ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රතන හිමියෝ දෙමළ ජනයාට සිංහල උගන්වති
තුෂාරි Sunday, 21 June 2015 06:13 PM
සිරි මෙන් කාරුණික හදවත් ඇත්තන් තමයි මේ පුණ්‍ය භූමියට අවැසි. සිංහල දෙමළ කියා වෙනසක් නොකර සියල්ලන්ටම සමසේ සලකත්වා! (නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 21 June 2015 07:30 PM
විදේශ රටකට (මැදපෙරදිග) රැකියාවට එන අපේ රටේ මිනිස්සු මාස 9-10 වැනි කාලය තුළ හින්දි-අරාබි-ඉංග්‍රීසි භාෂා වලින් එකක් හෝ කතාකරන්න උත්සාහ ගන්නවා. නමුත් අවුරුදු 30ක් හෝ වැඩි කලක් ලංකාවේ ජීවත්වෙලත් දමිළ වචනයක්වත් නොදන්නා එක තමා පුදුමය. (නි)
නිශාන්ත Sunday, 21 June 2015 07:32 PM
මගේ රටේ සහෝදර දෙමළ ජනතාවට ආදරය බව පෙන්නුම් කිරීමක් මේක (නි)
සඳුන් Sunday, 21 June 2015 09:58 PM
සිරි, රතන හිමියන් ආරම්භ කල එක ව්‍යාපෘතියක් නම් අතිශයින් සාර්ථක උනා. ඒ තමයි කොටින් යුදමය වශයෙන් පරාජය කිරීම ආරම්භ කලේ මාවිල් ආරු සටනෙන්. එයට ආණ්ඩුවට බලකලේ රතන හිමියන්. හැබැයි ඔහු එකෙන් පුද්ගලික ප්‍රයෝජන ගත්තේ නැහැ.(නදී)
හේමන්ත Sunday, 21 June 2015 09:21 AM
සිදුවිය යුතුව තිබූ මහත්පල මහානිසංස ගෙන දෙන කාරණයක්, ඔබ වහන්සේට පින්. බෞද්ධාගමේ මූලික හරයන්ගෙන්ද ඔවුන් දැනුවත් කරන ලෙසටද ඉල්ලා සිටීමි.(නදී)
පෙරේරා Sunday, 21 June 2015 09:22 AM
සිංහල ජනයට දෙමලත් සියලුම ජනතාවට ඉංග්‍රීසිත් ඉගැන්නුවා නම් ගොඩම තමයි (නදී)
කුසුම් Sunday, 21 June 2015 10:00 AM
දමිල ජනතාවනි සියයට 70 කට වැඩි බෞද්ධ ජනතාවක් ඉන්න රටේ නුඹලා සිංහල ඉගෙන ගැනීමෙන් කවරදාවත් අවඩැක් නොවේ.(හේ)
සෑම් Sunday, 21 June 2015 10:08 AM
වවුලාගේ මගුල් ගෙදර ගියානම් ඔලුවෙන් එල්ලිලා ඉන්න ඕන කිවලු. අපිට දෙමල මිනිසුන් සමග හොඳින් අදහස් හුවමාරු කරගන්න ඕන නම් අපි දෙමල ඉගෙන ගන්න ඕනෙද ?? එහෙම නැත්නම් ඔවුන්ට බලෙන් සිංහල උගන්වන්න ඕනෙද?? මා උසස් අධ්‍යාපනය ලබන කාලයේ 10% ක්වූ දෙමළ සිසුන් සමග දෙමළ භාෂාව මට හැකි පමණින් භාවිතා කර ඔවුන් සමග සහයෝගයෙන් ජීවත් වූ සැටිත් වසර 35 කට පසුවත් ඔව්න් මා හමු වූ විට (ලංකාවේදී නොවේ )දෙමලෙන් කුනුහරුපයක් කියා මා හා සුහද ලීලාවෙන් කතාකරන හැටිත් මම අත්දැකීමෙන් දන්නවා.සිංහලයන් අතර නරක මිනිසුන් සිටිනවා සේම දෙමළ මිනිසුන් අතරත් නරක මිනිසුන් සිටිනවා . "අපි හොඳනම් ලෝකයත් අපිට හොඳ කරාවි "(හේ)
රිචි බාලසුරිය Sunday, 21 June 2015 10:48 AM
දමිල ජනතාවට සිංහල උගන්වනවා වාගේම සිංහල ජනතාව දෙමල බාෂාව ඉගෙනීම අනිවාර්ය කළ යුතුය , අදහස් හුවමාරුව , මිතු දමට ලොකු සහයක් වාගේම ,අපෙන් ඔවුන්ටත් ඔවුන්ගෙන් අපටත් බොහෝ දේවල් ලබා ගත හැකි වනවා (බ)
