IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රතන හිමියෝ ජනපතිට සෙත් පතති

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෙත් පතා ආශිර්වාද පූජාවක් රාජගිරිය ගෝතමී පාරේ සදහම් සෙවන විහාරස්ථානයේ දී පැවැත්විණි.

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම පිංකම සංවිධානය කළහ.

සිරිසේන මහතා ජනපති කරවීමට වෙහෙසුණු පිරිස අතර රතන හිමියෝ පෙරමුණ ගත්හ.

_DSC0311 _DSC0399 _DSC0492



අදහස් (0)

රතන හිමියෝ ජනපතිට සෙත් පතති

තුසිත Monday, 19 January 2015 07:59 PM

සුදත් දසනායක මැතිතුන්ගේ ප්‍රකාශය දැක්කම එතුමා මොන වගේ කෙනෙක්ද කියලා තේරෙනවා. මැතිතුමනි, ඔබ තුමා අහල ඇතිනේ අර බල්ලාගේ කාර්ය බූරුවා කරන්න ගියාම උන දේ. එ්ක තමයි මට ඔබ තුමාට කියන්න වෙන්නේ බොහොම කණගාටුයි (නදී)

:       0       0

අනෝමා Tuesday, 20 January 2015 06:26 AM

ලංකාට ඕනැ නම් පන්සල් නොගිහින් ඉන්න. අනෙකුත් උදවිය යන එකේ වැරදි දකින්න එපා. (නි)

:       0       0

සමන් Monday, 19 January 2015 09:24 PM

බොරු කතා නැතුව ඉන්න සුදත්.තමන්ගේ වැඩක් බලාගන්න. (නි)

:       0       0

සුරනිමල Monday, 19 January 2015 09:27 PM

අල්ලස් හා දුෂණ කොමිසම ප්‍රතිසංවිධානය කිරීම ඉක්මනින් සිදුකළොත් නේද හොඳ? (නි)

:       0       0

අබේපාල Monday, 19 January 2015 09:32 PM

ඒක ඇත්ත. හැමදාම මෙහෙම වෙනකොට රටට වැඩක් කරන්නේ කොහොමද? (නි)

:       0       0

මලික් Tuesday, 20 January 2015 06:49 AM

ලංකා, මොකද මේ අනෙක් කට්ටිය පන්සල් යන එක වැරදියි කියන්නේ? ඒක ඒගොල්ලන්ගේ කැමැත්තනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 19 January 2015 10:47 PM

සුදත්, මොන රටේ වුණත් ආගමට දහමට මුල්තැන දීලා වැඩකරනවා කියලා නම් දන්නවා. ඒ අතර බෞද්ධයෝ ඉහළින්ම ඉන්නවා. ගහගත් ඒවා මිනීමරාගත් ඒවා ලෝකය ඇතිවුණදා සිට නැතිවෙනතුරු තියේවි. වරද තියෙන්නේ මේ දහමේ පිහිටන්නේ නැතිඑකයි.එහෙමයි කියලා බුදුබණ අදහන අයට ඒක කරන්න එපා කියලා කියන්න ඔයාට කොහෙත්ම අයිතියක් නැහැ (නි)

:       0       0

ඩිලාන් Monday, 19 January 2015 10:49 PM

ඕවා අඩුකළොත් තමයි හොඳ. සුදත් සමඟ එකඟයි මමත් (නි)

:       0       0

ලලිත් Monday, 19 January 2015 11:09 PM

හිමියනි, ටිකක් නම්‍යශීලීව ඔය වාර්ගික ප්‍රශ්නයටත් විසඳුමක් දෙන්න උදවු කළොත් ඔබට තවත් පින්! දෙමළ මිනිස්සු කවදාවත් රට කඩාගෙන යන්නේ නැහැනේ. ඒ අයත් රටට ආදරෙයි (නි)

:       0       0

යොහාන්‍ Monday, 19 January 2015 11:27 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

චන්දා Monday, 19 January 2015 11:42 PM

සුදත්, ඔබ නම් පුදුම මිනිසෙක් තමයි (නි)

:       0       0

සුදත් දහනායක Tuesday, 20 January 2015 12:00 AM

මම කතෝලික භක්තිකයෙක්.මීටපෙර දැමූ ප්‍රතිචාරය එච්චර හිතන්නේ නැතුව දැම්මේ. බෞද්ධ මිතුරන්ගේ හිත රිදුනා නම් සමාවෙන්න (නි)

