IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රතුපස්වලට එස් ටී එෆ්

මින් මද වේලාවකට පෙර රතුපස්වල වෙනිග්‍රොස් කම්හල වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ එකසිය පනස්  දෙනෙක් පමණ ආහ. ඔවුන් පැමිණයේ එහි රැදී සිටි පොලීසියට අමතරවය.

මහ වැස්සටද තෙමෙමින් කම්හල අසල රැදී සිටි ජනයා  නොසන්සුන් බවක් දැක්වුහ.

විශේෂ කාර්ය බළකාය කම්හල ඇතුලට ගිය බවත් එහි සිටිතියි කියන සේවකයිනට ආරක්ෂාව සැපයීම අරමුණ බවත් දැනගන්නට ඇත.

 



අදහස් (0)

රතුපස්වලට එස් ටී එෆ්

රොෂාන් Friday, 30 August 2013 09:55 PM

වතුර කොච්චර විෂ වුනත් ප්‍රශ්නයක් නැහැ,ඒවා හොද කරලා පෙන්නනවා,අහිංසක ජනතාව ගැන කණගාටුයි (නි)

:       0       0

වසන්ත Friday, 30 August 2013 10:07 PM

මේ මොන වදයක්ද?රටක් සංවර්ධනය කරන්නේ කොහොමද මොලේ නැති ජනතාවක් එක්ක? කර්මාන්ත ශාලාවෙන් වතුර වලට බලපෑමක් නැත්නම් මොකටද ආයෙත් උද්ඝෝෂණ? (නි)

:       0       0

මනෝජ් Friday, 30 August 2013 10:21 PM

ලංකාවේ පොලිසියේ අය මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්න දන්නේ නැහැ.පේනවා නේද ඇගිල්ල දික්කර ගෙන කතා කරන හැටි (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 30 August 2013 10:36 PM

එස්.ටී.එෆ්. භටයිනි,ලැබී ඇත්තේ මහගු ආදර්ශයකි.මාර්ගය නිදහස් කර දුන් බ්‍රිගේඩියර්වරයාගේ තරු පටි ගැලවී ඇත.පොලු මුගුරු ගල් ප්‍රහාර එල්ල වන්නේ නම් මින් පසු අවියද අත හැර පසු නොබලා දුවනු මැන. (නි)

:       0       0

නිලංගනී කුමාරසිංහ Friday, 30 August 2013 10:51 PM

බන්දුල පෙරේරා මහතා.. ඔබ කම්හල එක දැකලවත් නැතිව ප්‍රතිචාර දාන්න එපා..... කඩේ යන්න . නමුත් ප්‍රමිතියකට .(අ)

:       0       0

සම්පත් Friday, 30 August 2013 11:11 PM

මේ රටේ ඉන්නේ මාර මිනිස්සු. අම්පාර පැත්තේ ආයතනයක් අරින්නලු. ලෝක අත් වැසුම් නිෂ්පාදනයෙන් 5% නිපදවන මේ කීර්ත්මත් ආයතනය වහන්නලු. (අ)

:       0       0

අනුරාධ Saturday, 31 August 2013 12:05 PM

කාකි ඇදුමක් ඇදගෙන ඇගිල්ල දික්කරලා ගැහැනුන්ට සද්ද දාන අයට නම් අපි කැමති නැහැ (නි)

:       0       0

චින්තක Friday, 30 August 2013 11:13 PM

මුන්ට නැවත වෙඩි නොතියා තුවක්කු බඩෙන් ගහල පන්නන්න ඕන. (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 August 2013 12:09 PM

මෙතන තියෙන්නේ කම්හලේ හරි වැරැද්ද බැලීමේ චේතනාවක් නෙමෙයි.කම්හල වැසීමේ චේතනාව පමණයි. මේ හාමුදුරුවරුන්ගේ උපවාස දැන් ජනතාවට විහිළුවක් වෙලා තියෙන්නේ. කම්හලේ ප්‍රශ්නයක් නැහැ කියා වාර්තාවල තියෙනවා නම් උසාවියෙන් යම් විසදුමක් ලැබෙනතුරු කම්හල අරින එකට මේ තරම් අමාරුවක් හැදිලා තියෙන්නේ ඇයි? (නි)

