 05:51 AM

රත්නා සහ සම්පත්ට අප සැමගේ උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා.(නදී)

:       0       0

අසෝකා Sunday, 29 December 2013 04:42 AM

ඉතාමත් අමාරුවෙන් ලබා ගන්න දේ වටිනා කම වැඩියි. ඔබ දෙපලට සුභාපතමි! (අ)

:       0       0

චන්ද්‍රසිරි Friday, 20 December 2013 03:14 PM

දක්ෂ නළු නිළි දෙපළක් සුභපැතුම්

:       0       0

සැන්ඩි Saturday, 11 January 2014 03:13 AM

ඔබ දෙපලට සාර්ථක ගමනක්.ජයෙන් ජය පතමි.ජර්මනියේ සිට.(දී)

:       0       0

උපසේන Friday, 03 January 2014 03:08 AM

මගේ සුබ පෙතුම් මෙල්බර්න් නුවර සිට (අ)

:       0       0

සංජීව Monday, 23 December 2013 05:35 PM

සුබ පැතුම් ඔබ දෙපලටම. ලඟදි දවසක මම ඇයව දුටුවා නුගේගොඩ අතුරු පාරක ඇවිදගෙන යනවා. හරිම සරල විදිහට ජීවත් වන බවක් පෙනුනේ. (අ)

:       0       0

මීෂා Thursday, 19 December 2013 11:19 AM

රත්තරන් වැඩක්. ඔයාලගේ දක්ෂ කම් ලංකාවේ මිනිසුන් හොදට දන්නවා. මම මුළු හදවතින්ම සුභ පතනවා.(නදී)

:       0       0

අනුර පනාගොඩ Wednesday, 18 December 2013 05:23 PM

මෙල්බර්න් නුවරින් ඔබේ ගමනට සුභ පැතුම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 15 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 20 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 115 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 120 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 483 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 583 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site