නාමල් Sunday, 21 June 2015 10:55 AM
දෙමල ජනතාවට සිංහලත් සිංහල ජනතාවට දෙමලත් ඉගැනිය යුතුයි.. ලෝකය ජයගන්නට නම් සියලු ශ්‍රී ලාංකිකයින් ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. මේ රට සිංහල, දෙමල, මුස්ලිම් හැමෝටම අයිති රටක්. එහෙම නැතිව "මේක සිංහල රට නිසා දෙමලු පමනක් සිංහල ඉගෙනගනිල්ලා" වැනි උද්දච්ච කථා කීම මෝඩයි. (නදී)
වයිකෝ Sunday, 21 June 2015 10:58 AM
මේ කරන්නේ කරන්න බැරි වැඩක්. බොගවන්තලාව, සමිමලේ නූර්වූඩ්,ආගරපටන ,දික්ඔය , දිබුල,කොටගල , සහ තලවකැලේ යන ප්‍රදේශ වලට කුඩා කණ්ඩායම් අවුරුද්දකට තේ වතුවල වැඩ පුහුණු වීමට යවන්න. එතකොට හොඳට දෙමල කතා කරාවි (නදී)
කාන්ත් Sunday, 21 June 2015 10:59 AM
මා පිටරටක හිටියත් ලංකාදීපය ඇතුළු සිංහල පුවත්පත් බලන්නේ ඉතාමත් ආසාවෙන්. විවිධ භාෂාවන් ඉගෙන ගැනීමෙන් වාසියක් මිස අවාසියක් සිදු නොවේ.රතන හිමියන්ට මගේ ප්‍රණාමය! (බ)
විකුම් Monday, 22 June 2015 02:00 AM
ත්රස්තවාදයට හේතුව භාෂා ප්රශ්නය නොවේ. (නි)
වැකෝ Sunday, 21 June 2015 11:02 AM
දෙමල අයත් ඒ විදියට පහත රට පොල් සහ රබර් වතුවල වැඩ පුහුණු වෙන්න යවන්න, අවුරුද්දකට. (බ)
වජිර Monday, 22 June 2015 02:24 AM
දෙමළ ජනතාව සිංහල ඉගෙනගැනීමේ වරදක් නැහැ. ශ්‍රී ලංකාවේ බහුතරය කතාකරන භාෂාව සිංහල නිසා දෙමළ අයට එයින් වාසියක් මිසක් අවාසියක් වෙන්නෙන් නැහැ. උතුරේ ජීවත්වෙන්නට හිතන සිංහල අයටත් දෙමළ ඉගෙනගැනීම වාසි සහගතයි. භාෂා ඉගැන්වීම අනිවාර්ය වියයුතු නැහැ. අවශ්‍යතාවය අනුව ඉගෙනගන්න. (නි)
වයිකෝ Sunday, 21 June 2015 11:23 AM
ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංගිරිසි විය යුතුයි. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට ගිය ලාංකිකයෝ තම තමන්ගේ වැඩ හොඳට කර ගන්නවා (නදී)
පියලාල් Sunday, 21 June 2015 11:44 AM
ඉංග්‍රීසි රජයේ භාෂාව කරලා මව් බස අනිවාර්ය විෂයක් කල යුතුයි. (නදී)
සුබා Sunday, 21 June 2015 11:54 AM
ඉංග්‍රීසි භාෂාව නොදැන ලොව ජය ගත නොහැකිය. සිහල,දෙමල භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාවෙන් පිරිපුන් ඇත්තන්ට ලොව සුන්දර තැනක් වේ. සමහර පාඨකයන් මා හා එකග නොවුනත් සත්‍ය එය වේ. (බ)
ප්‍රකාශ් Sunday, 21 June 2015 12:09 PM
සංදර්ශන.(බ)
තිලක් ගමගේ ඉතාලිය Sunday, 21 June 2015 12:47 PM
රතන හිමියන් ජාතිවාදයෙන් හා ගෝත්‍රවාදයෙන් මිදී වාර්ගික සහයෝගය වෙනුවෙන් නම් මේ උත්සාහය එය අගය කරමි (නදී)
විජිත විජේරත්න Sunday, 21 June 2015 12:56 PM
සිංහල අය දෙමල අනිවාර්යෙන්ම ඉගෙනගත යුතුයි. එවිට සිංහල අය සමග ඒ අයට හොඳට ඉන්න පුළුවන් හාමුදුරුවන්ට පින් සිදුවේවා (නදී)