:       0       0

අමීර් Saturday, 31 August 2013 12:24 PM

කට්ටිය හෝ ගාලා නාගන්නෙ නැතුව ඉස්සෙල්ලා පොඩ්ඩක් පොතක් පතක් කියවලා බලන්න. මම දන්න විද්‍යාවේ හැටියට ඔය කියන ෆැක්ටරි එකේ කරන වැඩෙන් හැදෙන්නේ ඇසිඩ් නෙමේ ඇල්කලයින්. ඒකෙ අගය පී.එච්. 7ට වඩා වැඩියි.ඇසිඩ් වල ඒක 7ට වඩා අඩුයි. පුදුමයි නේද!!!! අචාර්යලා මහාචාර්යලා ඉන්න එකේ ඕකේ ඇත්ත නැත්ත හොයලා බැලුවොත් නරකද තව අසරණ ජීවිත නැතිවෙන එක වළක්වලා​. (නි)

:       0       0

පරාක්‍රම Friday, 30 August 2013 11:52 PM

කරුණාකරලා හැමදෙනාම අන්තගාමී නොවී මේකට විසදුමක් හොයන්න නැතිනම් වෙන්නේ ඔය ප්‍රශ්න විකුණන් කන පහත මිනිස්සු ඕනේ තරම අපේ රටේ ඉන්නවා.රජයකට කියල මේකට එකරැයෙන් විසදුම් හොයන්නත් බැහැ.නමුත් අවශ්‍ය ජාල පහසුකම් ඉක්මනින් දෙන එක රජයේ උතුකමක්.රජයත් මීට වැඩ වැඩි තක්සේරුවෙන් බලන්න මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න දිහා.මිනිසුත් ඉවසීමෙන් ඉන්න හැමදේම රැඩිකල් වෙන්නේ නැතුව සාමකාමී උත්තර හොයාගන්න...පින්සිද්ද වෙනවා මේ සුන්දර රට රැකගන්න ඔය ප්‍රශ්නවලින් අපේ රට අයෙත් වලපල්ලට දන්නා එපා. (අ)

:       0       0

රෝහණ Sunday, 01 September 2013 01:05 PM

බන්දුල මට දෙනවනම් දනී මම කරන දේ (දී)

:       0       0

චමිල Saturday, 31 August 2013 12:28 AM

මේ වෙනකොට කම්හලේ වැඩ කරන 300ක් පිරිස ප්‍රාණ ඇපෙට අරන්.කාන්තාවෝ 90ක් විතර අය අතර එන්නාව. කාටවත් එලියට අන්න දෙන නෑ (අ).

:       0       0

ගාමිණි Saturday, 31 August 2013 12:45 AM

ප්‍රශ්නයට පිළියම් දැන් හොයනවනේ. තවකාලික විසදුම් ලැබිලා තියනකොට මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

ගාමිණි Saturday, 31 August 2013 12:46 AM

චමිල, බොරු කියන්න එපා. (නි)

:       0       0

ආනන්ද මිලානෝ Saturday, 31 August 2013 01:20 AM

මම ඉතාම අවධාරණයෙන් කියන්නේ, ඔය මොන උද්ගෝෂණ තිබුනත් අපේ ආණ්ඩුව වට්ටන්න බැහැ (නි)

:       0       0

චමිල Saturday, 31 August 2013 01:48 AM

මගේ ගෙදර තියෙන්නේ රතුපස්වල නොවෙයි. ඉතින් කම්හල අරින එකේ වරදක් නැහැ. මේකෙන් එන වතුර ඉතා පිරිසුදු බවට වාර්තා අප පිළිගත යුතුයි. ඒවා කොහොම නිකුත් වුනත් නීතියට ගරු කළ යුතුය. (නි)

:       0       0

දෙනෙත් Saturday, 31 August 2013 08:53 PM

කම්හලෙන් එන වතුරනම් පිරිසිදුයි කියල වාර්තාවේ තිබුණට අඩි 60ක් ගැඹුර බටයක් ගහල භූගත ජලයට එකතු කරන ඒවා විෂද නැද්ද කියලා බැලුවද?