:       0       0

විමලරතන හිමි Tuesday, 20 January 2015 07:54 AM

සර්ව අසුභවාදීව සිතන්න එපා මිනිසුනේ. (නි)

:       0       0

රෝයි Tuesday, 20 January 2015 12:48 AM

සුදත් රත්නායක, ඔයා ලංකාව ඇමරිකාවක් හෝ එංගලන්තයක් වෙනතුරු බලාගෙන හිටියට එහෙම වෙන්න ලංකාවේ ජීවත්වන අපිට අවශ්‍ය නැහැ. ලංකාවේ අපට අවශ්‍ය වන්නේ ආගමික ජාතික සංස්කෘතීන් සමඟ ආර්ථික දියුණුවක්. අනික ආශිර්වාද කරන්න මුදල් වැයවෙන්නේ නැහැ. (නි)

:       0       0

කුරුප්පු Tuesday, 20 January 2015 01:09 AM

මානසික සහනයක් ඕනෙම ආගමකින් ලබාගන්න පුළුවන්. (නදී)

:       0       0

චන්න Tuesday, 20 January 2015 01:27 AM

බෞද්ධයින් හැටියට ආගමට ගරුකිරීම හොඳ දෙයක් (නි)

:       0       0

කල්හාරි Tuesday, 20 January 2015 01:49 AM

සුදත් දහනායක කතෝලික භක්තිකයෙක් කියල ලියල තියෙන්නේ වෙන කෙනෙක් වෙන්න ඕනේ. කතෝලික භක්තිකයෙක් උනත් කියල තියෙන්නේ සම්පුර්ණ සත්ත්‍යක්. හිටපු ජනාදිපතිත් කලේ ඕවා කරකර මිනිසුන්ව රවට්ටලා රටේ මුදල් හොරකම් කරන එකනේ. දැන් ඒවා ඔය හොඳට පේන්නේ. අනේ මෙහෙම කාලේ නාස්තියක්. රටට කිසිම සෙතක් නෑ ඔය බොරු වැඩ වලින්. (නදී)

:       0       0

කුමාරි විජේසිරිවර්දන Tuesday, 20 January 2015 02:21 AM

රතන හිමි පහුගිය කාලේ අලුත් රජයක් බිහිකිරීමට ගොඩක් මහන්සිවුණ අවංක උත්තමයෙක්. දිනුවා කියලා නිශ්ශබ්දව ඉන්නේ නැතුව උන්වහන්සේට ඉදිරියටත් සාධාරණය වෙනුවෙන්ම පෙනීසිටින්න කියලා අපි ඉල්ලනවා (නි)

:       0       0

නන්දරතන හිමි Tuesday, 20 January 2015 02:23 AM

තෙරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන් සිත පිරිසිදුව පින්කම් කළොත්,අනිවාර්යයෙන්ම අපේ ජීවිතවලට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙනවාමයි.බුදුදහම උතුම් උත්තරීතර දහමකි. (නි)

:       0       0

‍ජී‍වක Tuesday, 20 January 2015 02:23 AM

ජනාධිපතිතුමනි, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලු අයිතිවාසිකම් කඩිනමින් ලබාදුන්නොත් හොඳයි නේද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 20 January 2015 02:34 AM

රතන හාමුදුරුවෝ අසරණ ජනතාව මුදා නොගන්න අදටත් අපිට යටත්වෙලා ජීවත්වෙන්න සිද්ධවෙනවා.අසරණ අපිව නිදහස් කර ගැනීමේ ඒ පිනම ඇති අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

