IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘රතුපස්වලට විසඳුම් නැතිනම් කම්හල ළඟ පැල් බඳිනවා‘

‘ආණ්ඩුව මාකට් කළේ යුද්ධය. මේක එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ බුදලයක් නෙමෙයි. මේක එක්කෙනකුගේ දෙන්නකුගේ භූදලයක් නෙමේ. ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ගේ ජීවිතය අහිමි වෙලා තියෙනවා. පූජ්‍ය පක්ෂය උදවිය මේ කෙරෙහි ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කර තියෙනවා. එක පුද්ගලයකු දෙන්නෙකු  කීර්තියක් අත්කර ගන්න හදනවා නම් වැරදි. සරත් ෆොන්සේකා බඩවැල් පොදිය අතේ තියාගෙන ගිය හැටි අපිට මතකයි. ඒ මනුස්සයා ගැන අද කතාවක්වත් නෑ. එවැනි ඉතිහාසයක් තියෙන්නේ.

යුද්ධය විකුණලා අහිංසක ජනතාවගේ රීරි මාංසය උරාගෙන කන්න එපා. කුඩු කන්ටේනර් ගණන ගෙනල්ලා ඒවාට අහිංසක මිනිස්සුව අල්ලලා අහිංසක මිනිස්සුන්ගේ පිට පටවන්නේ. මහා විනයක් ඇති කරන කැසිනෝ පටන්ගන්නවා. තවමත් මේ ඉරහද පායන ඒක පුදුමයක්.‘ යැයි වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.

සම්බුද්ධ ජයන්ති විහාරයේ මාධ්‍ය හමුවක් කැදවමින් සිරිධම්ම හිමියෝ එසේ පැවසූහ.

2014 වසර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් නිසා මේ සතියේ විසඳුමක් නොලැබුණහොත් ජනවාරි පළමු වැනි දා රතුපස්වල කර්මාන්ත ශාලාව ඉදිරියට ගොස් එහි පැල් බැඳගන්නා බව ද සිරිධම්ම හිමියෝ කීහ.

රතුපස්වල ජල ගැටළුව ආරම්භ වූ දා පටත් ගම්වාසීන් සමග සිටි සිරිධම්ම හිමි රතුපස්වල කම්හල සමග ගිවිසුමකට එළඹීමත් සමග ගමෙන් පිටවී සිටියහ. ඒ හිමියන් මුදල් ගෙන ගම්වාසීනට ද්‍රෝහි වූ බව පිරිසක් චෝදනා කළහ. එම චෝදනාව සිරිදම්ම හිමි ප්‍රතික්ෂේප කළේය.

ගම්වාසීන් නියෝජනය කරන සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතා තෙරිපැහැ සිරිධම්ම හිමිගේ මාධ්‍ය සාකච්ඡාව ගැන අදහස් දක්වමින් පැවසුවේ මේ සතියේ විසඳුමක් නොලදහොත් සිරිධම්ම හිමියන්ට පෙර ගම්වාසීන් පාරට බහින බවයි.

පෙරේරා මහතා මෙසේද පැවසීය.

‘රතුපස්වලට දැන් වතුර දෙන්නේ නෑ. වතුර නවත්වලා. තාම කර්මාන්ත ගෙනිච්චෙත් නෑ. මේ ගැටලුව ලබන  වසරට ගෙනියන්න බෑ. දැන් ජන ජීවිතය අවුල් වෙලා තියෙන්නේ.

කම්හල ගැන වාර්තා සියල්ල ඇවිත් තිබෙනවා. අපි ආණ්ඩුවෙන් පොරොන්තුවක් දුන්නා මේක මෙතැනින් ගෙනියනවා කියා. තවම විසඳුම් නෑ. මේකට අද හෙට විසඳුමක් නොලැබුණොත් ගම්පහ පොලිස් අධිකාරී සමග සාකච්ඡා කර තෙරිපැහැ සිරිධම්ම හිමියනට පෙර අපි පාරට බහිනවා.‘



අදහස් (0)

‘රතුපස්වලට විසඳුම් නැතිනම් කම්හල ළඟ පැල් බඳිනවා‘

ජාගුරු Sunday, 22 December 2013 03:26 PM

තුවාල වුණු මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න බැරිද? (ත)

:       0       0

මෙන්ඩිස් Monday, 23 December 2013 08:04 AM

අන්තෝ ජටා බහි ජටා. හිතාගන්න බෑ මොකද්ද කියලා. (නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 22 December 2013 03:45 PM

ඉතිහාසයේ පටන් රටේ විවිධ අරගල වලදී පෙර පැන ගලවා ගත්තේ ස්වාමීන්වහන්සේලාය. ඒ බව ඉතිහාසයේ රන් අකුරින් සටහන්ව ඇත. මෙයත ඇවැනි අවස්ථාවකි. (ත)