:       0       0

දමිත් Saturday, 31 August 2013 08:59 PM

නරඹන්න නැවතත් කරලියේ රතු පස්වල (දී)

:       0       0

මිගිද Saturday, 31 August 2013 01:30 PM

බන්දුල පෙරේරාගේ ඔලුව නරක් වෙලා.ඔය කියන මෝඩ කතා ගණන් ගන්න එපා. (නි)

:       0       0

මිගිද Saturday, 31 August 2013 01:39 PM

නිමල්,ඔබතුමා කාරුණිකව සහ ශිෂ්ටව අවංක අදහස් දැක්වීම ගැන අගයමි.මේ මිනිස්සු ප්‍රශ්න වලදී කෑගහන්නේ ආණ්ඩුව පෙරලන්න නොවේ. ආණ්ඩුව දැනුවත් කරන්න. අනික මිනිසුන්ගේ ප්‍රශ්ණ වලදී තව කෙනෙක් ඊට පිටු පානවය,ගණන් ගන්න ඕනෑ නැත කියන්නේ ඒ තැනැත්තා ඉන්නේ ආත්මාර්තකාමීත්වයේ මුදුන් හිනි පෙත්තේ. අපි ඒ මිනිස්සු ගැන කතා නොකොට බල්ලා, හරකා ගැනද කතා කරන්නේ.අසාධාරණයක් දුටු තැන ඒ කට නැගී සිටින්න නොහැකි පුග්ගලය නිවටයෙක්,පාවාදෙන්නෙක්. (නි)

:       0       0

රාහුල Saturday, 31 August 2013 04:25 AM

තමන්ගේ ජිවිත රැකගන්න සටන් වදින ජනතාවට ජයවේවා! (නි)

:       0       0

අමිල කටුනායක Friday, 30 August 2013 07:20 PM

නැවතත් පස් රතු නොවේවා! (නි)

:       0       0

රත්න Saturday, 31 August 2013 04:53 AM

ජල නල වලට දැන් ගෙවන්නත් වෙනවානේ! කර්මාන්ත ශාලාව වහපුවාම, ළිං ජලය හොද වේවිද? තිරය පිටුපස කවුද ඉන්නේ..? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 30 August 2013 07:22 PM

උදේ හවා බෝධි පූජා පවත්වා තමන්ට සෙත් පැතූ ජනයාට එරෙහිව රණවිරු තුවක්කු එසැවී ජීවිත තුනක් බිලිගෙන තවත් රැසකට මරණීය තුවාල සිදුකළ රතුපස්වල සිද්ධිය යට ගිහිල්ලා නැත, හැමෝගෙම හදවත් තුල මෙය සටහන් වී ඇත. (නි)

:       0       0

බුද්ධික අනුරාධ Saturday, 31 August 2013 05:24 AM

වතුර ලීටර් 10,000 කට ඇසිඩ් ලීටරයක් දාලා දුන්නොත් කවුද බොන්නේ? අපේ ලිං වල එහෙමයි. ඔයාගේ පුංචි පුතාට මේ වතුර බොන්න දෙනවද? මේ විෂ කලවම් වෙන්නේ මහ පොළවේ වතුරට. හඳෙන් වතුර ගෙනත් බොනකන් ඔයාලා පස්සෙත් මේ විෂ එනවා එනවාමයි. ඒක නිසා මෝඩ වෙන්න එපා. (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Saturday, 31 August 2013 06:13 AM

මිනිසුනේ, ඉවසන්න! සාමකාමි වන්න! නැවතත් අර තුවක්කුවක් පත්තු වුනොත් කාට කියන්නද ? (නි)

:       0       0

ජෙරාඩ් Saturday, 31 August 2013 07:04 AM

මෙම කම්හල වැසීමට පෙර විධිමත් ලෙස ජලය පරීක්ෂා කරන්න. කම්හලෙන් ගැටළුවක් තිබේ නම් පමණක් ඉවත් කරන්න. එසේ නැතුව මෙවැනි කම්හලක් වැසීම රටට පාඩුවකි (නි)

:       0       0

අසන්ක Saturday, 31 August 2013 07:21 AM

ඔය හමුදාවේවත් එස්.ටි.එෆ්. එකේවත් වරදක් නෙමෙයි. (නි)

:       0       0

උදාර Saturday, 31 August 2013 07:24 AM

බන්දුල පෙරේරා සහ චමිල, ඔබතුමන්ලා මේ කම්හල අයිතිකරුවන් නියෝජනය කරනවාද නැද්ද යන්න නම් මම දන්නේ නැහැ. සමහර විට අපිට වෙලා තියන දුක ගැන ඔබලාට කිසිම අවබෝධයක් නැතුවා ඇති. ඔබලාත් මේ අත්දැකීමට මුහුණ දුන්නා නම් ඔබලාට තේරේවි අපි විඳින දුක ගැන. අපි මොනවා කිව්වත් මේ දේට මුහුණ දුන්නේ නැති අයට මේක තේරුම් කරන්න අමාරු බව මට තේරෙනවා. අද දවසේ කම්හලෙන් එන වතුර ටික පිරිසිදු වෙන්න පුළුවන්, හැබැයි ඒක හැමදාම එහෙම තියේවි කියලා ඔබලාට සහතික වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