ලංකා Tuesday, 20 January 2015 02:37 AM

මා මේ කියන්නට යන්නේ ප්‍රතිපත්ති හොඳ නම් පන්සල් යාම අවශ්‍ය නැතිබව කීමටයි. මගේ යහළු ජපන් ජාතික පවුලකට ලංකාවේ නිවාඩුවක් ගතකිරීමට එන ලෙස මම ඇරයුම් කළා. ඒ 2001 අගෝස්තුවේ. දින හතක සංචාරයේ දෙවැනි දිනයේ අපි දකුණට යමින් සිටියා. මහ මඟ සෑම හන්දියකම පාහේ බුදු පිළිම සහ තැන තැන පන්සල් දකින ඔවුන් ඒ ගැන මගෙන් නොයෙකුත් කරුණු විමසුවා. ලංකාවේ මිනිස්සු ආගම දහම රකින හොඳ බෞද්ධයෝ කියලා ආඩම්බරයෙන් කියන්න මට උවමනා වුණා. මගේ කතාව අහගෙන සිටි ඔවුන් මගෙන් ඇසුවා, " ඔබ කියන දේ ඇත්ත නම් දිනපතා මේතරම් බෝම්බ පිපිරෙන්නෙත් මිනීමරා ගන්නෙත් ඇයි? " කියලා. මම පිළිතුරක් නොදී ලැජ්ජාව වහගන්න සිනාසුනා. (නි)

:       0       0

රකිත් Tuesday, 20 January 2015 02:39 AM

විශාලා මහනුවර තුන්බිය දුරුකිරීමට සුත්‍ර ගාථා උපකාරී වුණා. මේවා පැහැදිලි කරන්න මෙතන ඉඩකඩ මදි. රටට සෙත්පැතීම ඉතා ඉහළින් අපි බෞද්ධයින් ලෙස අගය කරමු. (නි)

:       0       0

සිරි Tuesday, 20 January 2015 02:43 AM

ජනපතිතුමනි, අපි ඔබගෙන් බලාපොරොත්තුවන්නේ නිදහසේ ජීවත්වීමට අවකාශ ලබාගැනීමයි (නි)

:       0       0

සෙනරත් Tuesday, 20 January 2015 02:48 AM

අපි බුද්ධාගමේ අය විදිහට අයැදීම නොකළත් අමනුෂ්‍ය ආදී බලපෑම් පිළිබඳව විශ්වාස කරනවා. සෙත් පැතීමෙන් සුත්‍ර පිටක දේශනාවෙන් මේවාට ආරක්ෂාව සැළසෙනවා. නොදන්නා දේවල් නොකියා නිකන් ආගම්වාදය අවුස්සන්නේ නැතුව ඉන්න කල්හාරි. වෙන කෙනෙක් සුදත් නමින් ලිව්වා කියලා කල්හාරි දැනගත්තේ කල්හාරියි සුදතුයි එක්කෙනෙක්ද? (නි)

:       0       0

රෝයි Tuesday, 20 January 2015 02:50 AM

කල්හාරි, කිසියම් ධර්මයකට අනුව ජීවත්වන්නාට ලැබෙන මානසික සහ කායික සහනය දැනෙන්නේ ඔහුට හෝ ඇයට පමණයි. වෙනත් මිත්‍යා විශ්වාස සමඟ ආගම සංසන්දනය කිරීම වැරදියි. ඔබ දියුණුයි යැයි සිතාගෙන ඉන්න රටවල පවා නායකයින්ට ආගමක් ධර්මයක් සහ ඒ ගැන විශ්වාසයක් තිබෙනවා. (නි)

:       0       0

චාරු Tuesday, 20 January 2015 02:52 AM

කල්හාරි, ඒ වුණාට පසුගිය කාලයේ සමහර තැන්වල තිබුනේ ගුරුකම් , බලිතොවිල්, යාගහෝම බිලිපුජා මිසක් ආගමක් නෙමෙයිනේ. (නි)

:       0       0

ජානක Tuesday, 20 January 2015 03:06 AM

සෙනරත් කියන දේ ඇත්ත. කල්හාරිත් විවේචනය කර කර ඉන්නේ නැතුව බණක් අහලා භාවනාවක් වඩලා බලන්න හිතට එන සැනසීම. බුද්ධාගම ඕනෑ කෙනෙකුට අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ආගමක්. පිටින් ඉඳගෙන ගුණදොස් කියන්නේ නැතුව අත්දැකීමෙන් අවබෝධ කරගන්න (නි)

:       0       0

සුමුදු Tuesday, 20 January 2015 03:10 AM

පාලකයා දැහැමි වියයුතුය. එය එළිපිටම පෙන්විය යුතුය. ආගමික නායකයන් දැකීම, සාකච්ඡා කිරීම මංගල කරුණකි. එය කාලය අපතේ හැරීමක් නොවේ. (නි)