බටන්ගල Monday, 22 June 2015 04:02 AM
සෑම්ට අමතකවූ අතීතයක් ලංකාවේ තියෙනවා. එක තමයි පසුගිය තිස් අවුරුද්දක් තිස්සෙම රටේ ඇතිවූ සිංහල දෙමල විරසකය. ඔබවගේම මමත් 1982 යාපනේ සතියක් මගේ දෙමළ මිතුරන් සමඟ ගත කලා. නමුත් මගේ පියා සමඟ මීට අවුරුදු පහළොවකට කලින් 1967 යාපනේදී ගතකළ සොඳුරු කාලය 1982 මම දැක්කේ නැහැ. (ම)
තිලක් Sunday, 21 June 2015 01:42 PM
සිංහල නොදැන බුදු දහම ඉගෙන ගන්න බෑ. ජීවිතය දිනන හැටි තියෙන්නේ බුදු දහමේ. ලෞකික වගේම ලෝකෝත්තර දියුණුව ගන්න හැටි ගැන හොඳම පාඩම් කියල දීල තියෙන්නේ බුදු රජාණන් වහන්සේ. ඒ නිසා මව් භාෂාවට මුල් තැන දීල දෙවෙනි තැන ඉංග්‍රීසියට දෙමු. (නදී)
කරුණාපාල Sunday, 21 June 2015 02:08 PM
"මහා ජාතිය" අපි යයි මහා ලොකුවට පාරම් නොබා, කලයුතුව තිබුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කටයුතු කිරීමයි. එසේ නොකොට සුළු තරයක් වූ අනෙකුත් ජාතින්ව පහත හෙලා කටයුතු කිරීමේ ආකල්පය පෙරදැරි කිරීමක් තමයි අතීතයේ පටන්ම සිදුවුයේ. එසේ වීමට හේතු සාධක වුයේ මහා ජාතිය වුවත් එම මහා ජාතියට අවශ්‍ය පෞරුෂය වෙනුවට, ඔවුන් රටේ වෙසෙන සුළුතර ජාතීන්ට අනියත බියක් දක්වමින් හීනමානයෙන් යුතුව හැසිරීම හා ක්‍රියා කිරීමයි. බහුතරයක් උවත්, අවාසනාවට එවැනි පෞරුෂයක් නැති අපි අපේම රටේ වෙසෙන අනෙකුත් ජාතීන්ට වත් අපේ බස ආකර්ෂණය කරවීමට අපි අපොහොසත් උන බව අපි පිළිගත යුතු වෙමු. එමනිසා අපගේ ජානවලින්ම පැවත එන ඒ කුහක කම් නොසලකා බුද්ධිමත්ව ක්‍රියා කරමින් එක රටක වෙසෙන එකම ශ්‍රී ලංකික ජාතියක් වශයෙන් නැගී සිටීමට අපි සැම අදිෂ්ඨාන කර ගත යුතු වෙමු. ගරුතර අතුරලියේ රත්න හිමියන්ගේ මේ උදාර සංකල්පයට අපගේ උත්තමාචාරය!!!!!(නදී)
කලන Monday, 22 June 2015 06:05 AM
ලංකාවට දෙමල මිනිස්සුන්ගෙන් බලපෑම ගොඩක්ම අඩුයි, දේශපාලකයෝ හරියට පාලනය කලානම් කොටි බිහිවෙන්නේ නැහැ, 88-89 ඇති වෙන්නෙත් නැහැ. හැබැයි ත්‍රස්තවාදය (මරක්කලයෝ) අළු යට ගිනි තත්වයේ එකක්. උන් රට අල්ලන්නේ නොතේරෙන්න. . සිංහල මිනිස්සුන්ටත් දෙමළ උගන්වන්න. මුස්ලිම් ගම්මාන පිහිටුවන්න ඉඩ නොතියන්න. එයාලාට නිජ බිම් මෙහෙ නැහැ. (ම)
සුබා Monday, 22 June 2015 06:58 AM
කලන, දැනට ලංකාවේ ජීවත් වෙන සියල්ලන්ගේම නිජ බිම ශ්‍රී ලංකාවයි. (ර)
ඉසුරන්දි Monday, 22 June 2015 06:59 AM
අරමුණ හොදයි. අගය කරමි මහා ජාතිය සුළු ජාතින් වෙනුවෙන් දක්වන සහයෝගයට. (ර)
සිරි Sunday, 21 June 2015 03:49 PM
රතන හිමිගේ මේ කීවෙනි ව්‍යාපෘතියද? මීට කලින් කළ ඒවා සාර්ථක වූ බවට විස්වාසදායී තොරතුරු තිබෙනවාද? මේ වැඩ සටහන නොමිලේද කරන්නේ? දෙමළ දරුවන්ට මුදල් වලින් කොපමණ නම් අඩු පාඩු ඇද්ද? ඒ දරුවොත් අපේ රටේම අහිංසක දරුවෝ. (බ)