ඉෂාන් Friday, 30 August 2013 07:38 PM

සේවකයන්ට මොකටද ආරක්ෂාව? සේවකයෝ එක්ක නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ, පාලකයෝ එක්කනේ. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 31 August 2013 07:41 AM

කිරිපිටි තහනම් කරන්න තිබුන උනන්දුව මෙතැනදී නැහැ වගේ. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 30 August 2013 07:43 PM

මේ ඔක්කොමව ඇවිස්සුවේ කවුද කියලා අපි දන්නවා. ඒ අය තමයි මරණ වලට වග කියන්න ඕනෑ. (නි)

:       0       0

අප්පුහාමි Saturday, 31 August 2013 08:07 AM

සමහර ප්‍රශ්න ක්ෂණිකව විසදෙනවා, සමහර ඒවා දවසකින් දෙකකින් නැත්නම් සතියකින් හෝ විසදෙනවා. මේ වෙන සිද්ධිදාමය දිහා බලනකොට මේ ප්‍රශ්නය කාලයා විසින් විසදෙන ප්‍රස්නයක් බවට පත් වෙයිද ? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 30 August 2013 07:45 PM

අනේ 'නාවි පිල්ලේ' කියන තැනකට වඳින්නම් මේ රට බේරා දෙන්න. (නි)

:       0       0

අසාද් Saturday, 31 August 2013 08:08 AM

පොලිසියෙ හමුදාවෙ ඉන්නෙ කොහොම අයද කියලා මේ පොටෝ වලින් පේනවා (නි)

:       0       0

රජින්ද Friday, 30 August 2013 07:52 PM

මට ඇත්තටම ආඩම්බරයි රතුපස්වල ජනතාව ගැන. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ කිසියම් උද්ගෝෂණයක් කරලා, එකෙන් යම් සොච්චමක් දිනාගත්තාම විසිරිලා යන පිරිසක්නේ. එහෙත් මේ නියම සිංහල ජනතාවක් වෙසෙන රතුපස්වල තත්වය වෙනස්. මේ අහිංසකයින් ඉල්ලන්නේ ඔවුන්ට බොන්න වතුර විතරක් නෙමේ. ඔවුන්ගේ අනාගත දරුවන්වත් රැකගන්න මේ කර්මාන්තශාලාව වසා දැමිය යුතුයි කියන යහපත් චේතනාවෙන්. ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා..!! (නි)

:       0       0

රුවන් Friday, 30 August 2013 07:54 PM

"විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්‌, එක රටක්‌, එක නීතියක්‌, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි"...?? (නි)

:       0       0

චමිලා Friday, 30 August 2013 07:55 PM

එස්.ටී.එෆ් එකට, හමුදාවට යුද්දෙදි සෙත් පැතු අපිට වස්කවි කියන්න වෙයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ඩෑම් Saturday, 31 August 2013 08:36 AM

නන්දන පනාගොඩ මිලානෝ, අනේ ඔයා මිලානෝ වලටම වෙලා ඉන්න. මොකද මේ රට බේරගන්න වෙලා තියෙන්නේ ඔය වගේ අයගෙන් තමයි... (නි)

:       0       0

නිමල් Saturday, 31 August 2013 08:48 AM

පිට රටවල හා පිට පළාත්වල ඉන්න කට්ටිය ලංකාවේ තැන් තැන් වල සිදුවන ප්‍රශ්න ගැන හරියට නොදැන අදහස් ප්‍රකාශ කිරීම වැඩක් නැති වැඩක් කියලා මට හිතෙන්නෙ. අලි ගහල මැරෙන්නෙ, වතුර විස වෙලා වකුගඩු නරක් වෙලා පවුලෙ කට්ටිය එකා දෙන්න මැරෙන්නෙ, රතුපස්වල වගේ වතුර විසවෙලා ප්‍රශ්න තියෙන්නෙ, වගේ සියලු ප්‍රශ්න තියෙන්නෙ ඒ ඒ ප්‍රදේශ වල ඉන්න අයට. ඒ ඒ අය ඒ ඒ ප්‍රශ්න විසදා ගත්තාවෙ, අපි නිකන් හිස් වචන නොදොඩා ඉදිමු නේද? මා අදහස් ප්‍රකාශ කරන ඔබ සැමගෙන් කරන කාරුණික ඉල්ලීම මෙයයි. (නි)