:       0       0

දිමුතු Tuesday, 20 January 2015 03:19 AM

කල්හාරි ආමිස පුජාව අපිතුල භක්තිය වැඩිකරනවා. ඒ ශාද්ධව භක්තිය අපිව කෙමෙන් කෙමෙන් ප්‍රතිපත්ති පුජාව ජනිත කරවනවා. ආමිස පුජාවත් ගොඩාක් උතුම් දෙයක්. ප්‍රතිපත්ති පුජාව ඊටත් වඩා උතුම්.(නදී)

:       0       0

රෝයි Tuesday, 20 January 2015 03:23 AM

ලංකා, ඔයාට සුළු දැනීමක් වත් තිබුනේ නැද්ද ජපනාට පැහැදිලි කිරීමට රටක් දෙකඩ කිරීමට දරන උත්සාහයත්- ආගමත් අතර වෙනස. මට හිතෙනවා ඔබ ජපන් ජාතිකයත් සමග කතා කලේ සිංහල භාෂාවෙන්ද කියලා (නදී)

:       0       0

කල්හාරි Tuesday, 20 January 2015 03:25 AM

ඔය සෙත් පතන හැටියට ශ්‍රී ලංකාව සුකිත මුදිත, කිසිම කරදරයක් නැති රටක් වෙන්න ඕනනේ. දැන් බලන්න අලුත් ඇමති වරු ඔක්කොම නැකතට වැඩ බාරගන්නේ හාමුදුරුවරු වඩම්මලා පිරිත් කියල නුල් බැඳලා. ඊට පස්සේ යනවා නුවර ලොකු හාමුදුරුවරු හම්බවෙන්න. ඊළඟට යනවා කතෝලික පියතුමන් හමුවෙන්න. මහජනයාට වැඩ කරන්න මේ අයට වෙලාවක් නැහැ . ජේ ආර් සහ චන්ද්රිකා ඔහොමම කාලෙ නාස්තිකලේ නැහැ මම දන්නා හැටියට ඒ අයගේ වෙන අඩුපාඩු තිබුනත් (නදී)

:       0       0

ඉන්දික Monday, 19 January 2015 04:34 PM

රතන හාමුදුරුවන්ගේ උත්සාහයට අපි සදා ණය ගැතියි. ඔබ වහන්සේගේ ධෛර්ය නිසා තමයි මේ වෙනස ඇති උනේ.තෙරුවන් සරණයි. (ස)

:       0       0

කල්හාර Tuesday, 20 January 2015 03:58 AM

සුමුදු, හිටපු පාලකයා කොච්චර තරම් ආගමික නායකයන් හමුවුනාද? හැබැයි ඔහු දැහැමි නායකයෙක් වුනාද? ඔහු අහිංසක මිනිසුන්ව රවට්ටුවේ එමගින්. අරලියගහ මන්දිරයේ හාමුදුරුවරු දහස් ගණන් ගෙන්වාගෙන ගෙනගිය දැහැමි පාලනය මොකටද? සිරිමහ බෝධියේ හරහට තිබෙන අතු වල ඔලුව ගහගෙන පෙන්නුවේ ඔහුගේ දැහැමි කමද? කෙනෙකුට දැහැමි වෙන්න ආගමික නායකයන් අවශ්‍යමද? දේශපාලකයින්ට නම් අවශ්‍ය ඇති ඔවුන් සැම හොරු නිසා. (හේ)

:       0       0

අසංක Tuesday, 20 January 2015 04:01 AM

සෙත් පැතීම හදවත මුල්වී කරන දෙයක්. එය සැබෑ මනුෂ්‍යයන්ට සංවේදී වගේම අර්ථවත් භාවය හොඳින් වැටහෙනවා. මොලය සහ ජවය පණක් දේශපාලනයට මදි. මනුෂ්‍යත්වය ඉහලින්ම සහ මුලින්ම තිබිය යුතු වෙනවා. සුදත් මහත්මයා වගේ හිතන අයට මෙවැනි දෑ වැටහේවා කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)

