IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රතුපස්වලට සහන මිලට නළ ජලය

වැලිවේරිය, රතුපස්වල ජල ගැටළුවෙන් පීඩා විදින ගම්මාන කිහිපයක නිවාසවලට සහන මුදලට නළ ජලය සම්බන්ධතා ලබා දීමට රතුපස්වල පරිසර කමිටුව හා ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැති රැස්වීමක දී එකඟ විය.

ඒ අනුව සමෘද්ධි ලාභී පලුවලකට රුපියල් දෙදහසකට ද, සාමාන්‍ය පවුලකට රුපියල් තුන් දහසකට ජල සම්බන්ධතාවය ලබා දීමට තීරණය වූ බව ජල සම්පාදන අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් සරත් චන්ද්‍රසිරි මහතා එසැණට පැවසීය.

ඉකුත් වසරේ ජූලි 27 වැනි දා සිට රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට ගෙන යන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් විරෝධතා පැවැති අතර අගෝස්තු පළමුවැනි දා පැවැති උද්ඝෝෂණයේ ගැමියන් හා යුද හමුදාව අතර ගැටුමෙන් තිදෙනෙක් මිය ගියහ.

රතුපස්වල කර්මාන්ත ශාලාව එම ස්ථානයෙන් ගෙන යන ලෙස සාකච්ඡා ගණනාවක් පැවැති අතර ඒ අනුව කම්හල ගලවා ඉවත් කිරීම අරඹා ඇත.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ප්‍රදේශයේ ජල නල එලීම ආරම්භ කළ අතර ඒ මගින් අල අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බෙදා දුන්නත් නියමිත මුදල ගෙවා ජලය ලබා ගැනීමට එකග වී සිටියේ පවුල් කිහිපයක් පමණි.

කළින් තීරණය කර තිබුණේ රුපියල් 17,800කට රතුපස්වල සාමාන්‍ය පවුලකට ජල සම්බන්ධතාවය ලබා දෙන බවයි.

නොමිලයේ හෝ ඉතා අඩු මාදලකට ජල සම්බන්ධතාවය ලබා ගැනීම සදහා සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය හෙවත් රතුපස්වල පරිසර කමිටුව විවිධ පරිස් සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය.

ගැටළුවට තුඩු දී ඇති ගම්මානවල පවුල්වෙත නොමිලයේ හෝ අඩු මුදුලකට ජලය ලබා දෙන ලෙස වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ද පසුගිය ඉරිදා (12) මහින්ද රාජපක්ෂ ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.



අදහස් (0)

රතුපස්වලට සහන මිලට නළ ජලය

සාරංග Tuesday, 14 January 2014 10:14 AM

අනුරාධපුර පැත්තේ මිනිස්සුන්ට වකුගඩු රෝග තියෙනවා ඒ පැත්තටත් දෙන්නකෝ ගිහිල්ලා (දී)

:       0       0

සමන් රත්නායක Tuesday, 14 January 2014 11:23 AM

මිනිස්සුන්ට කියන්න තියෙන්නේ මේවාට රැවටෙන්නේ නැතුව චන්දය දෙන්න කියල (දී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Monday, 13 January 2014 09:23 PM

බස්නාහිර පළාත් සභාව විසුරුවන කම් හිටිය වගේනේ මේ පුවත ආවේ. පසුගිය කාලේ හාමුදුරුවෝ ලගට වැඩම කල ප්‍රසිද්ද අයට බැරිද ඔය සහනය දෙන්න. මගේ අදහස හාමුදුරුවන්ගේ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කල යුතුයි. රටේ තව වතුර සම්බන්දව පිඩාව විදින ජනතාව ඉන්නවා ඔවුන්ටයි සහනය දෙන්න ඕනේ.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 13 January 2014 09:50 PM

නොමිලේ ලැබෙනවා වැස්සොත්.(නදී)

:       0       0

ජගත් ලියනගේ Monday, 13 January 2014 10:49 PM

තෙරිපැහැ සිරිධම්ම හිමියෝත් දෑත් ශක්තිමත් කරන්න යනවා වගේ පේන්නේ.(නදී)

:       0       0

සීලා Tuesday, 14 January 2014 12:04 AM

කෝ හාමුදුරුවො? (නදී)

:       0       0

සනත් ඉන්දිකා ඉතාලිය Tuesday, 14 January 2014 02:11 AM

එදිරිසිංහ බස්නාහිර පලාත් සභාව විසුරුවා දාන්නේ නැද්ද?  ඔන්න ගම්පහට කිරි අනුරාධපුරේට කැකිරි.(නදී)

:       0       0

සත්‍යා Tuesday, 14 January 2014 06:20 AM

පළාත් සභා විසුරුව ගමන් ඔහොම හිත උනුවෙනවා නම් චන්දෙට කලින් සතියේ මොනව දෙයිද දන්නේ නැහැ. (දී)

:       0       0

ලියනගේ Tuesday, 14 January 2014 06:51 AM

රතුපස්වලට අඩු මිලට වතුර දෙන්න පුළුවන් නම් මොකද අනෙක් පළාත් වලටත් දෙන්න බැරි. ලංකාවේ හැම පළාතකම ජීවත් වෙන්නේ එකම වගේ මිනිස්සු නව ජාල සම්භන්ධයක් ගන්න ගියාම ලොකු ගානක් ( 20,000 පමණ ) ගෙවන්න වෙනවා. කල යුත්තේ ජල සම්පාදන අමාත්‍යාංශයෙන් යැපෙන අයගේ පහසුකම් ටිකක් අඩු කරලා මහජනයාට සහන ලබා දීම. (දී)

:       0       0

ලියනගේ Tuesday, 14 January 2014 08:15 AM

මේවා මිනිස්සු තේරුම් ගන්න, නිකන් ඇහැක් ඇරලා බැලුවද පහුගිය දවස් වල, දැන් එනවා වතුර දෙන්න (දී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Tuesday, 14 January 2014 09:27 AM

චන්දෙ එනකම් හිටියද ඔය ටික කරන්න (දී)

:       0       0

ආරියසේන Tuesday, 14 January 2014 09:49 AM

රතු පස්වලට විතරක් ඔය සහනය දෙනවා නම් ලංකාවේ අනෙක් පළාත් වල සිටින ජනතාවටත් ඒ සහනය ලබා දිය යුතුයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 23 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 83 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 566 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 736 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 61 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 198 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site