:       0       0

මලාවි Saturday, 31 August 2013 08:56 AM

කම්හල ආරක්ෂා කරන්න පොලීසිය සහ හමුදාව ඉන්නවා.වතුර ටිකක් ඉල්ලන නිරායුධ මහජනතාව ආරක්ෂා කරන්නේ කවුද? (නි)

:       0       0

චමිලා Saturday, 31 August 2013 08:58 AM

මේ බන්දුල පෙරේරා කියලා අදහස් දාන්නේ කවුද? (නි)

:       0       0

ප්‍රසංග Saturday, 31 August 2013 08:59 AM

තමන්ගේම පවුලේ අය වගේ නේද සහෝදර ජනතාව? සාකච්ඡාවෙන් විසදුම් ලබාගන්න හැකිවේවා! (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 30 August 2013 08:04 PM

මේ පව් වලින් නම් කවදාවත් බේරෙන්න බැරි බව කවුරුත් දැන ගන්න එක හොඳයි. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 31 August 2013 09:15 AM

ලංකාවේ වැඩිහරියක් කර්මාන්ත ස්ථානගත වෙලා තිබෙන්නේ,පරිසර විරෝධී විදියට,කිසිම දෙයක් ගැන අදීක්‍ෂණ මණ්ඩල අනුමැතියක් නැහැ,සල්ලිවලට හැමදෙයක්ම යටවෙලා,මහජතාවට තිබෙන දැනුම දේශපාලුවන්ට නැහැ. .අනේ අපිට යනකල, (නි)

:       0       0

නිමල් Saturday, 31 August 2013 09:18 AM

ප්‍රසංග, බොරු කිඹුල් කදුළු හෙළන්නෙ නැතුව ඉන්න. සිංහල අපට මමය මගේය විතරයි තියෙන්නෙ, සහෝදර ජනතාවක් නැහැ. ඔබ අවංකවම හිතන්න ඔබට හරියනවා නම් අනිත් අය‍ට හෙණ ගැහුවත් කමක් නැහැ කියන මතය නෙමේද අද ලංකාවේ හැම තැනම තියෙන්නෙ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 30 August 2013 08:06 PM

අහෝ රජින්ද නොදුටි මොක්පුර... මාර වැඩක්නේ.එක එක්කෙනා කිව්වට පැක්ටරි වහන්න ගියොත් මේ රටට මොකද වෙන්නේ?සෑම වාර්ථාවකින්ම කියවෙනවා නම් ජලයේ ප්‍රශ්නයට පැක්ටරියේ සම්බන්ධයක් නැහැ කියලා ඒත් පැක්ටරිය වහන්න ඕනෑද? (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 August 2013 09:22 AM

අනේ 'නාවි පිල්ලේ' කියන තැනකට වඳින්නම් මේ රට බේරා දෙන්න.නන්දන මට කියන්න තියෙන්නෙත් ඔයා කියන දේම තමා (අ).

:       0       0

කැනඩා දිසා Saturday, 31 August 2013 09:24 AM

මේ ජනතාව හිතන්න ඕනෑ රණ විරුවෝ ගැන ,මේ මොනවද මේ සුළු ප්‍රශ්නයක්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 31 August 2013 09:26 AM

මේ ආයතනය කාගේද කියලා හිතා ගන්න පුළුවන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 31 August 2013 09:29 AM

රටේ මොලේ තියෙන බත් කන අය ඉන්නවා නම් මේ අසරණ ජනතාවට සහයෝගය දෙනවා. (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 31 August 2013 09:29 AM

නිමල්, මම ඔබ අගයමි (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 August 2013 04:45 PM