:       0       0

වෙල්ගම Tuesday, 20 January 2015 04:07 AM

ජනාධිපතිතුමා දිව්රුම් දෙනවා දැක්කා. ජනතාව අමතනවා දැක්කා. ඊට පස්සේ හැමදාමත් දකින්නේ පන්සල් යනවා. පන්සල් යන්න ඕන ආශීර්වාද ගන්න ඕන එත් දින 100ම කරන්නේ මේවද?? මම නම් ඡන්දේ දුන්නේ මීට වඩා වෙනසක් බලාපොරොත්තුවෙන්.(හේ)

:       0       0

ගොඩගේ Tuesday, 20 January 2015 04:13 AM

සමන් සහ පිටබැද්දර ජයා සුමනදාස මහත්තයටම හරියන දෙන්නෙක් (නි)

:       0       0

සුදත් දහනායක Monday, 19 January 2015 05:12 PM

ඔය සෙත් පැතීම් අවශ්‍ය නැහැ. කරන දෙය හිතට එකඟව හරියට කළා නම් හොඳටම ඇති. ඇමෙරිකාව යුරෝපය දියුණු උනේ සෙත් ශාන්ති නිසා ද? මේවා සල්ලි නාස්ති කරන බොරු වැඩ. අපි වගේ පන්සල් යන මිනිස්සු ඉන්න රටක් කොහෙවත් නැහැ. එ්ත් හැමදාම වෙන දේවල් දැක්කම හිතෙන්නේ බුදු සරණවත් මේ රටට නැද්ද කියලා. අද මන්ත්‍රීවරයෙකුට පහර දෙන දර්ශන අන්තර්ජාලයෙන් දක්කා. (නදී)

:       0       0

රවී Tuesday, 20 January 2015 10:30 AM

ඔබට තෙරුවන් සරණයි.(හේ)

:       0       0

තිලක් -ඩුබායි Monday, 19 January 2015 05:33 PM

රතන හාමුදුරුවන්ට මේ කරපු පිනම ඇති. (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 19 January 2015 05:34 PM

රට නිදහස් කරගත්තා කියන පිනම ඇති අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

අනුර Wednesday, 21 January 2015 01:09 PM

මේ අර පසුගිය රජයෙන් රතන හිමිට තෑගි දුන්න ඉඩමේ හමුදා භටයෝ දාල හදාපු පන්සල නේද? ඉතින් මේ ඉඩම ආණ්ඩුවෙන් රතන හිමිට දෙන්න පදනම කුමක්දද?(දිල්)

:       0       0

නිශාන්ත Monday, 19 January 2015 06:00 PM

අපෙනුත් සුබ පැතුම්! (නි)

:       0       0

සේපාල Tuesday, 20 January 2015 05:36 AM

පාලකයා දැහැමි විය යුතුයැයි කිසිවෙකු කියා නැත. පාලකයා මහජන හිතවාදී වියයුතුය. ඔහුගේ දැහැමිකම පෙනෙන්නේ එවිටය. (නි)

:       0       0

කනිෂ්ක Tuesday, 20 January 2015 05:37 AM

ලංකා, පන්සල් යන්න අකමැති නම් ඒක ඔයාගේ වැඩක්. නමුත් අනෙක් උදවිය එහෙම වෙන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

කුමාර කටාර් Tuesday, 20 January 2015 05:51 AM

ලංකා, ඔයා ගැන දුකයි. ඔයාට ඕකට දෙන්න උත්තරයක් නැති වුණාට හැමෝම දන්නවා බෝම්බ පිපිරුනේ ත්‍රස්තවාදය නිසා කියලා. ඕක කියන්න තරම් ශක්තියක් හෝ නුවණක් නැතිවීම ගැන ඔයා දුක්වෙන්න ඕනෑ. (නි)

:       0       0

සරත් හෙට්ටිආරච්චි පැරිස් Monday, 19 January 2015 06:42 PM

ජනතාවටත් සෙත්පතමු (නි)

:       0       0

සිරි Tuesday, 20 January 2015 05:57 AM

ඔබතුමා යන එන වේලාවන් වලදී මාර්ග වල ජනතාවට අපහසුවක් නොවන ආකාරයට පාර නොවසා යන්න (නි)

:       0       0

ශෙනාස් Monday, 19 January 2015 06:54 PM

චන්න කියන කතාව සම්පුර්ණ ඇත්ත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 773 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 279 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1468 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2683 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 217 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1542 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site