:       0       0

හාෆිස් Sunday, 22 December 2013 04:25 PM

තවත් පිරිස් මෙහෙන් ඡන්දය ඉල්ලනවා. (ත)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 23 December 2013 10:54 AM

මෙතන කම්හලේ පාලන අදිකාරිය දාම් අදින්න හොඳට දන්නවා. එක ඇදිල්ලක් තමයි රතුපස්වල ජනතාවයි හාමුදුරුවොයි බේද බින්න කිරීම. මෙතනදි රතුපස්වල ජනතාව තාම එකම විදියට ඉන්නවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 23 December 2013 11:27 AM

මෙච්චර දෙයක් වෙලත් මේ යථාර්තය අවබෝද නොවුනා නම් කොහොමද බුදු බනේ තියෙන විමුක්තිය ලබන්නේ. .මට පෙනෙන්නේ නම් පළාත් සභාවට පන්දමෙන් ඉල්ලන්න වගේ හදන්නේ.(නදී)

:       0       0

ලලිත් Sunday, 22 December 2013 06:46 PM

එතකොට හාමුදුරුවනේ අපේ පාන්සකුල වලට වදින්න, පෝයට බණ ටිකක් අහගන්න එහෙම වෙලාවක් නැතිවෙයි නේද?(දිල්)

:       0       0

පෙරේරා Sunday, 22 December 2013 07:04 PM

මේ පාර පැල් බැඳගත්තොත් තනියම තමා බදින්න වෙන්නේ. (ත)

:       0       0

සිරිසේන Sunday, 22 December 2013 07:18 PM

චින්තක , ඇගිල්ල දික්කරල හඳ පෙන්නනකොට ඇගිල්ල දිහා බලල කෑ ගහන්න එපා (ත)

:       0       0

ශාතිව Sunday, 22 December 2013 07:42 PM

මුන් වහන්සේත් යමක් මාර්කට් කරන බව පෙනෙනවා. පළාත් සභා මැතිවරණ දෙකක් ඉදිරියේ තියෙන නිසා උන්වහන්සේ කියන දෙය සත්‍ය බවට තර්කයක් නැහැ. (නදී)

:       0       0

චන්දන කාරියවසම් Sunday, 22 December 2013 07:50 PM

සටනක් පාවා දුන්නට පස්සේ ආපහු සටන් කරන්න හරිම අමාරුයි.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Monday, 23 December 2013 12:13 PM

අගමැති තුමා හරියි කියලත් හිතෙනවා ඔය වෙලාවට නම් (ත)

:       0       0

පුෂ්පකුමාර Sunday, 22 December 2013 11:35 PM

ගිය නුවන ඇතුන් ලවා වත් අද්දවාගන්න බැරිය.(නදී)

:       0       0

පෙරේරා Monday, 23 December 2013 01:28 AM

අද රතුපස්වල, හෙට කාගේ ගමට මේ ආනිසන්සේ එයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

සෑම් Monday, 23 December 2013 05:02 AM

හා හා හාමුදුරුවනේ ඔය ගැන කතාකරන්ඩ එපා. ඔය කම්හලේ නියම අයිති කාරයෝ කව්ද කියලා දන්නවනේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 December 2013 02:50 PM

ඔය ටිකම තමි අපේ හාමුදුරුවනේ.(ත)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 December 2013 02:51 PM

අපි කිසිම කෙළෙහිගුණයක් නොදත් පිරිසක්. (ත)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 December 2013 02:53 PM

තරුණයන් කී දාහක් ජීවිතය පූජා කරලද රටට නිදහස අරන් දුන්නේ. (ත)

:       0       0

සත්‍යපාල Monday, 23 December 2013 06:50 AM

අනේ හාමුදුරුවනේ බණ කව්වට කමක් නෑ බොරු නම් කියන්න එපා පව් සිද්ධ වෙනවා. කම්හලට එරෙහිව කරන විරෝධතා වැඩේ පාවාදීලා විරෝධය නිහඩ කලොත් දෙන්නට පොරොන්දු වුන මුළු මුදලම දැන් නොලැබෙන නිසා තවත් ක්‍රමයක් අනුගමනය කරනවද? දැන් ඔබවහන්සේ අමාරුවේ වැටිලා ඉවරයි. ගමේ පැත්ත ගත්තොත් කම්හල සියල්ල හෙළි කරනවා. හරියට අර "ගලේ පැහැරුව බළලා" වහගන්න බැරුව දගලනවා වගේ. "ගෙදර ගියොත් අඹු නසී,මග හිටියොත් තෝ නසී" කීවලු. (නදී)

:       0       0

චින්තක Sunday, 22 December 2013 03:00 PM

මේ හාමුදුරුවො ‘මාකට් කරන්නේ‘ මොනවද? (ත)

:       0       0

ඩිහාන් Sunday, 22 December 2013 03:01 PM

මේ හාමුදුරුවො ළඟඳිම දේශපාලනයට එන්න වගේ හදන්නේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 628 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 593 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 130 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 843 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1075 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site