මොන පරීක්ෂණ වාර්තා ද.වතුර ටිකක් වීදුරුවකට දාල දවසක් දෙකක් තිබුණාම මලකඩ තෙල් වගෙ වුද පාවෙනවා.අරක පුවත් පත් වල පවා ෆොටෝ සහිතව පෙන්වල දීල තිබුන.හොදි කියල පරීක්ෂන වාර්තා ලැබිල තියෙන්නේ ඒකයි .අනිකුත් අර්යතන 7 කින් තවමත් පරීක්සන වාර්තා ලැබිලත් නැහැ.ඔර්වට තමා හොරාගේ අම්මගෙන් පීන අහනවා කියල කියන්නේ. (අ)

:       0       0

දසුනි Friday, 30 August 2013 08:26 PM

කිසිම දේශපාලකයෙකුගේ උදව්වක් නැතුව, තමන්ට මහා පොළවෙන් ලැබුණු වතුර ටික රැක ගන්න මේ ජනතාවට ශක්තිය ලැබේවා!. (නි)

:       0       0

බන්දුල පෙරේරා. Friday, 30 August 2013 08:26 PM

මේ ආයතන අපි ආරක්ෂා කරන්න ඕනෑ. (නි)

:       0       0

ජගත් Saturday, 31 August 2013 09:49 AM

මේක කගේ කර්මාන්ත ශාලාවක් ද රජයේ ලොක්කෙකුගේ කොටස් තියෙනවාද (අ)

:       0       0

අසංග Saturday, 31 August 2013 09:54 AM

කව්රුත් හමුදාවට පොලිසියටවත් දොස් නගන්න නරකයි මොකද ඒ අය ඒ තැන වලට යන්නේ උසස් තැන වලින් එන නියෝග මතයි. (අ)

:       0       0

චමිල Friday, 30 August 2013 08:32 PM

බන්දුල ඔබ හරි.කම්හලින් එන වතුර පිරිසිදු බවට වාර්තා ලැබිලා තියෙනවා නම් , කම්හල අරින එකේ වරදක් නැහැ නේද (අ)

:       0       0

එදිරිසිංහ Friday, 30 August 2013 08:33 PM

කරුණාකර හමුදාවේ සුළු පිරිසක් කල වරදට සමස්ත ත්‍රිවිද හමුදාවට ම කැළලක් වෙන ප්‍රකාස නොකරන්න මේ මිනිසුන්ට අතීතය අමතකද (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 31 August 2013 09:57 AM

මිනීමරු ප්‍රභාකරන්ගෙන් රට නිදහස් කරගෙන කාටද රට බාර දුන්නේ කියල දැන්වත් හිතපල්ලා මිනිසුනේ.

:       0       0

අචිනි Saturday, 31 August 2013 10:02 AM

මේවට දාන්න අදහසවත්, දෙන්න උත්තරවත් මටනම් නැහැ, පිටරටක ඉන්න නිසා ලංකාවේ පාලකයෝ ගැනනම් පුදුම කළකරීමක් තියෙන්නේ (අ)

:       0       0

කසුන් Friday, 30 August 2013 08:39 PM

අපේ රටේ දෙයක් වුනාම තමා ඔක්කොම මතක් වෙන්නේ. (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 August 2013 10:19 AM

කුමාර.මිනීමරු ප්‍රභකරන් කලෙත් අසරණ මිනිසුන්ගේ මොළ හූරපු එක.අද කරන්නෙත් දේශප්‍රේමි කියල රටේ මිනිසුන්ගේ මොළ හෝදන එක.අසරණ මිනිසුන්ගේ සබැ අවශ්‍යතාවයක් උදෙස වුනත් උද්ඝෝෂණයක් කරන්න බැරි වෙලා තියෙන්නේ (අ)

:       0       0

නන්ද Friday, 30 August 2013 08:41 PM

මිනිස්සු දන්නවා මේකේ ඇතුලේ ඇසිඩ් වතුර පොළවට දානවා කියලා. පිට ඉඳන් එහෙම නැහැ කිව්වට වැඩක් නැහැ. රතුපස්වල මිනිස්සු ඇත්ත දන්නවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 31 August 2013 10:21 AM

කොහොම තිබුන පොලිසියක්ද?කොහොම තිබුන හමුදාවක්ද අද මේ ගානට වැටිලා තියෙන්නේ.

:       0       0

පිටබැද්දර ජයා Saturday, 31 August 2013 10:31 AM

මේ ගම සුන්දර ගම්මානයක් දේශපාලන බලපුලුවන්කමට තමා මේ ක මේ ගමේ ඇටෙවුවේ , ජනාදිපති තුමත් එකඟ උන මේක නිදහස් වෙළඳ කලාපෙට ගෙනියන්න එහෙනම් මොකද පමාව ? (අ)

:       0       0

කමල් Friday, 30 August 2013 08:51 PM

කෝ තුන්වනි පාර්ශවය (අ)

:       0       0

දාස Saturday, 31 August 2013 10:33 AM

දැන් තමයි ඔය කාගේ කාගේත් වීඩියෝ හැකියාවන් පෙන්නන්න්න ඕන. කරුණාකර සියල්ල වීඩියෝ කරන්න. හොරුන්ට හොර වැඩ කරන්න ඉඩ දෙන්න එපා. (අ)

:       0       0

තාරක Sunday, 01 September 2013 08:08 AM

රතු පස්වල ප්‍රශ්නය තමයි මම දැකපු නපුරුම හීනය (දී)

:       0       0

චම්පිකා Sunday, 01 September 2013 08:08 AM

අයියෝ ලංකාවට ගිය කල (දී)

:       0       0

චතුර Sunday, 01 September 2013 08:09 AM

මේවා දේව ශාප (දී)

:       0       0

විජේබා Saturday, 31 August 2013 10:39 AM

වතුර පරික්ෂණ මිනිස්සු විස්වාස කරන්නේ නැත්තේ ලොක්කන්ට සල්ලි වලට ඕනෑම ප්‍රතිපලයක් වෙනස් කරන්න පුළුවන් - පගාවට වැඩ කරන දේශපාලනය වුනු නිලදාරී පිරිසකුත් රටේ ඉන්න නිසා වෙන්න ඕන. දියුණු රටවල සහ මැදපෙරදිග වගේ කර්මාන්ත පෙදෙස් මිනිස් ඉස්තිර වාසස්ථාන වලින් වෙන් කොට ඇති කල යුතුයි. (අ)

:       0       0

චතු Sunday, 01 September 2013 08:09 AM

රතු පස්වල ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න (දී)

:       0       0

සුකිරියා Saturday, 31 August 2013 10:41 AM

අචිනි නංගි ඇත්ත කතාව !(දී)

:       0       0

කෝලිත Friday, 30 August 2013 08:58 PM

මිලානෝ වල අන්ඳන පනාගොඩ කුක්කා බුරන්නේ ඇමෙරකන් කටකින්ද ? (අ)

:       0       0

මාරසිංහ Saturday, 31 August 2013 10:47 AM

ලංකාදීප, ගොඩාක් ස්තුති මගේ අදහස් පලකරනවාට (දී)

:       0       0

මාර සිංහ Saturday, 31 August 2013 10:49 AM

මේවා කලක් යනකොට මිනිස්සුන්ට අමතක වෙනවා (දී)

:       0       0

මාධි Saturday, 31 August 2013 10:50 AM

මේ අදහස් දිහා බැලුවහම මට දුක හිතෙනවා (දී)

:       0       0

සමීර​ Saturday, 31 August 2013 11:03 AM

ටිකිරි බන්ඩාර හරි (නි)

:       0       0

පෙරේරා Friday, 30 August 2013 09:28 PM

අසත්‍යය, ප්‍රෝඩාව, උසිගැන්වීම, බොරුව, පළිගැනීම, තම අවශ්‍යතාවන් ඉටු කරගැනීම නවතා මහජනතාව වෙනුවෙන් අවංකවම වැඩකරන්න (නි)

:       0       0

පද්මිණි Saturday, 31 August 2013 11:18 AM

දැවැන්ත හස්තයක් ක්‍රියාත්මක වෙනවා වගෙයි. මේ මිනිස්සු ඉල්ලන්නේ ජිවත් වීමේ මුලික අයිතිය නේද? (නි)

:       0       0

කුමුදු Friday, 30 August 2013 09:36 PM

බන්දුල සහ චමිල යනු එක්කෙනෙකි. මිනිසත්කමක් නැති පුද්ගලයන්‍.හිතක් පපුවක් නැති විදිහට කතා කරන්න එපා, මේක බෞද්ධ රටක් (නි)

:       0       0

බන්දුල පෙරේරා. Friday, 30 August 2013 09:46 PM

අම්මපා මම රතුපස්වල කිට්ටුව හිටියා නම් ගන්නේ හමුදාවේ පැත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 14 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 347 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2422 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2044 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1516 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8387 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34507 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site